Forget Me Not

Forget Me Not Memories that will last forever (සිතක රැඳුන සදාතනික සිහිවටන)

සොඳුර ඔබ මා අතැර ගියදාළපෙති මිලිනවු ප්‍රේමයේ මල්වැව් දියේ මිහිදන් කලාකුළුඳුල්ම ආදරේ සිතුවම්කඳුලු වැස්සේ බොඳකලාඇතුගලට සඳ ...
20/01/2025

සොඳුර ඔබ මා අතැර ගියදා
ළපෙති මිලිනවු ප්‍රේමයේ මල්
වැව් දියේ මිහිදන් කලා
කුළුඳුල්ම ආදරේ සිතුවම්
කඳුලු වැස්සේ බොඳකලා

ඇතුගලට සඳ රැස් ගලා
ශේෂ මතකය ඇහැරිලා
නුඹ තියා ගිය මිලින හැඟුමන්
මගේ හිත ආතුර කලා

වෙහෙර ඇත්කඳ බිම පුරා
පහන් සහසක් දල්වලා
නුඹ යළිත් එනු ඇතැයි සිතමින්
තාම ඉමි මං මග බලා
✍️ - FMN -

ආදරේ ගැන කටුක පාඩම්හරි රහට නුඹ කියා දුන්කඳුලු විල මැද පිපෙන නෙළුමකසුවඳ ලෙස මං දරා ගම්...ප්‍රේමයම මුල් තැන හොවා - සිත මුල...
19/01/2025

ආදරේ ගැන කටුක පාඩම්
හරි රහට නුඹ කියා දුන්
කඳුලු විල මැද පිපෙන නෙළුමක
සුවඳ ලෙස මං දරා ගම්...

ප්‍රේමයම මුල් තැන හොවා - සිත
මුලුමනින් පුද සුන තියා
නුඹට පිදු ආදරේ මල් පෙති
ලිහී උඩු හුළඟේ ගියා...

කඳුළු පැන් බිඳුවක් හෙලා - ලය
සුසුම් සර නෑසෙන නියා
පැන්වඩා පින් පමුණුවනු මැන
බාල බොළඳිය මිය ගියා...

කඳු මාවතේ...මිටියාවතේපිණි කඳුළු වරුසා හෙලාසඳ කුසුම කිමදෝ මුකුලිත වෙලාඅතීතයේ සිට ආසුපුරුදු ආදර කෙලිලොල් හඬකින්මතකය ඇහැ ඇර...
23/12/2024

කඳු මාවතේ...මිටියාවතේ
පිණි කඳුළු වරුසා හෙලා
සඳ කුසුම කිමදෝ මුකුලිත වෙලා

අතීතයේ සිට ආ
සුපුරුදු ආදර කෙලිලොල් හඬකින්
මතකය ඇහැ ඇරුනා
අප යන මග - පිරිපත උහුලනු මිස
නුඹට මට සිනහවත් මග හැරුනා

ඇයි සිත සසල වෙලා
ආගන්තුක ඇස් රහසින් පවසන
සෙනෙහස ළඟ බිඳෙනා
සිතක් නොවේ - මට නොතැවෙන් සොඳුරිය
නුඹේ ළඟමයි මා අදත් නිවෙනා

නිවුනාමගෙ හිත නිවුනා රිදුමන් බිඳුනානුඹ ළඟ රැඳෙනා මොහොතක මා නිවුනාසිත සනසවනා කොහි සිට ආවාදෝදේවාංගනා...කලුවර විමනේ තිමිරය ...
17/12/2024

නිවුනා
මගෙ හිත නිවුනා රිදුමන් බිඳුනා
නුඹ ළඟ රැඳෙනා මොහොතක මා නිවුනා
සිත සනසවනා
කොහි සිට ආවාදෝ
දේවාංගනා...

කලුවර විමනේ තිමිරය බිඳුනා
ගිනිගෙන දැවෙනා හදකට පිණි ඉහුණා
නොයනා සිත නෑරම රැඳෙනා
කිව මැන නුඹ කවුදෝ
දේවාංගනා

හද ගිනි අවුලා මා හැර නොයනා
නෙත්යුග කියනා ගිවිසුමකින් බැඳුනා
සොයනා සැනසුම මට ලැබුනා
මා ළඟ නැවතුනිදෝ
දේවාංගනා

Have a nice day...🩷
03/12/2024

Have a nice day...🩷

02/12/2024
30/11/2024

සිතක් පුරාවට පෙම් මල් පූ දින
සිහිනය රෑ තුන් යම දැකලා
දිනක් තියේවිද නුඹ මා හිනැහෙන
අහිමි තැනම හිමිකම් ඇඳිලා
අපේ ලොව සිතිජයෙන් දුර ඈතයි
ඈත තරුවක් ලෙසින් නුඹ හිනැහෙයි

ආගන්තුකයින් ලෙසින් හෙටටත්
එළිවන ඒ පෙම්වත් හීනේ
නාඳුනනා පෙම්වතුන් වන්නට
හදවත් යයි ඇයි යළි හමුවන්නේ
අහඹු හමුවක තිබුනේ ජීවිතයයි
අහිමි හිත් හමු නොවිය යුතු ඒකයි

කවදා කොයි ලෙසකින්වත් හිමි නැති
හිත ළඟ සෙනෙහස වෑහෙන්නේ
අදටත් හිත ළඟ හිමි නැති වූ තැන
ඇයි ආදර මල් පූදින්නේ
දෛවයත් සරදම් කරන ගානයි
අහිමි හිත් හමු නොවිය යුතු ඒකයි

Artist : Darshana Wickramatunga
Lyrics: Buddhika Widanage

විසල් පැතුමන් හිත දරාගෙනදස මසක් නුඹ කුස දරාගෙනපෙර නොවිඳි පිරිපත පවා මංදරා උන් හැටි මැවෙනවාසිතින් සිඹ සිඹ මුව දහස්වරඅතින්...
21/11/2024

විසල් පැතුමන් හිත දරාගෙන
දස මසක් නුඹ කුස දරාගෙන
පෙර නොවිඳි පිරිපත පවා මං
දරා උන් හැටි මැවෙනවා

සිතින් සිඹ සිඹ මුව දහස්වර
අතින් පිරි මැද කුස සහස්වර
අසීරුම තත්පර වලත් එදවස
නුඹට සෙත් කවි කියනවා

පළමු දරු ගැබ නුහුරු නුපුරුදු
විඳුම් සහසක් පළපුරුදු සේ
කොහොම මං දැරුවාද මන්දා
අදත් පුදුමය දැනෙනවා

වින්ද පිරිපත සැනෙන් නිම කළ
සිනිඳු මොළකැටි ඇඟිළි පහසත්
දුවේ අටලොස් වසක් ගෙවුනත්
අද සේම මට දැනෙනවා

_FMN_

Address

157/2 C, Balika Niwasa Road, Pannipitiya
Kottawa

Telephone

+94772003146

Website

Alerts

Be the first to know and let us send you an email when Forget Me Not posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Forget Me Not:

Share