Political PANIC

Political PANIC refers to a state of alarm or widespread anxiety among politicians,

පුවත්පිරමීඩ වැවිලි වගාකරුවකුගෙන් ළඟදීම TV චැනල් එකක්පිරමීඩ වැවිලි වගා ආයෝජන ව්‍යාපෘතියක් මගින් උපයාගත් මුදලින්ප සුගිය කා...
11/07/2026

පුවත්පිරමීඩ වැවිලි වගාකරුවකුගෙන් ළඟදීම TV චැනල් එකක්

පිරමීඩ වැවිලි වගා ආයෝජන ව්‍යාපෘතියක් මගින් උපයාගත් මුදලින්ප සුගිය කාලයේ ආන්දෝලනාත්මක රූපවාහිනී නාලිකාවක් නැවත ආරම්භ කිරීමට සැලැසුම් සකස්කර ඇතැයි වාර්තා වේ.

පිරමීඩ වැවිලි වගා ආයෝජන ව්‍යාපෘති මුදලින් සකස් කළ වෙනත් සමාගමක් යෙදාගනිමින් අදාළ රූපවාහිනී නාලිකාව වසර 20ක කාලයකට බදු ගෙන ඇති එම සමාගම මසකට එහි හිමිකරු යැකි කියන පුද්ගලයාට රුපියල් කෝටි 2කට වැඩි මුදලක් ගෙවන බවද වාර්තා වේ.

පිරමීඩ වගා සමාගම එහි මුදල් ආයෝජනය කරනු ලබන්නකුට ලාභයෙන් කොටසක් ලබාදෙන බව කියමින් අති විශාල පොලීමුදලක් ලබාදෙන බවද පැවසේ.

ඔවුන් ලබාදෙන සැලැසුම්වලට අනුව අදාළ වගා ව්‍යාපෘති පිරමීඩ සමාගම 120% ක පමණ ප්‍රතිලාභයක් පාරිභෝගිකයන්ට පොරොන්දුවී ඇති බව ද ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවිය.

2022 දී ආරම්භ කරන ලද මේ සමාගම වසර 4ක් වැනි කාලයකදී මේතරම් විශාල මුදලක් උපයාගත්තේ කෙසේද යන්න මේවන විට ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ කතා බහට ලක්ව ඇත.

මේවන විට අදාළ සමාගම සතුව රුපියල් බිලියන 60ක පමණ මූල්‍යමය වත්කම් ඇති බවද වාර්තා වේ.

මීට වසර කිහිපයකට පෙර රක්ෂණ නියෝජිතයන් ලෙස රක්ෂණ සමාගම් වල සේවය කළ මොවුන් හිටිහැටියේ මේතරම් පොහොසතුන් වූයේ කෙසේද යන්නද මේවන විට විශාල ගැටලුවක්ව තිබේ.

මීට වසර 3-4කට පෙර තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මොවුන් මේවන විට අගනුවර අධිකම මිලගණන් සහිත මහල් නිවාස සංකීර්ණයක මේවන විට වාසය කරන බවද පැවසේ.

කෙසේවුවද, මහ බැංකුව විසින් දිගින් දිගටම මෙවැනි වගා ව්‍යාපෘතිවල මුදල් ආයෝජනය නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියද, ජනතාව ඒ සම්බන්ධයෙන් තැකීමක් ෙනාකරන බවද මහ බැංකුවේ ජෙෂ්ඨ නිලධාරියෙක් ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් පසුගියදා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් ප්‍රනාන්දු මහතා ද මෙසේ පැවසීය.

විනිවිඳ පෙනෙන මූල්‍ය විනයක ආදර්ශය දෙන පීපල්ස් ඉන්ෂූවරන්ස්අභ්‍යන්තර විගණන සහ පාලනයන් පිළිබඳව විනිවිද පෙනෙන ආදර්ශයක් සපයමි...
10/07/2026

විනිවිඳ පෙනෙන මූල්‍ය විනයක ආදර්ශය දෙන පීපල්ස් ඉන්ෂූවරන්ස්

අභ්‍යන්තර විගණන සහ පාලනයන් පිළිබඳව විනිවිද පෙනෙන ආදර්ශයක් සපයමින් පීපල්ස් ඉන්ෂූවරන්ස් සමාගම මීට වසර හයකට පමණ පෙර සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවයක් පිළිබඳව විමර්ශණය කරන ලෙස කොළඹ වංචා විමර්ශන අංශයට පෙර කළ පැමිණිල්ලක් අනුව ඊට අදාල විමර්ශණ ආරම්භ වී තිබේ.

