M N Sewy

M N Sewy නව පරපුරේ විලාසිතා 💝👗👚🧥

06/09/2025


🖤💙❤️🩶

03/08/2025

🔆වටින දෙයක් කියලා දෙන්නයි යන්නේ..
ඒ තමයි අපි පාවිච්චි කරන නූල් ගැන.

නිර්මාණයක් කරද්දි ඒක නිර්මාණය කරන්න තියෙන හොඳම ක්‍රමය ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගැන නිවැරදි දැනුමකුයි ඒ අමුද්‍රව්‍ය ටිකයි ළඟ තියෙන එන එක කියලා කියනවනේ ඉතිං මහන්න ඉගෙන ගන්න කලින් මහන්න ගන්න දේවල් ගැන අපි ඉගෙන ගමු පලවෙනිට නූල් ගැන
නූල් වර්ග මුලින්ම හදලා තියෙන්නේ කපු ලිනන් හා සිලික් වලින්.
හැබැයි වර්තමානය වෙන විට නයිලෝන්,පොලියෙස්ට,රෙයෝන් හා viscose මිශ්‍ර කරල ඒ ඒ නිර්මාණවලට අවශ්‍ය ශක්තිමත් නූල් නිර්මාණය කරලා තියෙනවා.

අපි ඇඳුම් මහද්දි යොදාගන්න නූල් අනුව මැහුම් වල ගුණාත්මකබව රැඳිලා තියෙනවා.

දුර්වල ගුණාත්මක බවින් අඩු නූල් බොහෝ වෙලාවට අසමාන තන්තුවලින් හදලා තියෙන නිසා රළු ස්වභාවයක් ගන්නා අතර පහසුවෙන් කැඩිලා යනවා.

නූල් තෝරා ගද්දී හැම වෙලේම අපි තෝරාගත්ත රෙදි වලට සමාන තන්තු අන්තර්ගතයක් ඇති නූල්ම තෝරගන්න ඕනේ.

සාමාන්‍යයෙන් ලේසියෙන් හොයාගන්න පුළුවන් polyester නූල් වර්ග තමයි.

ඉතිං යොදාගන්න කාර්ය අනුව නූල් අපිට පහත තියෙන විදිහට වර්ග කරන්න පුළුවන්..

1.සිල්ක් නූල්
මේ නූල් ඉහළ දීප්තියකින් යුක්ත අතර සිලික් හා සිල්ක් මිශ්‍ර රෙදි වර්ග මහන්න පාවිච්චි කරනවා.මුදු ගතියෙන් වැඩි නිසා අතේ මහන මැහුම් වලටත් පාවිච්චි කරනවා.

2.ලෝහමය නූල්
මේ නූල් වර්ග සාමාන්‍යයෙන් අතින් හෝ මැෂින් මගින් මහන සැරසිලි මැහුම් ඒ කියන්නේ embroidery මැහුම් සඳහා යොදා ගන්නවා. මෙහිදී නූල කැඩෙන එක වලක්වා ගන්න තියුණු ඇසක් සහිත ඉඳිකටුවක් භාවිතා කරන්න ඕනේ.

3.මැෂින් එම්බ්‍රොයිඩර් නූල්
අනිත් නූල් වලට වඩා තරමක් සිහින් ගතියෙන් යුක්තයි. මොකද එම්බ්‍රොයිඩර් කරද්දී චූටි ඉඩක ලොකු මැහුම් පාරවල් ගොඩක් මහනවනේ ඒ නිසා..

4.බොබින් නූල්
මැහුම් ගුලි ගැසීම වැලැක්වීමට හා මහන ලද ප්‍රදේශයේ මෘදු බව ආරක්ෂා කර ගැනීමට කරගැනීමට මෙම නූල් යොදා ගන්නවා.

5.කැරළි නූල්
අතේ මහන නිර්මාණ සඳහා යොදා ගනී ලංකාවෙදිනම් අපිට dmc හා anchor කියන වර්ග වලින් මේවා හොයාගන්න පුළුවන්. වර්ණ රාශියක් තියෙනවා 👇

6.ඉලාස්ටික් නූල්
මේවා සාමාන්‍යයෙන් bobbin එකට දාලා තමා පාවිච්චි කරන්නේ බොහෝ වෙලාවට රැලි කර ගැනීම සඳහා යොදා ගනී
ඉතින් ඔය විදිහට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන නූල් වර්ග නම් කරන්න පුළුවන්

මෙ වගේ දේ ඉගන ගන්නSewing tips අපිව follow කරලා තියා ගන්න..🌷☺️

02/08/2025

✨_
Sewing tips

02/08/2025

Address

Kurunegala Colony

Website

Alerts

Be the first to know and let us send you an email when M N Sewy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share