26/05/2025
ආදරය සොයා ආ ආදරණීය මාලනිය, ආදරයේ උපරිම පරිමාවටත් එහායින් ආදරය ලද සෙනෙහෙවන්ත සෙනෙහෙලතාව, මිලේනියල් අපේ ආදරෙත් අරන් අහසට යන්න. එහෙදීත් තරු රැජිණියක් වෙන්න !! ✨🤍
ලොව උසම කුළුන දිහා බලාන මං කල්පනා කරනවා, ඇයි මාලනිය මට පෞදගලිකව සම්බන්ද වෙන්නේ. ඇයි ඇගේ graceful නික්මීම මටත් දැනෙන්න දැනෙන්නේ කියලා.
තරු ඇසුරු කරන්න නොලැබෙන තරු වලට ගොඩාක් ඈත මිලේනියල් පරම්පරාවෙ එකෙකුට වගේම මටත් තියෙන්නේ හේතු දෙකයි.
එක. අපේ දෙමාපිය පරම්පරාවේ හැම තාත්තෙක්ගෙම, හැම අප්පච්චියෙක්ගෙම කුටුම්බය ඇතුලේ අම්මලාගෙන් approval හම්බුන official crush එක තමයි මාලනිය. ඇයට ආදරණීයව ඊරිසියා කළ, ඇයව කොපි කරමින් ඇන්ද පැළන්ද හැම ගැහැණියම අද ඔයාගෙත් මගෙත් මව. හැම ගෙදරකම සිනමා කතාව ඇතුලේ මාලනිය කොහෙන්හෝ ඇදිලා ආවා. ටයිටල් එක බවට පත් උනා. ඒත් එක්කම අම්මලාගෙන් තාත්තලාට අවුරුදු ගාණකට එහා ආදරණීය නෝක්කාඩු එළියට ආවා. ඒ තුන්කොන් ලව් ස්ටෝරි අස්සේ දරුවෝ වෙච්චි අපිත් නිළි රැජිණියට ඈතින් ප්‍රේම කළා. ඈ හා දෙමාපිය පරම්පරාව ඔස්සේ යා වුනා.
දෙක. ඔය වගේ පිස්සුවෙන්, හෙල සිනමාව සෙලිබ්‍රේට් කර කර ෆිල්ම්ස් බලපු පරම්පරාවට ඉපැදුන ලමයි ටික, මිලේනියල් ජෙනරේෂන් එක සට පට ගාලා අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, ප්‍රසන්න විතානගේ, බූපති නලින් වගේ අමුතු තාලෙට සිංහල සිනමාව හයිලයිට් කරවපු වැඩ්ඩන්ගේ ෆිල්ම්ස් වලට සට පට ගාලා කනෙක්ෂන් එකක් හදාගත්තා. තාත්තත් එක්ක තේ එකක් ගහන ගමන් කතා කරන්න පුලුවන් සබ්ජෙක්ටිව් සිනමා නිර්මාණ වලට මුහු උනා. ඒ අස්සේ අපි ප්‍රසන්න විතානගේ මහත්තයගේ "ආකාස කුසුම්" වලට විශේෂයෙන් එක්කහු උනා. ඇයි? තාත්තත් එක්ක එහා පැත්තේ ඉඳගෙන එයාගේ සෙහෙනේවන්තම මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා චිත්‍රපටියක් බලන්න. ආකාස කුසුම් කියන්නේ, තාත්තවයි මාවයි නිලි රැජිණියවයි එක ලඟ පුටු දෙකකුයි තිරයකුයි එක්ක එක්කහු කරපු එකම චිත්‍රපටය.
Ansaf Ameer අයියගේ ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරි එහෙක එතුමියගේ සමුගැනීම දැක්කම මට ඔන්න ඔය මෙමරීස් දෙක මතක් උනා. පවර් හවුස් රංගන ශිල්පිනියක් කුටුම්බයක් ඇතුලේ ආදරයෙන් ජෙනරේශන්ස් අතික්‍රමණය කරපු හැටි මතක් උනා. ඒ රිකෝල් වීමේදී ප්‍රේක්ශකයෙකුට නැති වීමේ වේදනාව දැනුනා.
ඉතිං මේ අකුරු, එතුමියගේ පෝස්ටර ගහගෙන හිටපු, පොඩි පින්තූරයක් පර්ස් එකේ හොරාට දාගෙන හිටපු, එවගේ හෙයා ස්ටයිල් දාපු, ඒ වගෙ මිනි ගවුම් ඇඳපු එකල ලාංකේය කොල්ලෝ කෙල්ලෝ සෙට් එක වෙනුවෙන්, බාගදා විශේෂයෙන්ම මගේ තාත්තා වෙනුවෙන්.
අමරණීය මැතිණිය 🤍
නුඹ එදත් අදත් මතුවටත් සිනමාවේ නිළි රැජිණිය ලෙසම කිරුළු පලදාවී
ලාංකේය රසික සිත් හැඩ කළාට, සිනමාව ස්වර්ණමය එකක් කළාට
ස්තූතියි !!! 🙏
මිලේනියල් පරම්පරාවෙන් මේ නුඹට පිදෙන ගෞරවාන්විත ආදරයේ උත්තමාචාරය !
ආකාසයට කුසුමක් වෙන්න, තරු රැජිණියක් වෙන්න. නුඹට සුබ ගමන් ! ✨
~ ANU PERERA