Shanaka Jayawardhana

Shanaka Jayawardhana Youth Engagement Specialist l Social Activist l Life Coach l Self Defense Instructor l

"Dedicated to empowering young minds and inspiring positive change."

Skilled in youth development, social activism, life coaching,and self-defense training.

29/05/2025
ප්‍රතික්ෂේප වුණා කියලා දුක් වෙන්න එපා.ඉහළ පිළිගැනීම් වගේම දරුණු ප්‍රතික්ෂේප විම්ද ජීවිතයේ ම කොටසක්.කෙනෙක් අපිව පිළිගන්නේ...
02/04/2025

ප්‍රතික්ෂේප වුණා කියලා දුක් වෙන්න එපා.ඉහළ පිළිගැනීම් වගේම දරුණු ප්‍රතික්ෂේප විම්ද ජීවිතයේ ම කොටසක්.
කෙනෙක් අපිව පිළිගන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ ම අපේ ගතිගුණ හෝ හැසිරීම් මත පදනම් වෙලා ම පමණක් නෙවෙයි. ඒ ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවය මත, ඒ පුද්ගල බැඳීම්වලට ලැබෙන වටිනාකම සහ බර වෙනස් වෙනවා. එය සැමට පොදු කාරණයක්.

ඒ අවශ්‍යතාවයේ විවිධ ස්වරූපයන් තියෙන්න පුළුවන්.ඒවාට එකිනෙකා තබන බර තැබීම් වෙනස් වෙන්න පුළුවන්.ඒක පුද්ගල අනුබද්ධයි.ඒ නිසාවෙන්මයි බොහෝ මානව අන්තර් පුද්ගල බැඳීම් කාලනුරූපව වෙනස්් වෙන්නේ.

ඒ නිසාවෙන්මයි බොහෝ පුද්ගලයෝ ජීවිතේ කාලයකට අපේ ජීවිත වලට හොරෙන්ම ඇවිල්ලා,ඉතා තදින්ම අප සමග බැඳිලා,කිසිම හේතුවක් නැතිව ම අපිව දාල යන්නේ.

කලකදි අපේ ජීවිතයට සතුට, ආලෝකය, බලාපොරොත්තු ගෙනාපු ඔවුන් ම, තවත් හෝරාවකින් දුකක්, පීඩාවක් වගේම ගන අඳුරක් තිළිණ කරන්නේ.

උදාවූ හිරු බැස ගිහින්, ඝන අඳුර සමඟින් රාත්‍රියේ උදාවෙනවාත් මෙන්ම ඒ ඝන අඳුරත් උදාවන හිරු සමගින් ම ගෙවී යනවා.

මම
Shanaka Jayawardhana




p.c. අන්තර් ජාලය ඇසුරින්

30/03/2025

ෆින්ලන්තයේ එක ශ්‍රේණියේ දරුවන් ගණන් ඉගෙන ගන්න මෙතරම් කැමති ඇයි.?වෙනස්වන තාක්ෂණයත්, සමාජ තත්ත්වයන් සමග සමගාමීව ඉදිරියට යන ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය.

ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය සිදුකරන ගුරුවරුන් සහ දෙමාපියන්ට මේ වීඩියෝව අනිවාර්යෙන්ම හොඳ ආයෝජනයක් වෙයි.video games නිසා දැඩි පීඩාවට පත්ව සිටින, දෙමාපියන්ට හිතන්න අලුතින් අවස්ථාවක්.

28/03/2025

From classrooms to global excellence: Finland's educational miracle, revealing strategic innovations.
ෆින්ලන්තයේ අධ්‍යාපනය කතාව .

ඔබටත් පාසල් ගුරුවරයෙක් විදිහට,උපකාරක පන්ති ගුරුවරයෙක් විදියට,පෙර පාසල් ගුරුවරයෙක් විදියට අලුතින් හිතන්න බොහෝ දෑ ,අත්දැකීමෙන්ම මම ඔබත් එක්ක බෙදාගන්නවා.දිගටම රැඳෙන්න අපිත් එක්ක.

අපි අපේ අනාගත පරපුරේ ජීවිත කතාව වෙනස් කරමු.

Imagine if we truly believed that every young person holds a universe of potential. What would that change? How would we...
06/03/2025

Imagine if we truly believed that every young person holds a universe of potential. What would that change? How would we approach education, mentorship, and community development?
Let's challenge ourselves to move beyond limitations and preconceived notions. Our responsibility is to nurture their dreams, provide opportunities, and empower them to chart their own course.

