Travel With Chama

Travel With Chama සොබාදහමට ආදරය කරන්න සොබාදහමත් නිසැකව ඔබට ආදරය කරනු ඇත..👣🍀🌳

| B E L W O O D |🇱🇰 |බෙල්වුඩ් හෙවත් පුංචි නවසීලන්තය|                      නුවර සිට 12km පමණ දුරකින් පිහිටි පහසුවෙන් ලාගා...
01/05/2024

| B E L W O O D |🇱🇰

|බෙල්වුඩ් හෙවත් පුංචි නවසීලන්තය|


නුවර සිට 12km පමණ දුරකින් පිහිටි පහසුවෙන් ලාගාවිය හැකි නවක කදවුරු බැදීමට සිටින අයෙක් නම් අනිවාරෙන් යා යුතුයැයි සිතිය හැකි පරිසර කලාපයක් ලෙස සැලකිය හැකිය.
බයික් වලින් කදවුරු භූමිය වෙත ලගාවිය හැක. ඒ වගේම විනාඩි 10 පමණ පොඩි hike එකකින් පසුවද මෙහි උඩට යා හැකිය.මෙච්චර පොඩි hike එකකින් මේ තරම් සුන්දර පරිසර කලාපයක් දැක බලා ගැනීමට හැකිවීමත් ලොකු සතුටකි. නවක කදවුරු බදින්නෙකුට මේ අත්දැකීම ලැබිය යුතුයැයි මම සිතමි.
වතුරනම් අරගෙන යන්න අනිවාරෙන් මොකද වතුර නෑ පල්ලෙහා තියන පොඩි ඔයටනම් බහින්න හිතන්නවත් එපා🚫
එන පාරේ අතර මග තියනවා පොඩි කෝවිලක් එතන පීල්ලක් තියනවා එතන වතුරනම් පිරිසිදුයි. කූඩැල්ලෝ ඉන්නවා කියලා තියනවා ගොඩක් අය අපි යද්දි වැස්සෙ නෑ ඔයාලා වැස්ස කාලෙක යනවනම් කූඩැල්ලොන්ට බෙහෙත් අරන් යන්න😁.
හැමදාම කියනවා වගේ ගෙනියන බෝතල්,පොලිතින්,ප්ලස්ටික් අරන් එන්න පරිසරය රැක ගන්න.🚯🚫 අපිත් (සම)හරක් දාලා ගිය කුණු ගොඩක් පුලුවන් විදිහට අරන් ආවා ඔයාලත් පුලුවන් විදිහට පිරිසිදු කරලා එන්න. තවත් මේ වගේම සොදුරු සංචාරයකින් හමුවෙමු.🌸⛺️🍃
-පා සටහන් පමණක් තබා එන්න- | Travel With Chama |

කදවුරු උපකරණ සදහා අමතන්න-Redwood Camping ⛺️

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉ග...
29/04/2024

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
ගොඩක් යාලුවෝ හමුවුන තැනක් 🥺🍃

මාතලේ දිස්ත්‍රික්කයට අයිති සොදුරු පාරාදීසයක් සොයා ගිය ගමන...🛵🏔☘️_________රිවස්ටන් 🏔🇱🇰__________     සංචාරකයින්ගෙ සිත් ඇද...
14/04/2024

