Feel’s

Feel’s Heart Touching ~🫀
Real Feelings Hear >> 🙇🏻‍♂️❤️‍🩹

"අ"යන්න..❤️‍🩹"!!සිහිල් සුළගින් ගත නිවෙනවද සොදුර නුඹ මට කියන්න....නුඹේ කාටත් ආයේ බැරිවෙයි නුඹව මාවත් හොයන්න....කොළොම්පුරය...
17/08/2026

"අ"යන්න..❤️‍🩹"!!
සිහිල් සුළගින් ගත නිවෙනවද සොදුර නුඹ මට කියන්න....
නුඹේ කාටත් ආයේ බැරිවෙයි නුඹව මාවත් හොයන්න....
කොළොම්පුරයේ සුපිරි මාළිග හැරදාලා තිත තියන්න.....
හැකි උනානම් නොබිය කුමරියේ මටම හැක මෙය ලියන්න.....🤍

උලලේනගේ බකමූණගේ හඩට නුඹ බිය නොවන්න....
රෑට එහෙමයි ගම්මු කීවෙම ගමේ අසිරිය තියන්න.....
ඉතිම් අද සිට තනමු අපෙ ලොව අලුත් පිටුවක ලියන්න....
කවදා හැකිවෙද කිරි සුවදකින් පුංචි පැල්පත නිවන්න.....💗"

හීන් හිරිකට පින්න බෝමයි රෑට එළියට නොයන්න....
මාර ගහ යට පුංචි පැල්පත නුඹේ නිවහන කියන්න....
වැවේ පිටියේ යක්කු බෝමයි ගොම්මනට ඉරි තියන්න....
හෙමින් කලුවර වැටෙද්දිම් නුඹ හීනියට ඇහැ පියන්න....❤️"

පාළු මූසල සොහොන බියකරු පැත්තකටවත් නොයන්න....
උදේ අලුයම පින්න අස්සේ නුඹේ ගීතය ගයන්න....
ගීය අස්සේ අමුතු පදවැල් අලුත් කොළයක ලියන්න....
ඉක්මනට අපි ගේමු කුමරෙක් කියලා දෙන්නට "අ"යන්න.....🩶"

-සින්ටෝ-
🤍!

Address

Matale
21000

Website

Alerts

Be the first to know and let us send you an email when Feel’s posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share