What's one dream you'd love to help a young person achieve?
Let's spark a conversation!

hashtag hashtag hashtag hashtag hashtag
hashtag

19/01/2025

සමහර හමුවීම් තාවකාලිකයි.

වෙන්වීමට වඩා අසීරු, අවාරයේ නුඹව යලිත් මුණ ගැසීමය.අප ආ ගිය, හමු වූ මෙන්ම නතර වූ තැන් ද අද මට මෙන් ම ඔබට ද අහිමිය.අද එහි වෙන උන්ය.

ඇතැම් ආදරණීය තැන්, කාලයා විසින් ද සොරාගෙනය.ඒ මතක මන්දිරයන් පවා අද නැත.

සොඳුරිය,ඇතැම් තැන්හි මා ඇය සමගින් සරණා විට, අතීතයේ නුඹේ සිනහවේ දෝංකාරය මා හද තුල රැව්පිරි දුන්නේය.එය පෙරටත් වඩා අද බලවත් විඩාවකි.

කාලයා බොහෝ දුර අපව ගෙන ගොස්ය.අවසර නැත, නැවත ආපසු හැරීමට හෝ නැවතීමට.ඔබ මෙන් මාද යා යුතුය.

එයට මට ද කාලය අවසර දුනි.ඒ සොඳුරු මතකයන් හදවතේ ගැඹුරු ම තැන නිදන්කරමින්,සැතපුම් දහස් ගණනකට මා ද පියනැගුවෙමි.......

Shanaka Jayawardhana



V.c.අන්තර්ජාලය ඇසුරින්.

ඔබට ජීවිතයේ මිනිස්සූ කී දෙනෙක් නම් මුණගැසුනාද?කී දෙනෙක් සමග ඔබ සිනාසුනාද?.කී දෙනෙක් සමඟ ඔබ කතා කළාද?.කී දෙනෙක් නම්  ඔබ ස...
17/01/2025

ඔබට ජීවිතයේ මිනිස්සූ කී දෙනෙක් නම් මුණගැසුනාද?කී දෙනෙක් සමග ඔබ සිනාසුනාද?.කී දෙනෙක් සමඟ ඔබ කතා කළාද?.කී දෙනෙක් නම් ඔබ සමගින් අමනාප වුණාද?.කී දෙනෙක් නම් ඔබ සමග ගනුදෙනු කළාද?.

බොහෝ විට පිළිතුර, සැබවින්ම නිශ්චිත නෑ.

මිත්‍රයා,අපිට අපේ ජීවිතේ හමුවෙන හෑම කෙනෙක් ම අපිත් එක්ක හැමදාමත් ඉන්නේත් නෑ.ඒ අය අපිත් එක්ක එන දුරක් තියෙනවා.කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත්.ඒ වගේ ම අපිටත්, ඒ අයත් එක්ක යන්නම වෙන දුරක් තියෙනවා.

ඒ වගේ ම ජීවිතේ අපිට හමුවෙන අය නිසාම, අපි කොතරම් නම් වද වුණාද? කොතරම් නම් සිනාසුනාද?කොතරම් හැඩුවද?

කොහොම වුනත්,හමුවන කිසිම කෙනෙක් අපිත් එක්ක හැමදාමත් ඉන්නෑ මිත්‍රයා.

හැබැයි ඒ හැම හමුවීමකම වටිනාකමක් තියෙනවා.එ නිසා මුල දී අපහසු වුණත්,ඒ හමුවෙන හැම හමුවීමකට ම වටිනාකමක් එක් කරන්න අමතක කරන්න එපා.

මොකද ඒ හැම හමුවීමක් ම අපේ ජීවිතයට අවශ්‍යයි.සමහර මිනිස්සු අපේ ජීවිතයට ආවේ,ගියේ ඇයිද කියන එක අදටත් අපිට ප්‍රශ්නයක්.

කාලයක් යද්දී ,සමහර ගැටලු වලට විසඳුම් ලැබේවි.සමහර දෑ ඔබට ම වැටහේවි.

ඒ වගේම තවත් සමහර මිනිස්සුන්ගේ පැමිණිම් හා වෙන්වීම්, අපිට ජීවිතේ කවමදාවත් නොවැටහේවි.

