ATN Lanka

ATN Lanka • Welfare Company
• Electronics and Computer Works

15/03/2025


මාගේ මුල්ම නිපැයුම දෘශ්‍යාබාධිත අය වෙනුවෙන් නිෂ්පාදනය කරන ස්මාර්ට් සුදු සැරයැටිය ඔබ දන්නවා.🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯එය අතැත...
31/12/2023

මාගේ මුල්ම නිපැයුම දෘශ්‍යාබාධිත අය වෙනුවෙන් නිෂ්පාදනය කරන ස්මාර්ට් සුදු සැරයැටිය ඔබ දන්නවා.
🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯🦯
එය අතැතිව ගමන් කරන ඇස් නොපෙනෙන කෙනෙකුට හමුවන ඉදිරි බාධක පිළිබඳව මීටර් කීපයක් දුර තියාම මුලින්ම සංඥා මගින් දැනුවත් කරනවා. හදිසි අවස්ථාවකදී එහි ඇති බොත්තමක් එබූ පමණින් නිවසේ කෙනෙකුගේ දුරකථනයට ඇමතුමක් ලබා ගැනීමේ හැකියාව ද මෙහි ඇත. නිවසේ සිටින අයෙකුට සිටින ස්ථානය පිළිබඳව හදිසියකදී ජංගම දුරකථනය හරහා GPS තාක්ෂණය මගින් දැන ගැනීමේ හැකියාව ද පවතී. රාත්‍රී කාලයේ ගමන් කිරීමේදී මේ තුළින් රතු සහ සුදු පැහැ ආලෝකයක් විහිදීම හේතුවෙන් ගමන් කරන්නේ දෘශ්‍යාබාධිත කෙනෙකු බව අන් අයට පහසුවෙන් දැනගැනීමේ හැකියාව ඇත.

Smart white cane ලබා ගැනීමට බලාපොරොත්තු වන අය පහත link එකෙහි ඇති අයදුම්පත්‍රය download කරගන්න. එය පුරවා එහි ඇති ලිපිනයට තැපැල් මගින් අප වෙත එවන්න.
https://drive.google.com/file/d/1A-LXjfDcbCHZlRMfASCH3FsuJAycB2Y3/view?usp=sharing

ඔබ දන්නා අඳුනන දෘශ්‍යාබාධිත අය වෙත ද මෙය share කරන්න

දැනට දෘශ්‍යාබාධිත අය භාවිතා කරන සුදු සැරයටිය ජාත්‍යන්තරව ද පිළිගත් ඉතා සරල උපකරණයකි. අප සමාජය තුළම වෙසෙන මෙම පිරිස වෙත ස...
29/12/2023

දැනට දෘශ්‍යාබාධිත අය භාවිතා කරන සුදු සැරයටිය ජාත්‍යන්තරව ද පිළිගත් ඉතා සරල උපකරණයකි. අප සමාජය තුළම වෙසෙන මෙම පිරිස වෙත ස්වාධීනව කටයුතු කරමින් තම ජීවිත ගොඩනගා ගැනීම සඳහා සුදුසරයටිය අතීතයේ සිට මේ දක්වාම මහෝපකාරී වනවා. මෙම සුදුසැරයටිය අතැතිව ගමන් කරන දෘශ්‍යාබාධිත අය දෙස නිතර මා ඉතා පරීක්ෂාවෙන් බලා තිබෙනවා. තවදුරටත් මේ අයට ආරක්ෂාව සහ පහසුව සැලසෙන පරිදි තාක්ෂණය ද උපයෝගී කරගෙන සුදු සැරයටියක් නිෂ්පාදනය කිරීමට මේ අතර කීප වතාවකදීම විටින් විට මා අදහස් කළා...

සිරස ටීවී ඔස්සේ සෑම ඉරිදා දිනකම සවස 6ට ප්‍රචාරය වන සුපර් හීරෝ වැඩසටහනේ තුන්වන තරග වටය සඳහාද සහභාගී වූ කුලියාපිටිය මධ්‍ය ...
17/12/2023

සිරස ටීවී ඔස්සේ සෑම ඉරිදා දිනකම සවස 6ට ප්‍රචාරය වන සුපර් හීරෝ වැඩසටහනේ තුන්වන තරග වටය සඳහාද සහභාගී වූ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන M. A. ගිම්හාන් ආදිත්‍ය වන මම තරග කළ එම වැඩසටහන 2023/12/17 වන දින සවස 6ට සිරස ටීවී ඔස්සේ විකාශනය වේ.
එම වැඩසටහන නරඹා අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටින මා හට ජයග්‍රහණය කිරීම සඳහා Elephant house Super Heroes ඇප් එක ඩවුන්ලෝඩ් කර Gimhan Adithya නම ඉදිරියේ ලයික් කර ඔබගේ මනාපය පළ කළ හැක.
පහත link එක ඔස්සේ ඇප් එක ලබාගන්න

