Sorry Bro

Sorry Bro Stay Tuned❤️

31/03/2026
🏯 සීගිරිය – පුරාණ ඉංජිනේරු විශ්මයසීගිරිය යනු, ශ්‍රී ලංකාවේ පුරාණ ගල් කන්ද රාජ මාලිගාව සහ ජල උද්‍යාන පද්ධති සමන්විත ඉංජින...
26/12/2025

🏯 සීගිරිය – පුරාණ ඉංජිනේරු විශ්මය
සීගිරිය යනු, ශ්‍රී ලංකාවේ පුරාණ ගල් කන්ද රාජ මාලිගාව සහ ජල උද්‍යාන පද්ධති සමන්විත ඉංජිනේරු අභිරහසකි.
විශේෂාංග:
ගල් කන්ද මත රාජ මාලිගාව – ස්ථාපන විද්‍යාව, load distribution සහ vertical access solutions දැක්වෙන අභිරහසක්.
ජල උද්‍යාන සහ නළාධාර පද්ධති – වර්ෂාජල නිකාස්, උද්‍යානයේ ජල සංවිධානය, symmetrical layout.
පඩිපෙළ සහ පත්තර මාර්ග – ගල් කන්දෙහි අභ්‍යන්තර හා බාහිර ප්‍රවේශ නියම කිරීමේ නිර්මාණශීලී ක්‍රම.
කලාත්මක සහ භූමිතාත්මක සැලසුම් – minimal footprint, natural slope utilization, panoramic defense view.
සීගිරිය, ක්‍රි.ව. 5 වන සියවසේ වාස්තු විද්‍යාත්මක සහ ඉංජිනේරු දක්ෂතාවයේ විශ්මිත උදාහරණයකි, අද දක්වාත් සුරැකී ඇති UNESCO ලෝක උරුමයකි.
📌 Created by Weesara

"ලොව බොහෝ දෙනෙක් පුදුම කරපු මීටින් එක"ලෝකයේ මේ වෙනකොට ඉන්න වැදගත්ම tech giants ලා සෙට් එකක් පොඩි චැට් එකක් දාගෙන ඉන්න මේ...
24/11/2025

"ලොව බොහෝ දෙනෙක් පුදුම කරපු මීටින් එක"

ලෝකයේ මේ වෙනකොට ඉන්න වැදගත්ම tech giants ලා සෙට් එකක් පොඩි චැට් එකක් දාගෙන ඉන්න මේ ෆොටෝ එක මේ වෙනකොට සෑහෙන්න වයිරල් වෙලා තියෙනවා.

ෆොටෝ එකේ ඉන්නේ,

🔅 ELON MUSK
Tesla - CEO
SpaceX - Founder/CEO
Neuralink, X, OpenAI - Co-Founder

🔅 MARK ZUCKERBERG
Facebook & Meta - Co-Founder/CEO

🔅 JEFF BEZOS
Amazon , Blue Origin - Founder

🔅 TIM COOK
Apple - CEO

🔅 JENSEN HUANG
Nvidia - Co-Founder

🔅 SUNDAR PICHAI
Google & Alphabet - CEO

🔅 SATYA NADELLA
Microsoft - Chairman/CEO

මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ඇත්ත ෆොටෝ එකක් නොවීම.

මේක AI-generated image එකක්.
මේක X එකේ distributedkv නමින් ඉන්න කෙනා තමයි මුලින්ම අප්ලෝඩ් කරේ.

හෙට අනිද්දා මෙහෙත් ඔහේ වයිරල් වෙන්න කලින් ඔන්න අපි කිව්වා මේක ගැන. රැවටෙන්නේ නැතුව ඉන්න එහෙනම්.

゚viralfbreelsfypシ゚viral

සුබ පැතුම් පූර්ණිමා අනුරංගි 👏
23/11/2025

සුබ පැතුම් පූර්ණිමා අනුරංගි 👏

හෙට ගැන ගේම් ප්ලෑන් තියාගෙන,අද කාට හරි අංචියක් ඇදලා,කාගේ හරි ජොබ් එහෙකට කෙළලා, කේලම් කියලා,තාත්තව ගෙදරින් එළවලා, අම්මව ම...
23/11/2025

