24/01/2024
ක්ලේශ මායාවෙන් මිදී අමා දම් පහසට සිතැඟි යාවන සුපින්බර දුරුතු පුන් පොහෝ දිනක් වේවා....🪷🙏🏻
Have a blessed Duruthu full moon Poya day,
ලක්වැසි දනන්හට නිර්වාණ ද්වාරය විවර කරවමින් බුදු හිමියන් ප්‍රථම වරට ලක්දිවට වැඩම වීම, මහා මේඝයක් මවා මහානාග යක්ෂ නාග ගෝත්‍රිකයන් දමනය කිරීම, සමන් දෙවිඳුගේ ඇරයුමින් දුන් කේශ ධාතූන් නිදන් කොට මහියංගණය සෑය ඉදි කිරීම, උරුවේලයෙහි ජටිල සොයුරන් ඇතුළු දහසක් දෙනා ධර්මයෙහි පිහිටුවීම, මගධය තුළ ධර්ම ප්‍රචාරය, සම්බුදු සසුනේ මංගල ආරාම පූජාව සනිටුහන් කරමින් බිම්බිසාර රජු විසින් වේළුවනාරාමය තනවා පූජා කිරීම, කැලණි පෙරහැරෙහි සමාරම්භය ආදී වූ ශාසනික වටිනාකම් රාශියකින් හෙබි දුරුතු පොහෝ දින බැතිබර සිතින් සමරමු....
💙🤍💙
🎙️