Lanka Digital

Lanka Digital මුද්‍රිත මාධ්‍යත් නව මාධ්‍යත් එකට එක?

10/08/2024
08/09/2022

IMF එකත් එක්ක තියෙන එකඟතා මොනවද රටට කියන්න - අනුර කුමාර

පාන් ගෙඩියක් රුපියල් 300ක මිලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.පාන් පිටි මිල සීඝ්‍ර...
03/09/2022

පාන් ගෙඩියක් රුපියල් 300ක මිලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

පාන් පිටි මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ පාන් ගෙඩියක් රුපියල් 300කට අලෙවි කරන්නැයි දිවයිනපුරා බේකරි හිමියන්ට උපදෙස් ලබා දී ඇති බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේය.

මේ අතර රටේ පවතින ආර්ථික අර්බුධයේ ප්‍රථිපලයක් ලෙස බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය මිල ඉහළ යාමත් හේතුකොට ගෙන දිවයින පුරා බේකරි 2,000කට අධික සංඛ්‍යාවක් වැසීගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා තිබිණි.

මේ වනවිට වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිලද රුපියල් 350 දක්වා ඉහළ ගොස් තිබේ.

මීට පෙර තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් රුපියල් 84ක් වැනි මිලකටයි.

තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 ක් මේ වනවිට රුපියල් 17,000 ඉක්මවා අලෙවි කෙරෙන බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පෙන්වාදෙයි.

එමෙන්ම රජය හා අදාළ බලධාරීන් බේකරි හිමියන්ට අවශ්‍ය සහය ලබා දෙන්නේ නම් පාන් රාත්තලක මිල රුපියල් 50/= කින් හා අනෙකුත් බේකරි නිෂ්පාදන මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කර ජනතාවට සහනයක් ලබා දීමට හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මීට පෙර පවසා තිබිණි.

ඔවුන් පෙන්වාදෙන්නේ බේකරි නිෂ්පාදනය සදහා අවශ්‍ය වන ප්‍රධාන අමුද්‍රව්‍ය වු පිටි, සීනි, මාගරින් හා බිත්තර මිල විශාල වශයෙන් අඩු වී ඇති නිසා එම වාසිය බේකරි හිමියන්ට ලබා දෙන්නේ නම් පාන් මිල අඩු කළ හැකි බවයි.

ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් වෙළඳපොළ තුළ බේකරි නිශ්පාදන අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව පැවසූ සභාපතිවරයා පාන්පිටි මාෆියාවක්ද රට තුළ ක්‍රියාත්මක බව සදහන් කලහ.

රුපියල් 200 කට ලබා දිය හැකි පාන්පිටි සදහා මාෆියාව හේතුවෙන් රුපියල්280 කට බේකරි හිමියන්ට ලබා ගැනීමට සිදුව ඇතැයි ද සදහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පක්ෂ මාරු කරනු ඇතැයි දේශපාලන අරංචි මාර්ග සඳහන් කරයි.ඉන් කිහිපදෙන...
03/09/2022

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පක්ෂ මාරු කරනු ඇතැයි දේශපාලන අරංචි මාර්ග සඳහන් කරයි.

ඉන් කිහිපදෙනෙකු පසුගියදා ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස විපක්ෂයේ අසුන් ගත් ඩලස් අලහප්පෙරුම ගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමට එක්වීමට නියමිතව ඇත.

එමෙන්ම මේ වනවිට නිරන්තරතරයෙන් කතා බහට ලක්වන අමාත්‍යධූරයක් හොබවන දකුණේ අමාත්‍යවරයෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දරණ එක්සත් ජාතික පක්ෂය හා එක්වනු ඇතැයිද එම අරංචි මාර්ග පෙන්වාදෙයි.

මේ අතර ස්වාධීන මන්ත්‍රිවරුන් ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත් ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිවරුන් 13දෙනා නියෝජනය කරන කණ්ඩායම '' නිදහස ජනතා සභාව'' නමින් නව කාර්යාලයක් ඊයේ (02) රාජගිරිය නාවල ප්‍රදේශයේදී විවෘත කර තිබුණි.

එහෙම ආවොත් ‍රනිල් පිළිගන්න සූදානම් : සමන්ත විද්‍යාරත්න කියයි !හැකියාව තිබේ නම් ඡන්දයක් තබා, එයින් ජයග්‍රහණය කොට ජනාධිපති...
29/08/2022

එහෙම ආවොත් ‍රනිල් පිළිගන්න සූදානම් : සමන්ත විද්‍යාරත්න කියයි !

හැකියාව තිබේ නම් ඡන්දයක් තබා, එයින් ජයග්‍රහණය කොට ජනාධිපති පුටුවේ වාඩි වන ලෙසත්, එසේ වුවහොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පිළිගැනීමට සූදානම් බවත් ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න පැවසීය.

දෙහිඅත්තකණ්ඩිය නගරයේ පැවති ජාතික ජන බලවේගයේ රැස්වීමකදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මෙසේ කටයුතු කිරීමට රනිල් වික්‍රමසිංහට ඉඩ දිය නොහැකි බවයි. රට තුළ ඇති වී තිබෙන මේ භයානක තත්ත්වය විසඳීමට රනිල් වික්‍රමසිංහට කිසිදු හැකියාවක් නැති බව ද පැවසූ ඔහු, මේ වන විට රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින්නේ තමන්ට ඡන්දය දුන් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිනවීමට පමණක් බව ද සමන්ත විද්‍යාරත්න මෙහිදී පැවසීය.

