PiNi

PiNi Fall in love�

11/04/2026

මං අත්විදින ලෝකයේ ආදරණීයම වැළදගැනීම...
🌼🤍

#අම්මයිබබයි

චූටි දුවෙක් කියන්නේ ඇත්තටම ජීවිතයට එන ලස්සනම ලස්සන කුණාටුවක් වගේ,🌪️අම්මෙක්ට දුවෙක් ඉන්නවා කියන්නේ හොදම ආදරණීය යෙහෙළියක් ...
09/04/2026

චූටි දුවෙක් කියන්නේ
ඇත්තටම ජීවිතයට එන ලස්සනම ලස්සන කුණාටුවක් වගේ,🌪️
අම්මෙක්ට දුවෙක් ඉන්නවා කියන්නේ හොදම ආදරණීය යෙහෙළියක් ඉන්නවා වගේ...👩‍👧
ඒ වගේම තමයි

ප්‍රින්සස් කෙනෙක්ගෙන් ස්පයිඩර් මෑන්ට වෙනස් වෙන්න යන්නේ තත්පරෙනුත් කාලයි😂
ඒක තමා හිතාගන්නම බැරි කොටස...

ඇත්තටම එයා හරි ලස්සන කුමාරිකාවක්,
හරිම ආදරණීය හුරතල් රාජ කුමාරියක්👸
හැබැයි පොඩි වෙනසකට තියෙන්නේ එයා හරිම දඟයි 💗

​එක මොහොතක එයාට ඕන කොණ්ඩෙට බෝ දාගන්න, කෑම හදන්න, බෝනික්කෝ එක්ක සෙල්ලම් කරන්න වගේම උණුසුම් වැළඳගැනීම්...

හැබැයි ඊළඟ තත්පරේ එයා
සෙරෙප්පු දෙකක්වත් නැතුව ගේ වටේ දුවනවා, පුටු උඩ,මේස උඩ,ඇදන් උඩ නගිනවා,
ජනෙල් දිගේ බඩගානවා..
කෙසෙල් ගෙඩිය කැඩුනා කියලා අඬනවා 🥹

ඒ වගේම හරියට ගෙදර බිල් ගෙවන්නේ එයා වගේ හැම දේටම තර්ක කරනවා 😄
​එයා හරිම ආදරණීයයි...
හරිම නාට්‍යමයයි (Dramatic)...
සෙවනැල්ල වගේ හැමවෙලේම පස්සෙන් එනවා...
ඒ වගේම එයා හරිම නිර්භීතයි...

​එක තත්පරයකදී "අම්මේ මාව බදාගන්න" කියනවා...
එක සැරේම ඇවිත් හාදු ගොඩක් දීල තුරුල් වෙලා ඉන්නවා..🥺👩‍👧
හැබැයි තත්පර දහයකට පස්සේ එතැන තියෙන්නේ සම්පූර්ණ අවුල් ජාලයක් 😂
තුරුලෙන් නැගිටින්නේ 'හල්ක්' වෙලා
🥲

​පුංචි දූවරු කියන්නේ ඇත්තටම සුන්දර,ආදරණිය,හරි හුරතල්
ඒත් හිතාගන්න බැරි තරම් වේගවත් සුළි කුණාටුවක් වගේ කුඩා ජීවින් කොට්ඨාසයක්....

🥹💜️🌼

ඔයාලගේ ගෙවල් වලත් ඉන්නවද මෙහෙම කුඩා ජීවින්?

