24/05/2026
අපරාදේ යකෝ ඩේලි නාස්ති වෙන ඩේ ඇන්ඩ් නයිට් ඩේටා ටික🥹
ලෝකයේ වේගවත්ම ඩේටා ට්‍රාන්ස්ෆර් (Data Transfer) එක වෙන්නේ කොතැනද?" කියලා කවුරුහරි ඇහුවොත්, මින් පස්සේ ෆයිබර් කනෙක්ෂන්, 5G හෝ Google සර්වර් ගැන කියවන්න ලෑස්ති වෙන්න එපා. මොකද, සැබෑ සුපිරි පරිගණකය තියෙන්නේ අපේ ඇඟ ඇතුළේ! 😂
පරිගණකයක ඩේටා සේව් වෙන්නේ 0 සහ 1 (Bits) වලින්නේ. හැබැයි සොබාදහම ඩේටා සේව් කරන්නේ DNA අකුරු 4කින් (A, C, G, T).
මේ එක DNA අකුරක් පරිගණක භාෂාවට හැරෙව්වොත් Bits 2ක් වටිනවා.
එක ශුක්‍රාණුවක් (S***m cell) ඇතුළේ මේ වගේ අකුරු බිලියන 3ක් කම්ප්‍රෙස් (Compress) කරලා තියෙනවා.
ඒ කියන්නේ එක පියවි ඇසට නොපෙනෙන ශුක්‍රාණුවක් ඇතුළේ 750 MB ක ඩේටා ෆයිල් එකක් තියෙනවා!
ඕකෙන් Junk ඩේටා අයින් කරලා, පිරිසිදුම "කෝඩින්" ටික විතරක් ගත්තත්... එක ශුක්‍රාණුවක් 37.5 MB ක මෙමරි කාඩ් එකක් වගේ!
🚀 තත්පරේට ටෙරාබයිට් 16ක්! (16 TB per Ej*******on)
දැන් එමු ලොකුම ආතල් එකට. සාමාන්‍යයෙන් එක පාරකදී ශුක්‍රාණු මිලියන 200ක් විතර පිටවෙනවා නේ?
අර 37.5 MB ගාණෙන් හැදුවත්, එක පාරකදී ටෙරාබයිට් 16 කට (16 TB) වඩා වැඩි ඩේටා ප්‍රමාණයක් තත්පර ගණනකදී ට්‍රාන්ස්ෆර් වෙනවා! (ඩයලොග්, මොබිටෙල් සේරම ඉවරයි මේ වේගෙට 💀)
ඇත්තටම කිව්වොත්, ඔය 16 TB ඇතුළේ තියෙන්නේ:
තාත්තා වගේම ඇස් දෙකක් හදන හැටි.mp4"
සීයා වගේ තට්ටය පෑදෙන සොෆ්ට්වෙයාර් අප්ඩේට් එක.exe"
කේන්ති යන එක කන්ට්‍රෝල් කරන Driver File.sys" වගේ අතිශය පුද්ගලික ඩේටා!
🤫 හැබැයි ඉතින්... (Reality Check)
හැබැයි ඉතින් මේක ලෝකෙට පේන්න හදපු බජට් ආතල් එකක්. මොකද පරිගණක විද්‍යාවේදී එකම ෆයිල් එක කොපි 200ක් ගැහුවා කියලා ඩේටා වැඩිවෙන්නේ නැහැ. ශුක්‍රාණු මිලියන 200 ඇතුළෙමත් තියෙන්නේ එකම ඩේටා ටික "Copy-Paste" කරපුවා තමයි.
ඒත් ඉතින්, තමන්ගේ කෙල්ලට "මං ඔයාට ආදරෙයි" කියලා කියනවාට වඩා, "මම ඔයාගේ සිස්ටම් එකට තත්පරේට 16 TB ක ඩේටා අප්ලෝඩ් එකක් දුන්නා" කියන එකේ වෙනම ගැම්මෙක් තියෙනවා නේද බ්‍රෝ? ඩේටා කපෙන්නේත් නෑ! 😂
***mMaths