12/03/2026
දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට දරුවෙකු භාර දීමට පෙර දහස් වාරයක් සිතන්න! 💔🥀
මවක් සහ පියෙක් රැකියාවකට යන්නේ තම දරුවාට යහපත් අනාගතයක් උදාකර දීම වෙනුවෙන් කීයක් හෝ උපයා ගැනීමටයි. තමන්ගේ පණ මෙන් ආදරය කරන දරුවා වෙනුවෙනුයි ඔවුන් මේ හැම කැප කිරීමක්ම කරන්නේ. නමුත් තම දරුවා ආරක්ෂිතයි කියා විශ්වාසයෙන් භාර දෙන දිවා සුරැකුම් මධ්‍යස්ථානයකදී මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදු වූ විට, ඒ වේදනාව දරා ගන්නේ කෙසේද?
මේ රත්තරන් පැටියා අපෙන් සමුගත්තේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිටියදී සිදු වූ ඉතාමත් අවාසනාවන්ත අනතුරකින්. දරුවන්ගේ වගකීම භාර ගන්නා මෙවැනි ආයතන මීට වඩා අවධානයෙන් සහ වගකීමෙන් තම රාජකාරිය ඉටු කළා නම්, මේ වගේ අකල් මරණයක් කිසිසේත් සිදු නොවන්නට තිබුණා.
දරුවන් ඉන්න දෙමව්පියනේ... ඔබේ දරුවා දහවල් කාලයේ නතර කරන ස්ථානය පිළිබඳව මීට වඩා දැඩි ලෙස සැලකිලිමත් වෙන්න. එහි සිටින පිරිසගේ වගකීම සහ දරුවාගේ ආරක්ෂාව ගැන නිරන්තරයෙන් විපරම් කර බලන්න. මොහොතක සිදුවන නොසැලකිල්ලක් මුළු ජීවිත කාලය පුරාම දරාගත නොහැකි පසුතැවීමක් ඉතිරි කරන්නට පුළුවන්.
නිවන් සුව ලැබේවා රත්තරන් පැටියෝ! 🕊️ මෙවන් අකල් මරණයක් මතු ආත්මයක කිසිම දරුවෙකුට අත් නොවේවා!
Think a thousand times before choosing a Daycare Center! 💔🥀
Parents work tirelessly to build a bright future for their children, often leaving them in the care of others with heavy hearts but hopeful minds. It is beyond devastating when the very place trusted for a child's safety becomes the site of such a heart-wrenching tragedy.
This little angel left us far too soon due to an unfortunate accident at a daycare center. If institutions entrusted with the responsibility of our children acted with more accountability and constant vigilance, such untimely deaths could have been prevented.
To all parents... Please be extra cautious about where you leave your child during the day. Constantly monitor their safety and the attentiveness of the staff. A single moment of negligence can leave behind a lifetime of unbearable pain.
Rest in peace, little one! 🕊️ May no child or parent ever have to face such a tragic loss again.