මිත්‍රයා,අපි දුර්වලයන්ට සමාව දෙමු.ඔවුන්ට හැදෙන්න අවස්ථාවක් දෙමු.බැරි ම නම් සතුටින් අත් හරිමු.

අනික හමුවන හැමෝම අපිට එක විදිහට ම සලකන්නේත් නෑ.හරියට අපිත් ඔවුන් හැමෝට ම එකම විදියට සලකන්නේ නැති වා වගේ.

අපි සියලු දෙනා ම, අපිට තියෙන දෙයයි අනිත් අයට දෙන්නේ.ඒ වගේ ම අපි අනිත් අයට දෙන දෙයයි,දිනක අපිට ම ලැබෙන්නේ.
ඒ නිසා ලෝ දහමේ කොහෙවත් අසාධාරණයක් නෑ මිත්‍රයා.මන්ද අපි එක් අයෙකුට හෝ දෙදෙනෙකුට හොඳ උනාට අනිත් හැමෝටම හොඳ නැති නිසා.

මිත්‍රයා, අපේ ජීවිතේට එන බොහෝ අය අපිට පාඩම් කියලා දෙනවා.ඒ අපි ශක්තිමත් කරන්න.නිවැරදි කරන්න.පෝෂණය කරන්න.ඒ වගේම ඇතමෙක් ලස්සන මතක ලබාදෙනවා.සතුටින් ඉන්න. සතුටින් තියන්න.

ඒ නිසා අපි අපේ හැම හමුවීමකට ම වටිනාකමක් දෙමු.
අපි අපේ ජීවිතේට එන හැමෝටම ගරු කරන්න පුරුදු වෙමු.පුළුවන් විදිහෙන් උපකාරයක් කරමු.ඒ තුළ ලස්සන මතකයන් පමණක් අපිට ඉතිරි වේවි.

දිනක ඔවුන් අපෙන් සමු ගන්නා විට, අපට ඔවුන් ගැන ලස්සන මතකයන් පමණක් ම ඉතිරි වේවි.

මම
Shanaka Jayawardhana



p.c.අන්තර්ජාලය ඇසුරෙන්

"හමුවෙන හැම ජිවිතයක්ම අපි ලග නතර වෙන්නේ නෑ."මතකයන් පමණක් අපට ඉතිරි  කරලා ඔවුන් යනවා. නැත්නම් යන තැනට වැඩ කරනවා.ඉන්නකං හැ...
14/05/2024

"හමුවෙන හැම ජිවිතයක්ම අපි ලග නතර වෙන්නේ නෑ."
මතකයන් පමණක් අපට ඉතිරි කරලා ඔවුන් යනවා. නැත්නම් යන තැනට වැඩ කරනවා.ඉන්නකං හැමෝමත් එක්ක සතුටින් ඉන්න.

Shanaka Jayawardhana

VisitingLecturer l Counselor l Trainer l SocialResearcher 🇱🇰



p.c. අන්තර් ජාලය ඇසුරෙන්

Teacher's Diary -" ඔබේ දරුවාට පොත්පත් සියයකින් ඉගෙනීමට  නොහැකි බොහෝ දේ එක් පුද්ගල හමුවකින් හෝ ඇසුරකින් සිදුවනු ඇත." ලෝකය...
13/05/2024

Teacher's Diary -
" ඔබේ දරුවාට පොත්පත් සියයකින් ඉගෙනීමට නොහැකි බොහෝ දේ එක් පුද්ගල හමුවකින් හෝ ඇසුරකින් සිදුවනු ඇත."

ලෝකයේ මිනිස් විවිධාකාරය.ඒ විවිධාකාරත්වය තුළම අපූර්වත්වයක් ගැබ්ව පවතී.එ අපුර්වත්වය ජාතිය, වර්ණය, කුලය,පන්තිය,ආගමික ඇදහිලි විශ්වාස තුළින් ,දේශපාලන භාවිතාවය,ධනය ,බලය මෙන්ම උගත්කම ......ආදිය මත විචලය වේ.

