C O P I E D ±

C O P I E D ± Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from C O P I E D ±, Digital creator, Kegalle.

ඔයාට වැරදි කරපු මනුස්සයෙක්ගෙන් පලිගන්නට හිතෙනවා නම් ඒ උගුලට අහුවෙන්න එපා !!!! පලිගැනීම කියලා කියන්නේ ඔයාගේ නින්ද පවා ඔයා...
25/12/2025

ඔයාට වැරදි කරපු මනුස්සයෙක්ගෙන් පලිගන්නට හිතෙනවා නම් ඒ උගුලට අහුවෙන්න එපා !!!!

පලිගැනීම කියලා කියන්නේ ඔයාගේ නින්ද පවා ඔයාට අහිමි කරන ඔයාගේ සැනසීම පවා ඔයාට අහිමි කරන උගුලක් !

- ඔයාට එයාට හොඳ පාඩමක් උගන්නන්න ඕනේ කියලා නින්ද යන්නෙ නැති වේවි...

- නිතරම ඔයාගේ සිතින් ගතින් කටින් එළියට එන්නේ වෛරය විතරයි...

- ඔයා නිතරම සාප කරනවා.. හොඳක් වෙන්න එපා කියලා නිතරම හිතනවා ඒ මනුස්සයාට..

- ඔයා කරන්න පුළුවන් හැමදේම කරනවා එයාට හානි වෙන්නට...

ඔයා දන්නවද මේ දේවල් වලින් අහිමිවෙන්නෙ ඔයාගේ සැනසීම කියලා !!

ඔයාට කෙනෙක්ට දෙන්න පුළුවන් හොඳම දඩුවම එයා කරපු වැරදි වලට සමාව දීලා ඒ පරිච්ඡේදය සම්පූර්ණයෙන්ම ජීවිතයෙන් අයින් කරන එක..

දන්නවද ඔයා මේ විදිහට ඒ කෙනාට සමාව දීලා ඉස්සරහට යන්න මූව් ඔන් වෙද්දි සොබාදහමත් කර්මයත් එකතු වෙලා අදාළ පුද්ගලයාට හොඳම දඩුවම ලබා දෙනවා...

කර්මයේ වගකීම ඔයාගේ කරට ගන්න එපා !
ඒගොල්ලො එයාලගේ වැඩේ කරනවා ! ඔයා මනුෂ්‍යයෙක් විදිහට ඉදිරියට යන්න ඕනේ හැමදේම අමතක කරලා හැමෝටම සමාව දීලා....

-Gumiho's Diary-
±C O P I E D ±

" සමහර ඇස් ඉස්සරහ පැරදුනා වගේ ජීවත් වෙන්න. එයාලට ඔයාගේ ජීවිතේ පැරදුනා වගේ දකින්නට ඉඩ දෙන්න.." දන්නවද අකමැත්තෙන් හෝ පිළිග...
23/12/2025

" සමහර ඇස් ඉස්සරහ පැරදුනා වගේ ජීවත් වෙන්න. එයාලට ඔයාගේ ජීවිතේ පැරදුනා වගේ දකින්නට ඉඩ දෙන්න.."

දන්නවද අකමැත්තෙන් හෝ පිළිගන්නට සිද්ධවෙන තියරියක් මේ. සමහර ඇස් ඉස්සරහා අපි අපේ හැම දෙයක්ම පෙන්නන්නට හොඳ නැහැ. විශේෂයෙන්ම අපේ සතුට. අපේ සාර්ථකත්වය.

එයාලා දැනගන්නට අවශ්‍ය නැහැ අපේ ඊළඟ පියවර...
එයාල දැක ගන්නට අවශ්‍ය නැහැ , පියවරෙන් පියවර අපි ඉදිරියට යන විදිහ...

මොකද සමහර මිනිස්සු , තවත් මනුස්සයෙක් ඉහලට යන විදිහ දිහා බලාගෙන ඉන්නේ, ආශිර්වාද පිරුණු හිත් වලින් නෙමෙයි.. ඒ ඉහලට යන කෙනාව කොහොමහරි පහළට කඩන් වැටෙන්නේ කවදද කියලා බලන්නට පොරකන ඇස් වලින්...