මේ මොහොතේ සිට ඔබට ඇප් එක මගින් Like කළ හැක.❤

https://play.google.com/store/apps/details?id=com.rfactory.superHero

03/12/2023

ආබාධිත තැනැත්තන් විශේෂ අවශ්‍යතා සහිත අය වශයෙන් ලෝකය පුරා හැඳින්වීම යහපත් ආකල්පයකි. ඔවුනට හිමි විශේෂ අවශ්‍යතා වශයෙන් සුදු සැරයටිය, බ්‍රේල් ලියන උපකරණ, කිහිලිකරු, අත්වාරු, රෝදපුටු, ශ්‍රවණ උපකරණ ආදී දේ උපකරණ අංශයෙන් විශේෂ වේ. ගොඩනැගිලි තුළට ප්‍රවේශ වීම සහ ඇවිදීම, සමාජය තුළ ජීවත් වීම ආදියද ඔවුනට හිමිවිය යුතු විශේෂ පහසුකම් වේ. ඔවුන්ගේ අධ්‍යාපනය, රැකියා අවශ්‍යතා, සමාජ ආරක්ෂාව, ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත් වීම සඳහා ද නීති, අණපනත් ආදී සම්මත කොට ක්‍රියාත්මක කිරීම ද ඔවුනට විශේෂ අවශ්‍යතාවයන් වේ.

It is a good attitude that people with disabilities are known around the world as people with special needs. In terms of their special needs, white cane, braille writing equipment, crutches, crutches, wheelchairs, hearing aids etc. are special in the equipment section. Accessing and walking in buildings, living in society etc. are also special facilities that they should have.They have special needs for their education, employment needs, social security, and the adoption and implementation of laws and ordinances to live with self-respect.

03/12/2023

ආබාධ සහිත තැනැත්තන්ගේ ජාත්‍යන්තර දිනය අදට යෙදී ඇත. සෑම වසරකම දෙසැම්බර් මස 03වන දින ට මෙම දිනය යෙදී ඇත. මෙරට මෙන්ම ජාත්‍යන්තරව ද පිළිගත් දිනයක් බවට මෙම දිනය ප්‍රකාශ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලිකව කටයුතු කර ඇත. ආබාධිත බව යනු ජීවිතයේ අභියෝගයක් පමණි. ඔවුනට හිමි විශේෂ අවශ්‍යතාවයන් සැපයීම තුළින් එම අභියෝග ජය ගත හැකිය. අඳ, බිහිරි, අත්පා අහිමි වීම හෝ ක්‍රියාත්මක නොවීම, සෙමින් මනස වැඩීම ආදී තත්ත්වයන් සහිත තැනැත්තන් ආබාධිත අය සේ සැලකේ.

Today is International Day of Persons with Disabilities. Every year, this day falls on the 3rd of December. The United Nations has worked primarily to declare this day as a recognized day in this country as well as internationally. Disability is just a challenge in life. These challenges can be overcome by providing for their special needs. Persons with conditions such as blind, deaf, loss of limbs or non-functioning, slow mental development etc. are considered as disabled.

23/11/2023

"Winners are willing to go longer , work harder and give more than anyone else."

⚜️ Gimhan Adithya

Had shown the excellent performance in Elephant house Superheroes programme hosted by Sirasa TV and selected for the Super 24 round.

You really deserve this achievement and with such endeavours you are certain to acquire more.

Keep doing awesome.

Many more Congratulations to this exceptional event.



ATN Lanka වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා!!!🥀🌺🌼මම ගිම්හාන් ආදිත්‍ය. මම දැනට 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන පාසල් ශිෂ්‍යයෙක්. ...
22/11/2023

ATN Lanka වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා!!!🥀🌺🌼

මම ගිම්හාන් ආදිත්‍ය.
මම දැනට 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන පාසල් ශිෂ්‍යයෙක්. නව නිපැයුම් තරඟයක් සඳහා මා ඉදිරිපත් කළ නිර්මාණයක් මුල්කරගෙන ATN Lanka නමින් මෙම ෆේස්බුුුක් පිටුව මම ආරම්භ කළ අතර මෙය සහ මගේ ඉදිරි නිර්මාණයන් පිළිබඳව තොරතුරු මේ හරහා ඔබ වෙත විටින් විට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම Page එක සමග දිගටම රැඳී සිටින ලෙස ඔබ සැමට ආරාධනා කරනවා.

Welcome to ATN Lanka!!!🥀🌺🌼

I am Gimhan Adithya.
I am currently a 11th grade school student. I started this page called ATN Lanka based on a design I submitted for an new innovation competition and I hope to present information about this and my future designs to you from time to time. We invite you all to continue with this page.
Thank you🙏🙏🙏

Address

Poogalla, Kithalawa
Kuliyapitiya
60188

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when ATN Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share