හෙට ගැන ගේම් ප්ලෑන් තියාගෙන,
අද කාට හරි අංචියක් ඇදලා,
කාගේ හරි ජොබ් එහෙකට කෙළලා, කේලම් කියලා,
තාත්තව ගෙදරින් එළවලා, අම්මව මහළු නිවාසෙට දක්කලා, යාළුවෝ හලලා, වටේම බොරුව වපුරලා !
තමන් තමයි පොර කියලා ජිවත්වෙන මිනිස්සු තේරුම් ගන්න ඕනි දෙයක් තියනවා!
හැමදේම තාවකාලිකයි !
මේ ජිවිතේ මේ තප්පර කොයිවෙලේ කොතැනක වෙනස් වෙයිද කියලා අපි දන්නේ නෑ !
අන්න ඒ නිසා ජිවත්වෙන ජිවිතේ අනුන්ට හිරිහැරයක් නොවි කදරයක් නොවි සාමකාමිව ජිවත්වෙන්න,
අපිට යද්දී අන්න ඒ මානසික තෘප්තිය ඒ සතුට අරන් යන්න පුළුවන් විදිහට ජිවත්වෙන්න ඉතිරි වෙන්නේ එච්චරයි !
කාටම හරි සාමයක් වෙන්න 🙏
මේ තුච්ච සමාජේට පාඩමක් උගන්වලා
මියගිය අපේ උන් හැමෝටම නිවන් සුව !

🔴🔴🔴වල් බල්ලා..!!මෙන්න මුන්ට වල් බල්ලා කියල නම දැම්මේ කවුද.? ඒ මොන පදනමකින් ද.?මූ වල් බල්ලා වෙලා, අනික් උන් හොඳ බල්ලෝ උනේ...
23/11/2025

🔴🔴🔴වල් බල්ලා..!!
මෙන්න මුන්ට වල් බල්ලා කියල නම දැම්මේ කවුද.?
ඒ මොන පදනමකින් ද.?
මූ වල් බල්ලා වෙලා, අනික් උන් හොඳ බල්ලෝ උනේ කොහොමද.?
මේ ඉන්නෙ වල් බල්ලෙක් නෙවෙයි, මූ අපේ එකෙක්.!!
ඔව්, අපේ එකෙක් හෙවත් ශ්‍රී ලංකා දේශීය බල්ලෙක්. Sinhala hound කියන නමින් හඳුන්වන මේ අපේ එකා ගැන ඉතිහාසයේ ඉඳන්ම කරුණු තියෙනවා. කොටින්ම විජය කුමාරය ලංකාවට ගොඩ බහිද්දී ඌටත් බල්ලො බුරල තියෙනවා. ඒ කියන්නෙ අපේ එකා ඒ කාලෙත් ඉඳල තියෙයි..!!
ඒ විතරක් නෙවෙයි, යක්ෂ ගෝත්‍රිකයෝ ඇති කරපු බල්ලො ගැන මහා වංශෙත් සඳහන් වෙනවා..
ඉතිං මුං නිකන් උන් නෙවෙයි. තමන්ගේ ස්වාමියා වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති බොහෝම මිත්‍රශීලී අය. නමුත් බුල්ඩෝග් තරම් දරුණු aggressive විශේෂයක් නොවන හින්දා ඔබේ පවුලේ සාමාජිකයන් අතර ඉතාම ආරක්ෂිතව ඇතිකරන්න පුළුවන්.
ඒ වගේම මෙයාලාට අමුතුවෙන් විශේෂ කෑම ජාති ඕන නෑ. ඔබ දෙන ඕනෑම දෙයක් එයාලා සතුටු සිතින් අනුභව කරනවා. මුළු රෑම එක තත්පරයක් ඇහැ පියවෙන්න නොදී මෙයාලා තමාගේ ස්වාමියාගේ දේපල ආරක්ෂා කරනවා.
ගෙදරට අනතුරක් නම් තමන්ගේ පණ උනත් දෙවෙනි තැනට දාලා සටන් කරනවා..!!
ඔබේ දුකේදී මූණ පුළුටු කරගෙන ඔබේ පැත්තකින් ඉඳගෙන ඉන්නත්, ඔබට මහන්සි වෙලාවට හිනාවෙලා නැට්ට වනාගෙන ඇවිල්ල ඔබව ලෙවකාලා ඔබේ මහන්සිය අතුරුදහන් කරන්නත් මෙයාලට පුළුවන්..
ඒත් හැම වෙලාවෙම වදයක් නොවී පාඩුවේ ඉන්නත් මෙයාලට පුළුවන්..
රැලට යන කාලෙට කෑල්ලක් සෙට් කරන් ආතල් එකක් ගත්තට ඌ ඒ මොනව තිබ්බත් ගෙදර ගැන ඇලට් එකේ ඉන්නවා..!!
එතකොට මුන්ට කටුවො කනවා, කිනිතුල්ලො එල්ලෙනවා, මැක්කෝ වහනවා ජරා වෙනවානේ...?
ඔව් ඉතිං.. උඹත් සති දෙකක් නාන්නෙ නැතුව හිටියොත් උඹේ කෙල්ල හෝ කොල්ලා උඹ දිහා බලාන බත් කන්නෙවත් නැතිවෙයි.. උඹව දකින උන්ට ලේ බඩ යයි..!
අන්න ඒක බල්ලන්ටත් වෙනවා..
නාන්න ඕන, කන්න ඕන, බේත් විදින්න ඕන ලොකු ලොකු breed වල බල්ලන්ට විතරක් නෙවෙයි. මොන බල්ලා උනත් හදනවානම් හරියට හදන්න ඕන..!
මුන්ටත් බේත් ඕන, නාන්න ඕන, කන්න ඕන..!!
දාස් ගාණක් දීලා රට බල්ලො ගෙනල්ලා උන්ට ඕන හැටියට උඹ ජීවත් වෙවී කට්ට කාගෙන උන්ව රකින්න පුළුවන්නම්, නිකන් හම්බවෙන අපේ එකෙක්ව ඒ විදියට රැකබලාගන්න එක මහ අමාරු වැඩක් නෙවෙයිනෙ..
රට බල්ලො හදන එක තමන්ගේ කැමැත්තක් නිසා මං ඒකට මොකුත්ම කියන්නෙ නෑ.. හැබැයි එහෙමයි කියල මුන්ව දෙකේ කොලේට දාලා, උන්ව "වල් බල්ලො" කරන්න එපා..
මුන් එහෙම නෝන්ඩි වෙන්න ඕන ජාතියක් නෙවෙයි,
මුන් අපේ එවුන්...!!
Copied
|සජිත් පුෂ්පකුමාර| ゚viralfbreelsfypシ゚viral

