30/04/2024
🕯️එයා අකමැති නිසා මන් ආශ්‍රය කරපු මිනිස්සුන්ව අත ඇරියා
🕯️එයාට සම්පුර්ණ වෙලාවම දෙන්න ඕනෙ නිසා මන් යාළුවොන්ව මග ඇරියා
🕯️එයා එච්චර කැමැති නෑ වගේ නිසා මන් පැෂන් කරන එක නැවැත්තුවා
🕯️දෙන්නගෙන් එක්කෙනෙක් ඉගන ගත්තම ඇති කිව්ව නිසා මන් උපාධිය අමතක කළා
🕯️රස්සාවකට යනවට කැමැති නෑ කියල දන්න නිසා මන් ගෙදර නැවතුනා .
⭐️මිනිහෙක් උනාම සමාජ ආශ්‍රයක් ඕනේ කියල එයා දිගටම මිනිස්සු ආශ්‍රය කළා
⭐️හදිස්සියකට හරි යාළුවො ඕනෙ කියල යාලුවොන්වත් ළඟ තියාගත්තා
⭐️ගේමක් ගහන්න නම් ඉගන ගන්නම ඕනෙ කියල ඩබල් ඩිග්‍රි කම්ප්ලිට් කළා
⭐️ගෙදර වගකීම් මුකුත්ම නැති නිසා රස්සාවෙන් ඉහළටම ගියා
මේ හැම දේටම පස්සේ ලඟදි දවසක එයා මාර කථාවක් කිව්වා ,
අයියෝ ..ඔයා කිසි අප්ඩේට් එකක් නෑ නේ ,සෝෂල් නෑ ,තැනකට ගෙනියන්න බෑ ,අඩුගානෙ රස්සාවක් වත් නෑ ,කොහොමද මන් ඔයාව මිනිස්සුන්ට introduce කරන්නෙ, අනේ මන්දා මට නම් දැන් ඇතිවෙලා ..
මට කට උත්තර නැති උනා ,හේතුව මොකක් උනත් එයා කිව්වේ ඇත්ත කියල මටත් හිතුනා ..
ඇත්තම කිව්වොත් එයාට ඇති වෙන්න හුඟ කාලෙකට කලින් මට ඇති වෙලා තිබ්බා ,හැබැයි මන් ආදරේ වෙනුවෙන් හැමදේම දරාගත්තා ..
ඒත් අද මන් එක දෙයක් තේරුම් ගත්තා ,
ප්‍රේමය මොන තරම් ඝනකමට තිබ්බත් එක දවසක ප්‍රේමයට ඔබ්බෙන් මිනිස්සුන්ට ජීවිතය පේන්න පටන් ගන්නවා ,
අන්න එදාට ඔයාගෙ value එක හැදෙන්නෙ ඔයා කරපු කැපකිරීම් වල පරිමාණයට අනුව නෙමෙයි , ඔයා ළඟ තියන වටිනාකම් වල අනුපාතයට ..
එදාට ඔයා ළඟ පෙන්නන්න වටිනාකම් නැත්තම් අර එකතු කරපු ආදරේ නිකම්ම නිකම් හැඟීමක් විතරක් වෙනවා .
“හේතුව මොකක් වුණෙත් කිසිම කෙනෙක් වෙනුවෙන් තමන්ව නැති කරගන්න එපා ,
හැම තත්පරයකම පොඩ්ඩ පොඩ්ඩ හරි තමන්ව ගොඩනගාගන්න."
ප්‍රේමය කියන්නෙ ,හැඟීමක් උනාට ,දවසක මිනිස්සු ඒ හැඟීමට වටිනාකම් දෙනවා ..එදාට ඔයා නිකම්ම නිකන් හිස් මිනිහෙක් විතරක් උනොත් ඔයා ළඟ තියන ආදරේ කවුරුත් එච්චර ලොකුවට ගණන් ගන්නෙ නැහැ ,ඒකයි ඇත්ත ..
මේ අද උදේ session එකේදී තරුණ බිරිඳක් කියපු ඇත්තම කථාවක් ,
මේක ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම අදාලයි ..
ඔයා තාම ප්‍රමාද නැහැ ,දැන් මේ මොහොතේ ඉඳන් තමන්ව ගොඩනගන්න පටන් ගන්න 💜
Copied
Lyric Lush
Following