මාතලේ දිස්ත්‍රික්කයට අයිති සොදුරු පාරාදීසයක් සොයා ගිය ගමන...🛵🏔☘️

_________රිවස්ටන් 🏔🇱🇰__________

සංචාරකයින්ගෙ සිත් ඇදගත් සොදුරු පාරාදීසයක් සොයාගෙන පාන්දර 5.30ට ගමන ආරම්භ කරපු මා ඇතුලු මගේ සගයන් කිහිපදෙනා උදෑසන 11.30 පමණ වන විට නකල්ස් රක්ශිතයේ එක් අන්තයකට අයත් රිවස්ටන් මාර්ගයට ඇතුලු විය.
පසුව ගමන අතරමග සුපුරුදු පරිදිම වර්ශාව ඇදහැලුන නිසාවෙන් ගමන මදකට නතර කල නමුත් දහවල් 12.20 පමණ නැවත ගමන ඇරඹිය හැකිවිය. ඉතිං මෙම මාර්ගය දිගේ ගමන් කල පසුව රිවස්ටන්හි ටිකට් කවුන්ටරය ලගට ලගාවිය. මෙම ස්ථානයේ වාහන නතර කල හැකි අතර මෙතැන් සිට පා ගමනින් ගමන් කල යුතුය.
ඉතිං අපි මෙම කවුන්ටරයෙන් ටිකට් පතක් ලබා ගෙන පා ගමනින් ගමන ඇරඹිය.(රු.75.00 එක් අයෙකුට) හරිත වර්නයෙන් පිරි මෙම මාර්ගය දිගේ 3.5km පමණ යා යුතුව ඇත.මෙම මාර්ගය දිගේ ගමන් කල පසු අප මෙහි උසම ස්ථානයට ලගා විය.බලන බලන තැන හරිත වර්ණයෙන් හැඩවුනු කදුපංති දැක ගත හැක.මෙහි සුන්දරත්වය කියා නිමකල නොහැක. පසුව ඉතිං කට්ටියම ෆොටෝ ටිකකුත් ගහලා නැවත ටිකට් කවුන්ටරය ලග අප නවතා තැබූ බයික් ටිකත් රැගෙන ගමන අවසන් කිරීමට පැමිණිය.එම මාරගය ඔස්සේ 10km පමණ ඉදිරියට ගිය පසු ඔබට පිටවලපතනට ලගාවිය හැක.
පසුව අප පැමිනි මාර්ගය ඔස්සෙ නැවත යන අතරමග අපට සොදුරු ඇල්ලක් හමුවිය.ඉතින් මෙය නැරඹීමට අප අමතක කලේ නැත.නමින් මෙය බඹරකිරි ඇල්ල නම් වේ.මෙම ඇල්ල සුන්දර නමුත් ඉතා ගැඹුරු ස්ථානයකි.මෙය නැරඹීමට යන ඔබ මෙහි දිය නෑමෙන් වලකින්න.
මෙහි සුන්දරත්වය නරඹා නැවත අප ගමන ආරම්භ විය.
පසුව රෑ 10.00 පමන වනවිට අප ගමන් ආරම්භ කල ස්ථානයට නැවත පැමිණීමට හැකිවිය.
සොදුරු සංචාරයක් මෙසේ නිමාවිය...සියලුම සංචාරකයින් යා යුතුම ස්ථානයක් ලෙස රිවස්ටන් නම් කල හැක.ඔබත් අනිවාරෙන් මෙම සුන්දරත්වය විදින්න පා සටහන් පමණක් තබා එන්න.🏔☘️🌸🇱🇰

___Travel With Chama____

සොදුරු සංචාරයක නිමාව....🌸☘️
13/04/2024

සොදුරු සංචාරයක නිමාව....🌸☘️

04/04/2024

🥺🌸

" පලවෙනි වතාවට සිරීපාදේ කරුණා කරන ඉන්න කෝඩු කාරයින්ට! 🙏* කෝඩු  චාරිත්‍ර *🌸පළවෙනි වතාවට සිරිපා  වන්දනාවේ යන අයෙක් (කෝඩු ක...
16/02/2024

" පලවෙනි වතාවට සිරීපාදේ කරුණා කරන ඉන්න කෝඩු කාරයින්ට! 🙏

* කෝඩු චාරිත්‍ර *
🌸පළවෙනි වතාවට සිරිපා වන්දනාවේ යන අයෙක් (කෝඩු කාරයෙක්) ශ්‍රී පාදය කරුණාකරන විට හැන ගතයුතු කරුණු සහ අවශ්‍ය දේවල්