අපේ ගෙදර නම් දෙකක්ම ඉන්නවා 🙆‍♀️🥹

සිලූලගේ අම්මා ✍️

|"අපි අපේ වැඩ කරන්නම් අම්මා,අපිට පුලුවන්"|මේ වයසේ තුන්දෙනෙක් එක්ක තනියම වැඩ කරගන්නවා කියන්නේ කරන්න බැරිදෙයක් නෙවෙයි හැබැ...
07/04/2026

|"අපි අපේ වැඩ කරන්නම් අම්මා,අපිට පුලුවන්"|

මේ වයසේ තුන්දෙනෙක් එක්ක තනියම වැඩ කරගන්නවා කියන්නේ කරන්න බැරිදෙයක් නෙවෙයි හැබැයි කරන්න අමාරු දෙයක්..🙆‍♀️

ගෙදර වැඩ,කවන පොවන ඒවා අස්සේ ස්කෝලෙන් දෙන හෝම්වර්ක් ටිකත් කරවන්න එපැයි
සමහර වෙලාවල් එනවා පුතා අඩන්න පටන් ගන්නකොටම වඩාගන්න බැරි වෙලාවල්,
මං කොහොම උනත් මල්ලි අඩන්න පටන් ගන්නකොටම අක්කලා දෙන්නා නම් මල්ලි ළග,

එහෙම චුට්ටක් වැඩිපුර මල්ලි අඩන දවසක,
ලොකුදුව :- "අම්මා අපිත් ඔහොම ගොඩක් ඇඩුවද මල්ලි වගේ කාලේ?"

මම:-"ඇඩුවා ඉතින් මැණිකේ චූටියිනේ එතකොට
හැබැයි මෙච්චර නම් ඇඩුවේ නෑ,
එතකොට ඔයා විතරනේ හිටියේ..
ඔයා අඩද්දිම අම්මා වඩාගන්නවා"

ලොකුදුව:-"එතකොට නංගි?"

මම:-"නංගිත් එහෙම තමා,නංගි ගේද්දි ඔයා චුට්ටක් ලොකුයිනේ දැන් නංගිට වැඩිය,ඒත් ඔය දෙන්නා විතරනේ,අප්පච්චිත් හිටියනේ එතකොට දවසම ගෙදර රත්තරනේ"

චූටි දුව:-"හෑ,මමත් ඇඩුවද අම්මා මේ මල්ලි වගේ?"

මම:-"ඔව්නේ අනේ ඔයත් ඇඩුවා මේම"

ලොකුදුව:-"ඉතින් අම්මා එතකොට මල්ලි පව්නේ අම්මා
එයා ගොඩක් වෙලා අඩනවනේ ඔයා එනකල්
ඔයා ඉක්මනටම එන්න ඔන මල්ලි අඩද්දි"

මම:-අම්මා වැඩ ටික කරගන්නත් ඕනනේ රත්තරනේ,ඔය දෙන්නට හබුන් හදන්නෝන,ඒක එකසැරේ දාලා එන්න බෑනේ මැණිකේ,ඔය දෙන්නවම වොශ් දාවන්න ඕන,කවන්න ඔනේ"

ලොකු දුව:-"මම තනියම කනවනේ අම්මා,මං නංගිටත් කවන්නම්,හබුන් උයන්න නම් මං දන්නේ නෑනේ මං ලොකු නෑනේ අර ගෑස් එකට(ගෑස්ලිපට😁)
ඔයා මාව උස්සලා තියන්න උඩින්,ඊටපස්සේ ඔයා මල්ලි වඩාගෙන මට කියලා දෙන්න මං උයන්නම්"

චූටිදුව:-බබත් උයනවා අම්මා,මටත් උයන්නෝන,බබා ලැටෙන් නෑ(වැටෙන් නෑ😁)

මං ඉතින් හිනාවෙලා හා කිව්වා දෙන්නටම..🙆

ලොකුදුව:-"අපි අපේ වැඩ කරගන්නම් අම්මා,මං නංගිව බලාගන්නවනේ,ඔයා මල්ලිව බලාගන්න..අඩන්න දෙන්නෙපානේ,පවුනේ මල්ලි නැත්නම්🥺"

චූටිදුව:-"ඔව් බබා හබුන් කනවා,ලොස් දානවා(වොශ්දානවා😁),
බබා අක්කත් එක්ක යන්නම් අම්මා මල්ලි එක්ක එන්න හොදේ"

