Prana News

Prana News Truth. Insight. Perspective.

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සේවකයන්ට සැර චක්‍රලේඛයක්රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිත කිරීම සහ දුම්රිය මෙහෙයුම් කටයුතු...
26/08/2026

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සේවකයන්ට සැර චක්‍රලේඛයක්

රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිත කිරීම සහ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහ සේවකයින් විසින් රාජකාරී වේලාවන් තුළදී සහ ඊට සම්බන්ධ අවස්ථාවන්හිදී සමාජ මාධ්‍ය හරහා සංවේදී තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම පියවර ගත් බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එලෙස සංවේදී තොරතුරු සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් දුම්රිය සේවයේ විශ්වසනීයත්වය, මගී ආරක්ෂාව සහ ආයතනික විනය බරපතළ ලෙස අනතුරේ වැටෙන බව අදාළ චක්‍රලේඛයේ පෙන්වා දී ඇත.

මෙම නව චක්‍රලේඛයට අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත හෝ මාධ්‍ය වෙත ලබාදීමේ බලය හිමිවන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා, දුම්රිය නිල මාධ්‍ය ප්‍රකාශකවරයා සහ තොරතුරු නිලධාරියාට පමණි.

මෙම උපදෙස් උල්ලංඝනය කරමින් කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව දැඩි තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වනවා.

නේපාල ගංවතුරින් මියගිය ගණන 95 දක්වා ඉහළට - 403ක් තවමත් අතුරුදන්නේපාලයේ රසුවා ප්‍රදේශයට බලපෑ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්...
26/08/2026

නේපාල ගංවතුරින් මියගිය ගණන 95 දක්වා ඉහළට - 403ක් තවමත් අතුරුදන්

නේපාලයේ රසුවා ප්‍රදේශයට බලපෑ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 93 දෙනෙකු තුවාල ලබා ඇති අතර, පුද්ගලයින් 403 දෙනෙකු අතුරුදන්ව තිබේ. අතුරුදන් වූවන් අතර කාන්තාවන් 200 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 203 දෙනෙකු සිටින බව ද සඳහන් වේ.

ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් හිම ඉක්මනින් දිය වී යාම සහ නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත විශාල නායයෑමක් සිදුවීම මීට මූලික හේතුව වී ඇත. එම නායයෑමෙන් භෝටේ කොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වී, පසුව එකවරම දැවැන්ත ජල කඳක් පහළ ප්‍රදේශ වෙත මුදාහැරීමෙන් මෙලෙස විනාශකාරී ගංවතුර හටගෙන තිබේ.

ගංවතුර හේතුවෙන් භෝටේ කොෂි ගංගාව ආසන්නයේ පිහිටි ප්‍රධාන මහා මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටවී ඇති අතර, චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක් ද විනාශ වී ඇත.

ඊට අමතරව රසුවා දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම්, මාර්ග, පාලම් සහ විදුලි බලාගාර ව්‍යාපෘති රැසකට දැඩි හානි සිදුව ඇති අතර, ටිබෙටයේ අසල්වැසි ගිරොං ප්‍රාන්තයෙන් ද දැඩි මඩ නායයෑම් සහ ජීවිත හානි වාර්තා වී තිබේ.

නේපාලයේ ගංවතුරෙන් ශ්‍රී ලාංකිකයින්ට හානි නෑනේපාලයේ චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා ප්‍රදේශයට බලපෑ විනාශකාරී හ...
26/08/2026

නේපාලයේ ගංවතුරෙන් ශ්‍රී ලාංකිකයින්ට හානි නෑ

නේපාලයේ චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා ප්‍රදේශයට බලපෑ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වයෙන් ආපදාවට ලක්වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එහි මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොඩ්‍රිගෝ මහතා සඳහන් කළේ, නේපාලයේ වෙසෙන සහ සංචාරයේ නිරත ශ්‍රී ලාංකිකයන් පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය නිරන්තර විපරමින් පසුවන බවයි.

මෙම හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති අතර, විදේශීය සංචාරකයින් 291 දෙනෙකු ඇතුළුව තවත් 400 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත විශාල නායයෑමක් සිදුවී භෝටේ කොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වීම මීට ප්‍රධාන හේතුව වී තිබේ. එමගින් එකතු වූ දැවැන්ත ජල කඳක් එකවරම පහළ ප්‍රදේශ වෙත කඩා වැදීමෙන් මෙම විනාශකාරී තත්ත්වය හටගෙන ඇත.

ගංවතුර හේතුවෙන් භෝටේ කොෂි ගංගාව ආසන්නයේ පිහිටි ප්‍රධාන මහා මාර්ගයක් සම්පූර්ණයෙන්ම යටවී ඇති අතර, චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක් ද විනාශ වී ඇති බව සඳහන් වනවා.

ඊට අමතරව රසුවා දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම්, පාලම් සහ විදුලි බලාගාර ව්‍යාපෘති රැසකට දැඩි හානි සිදුව ඇති අතර, ටිබෙටයේ අසල්වැසි ගිරොං ප්‍රාන්තයෙන් ද දැඩි මඩ නායයෑම් සහ ජීවිත හානි වාර්තා වී තිබෙනවා.