🌸 සුදුරෙදි මීටරයක්
🌸කහවතුරෙන් සෝදාගත් පඩුරු
🌸පඩුරු ගැටගැසීමට රෙදි
🌸ඉදිකටු නූල් බෝල
🌸 විටකන හුනු පැකට් එකක්
🌸 තෙල් මල් හදුන්කූරු

🕵️ හොදින් මතක තබාගන්න ඔබ මේ යන්නට සැරසෙන්නේ කා බී විනෝද වන ගමනක් නොව,
ඔබ යන්නේ සමන් දෙවියන්ගේ අඩවියේ වැඩ සිටින සිරිපාද පත්මය වැද පුදාගැනීමට බව,

🌻 ඔබ මුලින්ම කරුණාකරනවානම් දවස් තුනක්වත් පේවී වන්දනාවේ යෙදෙන්න. මෙය ඉතා පැරණි චාරිත්‍රයක් වේ. සමන්දෙවියන්ගේ බැල්ම ආරක්ෂාව ශ්‍රී පාද අඩවියෙහි පවතින නිසා ඔබ පේවී යන්නේ නම් එය ඔබට වඩා හොදය. එය ඔබගේ සිතටද සැනසීමකි. ඔබට වැදීමට චාරිත්‍ර දන්නා නඩේ ගුරෙක් සිටීනම් ඔහුත් සමග කරුණාවේ යෙදෙන්න.

🌻 පලාබත්ගල මාර්ගයේ ගමන් කරන විට කෝඩුකාරයා ට මුලින්ම හමුවන්නේ පලාබත්ගල රජමහා විහාරයයි. ඔබ විහාරයට ගොස් පන්සිල් සමාදන් වී විහාරයේ ඇති සමන් දේවාලයට ගොස් කපු මහතා ලවා පඩුරු ගැටගසා ගැනීමට වගබලා ගන්න.

🌻සමන් දෙවිහාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි කියා සිරිපාකරුනා කිරීමට පටන්ගන්න. ඒ යන ගමනේදී වාචාල කියවීම් ඕපාදූප සහ අවකැපෙන වචන කියා කට වරද්දාගන්න එපා.

🌻 ලිහිනිහෙල අම්බලමට ඉහලින් ඇති ස්ථානයට පඩුරු දමා පන්සිල් ගෙන කරුනාකරන්න. ඉහලින් හමුවන ලිහිණිහෙල අසලට ගොස් "ලිහිනි අක්කේ " කියා ලිහිනි අක්කාට කතා කරන ගමන නැවත පටන් ගන්න.

🌻කටුකිතුල වංගුව දානශාලාවේ ගිමන් හැර එතනටද පඩුරු දමා ඉහාලට කරුණාකරන්න. කලුගගෙන් දිය පොදක් බී ඉහලට කරුණා කරන කෝඩුකාරයාට ඊලගට හමුවන්නේ ගෙත්තම් පානයි.බුදුරජාණන් වහන්සේ සිරිපා පියුම තැබීමට යන අවස්ථාවේ උන්වහන්සේගේ සිවුර ඉරි එය මැසූ ස්ථානය ලෙස ගෙත්තම් පාන හඳුන්වයි. එය සිහිපත්වීමට ක කෝඩු කාරයන් ගෙත්තම් කිරීමේ චාරිත්‍රය ගෙත්තම් පානයේදී සිදුකරයි. මුලින්ම ඉදිකටුවට නූල ඇමිනීම කෝඩුකාරයා විසින් සිදුකළ යුතුය. ඉන්පසු ඔබ ගෙන ආ සුදු රෙදි යාරය කරට දමා ඒ හරහා නූලක් ඇදීම කරන්නේ නඩේගුරාය. එවිට ඔහු ගෙත්තම් කවියක් කියයි ඉන්පසු ඔබද ගෙත්තම් කවිය කිව යුතුය.