රහසේ දිනන්න... රහසින් දියුණු වෙන්න... ඔයා ඔයා වෙනුවෙන් හෙමීට වැඩ කරගන්න... හැමෝටම හැමදේම කිය කියා යන්න එපා... හැමෝටම හැමදේම පෙන්නන්න යන්න එපා....

' හැංගිලා තියෙන දේවල් හැමදාමත් හරි පරිස්සම්..'

-Gumiho's Diary-

C O P I E D ±

❛❛ මට එලියෙ ලෝකෙ මොහොතකට අමතක කරන්න පුලුවන්නම්, ගෙදර සාලෙ මැද්දට ලොකු මෙට්ටයක් ගෙනල්ලා ඒක උඩ උඹ බදාගෙන කිසිදෙයක් ගැන වගේ...
17/12/2025

❛❛ මට එලියෙ ලෝකෙ මොහොතකට අමතක කරන්න පුලුවන්නම්, ගෙදර සාලෙ මැද්දට ලොකු මෙට්ටයක් ගෙනල්ලා ඒක උඩ උඹ බදාගෙන කිසිදෙයක් ගැන වගේ වගක් නැතුව ඔහේ නිදාගෙන ඉන්න පුලුවන්නම්. මං ඒකට ආදරේ කියනවා 🩷 ❛❛

Alarm නැති, බාධාකරන්න කවුරුත්ම නැති, අපි කැමති වෙලාවක ඇස් අරින්න පුලුවන් එහෙම ලෝකෙකට අපි දෙන්නා හීන දකිනවා.

ඔලුව අවුල් කරන දේවල් නැති, හිත නිදහසේ තියන දේවල් විතරක්ම තියෙන, හැමදේම අංගසම්පූර්ණ නැතත් බිම වැටිලා නිදාගන්න එක සැපයි කියලා හිතෙන, කාමර කීයද, ලී බඩු කොච්චර තියෙනවද කියන ප්‍රශ්නෙ කවදාවත් අපි අපේ හිතෙන් නාහන, උණුහුම, හුස්ම, හැම හැඟීමකම 'ගෙදර' කියන හැඟීම අපි දෙන්නගෙ හිතට ලංකරන ඒ වගේ හීනෙකට අපි පෙරුම්පුරනවා.

අපිට ආදරේ සුඛෝපභෝගී එකක් වෙන්න ඕනෙ නෑ...

අපි අපට කොච්චර ලඟයිද කියලා අපේ හිත්වලට දැනෙනවනම්, මට උඹ ලඟ, උඹට මං ලඟ හිත හොයන පරිස්සම තියෙනවනම්, වටපිට ලෝකෙ අපි ගැන මොනවා හිතුවත් අපට වැඩක් නෑ.

ලඟ ඉන්න මනුස්සයා එක්ක ඉන්න එක මේ ලෝකෙ වෙන කිසිම තැනක ඉන්නවට වඩා වැදගත් කියලා අපේ හිත කියනවනම්. එහෙම බැඳීමක් කවදාවත් තාවකාලික එකක් වෙන්නෙ නෑ. මං ආදරේ කියන්නෙ එහෙම දේකට ! 🩷

____________________________________🍃🤍

#සදෙව්

C O P I E D ±

හාද්දක් දෙන්න හිතුනොත් දෙන්න එයා එක්ක රවුමක් දාන්න යන්න හිතුනොත් යන්නහිමීට එයාගෙ අත අල්ලගන්න හිතුනොත් අල්ලගන්නඑයාගෙ ඔලුව...
13/12/2025

හාද්දක් දෙන්න හිතුනොත් දෙන්න
එයා එක්ක රවුමක් දාන්න යන්න හිතුනොත් යන්න
හිමීට එයාගෙ අත අල්ලගන්න හිතුනොත් අල්ලගන්න
එයාගෙ ඔලුව අත ගාන්න හිතුනොත් අතගාන්න

හොඳම වෙලාව එනකන් බලන් ඉන්න එපා...

ආදරේදි න්‍යාය පත්‍රවලට අනුව ආදරේ කරන්න යන්න එපා..

