विमु VIMU விமு

विमु VIMU விமு 💙🌿 अपु 💙🌿

🌼 🌼
(5)

08/10/2025

🤍

07/10/2025

ආදරේ කියන්නෙ මොකක්ද කියල
කවුරු හරි මගෙන් ඇහුවොත්
මං පෙන්නන්නෙ ඔයාව...😘❤️

දන්නවද රත්තරං,
ඔයා එක්ක ඉන්න හැම තත්පරේකටම
මං මහ හුඟක් ලෝබයි..
මට මාව හොයාගන්න,
මගේ වටිනාකම දැනගන්න,
ජීවිතේ ටාගට්ස් ඇචීව් කරගන්න
මට කියල දුන්නෙ ඔයා..🙂❤️

මට මාව වටින්නෙ නෑ කියල හිතෙනකොට,
මට මාව දරාගන්නම අමාරු තැන් වල,
දැන් මාව දරාගන්නෙ ඔයා..
මේක මං හෙව්වටත් වඩා
ලස්සන ආදරයක් වෙන්නෙ අන්න ඒ නිසාමයි

අපි ආදරේ කරන්න ඕන
අපි ආදරේ කරනවට වඩා
අපිට ආදරේ කෙනෙක්ට..
ඔව්, මං මෙතනදි පරාදයි
ඔයාගෙ ආදරේ ළඟදි මං පරාදයි..
දවසින් දවස අපේ ආදරේ අලුත් වෙනවා,
ඒකට මහන්සි වෙන්නෙ ඔයා
ඒකට කැප වෙලා ඉන්නෙත් ඔයා..

ඉතින් මං ඔයාට ආදරෙයි
සීමා මායිම් නැතුව ආදරෙයි! 😘❤️

✍️ [ Ravindya Wijerathne ]

🤎🤎
03/10/2025

🤎🤎

03/10/2025

ඒක මාර හයිය අතක්!

මං හැමදාම ආස වුනේ
මං ආදරේ කරන කෙනාගෙ
අතින් අල්ලන් ඇවිදින්න..
හැබැයි මගේ ජීවිතේ
මං මහ හුඟක් මිනිස්සුන්ගෙ
අතින් අල්ලන් ඇවිදලා නෑ..

මේ අත තමයි මට මුණගැහුණ
ආදරණීයම අත..
ඒක මට මාව විතරක් නෙවෙයි
මගේ හැමදේම දරාගන්න පුළුවන් තරම්
හයියක් කියල මම දන්නවා..
මාව දරාගන්න , මාව බලාගන්න,
මට හයියක් වෙන්න, මාව නැගිට්ටවන්න
ඒ අතට පුළුවන්..

ඒ නිසාම ඒ අතේ අයිතිකාරයාට
මම පණ ඇරලා ආදරෙයි!

ඉතින් මගෙ ආදරණීය කහ මල
ඔයා මට පිස්සුවක්..
එච්චරයි! 🥹🌼

copied
රවින්ද්‍යා ✍️

17/09/2025

සමහර වෙලාවට අපි
"යන්නම්" කියලා කියනවා..
"යන්න එපා, ඉන්න.."
කියලා අහගන්න ඕනි නිසාම! 😇
🤍

16/09/2025

හොඳම දේවල් කවදාවත්ම මඟ හැරෙන්නෙ නෑ!
🤍

23/08/2025
මහ අමුතු හිනාවක්!🥹ඉස්සෙල්ලාම එයාව දැකපු දවසෙමට හිතුනෙම එහෙම..ටිකක් ආඩම්බර , හැබැයි ලස්සන , හැමෝම ළඟ නැති ලස්සන හිනාවක් එ...
23/08/2025

මහ අමුතු හිනාවක්!🥹

ඉස්සෙල්ලාම එයාව දැකපු දවසෙ
මට හිතුනෙම එහෙම..
ටිකක් ආඩම්බර ,
හැබැයි ලස්සන ,
හැමෝම ළඟ නැති
ලස්සන හිනාවක් එයාට තිබුණා..

ඒ කටහඬ!
ඒ හිනාවටම දෙවෙනි නොවෙන
ලස්සන කටහඬක්..
ලේසියෙන් අහන්න ලැබෙන්නැති
මං අහපු ලස්සනම කට හඬක්..

හිනාවෙන ඇස් දෙක!
ඇස් වල චූටි කඳුළු බිංඳුවක් එක්ක
ලස්සන දිග ඇස් පිහාටු තියෙන
හිනාවෙලාම ඉන්න හීනි ඇස් දෙකක්..

ඉතින් ඊට වඩා දේවල් මොනාටද
එයාට මම වශී වෙන්න..
හැබැයි ඒක ආදරේම නෙවෙයි වෙන්න ඇති
හැබැයි ඔයාව මට විශේෂයි..
සෑහෙන්න විශේෂයි! 🥺✨️

රවින්ද්‍යා (කහ මල) ✍
🌻🤍

21/08/2025

ඉඩ දෙන්න,
ජීවිතයට ඔහේ ගලාගෙන යන්න.
🖤🖤

" මම අහන්නමයි හිටියෙ ,ඔයා ලියන එක නැවැත්තුවද ?"අහම්බෙන් වගේ පාරෙදි හම්බුන යාලුවෙක් මගෙන් මතක් කරලම ඇහුවා ." එහෙම එකක් නෑ...
10/08/2025

" මම අහන්නමයි හිටියෙ ,ඔයා ලියන එක නැවැත්තුවද ?"

අහම්බෙන් වගේ පාරෙදි හම්බුන යාලුවෙක් මගෙන් මතක් කරලම ඇහුවා .

" එහෙම එකක් නෑ , ඉස්සර වගේ ලියන්න දැන් මට වෙලාවක් නෑ "

එහෙම කියලා මම එන්න ආවා .
ඒත් එන දිගටම මටත් කල්පනා උනේ අවුරුදු හයක් හතක් තිස්සේ දවස ගානෙ ලියන මම දැන් සතියට එකක් ගානෙවත් ලියන්නෑ නේද කියලා .

මම ලියද්දී , මගේ ලෝකේ මමයි තව එක්කෙනෙකුයි ඉන්නවා .
ඒ ඇත්තටම ඒ ඉන්න මම .

මම ලියන්නේ මම මාත් එක්කම කතා කරන දේවල් .

එතකොටයි මට මතක් උනේ ,

" ඒ කියන්නේ , මම මාත් එක්කම කතා කරන එක පවා නවත්තලාද ?"

මිනිස්සු අන්තෙටම බිඳුනම , තමන්වත් අතෑරලා දානවනෙ .

මම හිතන්නේ ,
" මම දැන් මාවත් එක්කම අතෑරලදාලා "

ඒත් වෙලාවෙන් වෙලාවට මම උත්සාහ කරනවා ,
" වැටෙන්න නොදී මාව අල්ලගන්න "

"හැමදවසක්ම නරක දවසක් වෙන්නෙත් නෑනේ "

Nimmi wasana ❤️🍃

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when विमु VIMU விமு posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share