06/09/2025
💥 Spark 2025 💥
දෙදින ජනමාධ්‍ය කඳවුර
--------------------------------------
තෙප්පනාව කුමාර මහා විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නායකත්ව හා පෞරුෂත්ව ගුණාංග සංවර්ධනය කිරීම සහ මාධ්‍ය සාක්ෂරතාවය සංවර්ධනය කිරීමේ අරමුණින්,
විද්‍යාලයීය සද්ධර්මවාහිනී මාධ්‍ය ඒකකය මගින් සංවිධානය කළ,
Spark 2025 දෙදින නේවාසික ජනමාධ්‍ය කඳවුර, සැප්.04 හා 05 යන දෙදින විද්‍යාලයීය පරිශ්‍රයේදී අති සාර්ථකව පැවැත්විණි.
ර/තෙප්පනාව කුමාර මහා විද්‍යාලයේ ගරු විදුහල්පතිනි, P.H.නාවලගේ මැතිණියගේ අවසරය හා අනුශාසනා මත, සද්ධර්මවාහිනී මාධ්‍ය ඒකකය භාර ආචාර්ය, විෂය සමගාමී සහකාර විදුහල්පති, G.K.ප්‍රියංකර ජයවීර මහතාගේ සංකල්පයක් අනුව සද්ධර්මවහිනී මාධ්‍ය ජාලය මෙම දෙදින නේවාසික ජනමාධ්‍ය කඳවුර සංවිධානය කෙරිණි.
දේශන සඳහා පහත සම්පත් දායක මහත්ම මහත්මීන් නිසරාධ්‍යාසයෙන් සහභාගි විය.
1. ර/වැද්දාගල මහා විද්‍යාලයේ උපදේශන ගුරු, B.C.රණසිංහ මයා
2. ර/නවනගර කුමර විද්‍යාලයේ ආචාරිණී A.B.සුරේඛා සඳමාලි මිය
3. ර/ ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්ය, G.මහින්ද ගුණසිංහ මයා
4. ර/කුමාර මහා විද්‍යාලයේ ආචාර්ය, නුවන් කරුණාරත්න මයා
5. ර/කුමාර මහා විද්‍යාලයේ ආචාර්ය, ප්‍රියංකර ජයවීර මයා
5. ජනමාධ්‍යවේදී, අජිත් ලාල් ශාන්ත උදය මහතා
6. කුරවිට පරිගණක සම්පත් මධ්‍යස්ථානය භාර ආචාර්ය, දමින්ද රංගනාත් මහතා සහ i print ආයතනයේ නිලධාරීන්
7. ඡායාරූප ශිල්පී, ගයාන් මදුශංක මහතා සහ Studio G+ ආයතනයේ නිලධාරීන්
8. ශ්‍රව්‍ය තාක්ෂණ ශිල්පී, චානක සුරංග මහතා සහ Jay Sounds ආයතනයේ නිලධාරීන්
9. ර/සීවලී මධ්‍ය විද්‍යාලයීය මාධ්‍යය ඒකකය
මෙම වැඩසටහන සඳහා එම සම්පත් දායක මහත්ම මහත්මීන්ට අමතරව, ර/ සීවලී මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, සනත් වික්‍රමරත්න මහතා,
ර/හිදැල්ලන ආනන්ද විද්‍යාලයේ ආචාරණී අනූෂා රංජනී මහත්මිය,
තෙප්පනාව කුමර මහා විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පති, U.පියසීලී මහත්මිය හා වත්මන ගුරු මහත්ම මහත්මීන් හා දරුවන්ගේ දෙමාපියන් සහභාගි විය.
- Kumara TV