ආදරේ දැනෙන හැම තත්පරේකදීම ඒ ආදරේ දැනෙන්න සලස්වන්න..
හැම තත්පරේකම ආදරෙයි නම්, ඉතින් සතුටු වෙන්න
සුව උන ආත්මයක්
සතුට පිරුණු ආත්මයක්
සැනසීම පිරුණු ආත්මයක්
ඔයාට ඔයාගෙ ආදරේ විසින් දීල තියෙන්නෙ... 🤍🫂

- ලූනගෙ ඩයරිය 🦋 -

C O P I E D ±

මිනිස්සුන්ව අගය කරන්න. එයාලට දැනෙන්න දෙන්න එයාලා ගොඩක් වටිනවා කියලා. එයාලා ඔයා වෙනුවෙන් වෙන් කරන සෑම මිනිත්තුවකටම පුංචි ...
02/12/2025

මිනිස්සුන්ව අගය කරන්න. එයාලට දැනෙන්න දෙන්න එයාලා ගොඩක් වටිනවා කියලා. එයාලා ඔයා වෙනුවෙන් වෙන් කරන සෑම මිනිත්තුවකටම පුංචි ආදරණීය අගය කිරීමක් දෙන්න. එයාලට කියන්න එයාලා ගොඩක් ලොකු වටිනාකමක් තියෙන තමන්ගේ ජීවිතේට ලැබුණු හොඳම තෑග්ග කියල...
දන්නවද මිනිස්සු හරි ආසයි තමන්ව අගය කරනවාට. ඔයාට එහෙම කෙනෙක්ව හිත සතුටින් අගය කරන්න පුළුවන් නම්, ඔයත් හරි ලස්සන මනුස්සයෙක් !!!

C O P I E D ±

👨‍👩‍👧‍👦 පවුලේ ප්‍රධානියාගේ වෙනසඒ ගෙදර තාත්තා හැමදාම හිටියේ හරිම කලබලෙන් සහ තරහෙන්. එයාට හැමතිස්සෙම තිබුණේ රැකියා පීඩනය ව...
31/10/2025

👨‍👩‍👧‍👦 පවුලේ ප්‍රධානියාගේ වෙනස
ඒ ගෙදර තාත්තා හැමදාම හිටියේ හරිම කලබලෙන් සහ තරහෙන්. එයාට හැමතිස්සෙම තිබුණේ රැකියා පීඩනය වගේම පවුලේ අය ගැන කරදර.

ඒත් දවස් ටිකක ඉඳලා එයා ගොඩක් සන්සුන්ව, කිසිම තරහක් හෝ කලබලයක් නැතුව ඉන්න පටන් ගත්තා.

දවසක් එයාගේ බිරිඳ, "මම යාළුවෝ එක්ක ට්‍රිප් එකක් යනවා" කිව්වා. ඔහු නිශ්ශබ්දවම ඒකට කැමති වුණා.

පුතා බයෙන් බයෙන්, "තාත්තේ, මම හැම විෂයයකින්ම අසමත් වෙලා" කියලා කිව්වා. තාත්තා සන්සුන්ව උත්තර දුන්නා, "හොඳට පාඩම් කළොත් පුළුවන්. බැරි නම් ආයෙත් ඒ පන්තියේ ඉඳලා ඉගෙන ගන්න."

දුව දුවගෙන ඇවිත්, "අනේ තාත්තේ, මගේ කාර් එක ඇක්සිඩන්ට් වුණා" කියලා කලබලෙන් කිව්වා. "ඒක ගෙනිහින් හදාගන්න" ඔහු කිව්වේ ගොඩක්ම සන්සුන්ව.

තාත්තාගේ මේ නිහඬකම දැකලා ගෙදර හැමෝම පුදුම වෙන්න පටන් ගත්තා. සමහරවිට එයා සන්සුන් වෙන්න මොනවා හරි බෙහෙත් ගන්නවා ඇති කියලා ඔවුන් කනස්සල්ලට පත් වුණා.

දවසක් ඔහු හැමෝම එකතු කරලා මේ කතාව කිව්වා: "සමහර ඇත්ත තේරුම් ගන්න මට ගොඩක් කල් ගියා. ඒ තමයි, තමන්ගේ ජීවිතේට වගකියන්න ඕනෙ තමන්මයි කියන එක.

