The Ceylon Mindset

Website

The Ceylon Mindset "ඔබ කවර ගණයක පුද්ගලයකු ද යන්න මත, ඔබේ සාර්ථකත්වය රැඳී ඇත" - Jim Rohn

14/09/2026

゚

30/08/2026

💯🫵

24/07/2026

🖇️🍃

゚viralシ

06/07/2026

゚

Not everything needs to be shared. 🤫In a world where people post almost every detail of their lives, privacy has become ...
04/07/2026

Not everything needs to be shared. 🤫

In a world where people post almost every detail of their lives, privacy has become a hidden advantage.

Successful people understand that some things are more powerful when protected. Sharing every goal, every plan, or every challenge can invite unnecessary opinions, distractions, or pressure.

Instead, focus on your actions. Let your progress speak louder than your promises.

Being private doesn't mean being secretive it means being intentional about what you share and with whom.

Sometimes, silence is part of the strategy.
_____

හැම දෙයක්ම ලෝකයට කියන්න අවශ්‍ය නැහැ. 🤫

අද සමාජ මාධ්‍ය යුගයේ බොහෝ දෙනා තම ජීවිතයේ සෑම දෙයක්ම බෙදාගැනීමට පුරුදු වී සිටිනවා. නමුත් බුද්ධිමත් පුද්ගලයන් දන්නවා පෞද්ගලිකත්වයත් වටිනා ශක්තියක් බව.

ඔබගේ ඉලක්ක, මූල්‍ය තත්ත්වය, ඊළඟ සැලසුම් හෝ පෞද්ගලික ගැටලු සෑම කෙනෙකු සමඟම බෙදාගැනීම අවශ්‍ය නොවේ.

සමහර විට නිහඬව වැඩ කිරීම, ප්‍රතිඵල මගින් කතා කිරීම සහ නිවැරදි පුද්ගලයන් සමඟ පමණක් වැදගත් දේවල් බෙදාගැනීම ඔබව තවත් ශක්තිමත් කරයි.

ඔබගේ ජීවිතයේ සෑම දෙයක්ම ප්‍රසිද්ධියට පත් කළ යුතු නැහැ. සමහර ජයග්‍රහණ නිහඬව ගොඩනැගේ.
_____

🌱 Join The Ceylon Mindset

Follow us for practical insights on Mindset | Business | Productivity | Personal Growth

Learn. Grow. Lead. 💚

8 Skills That Make You Irreplaceable 🚀In today's world, having a degree or years of experience is no longer enough. Indu...
02/07/2026

8 Skills That Make You Irreplaceable 🚀

In today's world, having a degree or years of experience is no longer enough. Industries are evolving rapidly, technology is changing how we work, and employers value people who can adapt, solve problems, and continuously improve.

The most successful people don't simply work harder they build skills that make them valuable in any environment.

This infographic highlights eight essential skills that can help you stand out regardless of your profession:

1. Think critically instead of accepting everything at face value.
2. Communicate your ideas with clarity and confidence.
3. Develop emotional intelligence to build stronger relationships.
4. Never stop learning because knowledge is your greatest investment.
5. Manage your time wisely to maximize productivity.
6. Stay digitally literate in an increasingly technology-driven world.
7. Make confident and informed decisions.
8. Embrace change and become adaptable rather than resistant.

Remember, your greatest asset isn't your job title it's the value you bring.

Start developing one skill today. A year from now, you'll thank yourself for taking that first step.
_____

ඔබව ඕනෑම ක්ෂේත්‍රයක වටිනා පුද්ගලයෙකු බවට පත් කරන කුසලතා 8ක් 💚

අද ලෝකයේ සාර්ථක වීමට උපාධියක් හෝ දිගු සේවා පළපුරුද්දක් පමණක් ප්‍රමාණවත් නොවේ. තාක්ෂණය, ව්‍යාපාර සහ රැකියා ලෝකය දිනෙන් දින වෙනස් වෙමින් පවතින අතර, මෙම වෙනස්කම් සමඟ ඉදිරියට යා හැකි පුද්ගලයන්ට වැඩි අවස්ථා හිමිවේ.

සාර්ථක පුද්ගලයන් වෙනස් වන්නේ ඔවුන් වැඩිපුර වැඩ කරන නිසා නොව, තමන්ගේ වටිනාකම වැඩි කරන කුසලතා නිරන්තරයෙන් වර්ධනය කරන නිසාය.

මෙහි සඳහන් කුසලතා 8 ඔබගේ ජීවිතයේ සහ වෘත්තීය ගමනේ විශාල වෙනසක් ඇති කළ හැකිය.

