11/07/2026
✈️ කටුනායකෙන් ඉස්තාන්බුල් බලා ගිය ගුවන් යානයක් පක්ෂි ගැටීමෙන් ආරක්ෂිතව නැවත ගොඩබස්වයි
අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඉස්තාන්බුල් බලා පිටත්ව ගිය ගුවන් යානයක්, ගුවන්ගත වූ සුළු වේලාවකට පසු පක්ෂියෙකු ගැටී ඇති බවට සැක කෙරෙන සිදුවීමක් හේතුවෙන් පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස නැවත කටුනායක ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩබස්වා තිබේ.
ගුවන් යානයේ සිටි සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව සිටින බව වාර්තා වන අතර, ගුවන් යානය පිළිබඳ තාක්ෂණික පරීක්ෂණයක් ආරම්භ කර ඇත. මෙවැනි අවස්ථාවල මගීන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් ගුවන් නියමුවන් අනුගමනය කරන සම්මත ආරක්ෂක ක්‍රියාමාර්ගවල කොටසක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.