21/02/2026
බැන්ඩේජ් පටියකින් එකට ගැටගහපු මේ චූටි කකුල් දෙක අයිති ඊයෙ පෙරේදා තමන්ගෙ අම්මගෙ හො.ර මිනිහගෙන් ගුtiකාල අමානුෂික විදිහට මියගිය අහිංසක කිරිසප්පයෙක්ට,
දරුවගෙ බොඩි එකේවත් මූණෙවත් ෆොටෝස් ශෙයා කරන්නෙ නැහැ, මේක විතරයි මෙහෙම හෝ ශෙයාකරන්න පුළුවන් මට්ටමක තියෙන්නෙ,
මරණ පරීක්ෂණ වාර්තාවෙ තියෙන විදිහට දරුවගෙ ශරීරෙ තැලුම් පාරවල් තිස්ගාණක් සහ ගිනි උණුවතුරෙන් පුළුස්සපු තැන් තියෙනව,
ඒ හැමදේම කරල තියෙන්නෙ දරුවගෙ අම්මගෙ අනියම් සුවාමියා විසින්,
'දැනෙන තැන නවතින්න', 'අසම්මතය සුන්දරයි' වගෙ විකෘති අදහස් රෝමාන්තීකරණය වෙන එකේ අතුරුඵල මේවා,
අවසානෙ විඳවන්නෙ මේ ලෝකෙ ගැන මෙලෝ හසරක් නොදන්න කිරිසප්පයො!
අර පහුගිය කාලෙ එක්තරා පාසලක ගුරුවරියො කියාගත්තු සෙට් එකක් කරපු වැඩක් සාධාරණීකරණය කරන්න දඟලපු, ඒ අය වෙනුවෙන් පෙනී ඉන්නව කියල පෙන්නපු ප්‍රගතිශීලී මහාචාර්යවරු, මහාචාර්‍යවරියො මේ සිදුවීම ගැන වචනයක්වත් ලියල තියෙනව දැක්කෙ නෑ, බාගවෙලාවට එයාල මේ ගැන දන්නෙවත් නැතුව ඇති,
Copied 😪😪