News Live - Sri Lanka

News Live - Sri Lanka සත්‍යට පක්ෂව
(10)

ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව ...
27/08/2026

ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද අවසන් විය.

තරගය අවසන් වනවිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 429ක් රැස්කරගෙන සිටි අතර, ඒ වන විට ඔවුහු ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 216ක් ඉදිරියෙන් පසුවූහ.

ශ්‍රී ලංකා දෙවන ඉනිම ගෞරවාන්විත තත්ත්වයකට රැගෙන ආ සොනාල් දිනූෂ අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිස නොදැවී ලකුණු 133ක් රැස්කළේය.

පන්දු 264කට මුහුණ දෙමින් මිනිත්තු 420ක කාලයක් කඩුල්ලේ රැඳී සිටි ඔහුගේ ඉවසිලිවන්ත ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

මීට අමතරව පසිඳු සූරියබණ්ඩාර ලකුණු 92ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 55ක් සහ කේෂර නුවන්ත ලකුණු 46ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට දායක වූහ.

මෙම තරගාවලියේදී ටෙස්ට් වරම් හිමිකරගත් නවක පිතිකරුවෙකු වන කේෂර නුවන්ත, සොනාල් දිනූෂ සමගින් එක්ව 7වන කඩුල්ල වෙනුවෙන් පන්දු 246කින් ලකුණු 112ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ.

පසුව 8වන කඩුල්ල වෙනුවෙන් පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර සමග එක්වූ සොනාල් තවත් ලකුණු 47ක සබඳතාවක් පැවැත්වීය. එහිදී ළහිරු කුමාර පන්දු 90කට මුහුණ දෙමින් ලකුණු 12ක් රැස්කරමින් කඩුල්ල ආරක්ෂා කරගැනීමට දැක්වූ සහය කැපී පෙනුණි.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 229ක් ලබා සිටි අතර, සොනාල් ලකුණු 7ක් හා කේෂර ලකුණු 3ක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියහ.

අද දිනය තුළ කඩුලු 3ක් පමණක් අහිමි කරගනිමින් තවත් ලකුණු 200ක් ඉනිමට එකතු කරගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.

දෙරට අතර පළමු තරගය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වූ හෙයින් තරගාවලිය තරග 1-0ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත් විය.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානව...
27/08/2026

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

අම්පාර, මොනරාගල, හම්බන්තොට සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

27/08/2026
නේපාලයේ ඇති වූ ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 579ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.මෙලෙස අතුරුදන් වූ...
27/08/2026

නේපාලයේ ඇති වූ ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 579ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස අතුරුදන් වූ පිරිසෙන් 466 දෙනෙකු විදෙස් ජාතිකයින් වන අතර රටවල් 28කට අයත් විදෙස් ජාතිකයින් ඒ අතර සිටින බව ද සඳහන්.

එමෙන්ම අතුරුදන් වූ සංචාරකයින්ගෙන් 113ක් නේපාල ජාතිකයන් වන අතර, අමෙරිකානු ජාතිකයින් 54ක් හා බ්‍රිතාන්‍ය ජාතිකයින් 33ක් ද ඒ අතර සිටින බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ මෙම ගංවතුර හේතුවෙන් මේ වන විට 95දෙනෙකු මියගොස් ඇති බවය.

දේශසීමාව ආසන්නයෙන් ගලායන බෝත්කොෂි ගංගාව ඔස්සේ හිම දියවීම හේතුවෙන් ඇති වූ විශාල ජල ප්‍රමාණයක් එකවර ගලාඒම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිව තිබේ.

ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවක් මෙලෙස හදිසි හිම දියවී යාමට හේතු වී ඇති බවට විශ්වාස පල කරයි.

ගංවතුර තත්ත්වය හේතුවෙන් බෝත්කොෂි ගංගාව ආසන්නයේ ගමන් කරන මහා මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටව ගිය අතර චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක් ද සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා.

නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත නායයෑමක් සිදුවී භෝටේ කොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වීමත් සමඟ මෙලෙස විනාශකාරී ජල ගැලීමක් හටගෙන ඇති අතර, එමගින් පහළ ප්‍රදේශ වෙත හදිසි ජල කඳක් මුදා හැරුණි.

මෙම ගංවතුර තත්ත්වය නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශවලට දැඩි ලෙස බලපෑ අතර,ප්‍රදේශයේ යටිතල පහසුකම්, මාර්ග, පාලම් සහ විදුලි බලාගාර ව්‍යාපෘති විනාශ වී ගොස් ඇති බව සඳහන් වෙයි.