ගීසා පිරමීඩයේ සැඟවුණු දොරටුවක්? අලුත්ම සොයාගැනීම මෙන්න.වසර දහස් ගණනක් පැරණි ගීසාහි මහා පිරමීඩය (Great Pyramid of Giza) ත...
23/11/2025

ගීසා පිරමීඩයේ සැඟවුණු දොරටුවක්? අලුත්ම සොයාගැනීම මෙන්න.

වසර දහස් ගණනක් පැරණි ගීසාහි මහා පිරමීඩය (Great Pyramid of Giza) තාමත් ලෝකයට රහසක්. පිරමීඩය ඇතුළේ තියෙන දේවල් ගැන අපි ගොඩක් දේවල් දැනගෙන හිටියත්,

අලුත්ම තාක්ෂණික පර්යේෂණවලින් හෙළි වෙලා තියෙන්නේ මෙතෙක් කවුරුත් නොදැකපු පුදුම හිතෙන දෙයක් ගැනයි.

මොකක්ද මේ අලුත් සොයාගැනීම?

විද්‍යාඥයන් පිරිසක් Muon Tomography
කියන අති නවීන ස්කෑනිං තාක්ෂණය (X-ray වගේ නමුත් ඊට වඩා බලගතුයි) පාවිච්චි කරලා පිරමීඩය ස්කෑන් කරලා තියෙනවා.

එහිදී පිරමීඩයේ උතුරු පැත්තට (North Face) වන්නට පිහිටි බිත්ති පිටුපස සැඟවුණු හිස් අවකාශයක් (Void) හඳුනාගෙන තිබෙනවා.

පර්යේෂකයන් සැක කරන්නේ මෙය පිරමීඩයට ඇතුළු වීමට තිබූ, නමුත් කාලයත් එක්ක වැසී ගිය රහස් දොරටුවක් හෝ කොරිඩෝවක් විය හැකි බවයි.

මෙම හිස් අවකාශය මීටර් 9ක් පමණ දිගු බවත්, එය හරියටම පිරමීඩයේ ප්‍රධාන දොරටුවට ඉහළින් පිහිටා ඇති බවත් සොයාගෙන තිබෙනවා.

මේ "සැඟවුණු කොරිඩෝව" හරහා පිරමීඩය හදපු විදිහ ගැන වගේම, තවමත් අපි නොදන්නා රහස් කුටි ගැන අලුත් තොරතුරු රැසක් හෙළිවෙන්න පුළුවන්.

පුරාණ ඊජිප්තුවරුන්ගේ තාක්ෂණය කොච්චර දියුණුද කියන එකට මේක තවත් හොඳ උදාහරණයක්.

゚viralfbreelsfypシ゚viral

     ゚viralfbreelsfypシ゚viral  #
21/11/2025

゚viralfbreelsfypシ゚viral #

     ゚viralfbreelsfypシ゚viral
21/11/2025

゚viralfbreelsfypシ゚viral

Address

Kurunegala

Telephone

+94770470940

Website

Alerts

Be the first to know and let us send you an email when Sorry Bro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sorry Bro:

Share