28/10/2025
ඉන්දියාවේ රාංචි නුවරදී, ඊයේ (26) අවසන් වුණු 4 වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ පුදුම සහගත දස්කමක් හේතුවෙන්, එම තරඟාවලියේ අනුශූරතාව දිනාගැනීමට සමත්වුණා!
අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අන්තිම මොහොත වෙනකල්ම ඉන්දියාවට හොඳ සටනක් දුන්නා. අපිට පළමු තැන මඟ හැරුණේ රන් පදක්කම් හතරකින් විතරයි!
🏅 ශ්‍රී ලංකාවේ පදක්කම් එකතුව
ශ්‍රී ලංකාව මේ ශූරතාවලිය අවසන් කළේ පදක්කම් 40ක් වගේ විශාල සංඛ්‍යාවක් එක්කයි. ඒක ඇත්තටම අපූරුයි:
🥇 රන් පදක්කම් 16ක්
🥈 රිදී පදක්කම් 14ක්
🥉 ලෝකඩ පදක්කම් 10ක්
පළමු තැන ගත්තු සත්කාරක ඉන්දියාවට රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 20ක් සහ ලෝකඩ පදක්කම් 18ක් හිමි වුණා.
මේ තරගාවලියේදී ඉන්දියාවටයි, ශ්‍රී ලංකාවටයි හැර වෙන කිසිම රටකට රන් පදක්කමක් දිනාගන්න බැරි වීමෙන් පේනවා, දකුණු ආසියානු පිටියේ අපේ රටේ ආධිපත්‍යය කොච්චරද කියලා.
🌍 දකුණු ආසියානු පදක්කම් තත්ත්වය
🇮🇳 ඉන්දියාව - රන් 20 | රිදී 20 | ලෝකඩ 18
🇱🇰 ශ්‍රී ලංකාව - රන් 16 | රිදී 14 | ලෝකඩ 10
🇳🇵 නේපාලය - රිදී 2
🇧🇩 බංග්ලාදේශය - ලෝකඩ 3
🇲🇻 මාලදිවයින - ලෝකඩ 1
🇧🇹 භූතානය - පදක්කම් නැත
මෙම තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට වැඩි පිරිසක් සහභාගී වුණා. ඔවුන් දැඩි උද්‍යෝගයකින් සහ අධිෂ්ඨානයකින් තරග කරලා පෙන්නුවා, ශ්‍රී ලංකාව දකුණු ආසියානු මලල ක්‍රීඩා බලවතෙක් විදිහට නැගී එනවා කියන එක! 💪🇱🇰
ඉතින් මේ විශිෂ්ඨ ජයග්‍රහණයට උරදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේම, ඔවුන්ගේ පුහුණුකරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන්ට අපේ උණුසුම් සුභපැතුම් සහ ගෞරවය පිරිණමනවා! 👏
මූලාශ්‍රය: අද දෙරණ පුවත් සේවය