04/03/2026
🌷 අද අපි කතා කරමු “Self-Love” ගැන
අද අපි කතා කරමු ඔයාට නිතර අහන්න ලැබෙන වචනයක් ගැන -love
ඔයා ගොඩක් videos, articles, social media posts වලින් මේ වචනය අහලා ඇති. ඒත් ඇත්තටම ස්වයං ආදරය (Self-Love) කියන්නේ මොකක්ද?
ඔයා කවදාහරි ඔයාටම මෙහෙම කියලා තියෙනවද?
“මං මට #ආදරෙයි” කියලා.
නැත්තම්…
අනිත් අය ඔයාට ආදරෙයි කියනකම්, ඔයාව අගය කරනකම්,
ඔයා තවමත් බලාගෙන ඉන්නවද?
“මං මට ආදරෙයි” කියන එක හරිම ලස්සන වචනයක්.
ඒත් ඇත්තටම ඒකෙන් අදහස් කරන දේ මොකක්ද?
🌸 Self-Love කියන්නේ,
1️⃣ ඔයාගේ දුර්වලකම් පිළිගැනීම.
ඔයා ඔයා ගැනම අවබෝධයෙන් බලන්න (self-observation) පටන් ගන්න. ලැජ්ජාවකින්, බියෙන් තොරව, ඔයාගේ ශක්තීන් (strengths) සහ දුර්වලතා (weaknesses) මොනවාද කියලා හඳුනාගන්න.
ස්වයං ආදරය තියෙන කෙනෙක් තමන්ගේ දුර්වලතා සඟවාගන්න නෑ. ඒ දේවල් පිළිගෙන ඒවා වර්ධනය සඳහා අවස්ථාවක් කරගන්නවා.
උදාහරණයක්: ඔයා නිතරම වැඩ කල් දාන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා ඒක හඳුනාගෙන කුඩා පියවර වලින් වැඩ පටන් ගන්න පුරුදු වෙනවා.
2️⃣ ඔයාගේ හැඟීම් අගය කිරීම
ඔයාට දැනෙන හැඟීම් දුක, බිය, සතුට, හුස්ම හිරවීම මේවා සියල්ලම සාමාන්‍යයි. Self-love තියෙන කෙනෙක් තමන්ගේ හැඟීම් නැතිවී යන්න කියලා ඒ හැගීම් යටපත් කරන්නේ නොසලකා හරින්නේ නෑ. ඒ වෙනුවට ඒවා අවබෝධයෙන් පිළිගන්නවා.
උදාහරණයක්: ඔයා දුකෙන් ඉන්න දවසක
“මට මේක දැනෙන්න අයිතිය තියෙනවා” කියලා ඔයාටම කියන එක.
3️⃣ ඔයා ඔයාටම ගරු කිරීම.
Self-love කියන්නේ ඔයාගේ වටිනාකම හඳුනාගැනීමයි. ඔයාගේ වටිනාකම තීරණය වෙන්නේ අනිත් අයගේ අදහස් වලින්, social media likes, comments වලින්, හෝ සමාජ තත්ත්වයෙන් නොවේ.
උදාහරණයක්: කෙනෙක් ඔයාව අගය නොකරන සම්බන්ධතාවයක ඉන්නවා නම් ඔයාට ඔයාගේ සීමා (boundaries) තියාගන්න පුලුවන්.
4️⃣ ඔයාට වේදනාවක් තියෙන වෙලාවට ඔයා ඔයාටම සැනසීමක් වෙන්න.
අපි බොහෝවිට අනිත් අයට කරුණාවෙන් සලකනවා. ඒත් ඔයා ඔයාටම එහෙම කරුණාවෙන් සලකනවාද?
Self-love තියෙන කෙනෙක් ඔයා වැරදි කරද්දී ඔයාටම අතිශය විවේචනය කරන්නේ නෑ.
ඒ වෙනුවට ඔයාටම කියනවා:
“හරි. මම වැරදි කරලා තියෙනවා.
ඒත් මට තව ඉගෙනගන්න පුළුවන්.”
Self-love කියන්නේ අහංකාරය නොවේ.
Self-love කියන්නේ “මට වෙන කෙනෙක් ඕනේ නෑ” කියන එකත් නෙමෙයි.
Self-love කියන්නේ,
“මම මටම වටිනා කෙනෙක්” කියන සත්‍යය පිළිගැනීමයි.
🧠 මනෝවිද්‍යාත්මකව බලද්දී,
ස්වයං ආදරය තියෙන කෙනෙක්ට,
✔️ අඩු self-doubt
✔️ සෞඛ්‍යමත් සම්බන්ධතා
✔️ සීමා තබාගැනීමේ හැකියාව
✔️ අඩු මානසික තෙහෙට්ටුව
ඉතින් අද ඔයාටම මෙහෙම අහලා බලන්න…
“මම මට හොඳට සලකනවාද?”
අදින් පටන් ගමු,
අනිත් අයට දෙන ආදරයෙන් ටිකක් ඔයාටම දෙන්න. 💛
✍️ Psychehub
🦋 Sandeepanee Batheegama 🦋
👩🎓 BSc in Psychology & Counseling
Dip. In Counseling & Psychotherapy (Reading)
ඔයාගේ ජීවිතේ තියන මානසික ප්‍රශ්න ගැටලු කතා කරන්න අපේ fb page එකට message එකක් දාන්න 👇
https://www.facebook.com/share/187c6SnH3D/
🙃 ඉතින් හැමදාම මේ වගේ මනෝවිද්‍යාව සම්බන්ධ දේවල් දැනගන්න දිගටම අපි එක්ක ඉන්න අපේ channel එකත් subscribe කරලා තියාගන්න. 👇
https://youtube.com/?si=THj4RcDRaPv_6nvQ 🔔👍👥
#මනෝවිද්‍යා #මානසික