Sri Deepalankara Media Unit

Sri Deepalankara Media Unit Official page of Sri Deepalankara Dhamma School, Kuliyapitiya.

හිස තෙල් ගෑමේ පුණ්‍ය මහෝත්සවයහිස තෙල් ගෑමේ පුණ්‍ය මහෝත්සවය මෙවරත් බක් මස 15 වන බුධ දින පූර්ව භාග 6.55ට යෙදෙන සුබ මුහුර්ත...
14/04/2026

හිස තෙල් ගෑමේ පුණ්‍ය මහෝත්සවය

හිස තෙල් ගෑමේ පුණ්‍ය මහෝත්සවය මෙවරත් බක් මස 15 වන බුධ දින පූර්ව භාග 6.55ට යෙදෙන සුබ මුහුර්තයෙන් ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මහා විහාරයේ දී පැවැත්වේ.

ඒ සඳහා සැදැහැති සිතින් ඔබ සියලුම දෙනාට ආරාධනා කර සිටිමු!

-ශ්‍රී දීපාලංකාර මාධ්‍ය ඒකකය,
ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය, කුලියාපිටිය.


දහම් පාසල් සිසුන් උදෙසා පැවැත්වූ ධර්ම දේශනා පුණ්‍යකර්මයමීට තෙමසකට පෙර හදිසියේ අප අතරින් වියෝ වූ N. M. අනුර බණ්ඩාර මහතාගේ...
05/03/2026

දහම් පාසල් සිසුන් උදෙසා පැවැත්වූ ධර්ම දේශනා පුණ්‍යකර්මය

මීට තෙමසකට පෙර හදිසියේ අප අතරින් වියෝ වූ N. M. අනුර බණ්ඩාර මහතාගේ තෙමස් පූර්ණය නිමිති කොට ගෙන, අතිපූජ්‍ය මානංකට්ටියේ සෝරත ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් විශේෂ ධර්ම දේශනා පුණ්‍යකර්මයක්, අප දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය හා සිසුන් උදෙසා 2026 පෙබරවාරි මස 22 වන දින පවත්වනු ලැබිණි.

එමෙන්ම, මේ හා සමගාමීව ඉතා වටිනා ධර්ම ග්‍රන්ථ රැසක් අප විහාරස්ථානයේ පුස්තකාලයට පරිත්‍යාග කිරීම ද සිදුකෙරුණු අතර, අවසානයේ දහම් පාසලේ සියලු දෙනා උදෙසා කෙටි සංග්‍රහයක් ද පැවැත්විණි.

N. M. අනුර බණ්ඩාර මහතා හට පින් පෙත් පැමිණවීමේ උතුම් වූ පරමාර්ථය පෙරදැරිව, එතුමන්ගේ භාර්යාව වන, අප දහම් පාසලේ ආචාරිනී චිත්‍රා හේරත් මහත්මිය සහ එතුමන්ගේ දියණිය වන චනාලි නවරත්න මෙනවිය විසින් මෙම උතුම් වූ පුණ්‍යකර්මයන් සියල්ල සංවිධානය කරන ලදී.

එමෙන්ම, ශ්‍රී දීපාලංකාර දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරවණීය පූජ්‍යතර පල්ලේකාගම රතනභාරතී නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය සහ නියෝජ්‍ය විදුහල්පති චමින්ද බමුණුවත්ත ගුරු පියාණන්ගේ මග පෙන්වීම ද මෙම සත්කාර්යය සඳහා නොමදව ලැබිණි.

මෙම උතුම් වූ පුණ්‍ය කර්මයෙන්, N. M. අනුර බණ්ඩාර මහත්මයාට ඉතා ඉක්මන් භවයක දී උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ වේවා!

Dhamma Deshana Ceremony for Dhamma School Students

In commemoration of the third-month remembrance of the late Mr. N. M. Anura Bandara, a special Dhamma Deshana ceremony was held on 22nd of February 2026 for the teachers and students of the Dhamma School, with the presence of Venerable Maanankattiye Soratha Thero.

Also, in conjunction with this, a number of very valuable Dhamma books were donated to the library of our temple, and a short program was also held for all the people of the Dhamma school.
This meritorious event was organized by his beloved wife, Dhamma School teacher Mrs. Chithra Herath, and his daughter, Miss. Chanali Navarathna, with the noble intention of transferring merits to the late Mr. Anura Bandara.

The guidance and blessings of the Principal of Sri Deepalankara Dhamma School, Venerable Pallekagama Rathanabharathi Nayaka Thero, as well as the direction of the Deputy Principal, Mr. Chaminda Bamunuwatta, greatly supported this worthy cause.

With this noble meritorious deed, may Mr. N. M. Anura Bandara realize the Four Noble Truths in the near future!

-Sri Deepalankara Media Unit.
Sri Shasanalankara Maha Viharaya, Kuliyapitiya.



2026 වර්ෂය සඳහා ශ්‍රී දීපාලංකාර දහම් පාසලට නවක සිසුන් බඳවා ගැනීමශ්‍රී දීපාලංකාර දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරවනීය පූජ්‍යත...
17/02/2026

2026 වර්ෂය සඳහා ශ්‍රී දීපාලංකාර දහම් පාසලට නවක සිසුන් බඳවා ගැනීම

ශ්‍රී දීපාලංකාර දහම් පාසලේ ප්‍රධානාචාර්ය ගෞරවනීය පූජ්‍යතර පල්ලේකාගම රතනභාරතී නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ නියෝජ්‍ය විදුහල්පති චමින්ද බමුණුවත්ත ගුරු පියාණන්ගේ මග පෙන්වීමෙන්, 2026 පෙබරවාරි මස 08 වන ඉරු දින පැවති, නවක සිසුන් බඳවා ගැනීමේ උත්සවයේ සුවිශේෂී අවස්ථාවන්.

