30/07/2025
ඊයේ හවස 8.30 ට පමණ බණ්ඩාරවෙල කාගිල්ස් එක ළඟ නිල්පාට බාස්කට් එකක් තියාගෙන ඉන්න මේ කොල්ලව මම දැක්කා. ඔහු එතන තිබ්බ ෆාමසියෙන් ඔහුගේ ආච්චිට බෙහෙත් වගයක් ගන්න ඇවිත් හිටියේ. මට අමුත්තක් වගේ දැනිලා මං ඒ කොල්ලගෙන් ඇහුවා "බාස්කට් එක ඇතුලේ මොකක්ද තියෙන්නේ? මෙතන ඔයා මොකද කරන්නේ?" කියලා. එතකොට එයා "මම Business එකක් කරනවා" කියලා සාමන්‍ය විදිහට කිව්වා.
මම එතකොට ඇහුවා ඔයා ඉස්කෝලේ යන්නේ නැද්ද කියලා, ඒ වෙලාවේ බිම බලාගත්ත ඒ කොලුවා "මම ඉස්කෝලේ යනවා. හත වසරේ ඉන්නේ. මට දැන් වයස 11 යි. හවස 2 න් පස්සේ මම දොදොල් විකුණනවා" කියලා තැකීමකින් වගේ කිව්වා. ඔහු කියපු විලාශය අනුව මට ඔහුගේ ජීවින රටාව ගැන පුදුමයක් ඇති වුනා.
මම සියුම් සීරුවේ ඔහුගේ දෙමව්පියන් ගැන විමසද්දී ඔහු පැවසුවේ "මගේ පියා වෙන කාන්තාවක් සමග විවාහ වී අපේ පවුල දාලා ගියා. මගේ මව තවත් කෙනෙක් එක්ක සම්බන්ධ කමක් තිබිලා මාවයි නංගිවයි දාලා ගෙදරින් පැනලා ගියා. දැන් මායි මගේ නංගියි ජීවත් වෙන්නේ ආච්චි අම්මා එක්ක. ආච්චි අම්මා දොදොල් හදලයි අපිව බලාගන්නේ. මම ඒවා විකුනන්න උදව් කරනවා. ලොකු පහසුකම් නැති වුනත් ආච්චි කරන දෙයින් අපි සතුටින් ඉන්නවා.
එයාගේ කතාව මාව කඩලා බිඳලා දැම්මා. මම එවෙලේම ඔහුට කන්න කෑම සහ බීම අරන් දෙන්න ලැස්ති වෙද්දී ඔහු ඒක ප්‍රතික්ෂේප කරා. ඔහු මාර දෙයක් පැවසුවා. "මට දැන් ඔයා අරන් දෙන්න හදන කෑම එක කන්න බැරි කමක් නැහැ, හැබැයි මගේ නංගිටයි ආච්චි අම්මටයි මේ කෑම ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා මට මේ කෑම එපා. මම ගෙදර ගිහින් එයාලා එක්ක එයාලා කන කෑමක්ම කනවා" කියලා.
මේ කුඩා වයසේ ඔහුගේ මේ නිර්භීත හා ආදරණිය බව නිසාම මම ඔහුට යම් මුදල් ප්‍රමාණයක් ලබාදුන්නා. මම ඒ මුදල දුන් විගසම ඔහු ඔහුගේ ළඟ තිබුණු දුරකථනයෙන් ඔහුගේ ආච්චි අම්මට ඇමතුමක් අරන්, එක්තරා පුද්ගලයකු ඔහුට මුදල් ලබාදුන්න බවද, ඒ ලබාදුන් ප්‍රමාණයද පැවසුවා. මේ කොල්ලගේ ක්‍රියා කලාපය ගැන මම පුදුමයට පත්වුනා. ඒකත් මේ වගේ කාල වකවානුවක මෙහෙම ළමයෙක්?
ඉතින් මගේ ආදරණිය බණ්ඩාරවෙල ජනතාව හෝ ඒ පැත්තේ යනකොට මේ ලමයව කවුරු හරි දැක්කා නම් එයාගෙන් දොදොල් මිලදී ගන්න තරම් කාරුණික වෙන්න. ඇත්තටම ලොකු අරමුණක් තියන දක්ෂ හොඳ ළමයෙක්. ඒ කරන දෙයින් ඔහු මේ ලෝකේ තවමත් ආදරණියන්ගෙන් පිරිලා තියනවා කියන එක වටහාගනී.
මේක අවධානය ගන්න හෝ මේ කොල්ලව අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් පළකරපු එකක් නෙවෙයි. පුළුවන් තරම් අපි මිනිස්සුන්ට උදව් කරපු.
උපුටාගැනීම : Rifshad Pulyloon