07/03/2026
ඔයාගේ උපන්දිනයට
ඔහු හිතේ තියාගෙන තිබුණේ
විශේෂ තෑග්ගක්…
වෙළඳසැලේ ගන්න ටෙඩියක් නෙවෙයි
ආදරේ ගැටගහපු
අත් දෙකෙන්ම මහපු ටෙඩියක්.
ඒ නිසා ඔහු
මගේ අතට දුන්නා
පුංචි වැඩක්…
“මේක ලස්සනට මහලා දෙන්න,
මගේ බිරිඳට උපන්දිනයට දෙන්න” කියලා.
නූල් එකෙන් නූල් එක
මහද්දි මට දැනුණා
ඒ ටෙඩිය තුළට
ඔහුගේ ආදරේත් ගැටගහෙනවා කියලා.
අන්තිමට ඒ ටෙඩිය
ඔයාගේ අත් අතරට යද්දි
එය ටෙඩි බෙයාර් කෙනෙක් විතරක් නෙවෙයි…
සැමියෙක්ගේ ආදරෙන්
මහපු උපන්දිනයේ මතකයක්
thank you so much aiy❤️
happy birthday akke❤️