මම:-"හා හොදේ එහෙනම් එහෙම කරමු අපි"

ඉතින් ඇත්තටම මේවා කරනවද අහන්නෙපා අනේ
එයාලට පුලුවන් දේවල් එයාලා දැන් කරගන්නවා
ලොකු දුව ඇත්තටම නංගිව බලාගන්නවා හරි ආදරෙන්
නංගිට බත් කවනවා,ඇදුම් අන්දනවා,කොන්ඩේ පීරනවා ඒ අස්සේ සමහර වෙලාවට ගේ අතුගානවත් එක්ක(ආයේ මට අතුගාන්න ඉතුරුයි)
ඒ උනාට ඒදේවල් මට හරි වටිනවා
එයාලා එහෙම කරද්දි මං තැන්ක් යූ කියලා චුට්ටක් බදාගත්තම ඒ ඇස් හරි ලස්සනට දිලිසෙනවා🥺🤍

වැඩ දාහක් අස්සේ මහන්සිය කොච්චර උනත් සතුටු හිතෙන්නේ මේවට

-|එයාලා හරි ආදරෙන් ලොකු වෙනවා දකින එක😍🥺|-

හැමදාම මෙහෙම ආදරෙන්ම ඉන්න රත්තරනේ තුන් දෙනාම

මේ වගේ අක්කලා දෙන්නෙක් හම්බෙන්න මල්ලිත් ගොඩක් වාසනාවන්තයි🤍🌼

සිලූලගේ අම්මා✍️

#සිලුලගේඅම්මා #අම්මයිබබයි #අම්මයිදුවයි
#මගේ #ආදරේ

නෙත් අග දිලෙනා - නිසංසල බැල්මක  සැඟව ඇත ලොවම - දිනූ අභිමානය  පුංචි දෙතොල් අතරේ - මව් කිරි සුවඳ  ගලා යයි සිරුර පුරා - ජීව...
06/04/2026

නෙත් අග දිලෙනා - නිසංසල බැල්මක
සැඟව ඇත ලොවම - දිනූ අභිමානය
පුංචි දෙතොල් අතරේ - මව් කිරි සුවඳ
ගලා යයි සිරුර පුරා - ජීවයේ උල්පත ලෙසින්...

සෙනෙහසින් පිරි - උණුසුම් ලය මඬලට
හිස තබා හෙමින් - සැනසෙනා අයුරු
දිව්‍යලෝකය මෙතැනය - මවකගේ තුරුලේ
වචනයෙන් කිව නොහැකි - මහා ආදරයයි මේ...
💜️🪷

25/03/2026

|ඉවසලා ඉවසලා නවතින තැනක් එනවා ඕනම හිතකට,
ඉතින් එතකොට ආදරේ පපුව පිරෙන්න තිබුනත් කලකිරීම ජීවිතේම පුරවලා ඉවරයි|

🥀❤️‍🩹

24/03/2026

🥀❤️‍🩹

24/03/2026

|මිනිස්සු එහෙමයි|
🥀❤️‍🩹

23/03/2026

|ජීවිතේ අතරින්න හිතෙන හේතු දාහක් තියෙද්දි
ජීවිතේ අල්ලන් ඉන්න එකම එක හේතුවක් තියෙන ජීවිත තියෙනවා..
ඒ ජීවිත හරියට හුස්ම වැටෙන මළකඳන් වගේ…|
🥀❤️‍🩹

23/03/2026

|රිදෙද්දිත් ආදරේ කරාට
අගයක් නැති මිනිස්සුන්ට,
නැතිවෙන්නම ඕන…
පන්න පන්න ආදරේ කරන
අහිංසකයොන්ව|
🥀❤️‍🩹

23/03/2026

🥀❤️‍🩹

#

19/03/2026

-ආදරේ ලැබෙන්නෝන රකින්න දන්න මිනිස්සුන්ට-

🥀❤️‍🩹

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when PiNi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share