30/08/2024
මේක එක ඡායාරූපයක් කියලා කිව්වොත්.. 😍🍃🍂
මේ මනස්කාන්ත ඡායාරූපයෙන් දිස්වෙන්නේ යුරෝපයේ අලංකාරවත්ම රටක් වන නෙදර්ලන්තයේ Amsterdam නඟරයේ සිට ගලායමින් ජර්මනිය සමඟ සම්බන්ධ වන Amsterdam-Rhine ඇළ මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයක්. දුටු සැනෙන්ම කොටස් 4කට වෙන් වී ඇති ඡායාරූපයක් විදිහට පේන මේ සුන්දර දසුන ඡායාරූපගත කරලා තියෙන්නේ Rob Hoeijmakers නම් ඡායාරූපකරුවා විසින්.
එක පැත්තකින් Amsterdam-Rhine ඇළ මාර්ගයද, ඊට ඉහළින් වලාකුළු මිශ්‍රිත නිල්වන් ආකාශයද, තවත් පැත්තකින් දුර ඈත දක්වා දිව යන ගස් සහ තෘණ භූමියක්ද, ඊටත් පහළින් මිනිසා විසින් නිර්මාණය කෙරූ මාර්ගයක්ද සහිත මේ ඡායාරූපය නෙදර්ලන්තයේ සුන්දරත්වය ලෝකයාට කියා පාන අනර්ඝ ඡායාරූපයක් බව නොඅනුමානයි.
Photo credits - Rob Hoeijmakers
© පදාර්ථ
(මෙලෙස පලවී තිබුණි )