MEGHA Fashion Avenue

MEGHA Fashion Avenue Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MEGHA Fashion Avenue, Matara.
(52)

✦MEGHA 𝚏𝚊𝚜𝚑𝚒𝚘𝚗 𝙰𝚟𝚎𝚗𝚞𝚎✦

💃We Make Your Dream Dress💃
Megha Fashion Avenue | SL 🇱🇰
Party Dress| Baby Wears|Normal Dress 🪡
Custom • Handmade •
✨ Follow for New Designs🪄
• pattern Maker NVQ (level 4 )•

Saree jacket  පිටුපස කර මෝස්තර ටිකක් 🥰MEGHA Fashion Avenue (ඡායාරූප මුල් අයිතිකරු සතුයි .උපුටා ගැනිම pinterest app)
22/08/2026

Saree jacket පිටුපස කර මෝස්තර ටිකක් 🥰

MEGHA Fashion Avenue

(ඡායාරූප මුල් අයිතිකරු සතුයි .උපුටා ගැනිම pinterest app)

20/08/2026

Good Morning හැමෝටම 🙏
වාසනාවන්ත සුභ දවසක් වේවා

Party වලට, office  එකට සාරි jackets  ඉදිරිපස මෝස්තර ටිකක් .. මහන්න ගිහින් design  හොයා හොයා යන  ගෑණු ලමයින්ට ..🥰අනිත් අය...
15/08/2026

Party වලට, office එකට සාරි jackets ඉදිරිපස මෝස්තර ටිකක් .. මහන්න ගිහින් design හොයා හොයා යන ගෑණු ලමයින්ට ..🥰
අනිත් අයටත් බලා ගන්න share කරන්න .. 🤗


(ඡායාරූප මුල් අයිතිකරු සතුයි .උපුටා ගැනිම pinterest app)

කොටට අදින්න කැමති ගෑනු ලමයින්ට crop top ideas  ටිකක්.. 💖 ලමයිනේ ඔන්න  share  කරන්න අනිත් අයටත්  අදහසක් ගන්න ..🥰MEGHA Fas...
11/08/2026

කොටට අදින්න කැමති ගෑනු ලමයින්ට crop top ideas ටිකක්.. 💖 ලමයිනේ ඔන්න share කරන්න අනිත් අයටත් අදහසක් ගන්න ..🥰
MEGHA Fashion Avenue
(ඡායාරූප මුල් අයිතිකරු සතුයි .උපුටා ගැනිම pinterest app)

ඔන්න අද ඇදුම් ලේබලය ගැන දැනගමු ..             මං දන්නවා ඔයාලා ඇදුමක් මිලදි ගැනිමේදි ඒකේ ලස්සන ,size එක විතරක් බලල ගේන්න ...
10/08/2026

ඔන්න අද ඇදුම් ලේබලය ගැන දැනගමු ..
මං දන්නවා ඔයාලා ඇදුමක් මිලදි ගැනිමේදි ඒකේ ලස්සන ,size එක විතරක් බලල ගේන්න පුරුදු වෙලා ඉන්නේ.ගෙනාවට පස්සේ හිතුනු විදිහට වොශින් මැෂින් එකට දාලා හෝ අතේ හෝදලා එක්කෝ අයන් කරාට පස්සේ එක්කෝ ඇදුමේ පාට ගිහින් එක්කෝ හිරයි නැත්තං කොටයි.ඔයාලා මොකක්ද කරන්නේ ශොප් එකේ මිනිස්සුන්ට වැරැද්ද පටවලා බනින එකනේ.පලුයන්න ජාතිය අමතයි.ඔයාලා ඇදුමක ලේබලේ තියෙන්නේ මොකටද කියලා කවදාවත් බැලුවද.අඩුම ඒකේ තියෙන දේවල්වත්..ඔයාලා බැලුවත් බලන්නේ size එකනේ.අපි බලමු මේ ගැටලු මගහැරවා ගන්නේ කොහොමද ලේබලේ තියෙන්නේ මොනවාද කියලා ..

ඇදුම් ලේබලය (Clothing Labels)යනු, ඇඳුම් වල පිටුපස හෝ ඇඳුමේ side එකෙන් අමුනනු ලබන, විවිධ තොරතුරු සහ විස්තර ලබා දෙන කුඩා පුවරුවකි. එමගින් ඇඳුමේ ,

✍brand -වෙළඳ නාමය
✍size information - ප්‍රමාණය
✍ country of origin - නිශ්පාදිත රට
✍fabric content- රෙදි වර්ගය
✍washing instructions- සේදිමට උපදෙස්
✍care instructions- සැලකිලිමත් කිරීමේ උපදෙස්
✍Ironing Instructions - ඇගලුම මැදිය යුතු ආකාරය
වැනි තොරතුරු අඩංගු වේ.

