Dahamgagana Buddhist Tv

  • Home
  • Dahamgagana Buddhist Tv

Dahamgagana Buddhist Tv http://dahamgagana.com දහම් නදින් සිත් සැනසීම පිණිස අප විසින් ආරම්භ කල ලොව ප්‍රථම මුහුණු පොතේ බෞද්ධ රූපවාහිනිය

22/05/2024
• අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායයේ මහනායක ධුරීන, බම්බලපිටිය සිරි වජිරාරාමය ඇතුළු විහාර ගණයේ විහාරාධීෂ්වර, ශාස්ත්‍රපති...
20/04/2024

• අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායයේ මහනායක ධුරීන, බම්බලපිටිය සිරි වජිරාරාමය ඇතුළු විහාර ගණයේ විහාරාධීෂ්වර, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසනජෝතික පරියත්ති විශාරද, ශ්‍රී ධර්මරක්ෂිතවංශාලංකාර උපාධ්‍යාය, ශ්‍රී ප්‍රඥාසිංහ ධර්මකීර්ති ශ්‍රී අතිගෞර්වාර්හ තිරිකුණාමලේ ආනන්ද මහනායක මාහිමිපාණන් වහන්සේගේ ස සැට වන ජන්ම දිනය අදට යෙදී තිබේ.🌼🙏

°

1958 අප්‍රේල් 21 වන දා සිරි වජිරඤාණ ධර්මායත⁣නයේ සමාරම්භය උදෙසා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනයට හෝරා කිහිපයකට පෙර මනුලොව ඉපිද ධර්මායතනයට සමාන්තරව හැදී වැඩී එකළොස් වියේ දී ධර්මායතනය ගුරු භූමිය කොට ගෙන ඒ අමරපුර ධර්මරක්ෂිත මහනිකා⁣යයේ මහානායක පදවිපත් මඩිහේ පඤ්ඤාසීහ යතීන්ද්‍රයාණන් වහන්සේ සහ පරමපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුළ ලොකු හාමුදුරුවන් යන බෝධිසත්වගු⁣ණොපේත ආචාර්යයන් වහන්සේලා දෙනමගේ පා සෙවණේ 1969 ඔක්තොම්බර් මස 25 වන දින පැවිදි ව 1978 නොවැම්බර් 25 වන දා පැළෑණේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ ජන්ම ශත සංවත්සරය දා ම අධිශීල සංඛ්‍යාත උපසම්පදා ප්‍රාප්ත ව අද අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහ සඟ සබයෙහි මහ පදවිය හොබවමින් අතිශය නිරහංකාර බවින් ද පිරිසිදු සිල් ගුණයෙන් ද උපලක්ෂිත ව නිවුණු, නිහඬ ප්‍රතිපත්තිකාමී පැවිද්ද ම අභිරමණය කරමින් ගුරු දේවයන් වැඩි මඟ නොකෙළෙසා වඩින්නාහු ශ්‍රී ප්‍රඥාසිංහ ධර්ම කීර්ති ශ්‍රී, ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසනජෝතික පරියත්ති විශාරද, ශ්‍රී ධර්මරක්ෂිතවංශාලංකාර උපාධ්‍යාය අතිගෞරවාර්හ රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති තිරිකුණාමලේ ආනන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ ය.

ස්වකීය සුපින්බර, සුවිපුල පැවිදි දිවියෙහි ස සැට (66) වන ජන්ම දින සැමරුම යෙදෙන මේ අවසරෙහි ඔබ දෙපා පාමුළ වැද වැටෙන්නේ සියවසකටත් අධික වජිරාරාම පරපුරෙහි සසුන් මෙහෙය ද සිහිකරමිනි.

Address


Alerts

Be the first to know and let us send you an email when Dahamgagana Buddhist Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dahamgagana Buddhist Tv:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share