Recruitment of New Students – 2026

Special moments from the New Student Recruitment Ceremony of Sri Deepalankara Dhamma School, held on Sunday, 08th February 2026.
The event was conducted under the patronage of the Principal, the Most Venerable Pallekagama Rathanabharathi Thero, and under the guidance of the Deputy Principal, Mr.Chaminda Bamunuwatta.

-Sri Deepalankara Media Unit.
Sri Shasanalankara Maha Viharaya, Kuliyapitiya.



30/01/2026

පෙරහර අසිරිය

ශ්‍රී දිපාලංකාර දහම් පාසලේ මාධ්‍ය ඒකකය මගින් පෙරහරේ වගතුග ඔබ වෙත ගෙන එන නවතම විශේෂාංගය.

උඩරට වෙස් නර්තනය පිළිබඳව,
අප දහම් පාසලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන,
කවිති දහම්සා ශිෂ්‍යාව විසින්,
කෙරෙන ඉදිරිපත් කිරීමයි මේ...

ශ්‍රී දීපාලංකාර මාධ්‍ය ඒකකය,
ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය, කුලියාපිටිය.

30/01/2026

පෙරහර අසිරිය

ශ්‍රී දිපාලංකාර දහම් පාසලේ මාධ්‍ය ඒකකය මගින් පෙරහරේ වගතුග ඔබ වෙත ගෙන එන නවතම විශේෂාංගය.

සංස්කෘතිකාංගයක් ලෙස පෙරහරක වටිනාකම පිළිබඳව,
අප දහම් පාසලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන,
දහම්සි තත්සරා ශිෂ්‍යාව විසින්,
කෙරෙන ඉදිරිපත් කිරීමයි මේ...

ශ්‍රී දීපාලංකාර මාධ්‍ය ඒකකය,
ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය, කුලියාපිටිය.

නන් සුරන් තෙදින් ජය හඬ නිති නැගෙන හෙළ කලා රැසින් පෙළහර පෑ නිතිනතුන් හෙලේ කලා හැම එක් රඟ බිමක පෙරහර අදයි බල සකි එය මග නොහ...
29/01/2026

නන් සුරන් තෙදින් ජය හඬ නිති නැගෙන
හෙළ කලා රැසින් පෙළහර පෑ නිතින
තුන් හෙලේ කලා හැම එක් රඟ බිමක
පෙරහර අදයි බල සකි එය මග නොහැර...

අභිමානවත් සත්කෝරළ පුරවරයේ, දුරුතු මහා සංස්කෘතික කලා මංගල්ලය 2026.

අඛණ්ඩ වූ පැවැත්මකින් 31 වන වරටත්, ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මූල මහා විහාරය මගින් සංවිධානය කරනු ලබන,

වාර්ෂික කුලියාපිටිය දුරුතු මහා පෙරහර,

ඔබ සැදැහැ සිතින් බලා සිටි ඒ සුබ මුහුර්තය
ක්‍රිස්තු වර්ෂ 2026ක් වූ දුරුතු මස 30 වන කිවි දා, එනම් අද දින,
අපර භාග 7.30 ට පුරවර සිසාරා වීදි සරන වගයි!

ඔබ සැමට ඒ සඳහා ආරාධනා!

ශ්‍රී දීපාලංකාර මාධ්‍ය ඒකකය,
ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය, කුලියාපිටිය.

29/01/2026

පෙරහර අසිරිය

ශ්‍රී දිපාලංකාර දහම් පාසලේ මාධ්‍ය ඒකකය මගින් පෙරහරේ වගතුග ඔබ වෙත ගෙන එන නවතම විශේෂාංගය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ විශේෂ සිදුවීම් සහ දළදා පෙරහරේ ඉතිහාසය පිළිබඳව,
අප දහම් පාසලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන,
කල්පිකා හසරංගි ශිෂ්‍යාව විසින්,
කෙරෙන ඉදිරිපත් කිරීමයි මේ...

ශ්‍රී දීපාලංකාර මාධ්‍ය ඒකකය,
ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය, කුලියාපිටිය.

29/01/2026

පෙරහර අසිරිය

ශ්‍රී දිපාලංකාර දහම් පාසලේ මාධ්‍ය ඒකකය මගින්,
පෙරහරේ වගතුග ඔබ වෙත ගෙන එන නවතම විශේෂාංගය.

උඩරට පන්තේරු නර්තනය සහ ඒ හා සබැඳි සංස්කෘතිය පිළිබඳව,
අප දහම් පාසලේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන,
දිසති දම්රුනි ශිෂ්‍යාව විසින් කෙරෙන,
ඉදිරිපත් කිරීමයි මේ...

ශ්‍රී දීපාලංකාර මාධ්‍ය ඒකකය,
ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය, කුලියාපිටිය.

29/01/2026

පෙරහර අසිරිය

ශ්‍රී දිපාලංකාර දහම් පාසලේ මාධ්‍ය ඒකකය මගින් පෙරහරේ වගතුග ඔබ වෙත ගෙන එන නවතම විශේෂාංගය.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බෙර වර්ග සහ ඒ හා සබැඳි සංස්කෘතිය පිළිබඳව,
අප දහම් පාසලේ 9 ශ්‍රේණියේ,
අපේක්ෂා නෙත්මි ශිෂ්‍යාව විසින්
කෙරෙන ඉදිරිපත් කිරීමයි මේ...

ශ්‍රී දීපාලංකාර මාධ්‍ය ඒකකය,
ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය, කුලියාපිටිය.

Address

Sri Shasanalankara Maha Viharaya
Kuliyapitiya
60200

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Deepalankara Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share