මීට අමතරව, ටිබෙටයේ අසල්වැසි ගිරොං ප්‍රාන්තයෙන් ද දැඩි මඩ නායයෑම් සහ ජීවිත හානි පිළිබඳ වාර්තා විය.

නේපාලයේ ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 400 දෙනෙකු අතුරුදන්ව 18දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.අතුරු...
26/08/2026

නේපාලයේ ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 400 දෙනෙකු අතුරුදන්ව 18දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.

අතුරුදන් වූවන් අතර විදේශීය සංචාරකයින් 291ක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

චීන සහ ටිබෙට් දේශ සීමාව ආසන්නයේ පිහිටි නේපාලයේ රසුවා ප්‍රදේශයට මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිව තිබේ.

දේශසීමාව ආසන්නයෙන් ගලායන බෝත්කොෂි ගංගාව ඔස්සේ හිම දියවීම හේතුවෙන් ඇති වූ විශාල ජල ප්‍රමාණයක් එකවර ගලාඒම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිව තිබේ.

ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවක් මෙලෙස හදිසි හිම දියවී යාමට හේතු වී ඇති බවට විශ්වාස කරයි.

ගංවතුර තත්ත්වය හේතුවෙන් බෝත්කොෂි ගංගාව ආසන්නයේ ගමන් කරන මහා මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටව ගිය අතර චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක් ද සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබේ.

නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත නායයෑමක් සිදුවී භෝටේ කොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වීමත් සමඟ මෙලෙස විනාශකාරී ජල ගැලීමක් හටගෙන ඇති අතර, එමගින් පහළ ප්‍රදේශ වෙත හදිසි ජල කඳක් මුදා හැරුණි.

මෙම ගංවතුර තත්ත්වය නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශවලට දැඩි ලෙස බලපෑ අතර,ප්‍රදේශයේ යටිතල පහසුකම්, මාර්ග, පාලම් සහ විදුලි බලාගාර ව්‍යාපෘති විනාශ වී ගොස් ඇති බව සඳහන් වෙයි.

මීට අමතරව, ටිබෙටයේ අසල්වැසි ගිරොං ප්‍රාන්තයෙන් ද දැඩි මඩ නායයෑම් සහ ජීවිත හානි පිළිබඳ වාර්තා විය.

25/08/2026

කිරිබත්ගොඩ සිගිති පාතාලේ

25/08/2026

බස් ලලිත් ඇල්ලූ සතුට සැමරූ ජනතාව

බස් ලලිත්ගේ කෙරුවාව ඩුබායි සිට අද (25) මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන...
25/08/2026

බස් ලලිත්ගේ කෙරුවාව

ඩුබායි සිට අද (25) මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් 'බස් ලලිත්' නැමැත්තාට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

සැකකරුට එරෙහිව හංවැල්ල, නෙළුවත්තුඩුව, පාදුක්ක, කොස්ගම, කොල්ලුපිටිය සහ මීගොඩ යන ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන, වෙඩි තැබීම්, කප්පම් ගැනීම් සහ දේපළවලට හානි කිරීම් සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වී ඇත.

මෙම සැකකරු,
2013.09.16 වන දින හංවැල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීම.

2021 වර්ෂයේ නෙළුවත්තුඩුව ප්‍රදේශයේ ව්‍යාපාර ස්ථානයකට ඇතුලු වී ලොරි රථයකට ගිනි තබා අනර්ථය කිරීම.

2021 වර්ෂයේ නෙළුවත්තුඩුව ප්‍රදේශයේදී ඉහත ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුකර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදු කිරීම හා ඝාතනය කිරීමට තැත් කිරීම. (තර්ජනය කර මුදල් ලබා ගැනීමට තැත් කිරීම හා මුදල් ලබා නොදීම හේතුවෙන්)

2022.10.16 දින හංවැල්ල පොලිස් වසමේ පිහිටි නිවසකට ඇතුළු වී පුද්ගලයින් තිදෙනෙකු කපා කොටා බරපතළ තුවාල සිදු කිරීම.

2022.12.18 වන දින හරස් පාර, හංවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට අදාළව ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම. (අවිස්සාවේල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු විභාග වෙමින් පවතී.)

2023.12.25 දින පාදුක්ක පොලිස් වසමේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

2024.03.04 දින හංවැල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය සිදු කිරීම.

2024.09.30 දින නෙළුවත්තුඩුවේ පදිංචි ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

2025.07.06 දින කොස්ගම පොලිස් වසමේදී ත්‍රීරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම.

