
26/02/2025
හුඟක් වෙලාවට මිනිස්සු relationship වලදි ෆේල් ,
ඒකට හේතුව ,
📍තමන්ගෙ පෝස්ට් එකකට likes ටිකක් වැටෙනකොට තමන්ට පිරිවර ඉන්නවා කියල හිතනවා
📍ආදරේ පිරිච්ච කමෙන්ට්ස් ටිකක් වැටෙනකොට අනේ මිනිස්සු මට මාර ආදරෙයි කියල හිතන්න ගන්නවා
📍සමාජේදී කවුරුහරි ඔයා හොඳයි ඔයා මරු කිව්වම අනේ මිනිස්සු මට සලකනවා කියල හිතනවා
📍කවුරුහරි කෙනෙක් තමන්ගෙ භාෂාමය හැකියාව පාවිච්චි කරලා මන් ඔයාට ආදරෙයි කිව්වම එයා මට ඇත්තටම ආදරෙයි කියල විශ්වාස කරන්න පටන් ගන්නවා .
මිනිස්සු හරි ඉක්මනට අනිත් මිනිස්සුන්ගෙ වචන හෝ අකුරු දිහා බලලා බැඳීම් හදාගන්නවා
ඊට පස්සෙ මම තමයී පොර කියල අධි මානයෙන් හිතන්න සහ හැසිරෙන්න ගන්නවා .
හැබැයි ඇත්ත ඊට වඩා වෙනස් ,
මිනිස්සු කටින් මන් ඔයාට ආදරෙයි ,අනේ ඔයා හරි ශෝක් ,ඔයා තමයි හොඳම කියල කියන්නෙ ,ඒ වේලාවේ එයාට ඔයා ගැන දැනුන හැඟීම නිසා මිසක් ඇත්තටම එයාගෙ හිතේ ඔයා ගැන තියන හැඟීම නිසාම නෙමෙයි .
ඒ නිසා ,සමාජේදී ,රාජකාරියේදී ,ගෙදරදී ,සමාජ මාධ්‍යයෙදී මේ කොහේදී උනත් මිනිස්සුන්ගේ වචන වලට රැවටිලා බැඳීම් තද කරගන්න හදිස්සි වෙන්න එපා ,
වචන වලට එහා ගිහින් ඒ මිනිස්සුන්ගේ හැසිරීම් දිහා හොඳට බලන් ඉන්න ,අන්න එතකොට ඔයාට ඇත්ත තේරෙයි 🤍🩶🖤