1. ගැටලු විශ්ලේෂණය කර නිවැරදි තීරණ ගැනීමට ඉගෙන ගන්න.
2. ඔබගේ අදහස් පැහැදිලිව හා විශ්වාසයෙන් ඉදිරිපත් කරන්න.
3. මිනිසුන් සමඟ හොඳ සබඳතා ගොඩනැගීමට චිත්තවේගීය බුද්ධිය වර්ධනය කරන්න.
4. දිනපතා අලුත් දෙයක් ඉගෙන ගැනීම පුරුද්දක් කරගන්න.
5. කාලය නිසි ලෙස කළමනාකරණය කර ඔබගේ ඵලදායිතාව වැඩි කරන්න.
6. නව තාක්ෂණය සමඟ යාවත්කාලීනව සිටින්න.
7. තොරතුරු මත පදනම්ව විශ්වාසයෙන් තීරණ ගන්න.
8. වෙනස්කම්වලට බිය නොවී ඒවා සමඟ වර්ධනය වන්න.

අනාගතයේ ඔබගේ වටිනාකම තීරණය කරන්නේ ඔබ අද වර්ධනය කරන කුසලතායි.

අදම එක කුසලතාවක් තෝරාගෙන එය දියුණු කිරීම ආරම්භ කරන්න. කුඩා පියවරක් වුවද, එය ඔබගේ විශාල සාර්ථකත්වයේ ආරම්භය විය හැකිය.

🌱 Join The Ceylon Mindset

Every post is designed to help you become a better thinker, a better professional, and a better leader.
Follow The Ceylon Mindset for practical insights on Business | Mindset | Productivity | Personal Growth

Learn. Grow. Lead. 💚

මෙවැනි වැදගත් ලිපි දිනපතා කියවීමට කැමති නම් අප සමඟ සම්බන්ධ වන්න.

https://linktr.ee/The_Ceylon_Mindset

"දේවල් වෙනස් වන්නේ නැත. එහෙත් අපි වෙනස් වෙමු" - Henry David Thoreau

©️ The Ceylon Mindset

Success isn't built overnight. It's built through the habits you practice every single day. 💚The top 1% don't rely on lu...
02/07/2026

Success isn't built overnight. It's built through the habits you practice every single day. 💚

The top 1% don't rely on luck—they rely on discipline, consistency, and continuous growth.

Start with one habit today. Small improvements, repeated daily, create extraordinary results.

🏆 සාර්ථකත්වය එක රැයකින් ලැබෙන්නේ නැහැ. එය දිනපතා ගොඩනගන පුරුදු වල ප්‍රතිඵලයකි. 💚

ඉහළම 1% අතර සිටින පුද්ගලයන් වාසනාවට වඩා විනය, අඛණ්ඩ උත්සාහය සහ නිරන්තර ඉගෙනීම මත විශ්වාසය තබයි.

අදම හොඳ පුරුද්දක් ආරම්භ කරන්න.

කුඩා වෙනස්කම්, දිනපතා කළ විට විශාල සාර්ථකත්වයක් බිහි කරයි.

Follow The Ceylon Mindset for practical insights on mindset, business, productivity, and personal growth. 🚀

🛑 ඇයි අපි අමතර ආදායම් මාර්ගයක් (Side Hustle) ගැන හිතන්නම ඕනේ? 🤔💰ලංකාවෙ බහුතරයක් අය යැපෙන්නෙ 8-5 Job එකක පඩියෙන්, ඒ අයට ම...
09/02/2026

🛑 ඇයි අපි අමතර ආදායම් මාර්ගයක් (Side Hustle) ගැන හිතන්නම ඕනේ? 🤔💰

ලංකාවෙ බහුතරයක් අය යැපෙන්නෙ 8-5 Job එකක පඩියෙන්, ඒ අයට මේක වැදගත් වෙයි.🙇🏻

අද කාලේ ලංකාවේ ජීවත් වෙන එක හරියට "Extreme Sports" එකක් වගේ වෙලා. උදේ ඇහැරෙද්දී බඩු මිල වැඩි වෙලාද, තෙල් ගණන් වැඩි වෙලාද කියලා හිත හිතා ඉන්න වෙලා තියෙන්නේ. මේ වගේ වාතාවරණයක, එකම එක වැටුපක් මත විතරක් යැපෙනවා කියන්නේ ඔයා ඔයාගේ ජීවිතය ලොකු අනතුරක දාගන්නවා කියන එකයි. 📉

අද අපි කතා කරමු, ඇයි ඔයා අදම "Side Hustle" එකක් එහෙමත් නැත්නම් අමතර ආදායම් මාර්ගයක් ගැන හිතන්න ඕනේ කියන එක ගැන.

