මා දුටු ලෝකය

මෙය ලෝකයේ මා කළ සංචාරයන්හි දී ඇස ගැටුනු සුන්දර ස්ථානයන්හි ඩිජිටල් එකතුවකි. එන්න අපි ලෝකයේ ලස්සන බලමු !! 🏞️🌍🏝️🏜️🌋✈️⛵⛴️🚘

වැඩි විස්තර මගේ Youtube චැනල් එකෙන් බලන්නත් පුලුවන්.

ඩැනියුබ් ගං ඉවුරේ පිහිටි යුරෝපයේ සැඟවුණු නගරය | ස්ලෝවැකියාව 🌎චෙකොස්ලෝවැකියාව කියන ඉස්සර තිබ්බ රට, 1993 ජනවාරි මස 1 දා සා...
30/10/2025

ඩැනියුබ් ගං ඉවුරේ පිහිටි යුරෝපයේ සැඟවුණු නගරය | ස්ලෝවැකියාව 🌎

චෙකොස්ලෝවැකියාව කියන ඉස්සර තිබ්බ රට, 1993 ජනවාරි මස 1 දා සාමකාමීව දෙකට වෙන්වෙලා හැදුණු ස්ලෝවැකියාව කියන රටේ අගනුවර තමයි "බ්‍රැටිස්ලාවා" (Bratislava). යුරෝපයේ තියෙන ප්‍රධානතම ගංගාවක් වෙන ඩැනියුබ් ගඟ අසබඩ තියෙන මේ බ්‍රැටිස්ලාවා නගරයේ අපි කරපු සංචාරයේ විස්තර මේ වීඩියෝවෙන්..🌟🗺🚗

************
අපේ සංචාර බලන්න ඔයාල කැමතිනම් මෙන්න මේ Youtube Channel (www.youtube.com/) එකට ගිහින් බලන්න පුලුවන්. 🙏❤🌹

https://youtu.be/pVG4FHHaP4U

ඩැනියුබ් ගං ඉවුරේ පිහිටි යුරෝපයේ සැඟවුණු නගරය | ස්ලෝවැකියාවචෙකොස්ලෝවැකියාව කියන ඉස්සර තිබ්බ රට, 1993 ජනවාරි මස 1 දා .....

2025 ගිම්හාන සංචාරයේ මතක සටහන් - 19 🌎අද කතාව ස්ලෝවේනියාවේ ලුවියානා (Ljubljana) අගනුවර සංචාරය ගන. 1945 නිර්මාණය වෙලා 1992...
29/10/2025

2025 ගිම්හාන සංචාරයේ මතක සටහන් - 19 🌎

අද කතාව ස්ලෝවේනියාවේ ලුවියානා (Ljubljana) අගනුවර සංචාරය ගන. 1945 නිර්මාණය වෙලා 1992 විවිධ රටවල්වලට වෙන්වෙලා ගියා යුගෝස්ලෝවියාවට අයිතිවෙලා තිබ්බ භූමි කොටසක් තමයි මේ ස්ලෝවේනියාව. 🗺️

මේ ලුවියානා අගනුවර සංකේතය මකරෙක්. මේ මකරගෙ රූපය නගරය පුරා ගොඩක් තැන්වල දකින්න පුලුවන්.🐉 ජනප්‍රවාදයේ හැටියට අතීතයේ මේ ප්‍රදේශයේ ජීවත්වුනු ජනතාව බයකරගෙන ඔවුන්ගෙන් පුදපූජා ලබමින් හිටපු මකරෙක් ඉඳල තියෙනවා. සත්ත්ව බිලි අවසන් වුනාට පස්සෙ දවසකට එක බැගින් මිනිසුන් මේ මකරට බිලිදෙන්න පටන් අරන් තියෙනවා. දවසක මේ වාරය ඇවිල්ල තියෙනවා රජකුමාරිට. මේ රජකුමාරි බිලිවෙන්න යන මොහොතේ ශාන්ත ජෝර්ජ් කියන ශාන්තුවරයා ඉදිරිපත්වෙලා බිහිසුණු සටනකින් පස්සෙ මේ මකර මරල දාලා තියෙනවා. 👸⚔️

දැන් ඉතිං අහන්න එපා රජකුමාරි බිලිදෙනකම්ම ශාන්තුවරයා ආවෙ නැත්තෙ මොකද කියලා.... ඒව එහෙම තමා....😄

නගරය මැද්දෙන් ගලාගෙන යනවා කි.මී. 40ක් විතර දිග Ljubljanica ගංගාව. නගරය වටේටම පේන කඳු ගැටයක් මත ඉදිකරල තියෙන ලුවියානා මාළිගාව මෙහෙ ප්‍රධානතම තැනක්. 11 වන සියවසේදී තමයි ඒක හදල තියෙන්නේ. මධ්‍යතන යුගයේ දී ආරක්ෂක බලකොටුවක් හැටියට යොදාගත්ත මේ මාළිගාවෙත් බොහෝතැන්වල මකරව දකින්න පුලුවන්. 🏰