හැකි සෑම විටම ඔබත් ඔබේ දරුවාට පොතක් පතක් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙනවා මෙන්ම විවිධත්වයෙන් යුතු මිනිසුන් හා පුද්ගල කණ්ඩායම් ඇසුරු කිරීමට අවකාශය සලසා දෙන්න.ඒ තුළ ඔහු බොහෝ දෑ අභ්‍යන්තරීගතකරණය කරනු ඇත.එහෙම වැදගත්කම වැදගත්කම විවිධ විවිධ සමාජීය න්‍යායන් තුළින් මනාව පෙන්නුම් කර ඇත.
අද වන විට න්‍යායාත්ම දැනුමින් සන්නද්ධ නමුදු අත්දැකීම් තුළින් හා දුර්වල පරුෂත්වන්ගෙන් යුතු දුබල දරුවන් බිහිවීමට මෙය ප්‍රබලව බලපා ඇත. මන්ද එය දරුවාගේ මානසික හා චර්‍යාත්මක,සමාජීය , සංස්කෘතික මෙන්ම සංජායනීය දියුණුව ඉතා ප්‍රබල අවකාශයකින් සීමා වන නිසාවෙනි.

සංස්කෘතික විවිධත්වයෙන් යුතු පුද්ගල ඇසුර නිසාවෙන්ම ,කුඩා කල සිටම ඔවුන්ගේ ඒ විවිධත්වයට ගරු කිරීමට ඔහු නිරායාසයෙන්ම උගනි.නැතිනම් කණ්ඩායමේ අනිත් සගයන් ඔහුට හෝ ඇයට එය කියා දෙති.

එමෙන්ම ඔබත් එය ඔහුට හෝ ඇයට කුඩා කල සිටම කියාදෙන්න.ඔවුන්ගේ වටිනාකම් හා අගනාකම් අගයන් පුරුදු කරන්න.එවිට පුද්ගල හා සංස්කෘතික විවිධත්වයට ගරහන්නෙකු නොවි එයින් වටිනාකම් තම ජීවිතයට උකහා ගන්නා අයෙකු බවට ඔබේ දරුවා ව පත් කළ හැක.

එවිට කිසි දිනක ඔහු හෝ ඇය අනිකාව ජාති ආගම්, කුල, පන්ති, වර්ණයන්...ආදී සංස්කෘති සාධකයන් මත පීඩාවට පත් නොකරනු ඇත. එය මානව පරිනාමණයේ දියුණුම ලක්ෂණයකි.

අප බොහෝ කාරණාවන්ගෙන් සංස්කෘතිකව සාපේක්ෂව දියුණු ජාතියක් වුවද,ඇතැම් විටක දූපත් රාජ්‍යයක් නිසාවෙන් ම අපි සංස්කෘතික සාක්ෂරතාවයෙන් දුප්පත්ව ඇත.
ඒ සංස්කෘතික සාක්ෂලතාවයේ දුර්වලකම නිසාවෙන්ම අද වනවිටත්,අපි රටක් ලෙසත් ,ජාතියක් ලෙසත් බොහෝ දුක්ඛිත තත්ත්වයන්ට පත්වපත්ව ඇත.තවද පත්වෙමින්,පත් කරමින් පවතී.

දරුවන්ගේ ලෝකයන් පුළුල් කිරීමටත් , සුන්දර කිරීමටත් ඔවුන් සංස්කෘතික වශයෙන් සුපෝෂණය කිරීම අත්‍යවශ්‍ය කරුණකි .ඒ සදහා අවශ්‍ය අවකාශය හා පසුතලය නිර්මාණය කරදිම, දෙමාපියන්ගේ පරම යුතුකමක් හා වගකිමක් ලෙස අප සියලු දෙනාම තේරුම් ගත යුතුය.

එවිට මානව දයාවෙන් තෙත් වු හදවතක් සහිත,අනිකාට ගරු කිරීමට සමත් දරු පරපුරක් අනාගතයේ මත දිනෙක අපට නිර්මාණය කිරීමට අවකාශය සැලසෙනු ඇත.

Shanaka Jayawardhana

VisitingLecturer l Counselor l Trainer l SocialResearcher 🇱🇰




p.c.අන්තර් ජාලය ඇසුරෙන්.

31/03/2024
26/03/2024

Office එකේ auntyත් එක්ක boss ට බනින්න එපා .

23/03/2024

දරුවන්ට භෞතික සැප සම්පත් වලට වඩා ආදරයයි අවශ්‍යය.

Address

Maharagama

Opening Hours

Thursday 15:00 - 21:00
Saturday 09:00 - 20:00
Sunday 16:00 - 20:00

Telephone

+94778266446

Website

Alerts

Be the first to know and let us send you an email when Shanaka Jayawardhana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share