ඒ, සිය සේවකයන්ට ගෙවනු ලැබූ දිරි දීමනා මුදල් වෙනත් අයවලුන් විසින් ලබාගෙන අක්‍රමිකතාවයන් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. 2019 සිට 2021 දක්වා වසරවල සිදුව ඇතැයි කියන මෙම අක්‍රමිකතාවය පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් කොළඹ වංචා විමර්ශන අංශයට පසුගිය දා නියෝග කළේ ඒ සිදුකොට තිබූ පැමිණිල්ලකට අනුවය.

එම ආයතනයේ ප්‍රධාන නීති නිලධාරී සුමුදු කල්ප වික්‍රමාරච්චි මහතා විසින් කොළඹ වංචා විමර්ශන අංශයට මෙම පැමිණිල්ල කරනු ලැබ ඇත.

එවකට අභ්‍යන්තර යොමු පත්‍ර මගින් දෙදහස් දහනවය වසරේ ආයතනයේ සේවයේ නියුතු වෙළඳ නිලධාරිනියකට රුපියල් මිලියන දෙකකට වැඩි මුදලක් දිරි දීමනාවක් වශයෙන් ගෙවීමට යෝජනා කර ඇති බව වාර්තා වන අතර, මෙකී අක්‍රමිකතාවය එවකට ප්‍රධාන විධායක නිළධාරීන් කිහිපදෙනෙකුගේ අනුමැතියට යටත්ව සිදුව ඇති බව මූලික පොලිස් විමර්ෂන වලින් හෙළිවී තිබෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට තිබේ.
මීට වසර පහකට පමණ පෙර මෙම අක්‍රමිකතාවය සිදුවී ඇති අතර ඒ සම්බන්ධව 2021 වසරේ දී වෝහාරික විගණනයක් පවත්වා ආයතනික මට්ටමින් නිසි විනය ක්‍රියා මාර්ග ගෙන ඇත.
2010 වසරේ මහජන බැංකු සමූහයට අනුබද්ධිත සමාගමක් ලෙස ආරම්භකො ට වර්තමානය වන විට මෙරට ප්‍රධානතම රක්ෂණ සමාගමක් ලෙස දැවැන්ත සහ කීර්තිමත් නමක් සටහන් කිරීමට පීපල්ස් ඉන්ෂූවරන්ස් සමාගමට හැකිවී තිබේ. මෙම සාර්ථකත්වයට ඉවහල් වනුයේ සමස්ථ කාර්ය මණ්ඩලයේ විනය ගරුක කැපවීම සහ ආයතනික වශයෙන් පවතින විධිමත් පරිපාලන විගණන ක්‍රියාවලියන් ය.
රක්ෂණ සමාගමක වඩාත් වැදගත් වන්නේ එය මොනතරම් ජනතාවට සමීපව සහ ප්‍රායෝගිකව කටයුතු කරනවාද යන කාරණය සහ එහි හිමිකම් නිසි ලෙස ගෙවීමේ මුල්‍ය ශක්තියයි. මෙම අක්‍රමිකතාවයන් පිළිබඳව පීපල්ස් ඉන්ෂූවරන්ස් සමාගම සංවේදී වීමෙන් එම ආයතනයේ අභ්‍යන්තර සහ බාහිර විනය මෙන්ම දැක්ම ද අනාවරණය වන බව මූල්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

​ ​ ​

05/07/2026

ඒ සෙල්ලම බලහන් කෝ... 😅

26/06/2026

දැන් සිදුවු බිහිසුණු අනතුර..

තලල්ල මාතර,

26/06/2026

කොාහාමද ඒක...

゚viralシ

17/03/2026

මූට ට්‍රැක පැනලද ..🤔
අපි ගියානම් අලියා ගහලා පාගලාත් එක්ක😂

26/12/2025

මේ දේ දැනගන්නකොට ඔයාට වයසස කීයද? ගෙදර කරන් බිල වැඩින අනිවාර්යෙන් මේක බලන්න ❤️

゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシ

Address

Colombo
Kottawa
10230

Website

Alerts

Be the first to know and let us send you an email when Political PANIC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share