23/03/2018
මෙවර Hands In Service Foundation Sri Lanka විසින් 2018 ප්‍රථම ව්‍යාපෘතිය අකුරට එළියක් ව්‍යාපෘතිය ඔබ සියලු දෙනාගේ ආශිර්වාදයෙන් ආරම්භ කර තිබේ.
ඒ අනුව වැලිවේරිය මද්දුම බණ්ඩාර ද්වීතික පාසලේ ඉල්ලීම පරිදි අප්‍රේල් මස 05වන දින අවට පාසල් කිහිපයකම සහභාගීත්වයෙන් පවත්වනු ලබන විද්‍යා ප්‍රදර්ශනයට රුකුලක් වශයෙන් විද්‍යාලයේ අඩුපාඩුකම් පවතින ශාලා නවීකරණය කිරීමට අපි කටයුතු සුදානම් කරමින් පවතින්නෙමු.
මේ සඳහා ප්‍රථම වැඩසටහන මාර්තු මස 31 ක් වන සෙනසුරාදා දින සහ අප්‍රේල් මස 01 වන ඉරිදා දින විද්‍යාල පරිශ්‍රයේදී සිදු කෙරෙයි. මේ සඳහා සුදානම් වීමට තව ඉතිරිව ඇත්තේ දින 8ක් පමණි. ඉතින් අපිත් එක්ක එකතුවෙලා මේ විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ විද්‍යා ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් පාසලේ භෞතික සම්පත් සංවර්ධනයට ශ්‍රමයෙන් සහ මුදලින් ඔබට දායක විය හැකියි.
ඔබගේ ශ්‍රම දායකත්වය ලබාදීමට කැමතිනම් පහත දුරකථන අංක වෙත එදිනට පෙර දැනුම් දීමට කටයුතු කරන්න.
මේ සඳහා එම දෙදින උදැසන 7.00 ට කැලණිය විශ්ව විද්‍යාලයේ සිට ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු සුදානම්කර ඇත.
ඔබගේ ආධාර හා මුදල් ලබාදීම සඳහා අපගේ දුරකථන අංකය අමතන්න, ඕනෑම තොරතුරක් දැනගැනීමට මෙහි comment කරන්න, අපිට message කරන්න (http://m.me/handsinservicesl),
ඒ ළමයි වෙනුවෙන් අපි හැමෝම එකතු වෙමු.!!
මේ දුවා දරුවන්ගේ අනාගතයට ආලෝකයක් වීමට "අකුරට එළියක්" ව්‍යාපෘතියට හැකි අයුරින් දායකත්වය ලබා දෙන්න.
ඔබගේ මුදල් ආධාර පහත අපගේ ගිණුමට බැර කල හැක
۩══════════════════۩
Hands in Service
055 - 2 - 001 - 0 - 0033019
Peoples Bank - Kelaniya
۩══════════════════۩
Contact -
☎️ Izuru Ranaweera (Project Manager) - 0716 746 369
☎️ Praveen Thilina (Assistant Project Manager) - 0777 237 694
☎️ Hashan S. Wimalasiri (President) - 077 8723 944
☎️ Dinuka Kannangara - 071 0627 555
☎️ Kalhara Gunathunge - 071 793 6976
📧 [email protected]
📩 http://m.me/handsinservicesl
ඔබට දායකවීමට හැකි ආකාරය comment කරන්න. එතකොට හැමෝටම බලාගන්න පුළුවන්.
(අප විසින් සිදු කර ඇති සියලුම ව්‍යාපෘති - https://goo.gl/2t8vXd)
ස්තූතියි,
Team HIS