Dragon Bridge, The Butchers' Bridge, Triple Bridge, ශාන්ත නිකලස් දෙව්මැදුර, පැරණි නගර ශාලාව වගේ විශේෂ තැන් කීපයක් මේ ලුවියානා නගරයේදී බලාගන්න පුලුවන්. ඒ වගේම අපි තව අපූරු දෙයක් දැක්කා. ඒ තමයි වෙළෙඳපොළ ආසන්නයේ තිබ්බ "කිරි Vending Machine" එක. 🥛

තවත් දෙයක්. මේ නගරයේ තියෙනවා Restaurant එකක්. ඒකෙ නම Neks Lounge Bar. කෑම බීමට අමතරව මෙතන තව අපූරු වැඩක් වෙනවා. මෙතනදි ඔයාට පුලුවන් තමන්ටම ලියුමක් ලියල තියලා යන්න. අවුරුදු දෙකකට පස්සේ ඒ ලියුම මේ Restaurant එකෙන් ඔයාට තැපෑලෙන් එවනවා. "අතීතයෙන් ආ ලියුමක්" එතකොට... නියම අදහසක් නේ...📩

ඉතිං ඔය දේවල් තමා මේ ලුවියානා නගරයේ කතා. ඊළඟ කොටසින් මම කියන්නම් ලුවියානාවල Graffiti ප්‍රදේශය ගැන.❤️

************
අපේ සංචාර බලන්න ඔයාල කැමතිනම් මෙන්න මේ Youtube Channel (www.youtube.com/) එකට ගිහින් බලන්න පුලුවන්. 🙏❤🌹

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 ChaMith ShaNka ImarShana, Mokshana Dilsh...
27/10/2025

Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 ChaMith ShaNka ImarShana, Mokshana Dilshan, Lalith Kumara, Isuru Prasanga, Chandra Suraweera, Damayanthi Jayasinghe, Malinga Kdp, Kithsiri Mullegamgoda

යුරෝපා කොමිසම - බ්‍රසල්ස්, බෙල්ජියම  🇧🇪❤️🇱🇰
26/10/2025

යුරෝපා කොමිසම - බ්‍රසල්ස්, බෙල්ජියම 🇧🇪❤️🇱🇰

25/10/2025

ස්වීඩනයේ Kolmården වනජීවී උද්‍යානයේදී දුටු ඩොල්ෆින්ලගේ සෙල්ලම්.....

මධ්‍යතන යුගයේ කඩු, දුනුවල සිට 20 ශතවර්ෂයේ F-16 ගුවන් යානා දක්වා.....සුවිශාල අවි ආයුධ එකතුව බලමු අද.....
24/10/2025

මධ්‍යතන යුගයේ කඩු, දුනුවල සිට 20 ශතවර්ෂයේ F-16 ගුවන් යානා දක්වා.....සුවිශාල අවි ආයුධ එකතුව බලමු අද.....



බෙල්ජියමේ මහා අවි ගබඩාව​ | රාජකීය හමුදා සහ යුධ ඉතිහාස කෞතුකාගාරය​මේ රාජකීය හමුදා සහ යුධ ඉතිහාස කෞතුකාගාරය (The Royal Museum ...

2025 ගිම්හාන සංචාරයේ මතක සටහන් - 18 🌎අද කතාව Postojna ගුහාවේ ඇස් නොපෙනෙන මකරු ගැන. 🐉මේ අපූරු ජීවීන් විශේෂය අපිට දැකගන්න ...
23/10/2025

2025 ගිම්හාන සංචාරයේ මතක සටහන් - 18 🌎

අද කතාව Postojna ගුහාවේ ඇස් නොපෙනෙන මකරු ගැන. 🐉

මේ අපූරු ජීවීන් විශේෂය අපිට දැකගන්න ලැබෙන්නේ Dinaric Alps කඳු ආශ්‍රිත හුණුගල් ගුහාවලදී. බොහෝවිට ඒ ස්ලෝවේනියාවේ දී හරි ක්‍රොඒෂියාවේ සමහර ප්‍රදේශවලදී. මෙයාල Olm සතුන් විශේෂයක්. Human Fish / Baby Dragon කියලත් මෙයාලට කියනවා. ගල්ගුහා අභ්‍යන්තරයේ ජීවත්වෙන මකරුන්ගේ පැටවු මේ සතුන් කියලා අතීතයේ මිනිස්සු හිතල තියෙනවා.

