මහියංගනේ සෙට් එක - Mahiyanagane Set Eka

මහියංගනේ සෙට් එක - Mahiyanagane Set Eka Mahiyangane set eka - මහියංගනේ සෙට්එක..

18/12/2023
කියවලා බලන්නකො මේ දවස් වල හැම ATM එකක් ළඟම හිඟන්නෝ...ඊයේ උදේ පාන්දරම සල්ලි ටිකක් ගත්තගමන් මෙන්න එකෙක් රිංගුවා ඇතුලට...හි...
29/08/2023

කියවලා බලන්නකො

මේ දවස් වල හැම ATM එකක් ළඟම හිඟන්නෝ...
ඊයේ උදේ පාන්දරම සල්ලි ටිකක් ගත්තගමන් මෙන්න එකෙක් රිංගුවා ඇතුලට...

හිඟන්නා මගේ අතේ ඇති සල්ලි දෙස බලමින්...
"බඩගිනියි මට කෑම එකක් අරන් දෙන්න.."

මම - ඩිකියේ බෝතල් තියෙනවා...
බ්ලැක් ලේබල් විස්කි ෂොට් එකක් දෙන්නද..?
හිඟන්නා - මම බොන්නෙ නෑ..

මම - ඩන්හිල් සිගරැට් එකක් දෙන්නද..?

හිඟන්නා - මම දුම් බොන්නෙ නෑ..

මම - තමුසෙට සුදු ලස්සන ගෑණියෙක් සෙට් කරල දෙන්නද..?

හිඟන්නා - මම මගෙ ගෑණිට විතරයි ආදරේ... මම හතර පෝයටම සිල් ගන්නවා, පන්සිල් රකිනවා...

මම - හරි මං තමුසෙට මට්න් බුරියානි එකක් අරන් දෙන්නම්.
හැබැයි තමුසෙ මගෙ ගෙදර එන්න ඕන..
මට තමුසෙව මගෙ ගෑණිට පෙන්නන්නම ඕනෙ...

හිඟන්නා - ඒ මොකටද..?

මම - මං...මගෙ ගෑණිට පෙන්නලා දෙන්න ඕනෙ...
බොන්නෙ නැති, සිගරැට් බොන්නෙ නැති, සිල් ගන්න පන්සිල් රකින, තමන්ගෙ ගෑණිට විතරක් ආදරේ උන්ට වෙලා තියෙන දේ....
😜😂

ජය ❤❤

Copid

මම මෙහෙම පන්සලකට Join වුනේ නෑනෙ 🤔 පිරමීඩ Group එකකට තමයි Join වුනේ.
19/08/2023

මම මෙහෙම පන්සලකට Join වුනේ නෑනෙ 🤔 පිරමීඩ Group එකකට තමයි Join වුනේ.

අවුලක් නෑ, ඔයා දාපු ගාණ බේරගත්තද? දැන් MTFE එක වැටෙන්න පටන් අරන් නේද? සල්ලි විත්ඩ්‍රෝ කරන්න දෙන්නෙ නෑ නේද? සෙනසුරාදා ඉරි...
11/08/2023

අවුලක් නෑ, ඔයා දාපු ගාණ බේරගත්තද?

දැන් MTFE එක වැටෙන්න පටන් අරන් නේද? සල්ලි විත්ඩ්‍රෝ කරන්න දෙන්නෙ නෑ නේද? සෙනසුරාදා ඉරිදට විතරක් නෙවේ සතියේ දවස්වලත් පොපිට් නෑ නේද?

ඕවයෙ හැටි ඔහොම තමයි. හැබැයි ඉතිං දන්න දන්න අයට කියද්දි ටිපර් වුණ අයත් නොහිටියාම නෙවේ. දැන් ඒ අයටත්, මුකුත් නොදැන මේකට අහුවුණ අයටත් දෙගොල්ලන්ටම වෙලා තීන්නෙ එකම සෙතේ..

