Forget Me Not

Forget Me Not Memories that will last forever (සිතක රැඳුන සදාතනික සිහිවටන)

03/09/2026
ලා අඳුර ඉරා ගෙන පතිත වෙන හිරු රැසේඕසෙටම හිමිදිරියෙ සුන්දරත්වය දිසේකුරුලු කූජන මැදින් තෝරනා මුදු බසේවිශ්වයේ සුබ පැතුම් ගී...
02/09/2026

ලා අඳුර ඉරා ගෙන පතිත වෙන හිරු රැසේ
ඕසෙටම හිමිදිරියෙ සුන්දරත්වය දිසේ
කුරුලු කූජන මැදින් තෝරනා මුදු බසේ
විශ්වයේ සුබ පැතුම් ගීතයක් සේ ඇසේ

නිදිගත්තු ඇස් විවර වී අලුත් දිනකදී
කප්පරක් නැවුම් වූ පැතුම් සිත මත අඳී
ඒ සෑම පැතුමක්ම ඉටුවෙන්න සිත යදී
සුබම වේවා සැමට කම්කටොලු දුක් සිඳී...❤️

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!🙏🙏🙏
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!🙏🙏🙏

🙏🙏🙏
21/05/2026

🙏🙏🙏

සුබ දවසක්❤️
18/05/2026

සුබ දවසක්❤️

Happy rainy morning.....☺️🌂🌧️⛈️💦☔️
17/05/2026

Happy rainy morning.....☺️🌂🌧️⛈️💦☔️

16/05/2026

දුක කියා
කෑ ගසා හඬමින්
රෑ පුරාවට හැඬූ අහසේ...
ළා වළා
පෙණ කැටිති මැද්දෙන්
හරි හැඩට
හිරු කෙඳි වෑස්සේ...
හඬා අවසන්
සැනින් හිනැහෙන
දෙනෙත් වල කැලුමන් වෑස්සේ...
ඒ වගේමයි අද උදෑසන
හැඩ බලන්නකො
අන්න අහසෙ...

සුබ දවසක්... සුබ උදෑසනක්...❤️❤️❤️
Forget Me Not

කිසිවෙකුට කරදරයක් පීඩාවක් නොවන සුව සුබ දවසක් වේවා...!🙏❤️
14/05/2026

කිසිවෙකුට කරදරයක් පීඩාවක් නොවන සුව සුබ දවසක් වේවා...!🙏❤️

කටුක ඉඩෝරයකට පස්සේ වහින වැස්ස අප්‍රමාණව වටිනවා...ඒත් වැස්ස වැඩි වෙලා කාටවත්ම කරදරයක් නම් වෙන්නඑපා...සුභ දවසක් හැමෝටම❤️
13/05/2026

කටුක ඉඩෝරයකට පස්සේ වහින වැස්ස අප්‍රමාණව වටිනවා...ඒත් වැස්ස වැඩි වෙලා කාටවත්ම කරදරයක් නම් වෙන්නඑපා...
සුභ දවසක් හැමෝටම❤️

සබඳ මේ ඇසිල්ලෙත් කවුළුවෙන් එපිට අරසීරුවට වැහි කඳුළු හීතලට හැලෙනවා...මගේ හිත පෙම් බඳිනඋණුසුම්ම පපුතුරේමොහොතකට මුව හොවා සැ...
12/05/2026

සබඳ මේ ඇසිල්ලෙත්
කවුළුවෙන් එපිට අර
සීරුවට වැහි කඳුළු හීතලට හැලෙනවා...

මගේ හිත පෙම් බඳින
උණුසුම්ම පපුතුරේ
මොහොතකට මුව හොවා සැතපෙන්න හිතෙනවා.

කැදලි තැනුවයින් පසු
කුරුලු ජීවිත වලත්
වැඩ නිසා හැඩිවෙච්ච බෝ දවස් තියෙනවා..

හැම දේම පසෙකලා
කෝපි සුවඳක් ළඟින්
අපි ටිකක් තනිවෙමුද හිත මගේ අහනවා...

ඉතින් ඔබ එනවාද
මම බලන් ඉන්නවා...❤️

Address

157/2 C, Balika Niwasa Road, Pannipitiya
Kottawa

Telephone

+94772003146

Website

Alerts

Be the first to know and let us send you an email when Forget Me Not posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Forget Me Not:

Shortcuts

Share