👇ඇදුම් ලේබලයේ විශේෂාංග

1. Brand Name - වෙළඳ නාමය
Brand-වෙළඳ නාමය හෝ designer label-නිර්මාණකරුගේ ලේබලය මඟින්, ඇඳුම අයත් නිෂ්පාදකයා හෝ ආයතනයක් හෝ නිරූපණය කරයි.
- Example: •Nike, Adidas, Gucci, Zara.

2. Fabric Content - ඇගලුම නිපදවා ඇති රෙදි වර්ගය
- මෙහිදී, ඇඳුමේ භාවිතා කරන fabrics-රෙදි වර්ග පිළිබඳ තොරතුරු ලබා දේ. Fabric content වර්ග ලෙස cotton, polyester, silk, wool, nylon, linen වැනි රෙදි වර්ග භාවිතා කරනු ලබයි.
- Example: •100% Cotton,
•80% Polyester, 20% Cotton.

3. Washing Instructions -ඇගලුම සෝදා ගතයුතු ආකාරය ගැන උපදෙස්
Washing instructions එනම් සෝදා ගතයුතු ආකාරය, කුණු දූවිලි ඉවත් කරගතයුතු ආකාරය පිලිබදව උපදෙස් සපයන symbols මගින්, ඇඳුම සෝදා ගන්න ඕනී කොහොමද , සේදිය යුතු කාලය, සේදිය යුතු තාප මට්ටම, පිළිබඳව මාර්ගෝපදේශ ලබා දේ.
- Example:
•Hand wash only - අතින් පමනක්
සෝදන්න
•සීතල වතුරෙන් සෝදන්න
•සෝදන්න එපා
•Machine wash at 30°C- 30°C දී මැෂින්වලින් සෝදාගන්න.


4.Ironing Instructions - ඇගලුම මැදිය යුතු ආකාරය පිලිබදව උපදෙස් සපයයි.එනම් ඇදුම මදින්න සුදුසුද ,නැද්ද , ඇදුම Iron කළයුතු temperature settings -තාප මට්ටම් සහ iron type පිළිබඳව මාර්ගෝපදේශ ලබා දේ.
Example :
• Iron at low temperature- අඩු තාපයේ මැදීම .
•Do not iron - මැදිම නොකරන්න.

5. Care Instructions ඇදුම සේදිමට අමතරව සැලකිලිමත් වීමේ උපදෙස් මින් අදහස් කෙරේ ඒ අතර ,

👇Dry clean (ඩයි ක්ලීන් ) කිරිමට සුදුසුද නැද්ද Dry clean කළයුතු ආකාරය .එනම් මංගල ඇදුම් ,කෝට් ,සල්වාර් බොහෝ විට ඩයි ක්ලීන් කරනවා .එහිදි අව පැහැවිම, ඇදුම් කොටස් ගැලවිම කැඩියාම නිසා ඇඳුමට සිදුවන හානිය අවම කරගන්න ලේබලේ අනුව ක්‍රියා කිරිම වැදගත් .

Example • Dry clean only
• Do not Dry clean

👇 Tumble dry (ටම්බල් ඩ්‍රයි) එනම් Tumble මැෂිම මගින් /වොෂින් මැෂින් යන්ත්‍රයේ හෝ සේදිය යුතුද නැද්ද ,එහි සේදිය යුත්තේ කෙසේද මෙන්ම යන්ත්‍රයේ වියලිය යුතු ආකාරය පිලිබදව තොරතුරුද ලේබලයෙන් දක්වයි.

Example •Tumble dry only
• Do not Tumble dry

👇Bleaching කරන විදිහ
එනම් ඔයාලට ඇදුම බ්ලීචිං කරන්න අවශ්‍ය නම් ඇදුමේ ලේබලේ බලන්නම ඕනී .රසායනික ද්‍රව්‍ය මගින් කරන පැල්ලම් ඉවත් කිරිම පැහැය වෙනස් කිරිම, සුදු කිරිම වැනි දේවල් කරද්දි රෙද්දට හානි වෙන්න පුළුවන් ඒ නිසා ලේබලය හොදින් බලන්න ඕනි .
Example • බ්ලීචිං කරන්න එපා
• බ්ලීචිං කරන්න


6. Size Information -ප්‍රමාණ තොරතුරු
Size labels -ප්‍රමාණ ලේබල් මගින් ඇඳුමේ ප්‍රමාණය සඳහන් වේ. එය S, M, L, XL, XXL වැනි සාමාන්‍ය ප්‍රමාණයන් හෝ numeric sizing -සංඛ්‍යාත ප්‍රමාණ ලෙස දෙනු ලැබේ.
Example : •Size M (Medium)
•Size 8.