"මගේ තරහ, මගේ කලබලය, මගේ බය, මගේ මානසික ආතතිය... මේ කිසිම දෙයකින් ඔයාලගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒවායින් වෙන්නේ මගේ සෞඛ්‍යය නරක් වෙලා, මගේ ප්‍රශ්න වැඩි වෙන එක විතරයි. මට පුළුවන් මගේ ආදරයයි ධෛර්යයයි ඔයාලට දෙන්න විතරයි. ඕන නම් උපදෙස් දෙන්නම්. මම ඔයාලා වෙනුවෙන් යාච්ඤා කරන්නම්. ඒත් ඔයාලගේ ජීවිතේ මට ජීවත් වෙන්න බැහැ. ඔයාලා මේ ලෝකෙට ආවේ මාව රඳා පවතින්න නෙවෙයි. මේක ඔයාලට ලැබිච්ච ජීවිතය. ඔයාලගේ ප්‍රශ්නවලට වගකියන්න ඕනෙත් ඔයාලාමයි. ඔයාලගේ ප්‍රශ්න විසඳගෙන සතුට හොයාගන්න හැම දැනුමක්ම ඔයාලට තියෙනවා. ඒ නිසයි මම සන්සුන් වුණේ."

පවුලේ හැමෝම කට උත්තර නැතිව හිටියා.

තමන් කරන දේවලට තමන්ම වගකිව යුතුයි කියලා හැමෝම තේරුම් අරගෙන, තමන්වම හදාගන්න උත්සාහ කළොත්, ජීවිතය සාමකාමී තැනක් බවට පත්වෙයි.

අපට අපිමයි. අපේ සිතුවිලි තමයි අපේ ජීවිතය...

මේක තමයි සොබාදහමේ නීතිය.

C O P I E D ±

රස්සාවේ පීඩනය වැඩි වෙලා ජීවිතේට තිත තියපු තරුණයාගේ කථාවක් මේක.ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතුනා👇‘දැනට අවුරුදු ගානකට කල...
04/08/2025

රස්සාවේ පීඩනය වැඩි වෙලා ජීවිතේට තිත තියපු තරුණයාගේ කථාවක් මේක.ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතුනා👇

‘දැනට අවුරුදු ගානකට කලින්, මටත් රස්සාවයි ජීවිතෙයි අතර ලොකු ගැප් එකක් තිබ්බේ නැහැ, කොටින්ම කිව්වොත් රස්සාව ජීවිතේ කරගෙන, ජීවිතේම රස්සාව වෙලා තිබ්බේ.☹️

මළ ගෙවල්, මගුල් ගෙවල් දානේ ගෙවල්, get together, ට්‍රිප් විතරක් නෙමෙයි,සමහර වටිනා යාළුවො පවා ඔය රස්සා කෙරුවාව නිසා නැතිවෙලා තියෙනවා.

ගෙදර තත්වය මොකක් උනත් මං සීට් එකේ නැති උනොත් කොම්පැණිය වහන්න වෙයි කියලා තමයි මං හිතන් හිටියේ.😂

ඔන්න ඔහොම රස්සාව ඔලුවේ උඩ හරියෙම තියන් වැඳ පුදාගෙන පුද පුජා කරගෙන එහෙම ඉන්නකොට දවසක් හරි අමුතු දෙයක් උනා,

මමත්, අපේ බෝස්ගේ කැබින් එකේ ඉන්න වෙලාවක අලුතෙන් ආපු මැනේජර් කෙනෙක්, නිවාඩු ඉල්ලගෙන ආවා,
ඇත්තටම ඒ දවස් ටික ඔෆිස් එකේ වැඩ වැඩිම දවස්, බොස් කොහොමටවත් ඒ නිවාඩු අනුමත නොකරන බව ඉර හඳ වගේ ෂුවර් නිසා එහෙම බෑ කිව්වම මැනේජර්ගේ සුදු මූණ එකපාරට කළු වෙන හැටි බලන්න හිතාගෙන මං ඉතින් පොර දිහාම බලන් හිටියා.

⚡️දවස් තුනක් නේද? මොකද්ද උවමනාව, විශේෂ දෙයක්ද?