මේ ගැන කියනකොට කෙනෙක් කියන්න පුළුවන්, "අපිට නම් පාඩුවක් වුණේ නෑ, අපි දාපු හැත්තදාහ අපි මාස දෙකහමාරෙන් ගත්තා.. තව ගාණකුත් ගත්තා. ඔය නැතිවෙන්නෙ අපි පස්සෙ හොයපු ලාබෙන් කොටස්"ය කියලා.

හැබැයි මතක තියාගන්න, ඒ ඔයාලා ලාභ ලැබුවෙත්, පාඩු වෙන්න රිස්ක් එකේ දැම්මෙත් පිටින් ගෙනාපු ඩොලර් නෙවේ. හම්බන්තොට, වීරවිල, අඟුණුකොළපැලැස්ස, ඇඹිලිපිටිය, වැල්ලවාය, හම්බෙගමුව වගේ සෑහෙන්න දුෂ්කර පළාත්වල ජීවත් වෙන, පරිගණක සාක්ෂරතාවෙන් ඉතා පහළ, සමහර වෙලාවට 'ඉන්ටනෙට්' ගැන නොදන්නා, "ඉන්ටනෙක් එක" කියන, ⁣මහපොලොව එක්ක ඔට්ටු වෙන, තමන්ගෙ දාඩිය මහන්සිය වගුරන, හම්බ කරපු සේසතම ඔය පොන්සි ස්කෑම් එකක හිර කරපු මිනිස්සුන්ගෙ අහිංසක සහ සාධාරණ සල්ලි තමයි ඔයාලට ඒ විනෝදෙ ගෙනත් දුන්නේ..

ඇත්තටම හිතල බලන්න, තමන් නොදන්නා පොන්සි ස්කෑම් එකකට අහුවෙච්ච මේ රටේම කොණක මිනිස්සු අවුලෙන් අවුලට පත්වෙද්දා, උඹලට පුළුවන්ද බං "අපේ ගාණ බේරගත්තා" කියලා සතුටු වෙන්න.. අඩුම ගානෙ නිකමට අර OnMaxDT මගුලෙන් අනාථ වුණ මිනිස්සු දිහා බලපල්ලකෝ.. ඒත් නැත්නම් හෙට අනිද්දට මිනිස්සු කනේරු ඇට කාලා, වහ බීලා, එල්ලිලා මැරෙනකොට හරි කල්පනා කරලා බලපල්ලා.. උඹලත් කොහේහරි තැනක පොන්සි ස්කෑම් එකක, පිරමීඩ් ජාවාරමක එක කොක්කක් නේද? සිරාවටම උඹලට සනීපෙට නින්ද යනවද බං?

ට්‍රේඩිං කරන්න, කිසිම අවුලක් නැ.. ඒකට හරියන ප්ලැට්ෆෝම් තියෙනවා.. ඒවයෙ හරි විදියට ඒක කරලා ගොඩ යන්න.. හැබැයි ලේසියට, පහසුවට, ඉක්මනින් සල්ලි හොයන්න තමන්⁣ගෙ ජීවිතේ බිලිදෙන්නත් එපා, කාගෙවත් ජීවිත උකසට තියන්නත් එපා.

බිකෝස්,
ඕවා සහගහන අපරාධ බං

රට වෙනුවෙන් සෙල්ලම් කරපු කුසල් ජනිත්ගෙ සර්ජරි එකට එදා සතපහක් දුන්නේ නෑ ඒත් හිතවතුන්ට ? එබැවින් කිසිවක් නොකියමි shame slc...
27/07/2023

රට වෙනුවෙන් සෙල්ලම් කරපු කුසල් ජනිත්ගෙ සර්ජරි එකට එදා සතපහක් දුන්නේ නෑ ඒත් හිතවතුන්ට ? එබැවින් කිසිවක් නොකියමි shame slcricket

Address

Mahiyangana

Website

Alerts

Be the first to know and let us send you an email when මහියංගනේ සෙට් එක - Mahiyanagane Set Eka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share