💮 ගෙත්තම්පානට මුනි රජු වැඩලා
එලුසම් දිවිසම් ආසන කරලා
ඉදිකටු නූලුත් සුරත දරාලා
ගෙත්තම් කෙරුවයි මලුව බලාලා

ඉන්පසු නූල සුදු රෙද්ද හරහා ඇද එය කෝඩුකාරයාගේ අතට දෙනු ලබයි. එවිට කෝඩුකාරයා ගෙත්තම්පානේ නූල් පන්දුව ඇද එහි රැඳවීම සිදුකරයි. මෙය කෝඩු කෙනෙකුට සිරිපා වන්දනාවේ ඇති ප්‍රධාන චාරිත්‍රයකි. ඉන්පසු සුදු පිරුවාටය නවා බෑගයේ දමා නැවත කරුණාවේ යෙදෙන්න.

🌻 ගෙත්තම් පානෙන් පසුව ඔබට හමුවන්නේ ධර්මරාජ ගල් පර්වතයයි. කෝඩුකාරයන් විසින් මෙම ගලෙහි පඩි ගණන් කිරීම සිදුකරයි.

🌻 ධර්ම රාජ ගල තරණය කර ටික දුරක් යන විට සීත ගඟුල හමුවන අතර කෝඩුකාරයන් අනිවාර්යෙන් මේ ස්ථානයේ නා පිරිසිදු වී සුදු ඇඳුමෙන් සැරසිය යුතුය.

🌻 පිරුවාට ඇඳගත් කෝඩුකාරයාට මීලඟට හමුවන්නේ හැරමිටි පානයි. එම ස්ථානයට ශ්‍රී පාද කන්ද මැනවින් පෙනෙන අතර දුර සිට සිරිපා වන්දනාව මෙම ස්ථානයේදී සිදු කළ හැක.

🌻 හැරමිටි පානෙන් පසුව කෝඩුකාරයාට ගල් වංගෙඩිය හමුවෙයි. එය තුළට පඬුරු දමා ඉහළට කරුණා කිරීමද චාරිත්‍රයකි.

🌻 ශ්‍රී පාදයේ වන්දනාවේ යෙදෙන කෝඩු ඇතුළු සියලු දෙනා තොරන් බැඳ පිළිගැනීමට සාදා ඇති මකර තොරණ මීළඟට හමුවේ. එහිද පන්සිල් ගෙන සමන් දෙවියන් වැඳ කරුණා කිරීම සිදුකළ යුතුය.

🌻 ඉන්පසු මෑල්ල මල කඳුර අඩියාලම තැන්න පසුකර ශ්‍රී පාද කන්දට පිවිසෙන කෝඩුකාරයා මහගිරි දඹපසු කිරීමෙන් පසුව ඇහැළ කණුවට ළඟා වන අතර එහිදී පන්සිල් ගෙන හුණු ටිකක් ඇඟිල්ලට ගෙන "මා ඉතාමත් යහපත්ව මත්ද්‍රව්‍යවලින් තොරව සිරිපා කරුණා කරන බවට පොරොන්දු වී" කණුවෙහි හුණු ගා නළල ගැසිය යුතුය.

🌻 ඇහැළ කණුව චාරිත්‍රයෙන් පසුව අහස් ගෞවුව තරණය කර මළුවට පිවිසෙන කෝඩුකාරයා මල් හඳුන්කූරු පූජා කර පත්මය වැඳීමට යා යුතුය. එහිදී නඩේ ගුරා විසින් කෝඩෝකාරයා ගෙත්තම්කර ගෙන ආ සුදු පිරුවාටය පද්මයෙහි එළා ඒ මත කෝඩුකාරයාගේ නළල ගැසීම සිදු කරයි.
ඉන්පසු මා බුදුරජාණන් වහන්සේගේ සිරිපා කරුණා කළා යැයි සිතා සතුටු වී බුද්ධාලම්භන ප්‍රීතිය පළ කළ හැකිය. 🌸

