WAR GLOBE

WAR GLOBE විශ්ව දැනුම

⭕🇺🇲....wait...👈
23/05/2026

⭕🇺🇲....wait...👈

17/05/2026

⭕⛴️🇺🇸 USS Gerald R. Ford aircraft carrier දිගු නාවික මෙහෙයුමකින් පසු ඇමෙරිකාවේ Virginia හි Norfolk නාවික කඳවුරට ආපසු පැමිණ ඇත.

අමෙරිකානු නාවික හමුදාවට අයත් මෙම ගුවන් යානා ප්‍රවාහන නෞකාව දින 300 කට අධික කාලයක් විවිධ මුහුදු ප්‍රදේශවල මෙහෙයුම්වල නිරතව සිටි අතර,නියමිත කාලසටහන අනුව එය සිය මූලික කඳවුර වෙත නැවත පැමිණීම සිදු කර ඇත.

මෙය අමෙරිකානු නාවික හමුදාවේ ගෝලීය මෙහෙයුම් හැකියාවන් සහ දිගුකාලීන සේවා පවත්වා ගැනීමේ ශක්තිය පෙන්නුම් කරන එක් අවස්ථාවක් ලෙස සැලකේ.

18/04/2026

⭕🇫🇷🇮🇹ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ඉතාලි අගමැතිණි ජෝර්ජියා මෙලෝනිව ප්‍රංශයට පැමිණි මොහොතේ සැර සිප ගැනිමකින් පිළිගැණීම නිසා එය අන්තර්ජාලයේ අවධානය දිනා ගත්තේය.

11/04/2026

⭕🇺🇲‘Artemis II’මෙහෙයුම යටතේ ඉතිහාසගත සඳ වටා මෙහෙයුමක නිතර වූ ඔරායන් යානය,සිය සඳ ගවේෂණය සාර්ථකව නිමාකර ආරක්ෂිතව යළි පෘථිවියට පැමිණ තිබෙනවා.මේ වන විටත් මාධ්‍ය ඔස්සේ ලොව පුරා ජනතාව එම අවස්ථාව සජීවීව නරඹමින් සිටිනවා.

ඒ අනුව සඳ වටා කැරැකුණු ගගනගාමීන් සිවුදෙනා වන රීඩ් වයිස්මන්,වික්ටර් ග්ලෝවර්,ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් රැගත් ඔරායන් යානය මෙරට වේලාවෙන් අද (11) අලුයම 5.30 ට කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩ බස්සවනු ලැබු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දින 10 ක මෙහෙයුමක් ආරම්භ කරමින් ඔරාන් අභ්‍යවකාශ යානය පසුගිය අප්‍රේල් 01 සඳ වෙත ගමන් ආරම්භ කළා.ඒ අනුව ඔවුන්ට මෙම මෙහෙයුම යටතේ කිලෝමීටර 406,771 (සැතපුම් 252,756) ක සඳ වටා පියාසැරියක් සම්පූර්ණ කිරීමට හැකි වුණා.

📹NASA

02/04/2026

⭕🇺🇲එක්සත් ජනපදයේ නාසා පර්‍යේශකයින් විසින් ආටෙමිස් II අභ්‍යවකාශ රොකට් මෙහෙයුම නිළ වශයෙන් දියත් කර ඇති අතර සඳ වටා එහි මෙහෙයුම සඳහා මේ වන විට අභ්‍යකාශයට ගමන් කරමින් සිටී.

නාසා ආයතනය විසින් අඩ සියවසකට වැඩි කාලයකට පසු මිනිසුන් 04 දෙනෙකු රැගෙන හඳ වටා ගමන් කරමින් නව සොයාගැනීම් වළට මුළ පුරමින් Artemis II 🚀❤️ රොකට්ටුව ලංකාවේ වේලාවෙන් අද අළුයම 3.54 ට අභ්‍යවකාශ ගත කරන අවස්ථාවේ දර්ශන.

📷NASA

🚀

⭕🇺🇲🚀🌕එක්සත් ජනපදයේ NASA පර්‍යේශකයින් විසින් ඉතිහාසගත මෙහෙයුමක් දියත් කිරීමට සුදානම්!2026 අප්‍රේල් 2 වන දින NASA ආයතනය වි...
01/04/2026

⭕🇺🇲🚀🌕එක්සත් ජනපදයේ NASA පර්‍යේශකයින් විසින් ඉතිහාසගත මෙහෙයුමක් දියත් කිරීමට සුදානම්!

2026 අප්‍රේල් 2 වන දින NASA ආයතනය විසින් Artemis Program යටතේ රොකට්ටුවක් අභ්‍යවකාශයට යැවීමට සූදානම්ව සිටී.මෙම මෙහෙයුම මිනිසුන් සහිත සඳ වටා යන පරීක්ෂණ ගමනක් වන අතර,රොකට් පද්ධති සහ නව තාක්ෂණයන් පරීක්ෂා කරමින් අනාගතයේ මිනිසුන් නැවත සඳට යැවීමට මාර්ගය සකස් කරයි.

මෙය මිනිස් අභ්‍යවකාශ ගවේෂණයේ අඩ සියවසකට පසුව පැමිණෙන නව යුගයක ආරම්භයක් ලෙස සැලකෙන අතර,අනාගතයේ සඳ මත ස්ථිරව වාසය කිරීම සහ අඟහරු ග්‍රහයා වෙත ගමන් කිරීම සඳහාද වැදගත් පියවරක් වේ 🚀🌕✨

📷 NASA

Address

Kottawa

Website

Alerts

Be the first to know and let us send you an email when WAR GLOBE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share