1. එක වැටුපක් "Risk" වැඩියි! ⚠️💼
ගොඩක් අය හිතාගෙන ඉන්නේ තමන්ට ස්ථිර රස්සාවක් තියෙනවා නම් ජීවිතය සුරක්ෂිතයි කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. ඕනෑම ආයතනයක් ඕනෑම වෙලාවක මූල්‍ය අර්බුදයකට ලක් වෙන්න පුළුවන්. එතකොට මුලින්ම වෙන්නේ සේවක කප්පාදුව.

ඔයාට තියෙන්නේ එකම එක ආදායම් මාර්ගයක් නම්, ඒක නැති වුණ ගමන් ඔයා "Zero" වෙනවා. හැබැයි ඔයාට සයිඩ් බිස්නස් එකක් තියෙනවා නම්, රස්සාව නැති වුණත් ඔයාට බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ. ඒක හරියට "Spare Tyre" එකක් වගේ. 🚗 මඟදී ටයර් එකක් පන්චර් වුණොත් ගමන නතර වෙන්නේ නැත්තේ අමතර ටයර් එකක් තියෙන නිසයි.

2. උද්ධමනයට (Inflation) එරෙහිව සටන් කරන්න 📉💸
ඔයාගේ පඩිය අවුරුද්දකට සැරයක් 10%කින් වැඩි වෙද්දී, රටේ බඩු මිල 50%කින් වැඩි වෙනවා නම්, ඇත්තටම ඔයාගේ පඩිය "අඩු වෙලා" කියන එකයි ඒකේ තේරුම.

අද රුපියල් 50,000න් කරන දේ තව අවුරුද්දකින් කරන්න බැහැ.

මේ ගිනියම් මිල පියවගන්න නම්, ඔයාගේ ආදායම මිල ඉහළ යන වේගයට වඩා වේගයෙන් වැඩි වෙන්න ඕනේ.

අමතර ආදායම් මාර්ගයක් කියන්නේ ඒ පරතරය පියවන පාලමක් වගේ. 🌉

3. ඩොලර් (USD) වලින් හිතන්න පුරුදු වෙන්න 💵🌍
ලංකාවේ ඉන්න අපිට තියෙන ලොකුම වාසියක් තමයි අන්තර්ජාලය. ඔයා ගෙදර ඉඳන් කරන අමතර වැඩකට ඩොලර් වලින් ගෙවීමක් ලැබෙනවා නම්, රුපියල බාල්දු වෙද්දී ඔයා බය වෙන්න ඕනේ නැහැ. මොකද ඩොලර් එකේ අගය වැඩි වෙද්දී ඔයාගේ අතට ලැබෙන රුපියල් ගණනත් වැඩි වෙනවා.

Freelancing, Graphic Designing, හෝ YouTube වැනි දේවල් හරහා ඔයාට පුළුවන් මේ "Global Market" එකට ඇතුල් වෙන්න. ඩොලර් 10ක් කියන්නේ ලංකාවේ රුපියල් 3000කට වඩා වැඩියි. ඒක පොඩි ගාණක් වගේ පෙනුණට, දවසට ඩොලර් 10ක් හෙව්වත් මාසෙට රුපියල් ලක්ෂයකට ආසන්න අමතර මුදලක්! 💰✨

4. හීන වලට පණ දෙන්න (Dream Big) 🏠🚗🌟
අපේ මාසික පඩියෙන් ගොඩක් වෙලාවට වෙන්නේ බිල් ගෙවන එක, කන බොන එක සහ ණය වාරික ගෙවන එකයි. ඉතිං කවදාද අපි අපේ හීන වලට වියදම් කරන්නේ? මාසෙට ලොකු පඩියක් ගන්න අයටනම් මේක balance කරන එක ප්‍රශ්ණයක් නෙමේ එවුනට අපි කතා කරන බහුතරයක් එහෙම නෙමෙයිනෙ ☺️

ඔයාට අලුත් වාහනයක් ගන්න ඕනෙද?

ගෙයක් හදන්න ඕනෙද?

රට සවාරියක් යන්න ඕනෙද?

මේ හැම දේකටම පඩියෙන් ඉතුරු කරනවා කියන්නේ සෑහෙන කාලයක් යන වැඩක්. හැබැයි සයිඩ් හසල් එකකින් ලැබෙන මුදල ඔයා කෙලින්ම ඔයාගේ "Investment Goal" එකකට දැම්මොත්, ඔයා හිතනවාට වඩා ඉක්මනින් ඒ හීන වලට යන්න පුළුවන්. 🎯

5. අලුත් කුසලතා වර්ධනය වීම (Skill Development) 🧠🛠️
ඔයා රස්සාවේදී කරන්නේ එකම දේ වෙන්න පුළුවන්. ඒත් ඔයා අමතර වැඩක් විදිහට Online Business එකක් හෝ වෙනත් දෙයක් කරද්දී ඔයාට අලුත් දේවල් ඉගෙන ගන්න වෙනවා.