2025.07.19 දින කොල්ලුපිටිය පොලිස් වසමේ සමාජ ශාලාවක් අසලදී අත්අඩංගුවට ගත් ටී.56 ගිනි අවිය හා උණ්ඩ 25 අදාළ අවිය සමඟ අත්අඩංගුවට ගත් පුද්ගයලයාට ලබා දීම.

2025.08.12 දින මීගොඩ පොලිස් වසමේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

2025.08.13 මීගොඩ පොලිස් වසමේ මුතු හේන පාරේ ස්ථානයකදී ගිනි අවියකින් අහසට වෙඩි තබා පලායාමේ සිද්ධිය මෙහෙය වීම.
යන අපරාධ සම්බන්ධයෙන් මෙම සැකකරු අවශ්‍යව සිටි අයෙකු බවට වාර්තා වී ඇත.

මෙම සැකකරු විසින් සිදුකරන ලද මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ මෙන්ම නීති විරෝධී ලෙස උපයාගෙන ඇති බවට සැකකෙරෙන වත්කම් පිළිබඳව ඉදිරියේදී විමර්ශන කිරීමට නියමිත අතර, වැඩිදුර විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් සිදු කරනු ලබයි.

දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා කඩිනමින් රක්ෂණ වන්දි ග...
25/08/2026

දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන් සඳහා කඩිනමින් රක්ෂණ වන්දි ගෙවීම පිණිස රජය විසින් රුපියල් මිලියන 3000ක මුදලක් වෙන්කර තිබේ.

පවතින එල් නිනෝ තත්ත්වය හමුවේ ඇතිව තිබෙන වියළි කාලගුණය නිසා මොණරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුර සහ අම්පාර යන දිස්ත්‍රික්කයන්හි වී, බඩඉරිඟු ඇතුළු වගාවන්ට දැඩි ලෙස හානි සිදුව ඇත.

මේ වන විට වාර්තා වී ඇති දත්තයන්ට අනුව, බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්කයන්හි ගොවීන් 7,000කට ආසන්න සංඛ්‍යාවකට අයත් ගොවිබිම් අක්කර 8,000ක් පමණ හානියට පත්ව තිබේ.

මෙහිදී වී වගාවට අදාළව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අක්කර 1,923ක්, මොණරාගලින් අක්කර 1,401ක්, පොළොන්නරුවෙන් අක්කර 1,259ක්, අම්පාරෙන් අක්කර 1,055ක් සහ හම්බන්තොටින් අක්කර 783ක් ලෙස හානි සිදුව තිබේ.

කෙසේවෙතත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම හානි තක්සේරු කිරීමේ කටයුතු කඩිනම් කර ඇත.

මේ සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් ඇතුළු කණ්ඩායම් දැනටමත් බලපෑමට ලක්ව ඇති වගාබිම් වෙත ගොස් පරීක්ෂණ පවත්වමින් සිටින බවද සඳහන්.

මෙම සහන වැඩසටහන යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන බෝග 06 සඳහා හෙක්ටයාරයකට රුපියල් 100,000ක් බැගින්, එක් ගොවියෙකු වෙනුවෙන් උපරිම වශයෙන් අක්කර 05ක් දක්වා වන්දි ගෙවීමට පියවර ගැනේ.

මෙතෙක් වගා හානි දැනුම් දී නොමැති ගොවීන් සිටී නම්, වහාම ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ පොතෙහි සටහන් තබන ලෙස හෝ ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර හෝ ක්ෂේත්‍ර නිලධාරීන් හමුවී තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ 1918 කෙටි ඇමතුම් අංකය ඇමතිය හැකියි.

රජය විසින් ගැසට් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨ...
25/08/2026

රජය විසින් ගැසට් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

‍සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන ඉරාජ් වීරරත්න, චාමර විජේසූරිය, නන්දන කුඩා මීගොඩ සහ නිලන්ත සත්සර ගමගේ, මිලින්ද රාජපක්ෂ යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වන බවය.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.රජය විසින් ගැසට් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

‍සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන ඉරාජ් වීරරත්න, චාමර විජේසූරිය, නන්දන කුඩා මීගොඩ සහ නිලන්ත සත්සර ගමගේ, මිලින්ද රාජපක්ෂ යන අය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්තිවලින් අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වන බවය.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.

Address

56p/43, Prime Lane
Maharagama

Alerts

Be the first to know and let us send you an email when News Live - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share