🌼 මෙය කියවන ඔබ විසි එක්වන සියවසේ ඉපිද ඇති කෙනෙකු විය හැක. සමහර විට ඔබට මෙය විහිළුවක් ද විය හැක. සමහරු මේ කිසි දෙයක් නොකර සිරිපා කරුණාකර, ඔවුන්ට කිසි කරදරයක් වුණේ නැතැයි මේවා බොරු ඇයි මත ගොඩනගාගෙන සිටිති. මතක තබා ගන්න මෙය අවුරුදු දහස් ගණන් තිස්සේ මිනිසුන් ගෙවල් දොරවල් පවා ළමයින්ට ලියා දී, ජීවිත ආශාව අත ඇර, සිරිපා කරුණාවේ යෙදුණ කාලයේ සිට පැවත එන, චාරිත්‍රයන් බව. ඔවුන් මෙම චාරිත්‍රයන් බොරු යැයි සිතා නොකරුවේ නම්, මෙය ආදම්ගේ පාදය ලෙස ප්‍රචාරය වී මෙහි සත්‍යය යට යන්නට ඉඩ තිබුණි. මෙම චාරිත්‍රයන් තුළ පවතින්නේ

🍃 බුදුරජාණන් වහන්සේගේ ආගමනය සිහිපත් කිරීම.
🍃 සමන් දෙවියන්ට කරන ගෞරවය දැක්වීම.
🍃 වන්දනාවේ යෙදෙන විට පවතින විනය හික්මීම.

ඇතුළු හොඳ දේ පමණක්මය. 🙏"

“Life is simple. It’s just not easy.” 🍃🌸
15/01/2024

“Life is simple. It’s just not easy.” 🍃🌸

සිත් නිවන නෙල්ලිගල පන්සල.....☸️☸️Nelligala International Buddhist Center ☸️🇱🇰N E L L I G A L A ☸️   |    K A N D Y 🍃   |...
02/01/2024

සිත් නිවන නෙල්ලිගල පන්සල.....☸️☸️

Nelligala International Buddhist Center ☸️🇱🇰

N E L L I G A L A ☸️ | K A N D Y 🍃 |

S R I L A N K A 🇱🇰

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මහනුවර දිස්ත්‍රික්කයේ මුරුතලාව ග්‍රාමයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයකි. කන්දක් මුදුනේ පිහිටා ඇති එය එහි ඇති සුන්දරත්වය සහ අවට භූ දර්ශනයේ විශ්මයජනක දසුන නිසා දර්ශන නැරඹීමට පැමිණෙන අමුත්තන් සහ සංචාරකයින් සඳහා ජනප්‍රිය ස්ථානයකි. එය නවීන විහාරස්ථානයක් වන අතර එහි ඉදිකිරීම් 2015 දී ආරම්භ කරන ලදී.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය: සාමයේ සහ සන්සුන් භාවයේ ආගමික ස්ථානයකි

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යනු බෞද්ධයන් මෙන්ම විවිධ ආගම් අදහන ජනතාවද පැමිණෙන ජනප්‍රිය ස්ථානයකි. එය අමුත්තන්ට සාමය සහ සන්සුන් භාවය ගෙන දෙන ස්ථානයකි. මෙම විහාරස්ථානයේ රන් වර්ණ බුද්ධ ප්‍රතිමා ඉහත නිල් අහසට වෙනස්ව දැකීමට අද්විතීය හා මනරම් දසුනක් නිර්මාණය කරයි. මෙම විහාරස්ථානයට බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු ඇතුළත් වේ. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මහනුවර නගරයේ සිට කෙටි දුරක් වන අතර වන්දනාකරුවන්ට සුවපහසු ලෙස මුදුනට පැමිණීමට උපකාර කිරීම සඳහා රෝද පුටු ප්‍රවේශය වැනි පහසුකම් රැසකින් සමන්විත වේ.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නැරඹීමට