7.Country of origin යනු, ඇඳුම නිෂ්පාදනය වූ රට පිළිබඳ තොරතුරු සැපයීමයි.
Example : •Made in China
• Made in Italy.

8. Recycling Information -නැවත භාවිතා කිරීම පිලිබදව තොරතුරු
Recycling instructions-නැවත භාවිතා කිරීමේ උපදෙස් වශයෙන්, environmentally friendly materials- පරිසරයට හිතකර ද්‍රව්‍ය භාවිතා කිරීම සහ නැවත භාවිතා කිරීම සඳහා උපදෙස් ලබ දීමයි.

තවදුරටත් ඔබට වැදගත් වන ලේබලේ ඇති සංකේත පිලිබදව රූප සටහන් වලින් විස්තර කර ඇත.
ඉතින් ඔයාලා කඩේ අයියට බනින්නයි ආපහු ඇදුම කඩේට ගිහින් දෙන්න ගිහින් අපහසුතාවට පත්වීමට කලින් ලේබලේ බලන්න.

👇ඒ වගේම අනිවාර්‍යෙන්ම ඇදුමක් මිලදි ගත්තම වගේම මස්සලා අරන් ආවම අනිවාර්යයෙන් සෝදලා අදින්න පුරුදුවෙන්න.මොකද කීදෙනෙක් ඇදුම අතපත ගානවද.සමේ රෝග බෝවන රෝග අවම කරගන්න ඔබට පුළුවන් .අලුතින් ඇදුමක් අරන් ඒකත් එක්ක ලෙඩත් හදාගන්නේ මොකටද නිකන්.බෙහෙත් වලට යන වියදමෙන් තවත් ඇදුමක් ගන්නත් පුළුවන් 🥰.

හැමෝටම දැනගන්න share කරන්න ..💓
කියවලා like comments දාගෙන යන්නත් අමතක කරන්න එපා ලමයිනේ 🥰නැවත හමුවෙමු ,සුභ දවසක් 🥰
(අවසරයකින් තොරව උපුටා පලකිරිම තහනම් )
✍ MEGHA Fashion Avenue ✍

ඔන්න ලමයිනේ කුර්තා මහන්න ආස ඔයාලට වගේම  blouses මහන්න ආස අයටත් අදහසක් ගන්න පුලුවන් ලස්සන කර මෝස්තර ටිකක් 🤗MEGHA Fashion ...
06/08/2026

ඔන්න ලමයිනේ කුර්තා මහන්න ආස ඔයාලට වගේම blouses මහන්න ආස අයටත් අදහසක් ගන්න පුලුවන් ලස්සන කර මෝස්තර ටිකක් 🤗

MEGHA Fashion Avenue

(ඡායාරූප මුල් අයිතිකරු සතුයි .උපුටා ගැනිම pinterest app)🤗

ඔන්න ලස්සන ඇදුම් මහන්න Sleeve patterns ටිකක් ..🪡💃 අනිත් අයටත් බලන්න share කරන්න🤗(Credit by Pinterest app with owner)MEGH...
29/07/2026

ඔන්න ලස්සන ඇදුම් මහන්න Sleeve patterns ටිකක් ..🪡💃
අනිත් අයටත් බලන්න share කරන්න🤗

(Credit by Pinterest app with owner)
MEGHA Fashion Avenue

ඔන්න ලස්සනට fashion  කරන්න කැමති  ගෑනු ලමයෝ ඔයාට corp top with sleeve patterns  ideas ටිකක් ...🤗🪡(Credit by Pinterest ap...
27/07/2026

ඔන්න ලස්සනට fashion කරන්න කැමති ගෑනු ලමයෝ ඔයාට corp top with sleeve patterns ideas ටිකක් ...🤗🪡

(Credit by Pinterest app with owner)
MEGHA Fashion Avenue

ලස්සන පුංචි පැංචියොන්ට party dress🧚🤗            ඔන්න ඔයාලගේ පුංචි පැංචියොන්ට party  එකකට, විශේෂ අවස්ථාවක්ට අදින්න ලස්සන ...
25/07/2026

ලස්සන පුංචි පැංචියොන්ට party dress🧚🤗

ඔන්න ඔයාලගේ පුංචි පැංචියොන්ට party එකකට, විශේෂ අවස්ථාවක්ට අදින්න ලස්සන Dress එකක් මහලා දෙන්න idea එකක් ගන්න තමයි මේ ටික 🤍🥰

(Credit by Pinterest app with owner)

MEGHA Fashion Avenue

Address

Matara

Website

Alerts

Be the first to know and let us send you an email when MEGHA Fashion Avenue posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share