04/06/2024
Next Level Maths Results.
පළවෙනියටම කියන්න ඕන මේ ප්‍රතිඵල වල සම්පූර්ණ වගකීම සිසුන් සතු වේ.
ඔවුන්ට ඒ සඳහා පළමු වසරේ සිටම අකුරු ඉගැන්වූ සියළුම සිසුන් දමව්පියන් මෙන්ම උසස්පෙළ පාසල් ගුරුවරු මෙන්ම උසස්පෙළ Tution සිසුන් වන අපද මඟපෙන්වීම් සිදුකර ඇත.
ඉන් වැඩි බලපෑමක් උසස් පෙළ සියළුම ගුරුවරු සතු විය යුතුය. (ඒ ගැන තර්ක කරන්න දෙයක් නෑ)
ඉතින් ඇයි මේ Results අපි Publish කරන්නේ?
Tution ක්ෂේත්‍රයේදී ළමයෙක් Tution Class එකක් තෝරගන්න එක එක නිර්ණායක බලනවා. ඒ නිර්ණායක වලින් ගුණාත්මක බවින් ඉහළම නිර්ණායකය තමා පසුගිය වසරක ඉගෙනගත් සිසුන්ගේ ප්‍රතිඵල. ඒ නිසා අපගේ සිසුන්ගේ ප්‍රතිඵල Publish කරේ නැත්තම් අපේ Class එකේ ගුණාත්මක බාවය ගැන කට්ටිය දැනගන්න විදිහක් නෑ. (මේකට Result විකුණන් කනවා කියන්න පුළුවන් හැබැයි එහෙම කියන අයත් එයාලගේ අදුරන ළමයෙක් හරි Class එකකට යවනකොට අහනවා කෝ ඔයාලගේ Results කියලා. ඒක නිසා මේ විදිහට Publish කරනවා. ඒකට කවුරුත් හිත් රිදවගන්න අවශ්‍ය නෑ 😁)
මේ සියළුම ප්‍රතිඵල ළමයි පුද්ගලිකවම අපට එවන ලද ඒවා මිසක බලෙන් Result ඉල්ලගෙන මේකේ Publish කරලා නෑ.
මෙතන ඉන්නවා අපෙන් ඉගෙනගෙන මාතලේ මුල් 100 අතරට ආව ළමයි වගේම පුනරීක්ෂණ පන්තියට ඇවිත් ගියවර F සාමාර්ථ ඇවිත් මේ සැරේ C,B කරගත්ත ඒවා එහෙමත් නැත්තම් සරලවම ඉරණම වෙනස් කරගත්ත Results මෙතන තියෙනවා. S අකුරු B , C අකුරු A වෙච්ච ඒවා මේකේ දාලා නෑ.
සිසුන්ගේ අනාගතේ වෙනුවෙන් උපරිමෙන් වැඩ කරන Next Level Maths අපිට මේ Results ලොකු දෙයක් තමයි. ඒකයි මේවා දැම්මේ. 😁
තවද අපි Poster Cutout ගහලා පාරවල් අයිනේ ලයිට් කණු උඩ, තාප්ප වල ඒවා අලවලා පරිසරය කැත කරන්නෙත් නෑ. ඒ මට්ටමට එන්න තරම් ආකල්ප පිරිහිලත් නෑ. අපි ඒ මුදල් වලින් ළමයින්ට Paper ලියන්න කොළ පවා ලබාදෙනවා. ඒ වගේම Physical පන්ති එන ළමයින්ට එකදවසක් යම් හේතුවක් හින්දා පන්ති එන්න බැරි උනත් ඒක Online බලන්න පුළුවන් වෙන පහසුකම් ගොඩක් අපි දෙනවා. (Online එකට කියලා වෙනම සල්ලි ගන්නෙත් නෑ)
අවශ්‍ය නම් පන්ති එන ළමයින්ගෙන් අහන්න. 😇
For Better Future ❤️
Next Level Maths
තාරක බී. ජයතිලක