ආර්ථික, දේශපාලන හා සමාජ යන තුන් ආකාර අර්බුදයකින් පීඩාවට පත්වෙමින් සිටින රටට, සර්ව පාක්ෂික නමින් චෞර පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

මෙම රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස, එම පක්ෂයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ඒ. එම්. එම්. එම්. රත්වත්තේ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

29/08/2022
මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරුන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක අජිත්...
29/08/2022

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරුන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද (29) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව එය සිදු කරයි.

ඒ අනුව, ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, ජගත් පුෂ්පකුමාර මහතා, පියංකර ජයරත්න , දිලිප් වෙදආරච්චි , වඩිවේල් සුරේෂ් , එස්. වියාලේන්ද්‍රන් , අශෝක ප්‍රියන්ත , අරවින්ද් කුමාර් , ගීතා සමන්මලී කුමාරසිංහ, බී. වයි. ජී. රත්නසේකර , සාරතී දුෂ්මන්ත ,ගෝවින්දන් කරුණාකරම් , ජයන්ත කැටගොඩ , මොහමඩ් මුසම්මිල් , තුෂාර ඉඳුනිල් අමරසේන , වේලු කුමාර් , වරුණ ලියනගේ , යූ. කේ. සුමිත් උඩුකුඹුර , මායාදුන්න චින්තක අමල් , නිපුණ රණවක , ගාමිණී වලේබොඩ , රාජිකා වික්‍රමසිංහ , සහ එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන යන මන්ත්‍රීවරයන් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරිම සඳහා පත් කොට තිබේ.

කසළ එකතු කිරීමේ ට්‍රක් රථ 04ක් ගෙන්වීම සඳහා ලබාදුන් ඇමෙරිකානු ඩොලර් 83,432ක් (රුපියල් මිලියන් 14.3) වහාම ආපසු ගෙවන ලෙස ල...
29/08/2022

කසළ එකතු කිරීමේ ට්‍රක් රථ 04ක් ගෙන්වීම සඳහා ලබාදුන් ඇමෙරිකානු ඩොලර් 83,432ක් (රුපියල් මිලියන් 14.3) වහාම ආපසු ගෙවන ලෙස ලංකාවේ ජපාන තානාපති කාර්යාලය යාපනය මහා නගර සභාවට ලිඛිතව දැනුම් දී තිබේ.

ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ අදාළ ව්‍යාපෘතිය ආරම්භ කිරීම වසර 03ක් තිස්සේ ප්‍රමාද කිරීමයි.

‘සැලසුම් කළ ආකාරයට අනුව ව්‍යාපෘතිය ආරම්භ කිරීම වසර 03ක් ප්‍රමාද කිරීම දැඩි කණගාටුවට කරුණකි’ යනුවෙන් තානාපති කාර්යාලය මගින් යාපනය නගරාධිපති වී. මනිවානන් වෙත යවන ලද ලිපියක දැක්වේ.

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ප්‍රවර්ධනය සඳහා වන ජපාන සමාජය (Society for Promotion of Japanese Diplomacy – SPJD) මගින් 2019 අප්‍රේල් මාසයේදී මීට අදාළ ගිවිසුම්වලට අත්සන් කර තිබේ.

ව්‍යාපෘතියේ නම Recycled Equipment Acquisition Project වේ.

අදාළ මුල්‍ය ආධාර සැපයූ සමාජය, ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ලාබ නොලබන ආයතනයකි.

මේ සම්බන්ධයෙන් විමසීමට යාපනය නගරාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි වූයේ ඔහු විදේශගතව සිටින බව ඔහුගේ කාර්යාලයේ නිලධාරීන් පැවසීම නිසා ය.

29/08/2022

මණ්ඩලේ පාඩු ලබනවා තමයි, අපි 1000ක් දැම්මා ඕගොල්ලෝ 5000ක් දැම්මා

බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද(29) මානව හිමිකම් කොමිසම හමුවට කැඳ...
29/08/2022

බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද(29) මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

ඒ පසුගිය මැයි 09 වැනිදා සහ ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩකාරි සිදුවීම් අතරතුරු මන්ත්‍රී නිවාස ගිනි තැබීම් හා දේපොළවලට හානි කිරිමේ සිදුවීම් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාලව මෙම කැඳවීම කර ඇති බවයි.

අදාල මන්ත්‍රිවරුන් සිය නිවාස ගිනි ගැනිමට ලක් වූ බවට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

එහි ප්‍රකාශකයකු පැවසුවේ, මීට අමතරව මැයි 09 වැනිදා සහ ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අතරතුර නිවාස හා දේපොළ හානි වූ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කිහිපදෙනකු ද කොමිසම හමුවට කැඳවා ඇති බවය.

මන්ත්‍රීවරුන්ගෙන් අද දිනයේදී විමර්ශනය සඳහා අවශ්‍ය මූලික කරුණු සටහන් කර ගැනිම සිදු කිරීමට නියමිතව ඇති බව, මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය.

Address

Kottawa
Kottawa

Alerts

Be the first to know and let us send you an email when Lanka Digital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share