ඔව් බොස් මේක අපේ පවුලේ ට්‍රිප් එකක්, හැම අවුරුද්දේම හැමෝම එකතු වෙලා යන annual ට්‍රිප් එක. මැනේජර් සත පනහක බරක් නැතිව කිව්වා.

මේ වැඩ කටටම හිරවෙලා තියන වෙලාවේ මොන ට්‍රිප් ද අයිසේ, කියලා ඇහෙයි කියලා හිතද්දීම..🙇🏼‍♀️🙇🏼‍♀️

, "ඒක හරි, family first "මිනිහෙක් උනාම ජීවිතේ විඳින්න්නත් ඕනෙ, ඒක මිස් උනොත් මොනවා හම්බ කලත් වැඩක් නෑ, ඔයා යන්න, We can manage right anisha?

🍄ඉතින් ඔන්න ඔහොමයි උනේ,
අන්න එදා තමයි මන් රස්සාවක් කරන්න ඕන විදිහ හරියටම ඉගනගත්තේ.
පස්සේ නිවී සැනසිල්ලේ හිතලා බැලුවම බොස් වත් මැනේජර් වත් නෙමෙයි වැරදි,මටයි වැරදිලා තිබ්බේ, මමයි පටලවන් හිටියේ.🍄

එදා මම පටලවගත්ත ටික තාමත් පටලවාගෙන ඉන්න අය ඕන තරම් ඉන්නවා,
අනේ දෙයියනේ කියලා දැන්වත් පැටලුම් ඇරගන්න,නැතතම් අද නැතත් කවදාහරිම දවසක ඔයාටත් මන් අහගත්ත ටික අහගන්න වෙනවම තමයි.

මිනිස්සු උනහම ජීවත් වෙන්න සල්ලි හම්බකරන්න ඕනෙ,හැබැයි ඒ හම්බකරන සල්ලි වලින් ජීවත් වෙන්න කාලයක් වෙන් කරන්නත් ඕනෙ.. ඒකයි ක්‍රමය..

තමන්ගෙ කාළය හරියට කළමනාකරණය කරගන්න බැරුව මොන උපාධි ගැහුවත් මොකටද ?
කළමනාකරණය කියන්නේ, කලට මනාවට කිරීම ,

ඒකෙ තේරුම රස්සාවට අදාල කාලය ඇතුලේ රස්සාවේ වගකීම් ටික කරගන්න ඔයා දක්ෂ වෙන්න ඕනේ කියන එක .

පිරිමියෙකු අනුගමනය කල යුතු මනෝවිද්‍යාත්මක න්‍යායන්.1- දුෂ්කර වූ විට පවා සැමවිටම සත්‍යවාදී වන්න.2- කාන්තාවන්ට සහ ඔබටම ගරු...
31/07/2025

පිරිමියෙකු අනුගමනය කල යුතු මනෝවිද්‍යාත්මක න්‍යායන්.

1- දුෂ්කර වූ විට පවා සැමවිටම සත්‍යවාදී වන්න.

2- කාන්තාවන්ට සහ ඔබටම ගරු කරන්න.

3- ශක්තිමත් අතට අත දීමක් සහ අර්ථවත් අක්ෂි සම්බන්ධතාවක් භාවිතා කරන්න.

4- ඔබ තනිව සිටියත්, හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න.

5- ඔබේ තේරීම් සඳහා වගකීම භාර ගන්න.

6- ඔබ කතා කරනවාට වඩා සවන් දෙන්න.

7- ඔබේ කීර්ති නාමය ආරක්ෂා කරන්න, හානි වූ පසු එය නැවත ගොඩනැගීම දුෂ්කර ය.

8- ජීවිතයේ මුල් අවධියේදී ඔබේ මුදල් ඥානවන්තව කළමනාකරණය කිරීමට පටන් ගන්න.

9- ඔබේ පොරොන්දු ඉටු කරන්න; ඔබේ වචනවලට වටිනාකමක් එන්නේ එවිටය.

10- ශක්තිය යනු කෝපය නොව ස්වයං පාලනයයි.

11- ඔබ වැරදි වූ විට අවංකව සමාව ඉල්ලන්න.