Marketing: බඩුවක් විකුණන්නේ කොහොමද කියලා ඔයා ඉගෙන ගන්නවා.

Financial Management: සල්ලි හසුරුවන හැටි ඉගෙන ගන්නවා.

Communication: මිනිස්සු එක්ක කතා කරන හැටි ඉගෙන ගන්නවා.

මේ හැම දෙයක්ම ඔයාගේ "Value" එක වැඩි කරනවා. පස්සේ දවසක ඔයාට මේ සයිඩ් හසල් එකම ඔයාගේ ප්‍රධාන ව්‍යාපාරය කරගන්නත් පුළුවන්. 🚀

6. මේකට ලොකු වියදමක් යන්නේ නැද්ද? (The Cost Factor) 💰❓
ලංකාවේ මිනිස්සු විදිහට අපි හැමෝම අහන ප්‍රශ්නයක් තමයි "ඕවා පටන් ගන්න සල්ලි කෝ?" කියන එක. ඇත්තම කතාව, අද කාලේ සයිඩ් හසල් එකක් පටන් ගන්න ලක්ෂ ගණන් ඕනේ නැහැ.

දැනුම විකිණීම (Tutoring/Consulting): වියදම රුපියල් 0යි. ඔයා දන්න දේ තව කෙනෙක්ට කියලා දෙන්න. 🎓

Content Creation: ඔයා ගාව තියෙන Smartphone එක පාවිච්චි කරලා වීඩියෝ කරන්න. වියදම ඩේටා කාඩ් එක විතරයි. 📱

Home-made Food: ගෙදර උයන වෙලාවට තව පොඩි ප්‍රමාණයක් වැඩියෙන් හදලා හෝ අසල්වැසියන්ට විකුණන්න. වියදම ඉතා අඩුයි. 🍲

7. කාලය කළමනාකරණය (Time is Money) ⏳⌚
"මට වෙලාවක් නැහැ" කියන එක තමයි අපි හැමෝම කියන පොදු නිදහසට කරුණ. ඒත් අපි හැමෝම දවසකට පැය 2ක් 3ක් Facebook, TikTok වල නාස්ති කරනවා. අන්න ඒ කාලය සල්ලි බවට පත් කරගන්න එකයි දක්ෂකම.

උදේ පැයක් සහ රෑට පැයක් වෙන් කළත්, මාසෙකට පැය 60ක් ඔයාට ලැබෙනවා. ඒ පැය 60 ඇතුළත ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන්. 🛠️

8. පීඩනයෙන් නිදහස් වීම (Mental Peace) 🧘‍♂️✨
සල්ලි ප්‍රශ්න තියෙන කොට මිනිස්සුන්ට ලෙඩ රෝග හැදෙනවා, පවුල් ප්‍රශ්න ඇති වෙනවා. අතේ මිටේ සල්ලි ගැවසෙද්දී දැනෙන මානසික නිදහස වචනයෙන් විස්තර කරන්න බැහැ. ඔයාට ප්‍රශ්නයක් ආපු වෙලාවක "කවුරු හරි සල්ලි දෙයිද?" කියලා බලන් ඉන්නේ නැතුව, තමන්ගේම සල්ලි වලින් ඒක විසඳගන්න පුළුවන් වීම ලොකු ආත්ම අභිමානයක්. 😎

🛑 අවසාන තීරණය ඔබේ අතේ!
ලංකාව කියන්නේ අභියෝග මැද අවස්ථා පිරුණු රටක්. මිනිස්සු "බෑ බෑ" කියද්දී, "පුළුවන්" කියලා පටන් ගන්න කෙනා තමයි දිනන්නේ.

අදම හිතන්න: ඔයා දක්ෂ මොනවාටද? ඔයාට විකුණන්න පුළුවන් මොනවාද? ඔයාට අන්තර්ජාලයෙන් කරන්න පුළුවන් මොනවාද?

මතක තියාගන්න, හැම මහා වෘක්ෂයක්ම ආරම්භ වුණේ පුංචි පැළයකින්. ඔයා අද දාන රුපියල් 1000ක 2000ක ආයෝජනය හෝ පැයක දෙකක කැප කිරීම, තව අවුරුද්දකින් ඔයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. 🌳✨


මෙවැනි වැදගත් ලිපි දිනපතා කියවීමට කැමති නම් අප සමඟ සම්බන්ධ වන්න.

https://linktr.ee/The_Ceylon_Mindset

"දේවල් වෙනස් වන්නේ නැත. එහෙත් අපි වෙනස් වෙමු" - Henry David Thoreau

©️ The Ceylon Mindset

Address

Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when The Ceylon Mindset posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category