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විශ්මයජනක දසුන් වලින් වටවී ඇති අතර උදේ සහ සවස සංචාරය කිරීම වඩාත් සුදුසුය. එය නරඹන්නන් සඳහා ප්‍රමාණවත් වාහන නැවැත්වීමේ ඉඩකඩ සහිත ඉතා විවේකී ස්ථානයකි. කඳු මුදුන රටේ මධ්‍යම කඳුකරයේ අංශක 360 ක දර්ශනයක් සපයයි. කඳු මුදුනේ සිට පෙනෙන සමහර දර්ශන වන්නේ හනාතන කඳු වැටිය, අලගල්ල කන්ද, බතලේගල සහ ශ්‍රී පාද කන්දයි.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණීම

මහනුවර සිට ගන්නෝරුව - මුරුතලාව මාර්ගයේ මුරුතලාව දක්වා ගමන් කරන්න. මුරුතලාවේදී කුරුගම තේ කම්හල පාරට හැරෙනවා. මෙම මාර්ගයේ ඉදිරියට ගොස් නෙල්ලිගල පාරට හැරී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සොයා ගන්න.👣🍃

පරිසරය විදින්න පා සටහන් පමණක් තබා එන්න.
✍️copid

බොහෝ දෙනාගේ ආදරයට ලක් වුනු තැනක් බොහෝ සිත් නිවපු තැනක් සමහර ආදර කතා නැවතුනු තැනක්.. ඉතිං අවසරයි ඔබත් යන්න මේ අලංකාර වූ ප...
21/12/2023

බොහෝ දෙනාගේ ආදරයට ලක් වුනු තැනක් බොහෝ සිත් නිවපු තැනක් සමහර ආදර කතා නැවතුනු තැනක්.. ඉතිං අවසරයි ඔබත් යන්න මේ අලංකාර වූ පරිසරයකින් වටවූ තේවත්ත පල්ලියට⛪️

අලගල්ල තරණයේ අතරමග මුනගැහුණු සුන්දර චරිත____.    ඉතින් අපි  කන්ද තරණය ආරම්භ කර ටික දුරක් යන අතර මගදි සුපුරුදු පරිදි වැස්...
18/10/2023

අලගල්ල තරණයේ අතරමග මුනගැහුණු සුන්දර චරිත____.