12- ගැටුම් ඇති නොකරන්න, නමුත් ඒවා අවසන් කිරීමට සූදානම් වන්න.

13- කිසිවෙකු නොබලන විට පවා වෙහෙස මහන්සි වී වැඩ කරන්න.

14- ඔබේ වර්ධනයට සහාය වන මිතුරන් සමඟ එක්වන්න.

15- කරුණාවන්ත වන්න, නමුත් අන් අයට ඔබව සූරා කෑමට ඉඩ නොදෙන්න.

16- ඔබ සොයා ගත්තාට වඩා හොඳින් සෑම තැනකින්ම ඉවත් වන්න.

කියවීම ගැන ස්තූතියි.

"අරමුණක් ඇතිව ජීවත් වන්න"

± C O PI E D

කාලෙකට කලින් මං පුදුම විදිහට හැමදේම පැහැදිලි කරනවා හැමෝටම !!ඇයි මම එහෙම කළේ ..ඇයි මම එහෙම කිව්වේ...ඇයි මම එහෙම තෝරා ගත්ත...
04/07/2025

කාලෙකට කලින් මං පුදුම විදිහට හැමදේම පැහැදිලි කරනවා හැමෝටම !!

ඇයි මම එහෙම කළේ ..
ඇයි මම එහෙම කිව්වේ...
ඇයි මම එහෙම තෝරා ගත්තේ ...
ඇයි මම එහෙට ගියේ ...
ඇයි මම මෙහෙම දෙයක් කලේ ...

ඒ කිව්වේ මම මාර විදියට ඔප්පු කරන්න උත්සාහ කළා , මගේ නිවැරදි බාවය ...

මේ හැමදේම මම ඕනවටත් වඩා අනවශ්‍ය පුද්ගලයන්ට පැහැදිලි කළා ! මං එහෙම පැහැදිලි කලේ එයාලා මං ගැන වැරදියට හිතයි කියලා බයෙන්.. සමහර වෙලාවට මං එහෙම පැහැදිලි කලේ එයාලා මාව දාලා යයි කියලා ...

ඒත් එහෙම පැහැදිලි කරමින් මගේ නිවැරදි බව ඔප්පු කරන්නට උත්සාහ කරපු හැම අවස්ථාවක්ම මගේ මානසික නිදහස සුණුවිසුණු වෙලා ගියපු අවස්ථා !

ඊට පස්සේ මම පුරුදු වුණා මෙන්න මෙහෙම...

" මං කරපු දේ නිසා කිසිම කෙනෙක්ට හානියක් නැත්නම් , ඒකෙන් මටත් හානියක් නැත්නම්, අනවශ්‍ය කිසිම කෙනෙක්ට අනවශ්‍ය විදිහට ඕනවටත් වඩා පැහැදිලි කිරීම් නොකර ඉන්න..
එයාලා මං ගැන මොනවා හිතුවත් මගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න... පසුතැවීම් නොවී , මගේ ජීවිතය වෙනුවෙන් මම පෙනී සිටින්න..
මම පුරුදු වුණා ! කවුරු තරහ වුනත් කවුරු මගෙන් ඈත් වුණත් කවුරු මං ගැන වැරදියට හිතුවත් තවදුරටත් මං ඒවා ගැන හිතන්නේ නැහැ.. තේරුම් ගැනීම සහ වැරදියට වටහා ගැනීම එයාලගේ මට්ටම අනුව සිදුවෙන දෙයක් මිස , ඒක තවදුරටත් මගේ ප්‍රශ්නයක් නොවේ ! "

-Gumiho's Diary-

C O P I E D ±

තමන් සාර්ථක වෙන්නට යන බව හැමෝටම කියන්නට අවශ්‍ය නෑ !!! හෙමින් නිහඬව ගමන යන්න !! මොකද හැමෝම ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් මඟ බ...
02/07/2025

තමන් සාර්ථක වෙන්නට යන බව හැමෝටම කියන්නට අවශ්‍ය නෑ !!! හෙමින් නිහඬව ගමන යන්න !! මොකද හැමෝම ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් මඟ බලාගෙන නෑ !!!

C O P I E D ±

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when C O P I E D ± posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share