26/08/2026

"දැන් මහ බැංකුවට යන්නත් බයයි, වතුර බොන්නත් බයයි"

#ප්‍රාණනිවුස් #ප්‍රාණටීවී #ප්‍රාණ #නිව්ස්

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

Like us on Facebook :
https://www.facebook.com/prananews
Follow us on Instagram :
https://www.instagram.com/prananewslk
Follow us on TikTok :
https://www.tiktok.com/
Visit our Website :
https://www.prananews.lk

නේපාලයේ හදිසි ගංවතුරකින් 18ක් මරුට - සංචාරකයින් ඇතුළු 400ක් අතුරුදන්නේපාලයේ රසුවා ප්‍රදේශයේ සිදුවූ විනාශකාරී හදිසි ගංවතු...
26/08/2026

නේපාලයේ හදිසි ගංවතුරකින් 18ක් මරුට - සංචාරකයින් ඇතුළු 400ක් අතුරුදන්

නේපාලයේ රසුවා ප්‍රදේශයේ සිදුවූ විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තවත් 400 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අතුරුදන් වූවන් අතර විදේශීය සංචාරකයින් 291 දෙනෙකු ද වන බව සඳහන් වනවා.

චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා දිස්ත්‍රික්කයේ ඇති වූ භූමිකම්පා තත්ත්වයක් සලකා බලමින් ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත නායයෑමක් සිදුව තිබෙනවා.

එමගින් භෝටේ කොෂි ගඟේ අතු ගංගාවක් වන ලෙන්ඩේ කොලා ගඟ අවහිර වී, පසුව එකවරම විශාල ජල කඳක් පහළ ප්‍රදේශ වෙත මුදා හැරීමෙන් මෙම දැවැන්ත ජල ගැලීම හටගෙන ඇත.

ගංවතුර හේතුවෙන් භෝටේ කොෂි ගඟ ආසන්නයේ පිහිටි ප්‍රධාන මාර්ග සම්පූර්ණයෙන්ම යටවී ඇති අතර පාලම්, විදුලි බලාගාර ව්‍යාපෘති සහ යටිතල පහසුකම් රැසකට දැඩි හානි සිදුව තිබේ. එසේම චීන දේශසීමාවේ පිහිටි චීන රජයට අයත් ගොඩනැගිල්ලක් ද ජල පහරට හසුවී සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වනවා.

මෙම ගංවතුර තත්ත්වය නේපාලයේ රසුවා දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශවලට මෙන්ම ටිබෙටයේ අසල්වැසි ගිරොං ප්‍රාන්තයට ද දැඩි ලෙස බලපා ඇති අතර එහෙන් ද දැඩි මඩ නායයෑම් සහ ජීවිත හානි වාර්තා වී තිබේ. මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ප්‍රදේශයේ ක්‍රියාත්මක වනවා.

26/08/2026

"420ට ගහලා අනුරගේ ඩබල් පොකට් බලන්න එනවාද?"
"ගැමුණුට සංවර්ධන ලොතරැයිය ඇදුනා වගේ"

#ප්‍රාණනිවුස් #ප්‍රාණටීවී #ප්‍රාණ #නිව්ස්

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

Like us on Facebook :
https://www.facebook.com/prananews
Follow us on Instagram :
https://www.instagram.com/prananewslk
Follow us on TikTok :
https://www.tiktok.com/
Visit our Website :
https://www.prananews.lk

26/08/2026

"ජනවරමේ නීතීඥයෝ කාගෙදෝ ජනවරමකට කඩේ යනවා"
මුජිබුර්ගෙන්, ජනවරමේ නීතීඥයින්ට පිළිතුරු

#ප්‍රාණනිවුස් #ප්‍රාණටීවී #ප්‍රාණ #නිව්ස්

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

Like us on Facebook :
https://www.facebook.com/prananews
Follow us on Instagram :
https://www.instagram.com/prananewslk
Follow us on TikTok :
https://www.tiktok.com/
Visit our Website :
https://www.prananews.lk

26/08/2026

"පද්මේගේ දුරකථනයේ ඔබතුමාත් ඉන්න්වාද දන්නේ නෑ"
"මහින්දගේ කාලෙත් නිධි හම්බුණා, හැබැයි ඡන්දෙන් පස්සේ නිදි"

#ප්‍රාණනිවුස් #ප්‍රාණටීවී #ප්‍රාණ #නිව්ස්

𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

Like us on Facebook :
https://www.facebook.com/prananews
Follow us on Instagram :
https://www.instagram.com/prananewslk
Follow us on TikTok :
https://www.tiktok.com/
Visit our Website :
https://www.prananews.lk

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පාලම් 14ක් හැදීමට චීනයෙන් කෝටි ගණනක ආධාරදිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් බස්නාහිර, සබරගම...
26/08/2026

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පාලම් 14ක් හැදීමට චීනයෙන් කෝටි ගණනක ආධාර

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පිහිටි පාලම් 14ක් අලුත්වැඩියා කිරීම සඳහා චීන මහජන සමූහාණ්ඩුව මූල්‍ය ආධාර ලබාදීමට එකඟතාව පළකර තිබෙනවා.

අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මාස 18ක් ඇතුළත පාලම් 9ක අලුත්වැඩියා කටයුතු නිමකිරීමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා චීන රජයෙන් යුවාන් මිලියන 7,929ක මූල්‍ය ආධාරයක් හිමිවීමට නියමිත අතර, ඒ සඳහා වන ගිවිසුම චීන රජය සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය අතර ඉදිරියේදී අත්සන් කිරීමට නියමිතයි.

මෙම වැඩසටහන නිශ්චිත රජයේ ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්.

Address

No. 263/A, Batalanda Road
Makola

Alerts

Be the first to know and let us send you an email when Prana News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share