මේ Postojna ගුහාවේ මේ සතුන් වැඩි වශයෙන් දකින්න පුලුවන්. සෙ.මී. 25 - 30 දිගැති මේ සතුන් සම්පූර්ණයෙන්ම ජලයේ ජීවත්වෙන ඇස් නොපෙනෙන ජීවීන් කොටසක්. කරමල් සහ පෙනහළු දෙකෙන්ම හුස්ම ගන්න මේ අය අවුරුදු 100ක් විතර ජීවත්වෙනවා වගේම ආහාර නොමැතිව අවුරුදු 10 විතර ජීවත්වෙන්න පුලුවන් කියලත් කියනවා.

සුදු මිශ්‍ර රෝස පැහැයක් මේ සතුන්ට තියෙනවා. Postojna ගුහාවෙ ගමන අවසන් වෙන තැන මින්මැදුරක මේ සතුන් දැකගන්න අවස්ථාව සලසලා තියෙනවා. තනිකරම අඳුරේ ජීවත්වෙන්න කැමති මේ Olm සතුන්, ස්ලෝවේනියාවේ ආරක්ෂිත සත්ත්ව කොට්ඨාසයක්.

ඊළඟ කොටසින් අපි ස්ලෝවේනියාව ගැනත් අගනුවර තොරතුරු ගැනත් කතා කරමු.

************
අපේ සංචාර බලන්න ඔයාල කැමතිනම් මෙන්න මේ Youtube Channel (www.youtube.com/) එකට ගිහින් බලන්න පුලුවන්. 🙏❤🌹

ශත වර්ෂ ගණනක මහා අවි ගබඩාව බලන්න බෙල්ජියමේ රාජකීය හමුදා සහ යුධ ඉතිහාස කෞතුකාගාරයට ගිය ගමන​.... 🗡️🏹🔫හෙට හවස 6.30ට (ශ්‍රී ...
23/10/2025

ශත වර්ෂ ගණනක මහා අවි ගබඩාව බලන්න බෙල්ජියමේ රාජකීය හමුදා සහ යුධ ඉතිහාස කෞතුකාගාරයට ගිය ගමන​.... 🗡️🏹🔫

හෙට හවස 6.30ට (ශ්‍රී ලංකාවේ වෙලාවෙන්) මා දුටු ලෝකයෙන්..... අලුත්ම වීඩීයෝව ඔබ වෙත​... 👮

උතුරු අර්ධ ගෝලයේ ආක්ටික් වෘත්තයෙන් එහා ස්වීඩනයේ කිරුනා ප්‍රදේශයේදී ශීත ඍතුවේදී හමුවූ පිනිමුවෝ.....
22/10/2025

උතුරු අර්ධ ගෝලයේ ආක්ටික් වෘත්තයෙන් එහා ස්වීඩනයේ කිරුනා ප්‍රදේශයේදී ශීත ඍතුවේදී හමුවූ පිනිමුවෝ.....

Shout out to my newest followers! Excited to have you onboard! Tharindu Thejan, Isuru Prasanga, Anura Perera, Ranga Pium...
22/10/2025

Shout out to my newest followers! Excited to have you onboard! Tharindu Thejan, Isuru Prasanga, Anura Perera, Ranga Piumal, Uyandandugolla Pln

මේ තියෙන්නේ මෑතකදී වඩාත් කතාබහට ලක්වුණු ස්වීඩනයේ කිරුනා හි පල්ලිය. ඒ කිරුනා නගරයේ පතල් කර්මාන්තය හේතුවෙන් මේ පල්ලිය වෙනත...
21/10/2025

මේ තියෙන්නේ මෑතකදී වඩාත් කතාබහට ලක්වුණු ස්වීඩනයේ කිරුනා හි පල්ලිය. ඒ කිරුනා නගරයේ පතල් කර්මාන්තය හේතුවෙන් මේ පල්ලිය වෙනත් ආරක්ෂිත තැනකට රැගෙනයාම නිසා. 1909 - 1912 කාලයේදී ඉදිකරපු මේ පල්ලියට ප්‍රධාන වශයෙන් භාවිතාකරල තියෙන්නේ දැව. උතුරු ස්කැන්ඩිනේවියානු කළාපයේ ජීවත්වෙන ස්වදේශිකයන් වන "සාමි"වරුන්ට කරන ගෞරවයක් විදිහට ඔවුන්ගේ සාම්ප්‍රදායික කූඩාරමක හැඩයට තමයි මේ පල්ලිය නිර්මාණය කරල තියෙන්නේ. ⛪

2016 අවුරුද්දෙ ශීත ඍතුවේදී ස්වීඩනයේදී කිරුනා නගරයේ කරපු සංචාරයේදී තමයි මම මේ පින්තූරය ගත්තෙ.📸

Address

Polhena Road
Kohalwila

Website

Alerts

Be the first to know and let us send you an email when මා දුටු ලෝකය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share