ඉතින් අපි කන්ද තරණය ආරම්භ කර ටික දුරක් යන අතර මගදි සුපුරුදු පරිදි වැස්ස අපිව සොයාගෙනම ආවා..😂 ඉතින් කරන්න දෙයක් නැති තැන අපි වැස්සෙම උඩට යන්න පටන් ගත්තා...ඒත් ටික දුරක් යද්දි වැස්ස වැඩිවෙන්න පටන් ගත්ත නිසා ඒ ලගම තිබ්බ ගෙදරට අපි තුන්දෙනා ගොඩ උනා...
ටික වෙලාවක් ගෙදරට මුවා වෙලා ඉද්දි ඒ ගෙදර නැන්දා එලියට අවිල්ලා "අලගල්ල කන්ද නගින්නද හදන්නේ පුතේ" කියලා ඇහුවා... ඉතින් අපිත් ඔව් නැන්දේ කියලා හෙමින් ටිකක් කතාබහකට නැන්දත් එකක සෙට් උනා...ඔහොම කතා කර කර ඉද්දි නැන්දා අපිට ප්ලේන්ටි හකුරු සමග බිස්කට් දුන්නා...ඉතිං පාන්දර කෝච්චියේ ආපු නිසා අපිට උදේටවත් කන්න බැරි උන නිසාත් ඒ වෙලාවේ ඒ නැන්දගේ ප්ලේන්ටියක් හකුරු කෑල්ලයි ඒත් එක්කම ප්ලේන්ටියේ පොගවපු බිස්කට් එකයි කනකොට දැනුනු හැගීම වචනයට සීමා කිරීමට අපහසුය... ඉතින් අපි ප්ලේන්ටිය බොන ගමන් කන්ද පිලිබද ගොඩක් තොරතුරු මේ නැන්දගේ කතාබහ සමග දැනගත්තා... ඉතින් ඔහොම කතා කර කර ඉද්දි වැස්සත් හෙමින් අඩු වෙලා ප්ලේන්ටියත් ඉවර උනා.... ඉතිං ඊටපස්සේ අපි ඒ නැන්දටයි ඒ නැන්දගේ දුවටයි ස්තූතිය පුදකරලා සුපුරුදු පරිදි ගමන ඇරඹුවා.........
ඊටපස්සේ ඉතින් ගෙවල් පහු කරලා කැලෑ කුට්ටියට ඇතුල් උනා...පසුව අපි කදු තරණය කරලා කදවුරු රාත්‍රියක් ගත කරලා උදෙන්ම කන්ද බහින්න පටන් ගත්තා...උදේම බහින්න පටන් ගත්තේ අපි කදු තරණය කරපු පාරෙ නොගොස් වෙනත් පාරකින් බහින්න ඕනෙ නිසයි...කදවුරු භූමිය පිරිසිදු කර උදෙන්ම අපි ගමන ඇරඹුවා...උදේ පටන් ගත්ත ගමන හවස 3/4 වගේ වෙනකන්ම අප පැමිනියා... එන අතර මගම අපේ තිබුනු අන්තිම වතුර බෝතලයත් ඉවර උනා..කූඩැල්ලෝ ඉතිරි වෙලා තියන ලේ ටිකත් ඒ අතරේ උරාගන්නවා😂😂 ඉතින් උදේට දවල්ට කලා නැති අපි තුන්දෙනා කන්ද පහලටම ආවා..ඔන්න ඉතිං අපිට කන්ද පල්ලෙහා පලවෙනි ගෙදර නෙත ගැටුනු අවස්තාවේ අපිට මතක් උනේ වතුර විතරයි....ඉතින් අපි ඉක්මනින් ගිහින් ඒ ගෙදරට කතා කලා.. ඒ මොකටවත් නැවෙයි අපිට උපරිමේටම වතුර අවශ්‍ය වෙලා තිබුන නිසා...ඒ ගෙදර නැන්දටයි මාමටයි(කන්දෙ සුනිල් මාමා) පින්සිද්ද වෙන්න අපිට වතුර ලැබුනා..ඒ විතරක් නැවෙයි අපිට ඒ මාමයි නැන්දයි දිව්‍ය බෝජනයක් ලබා දුන්නා...ඒ වෙලාවේ අපිට දැනුනු හැගීම කියා නිම කරන්නට නොහැකිය.. "තවමත් අපි අතර එවැනි මිනිසුන් ඇත" යැයි අපට හැගුනි🥺 ඉතින් අපි කන්දේ සුනිල් මාමටයි නැනැන්දටයි ස්තූතිය පුදකර ඒ දිව්‍ය බෝජනයෙන් කුසගින්න මගහරවාගෙන නැවත අපේ ගමනේ අවසානයට ආවා...
ඉතින් මේ මිනිසුන්ට අපට කල උපකාර වලට තුති පුද නොකලොත් අපි ගිය ගමන අවසාන වන්නේ නැත..ඉතින් මම මෙසේ අපට නන් අයුරින් උපකාර කල සැමට තුති පුදමි..🙏

Address

No. 09 National Housing Scheam Kiribthgoda
Kelaniya
11600

Alerts

Be the first to know and let us send you an email when Travel With Chama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel With Chama:

Share