CHAMATH VLOGS

CHAMATH VLOGS YouTube content creator and digital marketer

28/06/2025

Silent Killer Celebration 💀
Pathum Nissanka

27/06/2025

කමිදු පැතුම් ගැන කියපු ලස්සන වචන ටික 🥺✨
Kamindu Mendis

26/06/2025

චන්දීගේ විකට් එකට පැතුමට පට්ට අවුල් 🥺
Well Played Champ 🇱🇰 Dinesh Chandimal


25/06/2025

ඇන්ජීගේ අඩුව පුරවන්න ආපු පුංචී විශිෂ්ඨයා 🔥🇱🇰
Sonal Dinusha Gamage

11/06/2025

මිනිස්සුන්ට දන්සල් දෙනව වගේම මෙයාලටත් බත් කටක් දෙනව නම් වටිනව ❤️🥺
fans

04/06/2025

කොච්චර ප්ලේන් දැක්කත් අලුත් එක්කෙනාව නොබලා ඉන්න බැහැ ❤️✨🇱🇰
SriLankan Airlines

නිධන් හොරුන් වැනසූ, මහවැලි ගඟ මැද පිහිටි ජීවමාන ප්‍රමාණයේ දැවැන්ත ගල් අලියාගේ මූර්තිය _•නිධන් කියන්නෙ අපේ රටේ ජනප්‍රිය ම...
04/06/2025

නිධන් හොරුන් වැනසූ, මහවැලි ගඟ මැද පිහිටි ජීවමාන ප්‍රමාණයේ දැවැන්ත ගල් අලියාගේ මූර්තිය _•

නිධන් කියන්නෙ අපේ රටේ ජනප්‍රිය මාතෘකාවක්. පෙර රජදරුවො තැන්පත් කළ මුතු මැණික් වස්තුව සොයා ගැනීම කෙසේ වෙතත්, මුදලින් මිල කල නොහැකි වටිනා සම්පත් ගණනාවක් හිත්පිත් නැති නිධන් හොරුන් අතින් වැනසී තියෙනව. මේ ඛේදාන්තයකින් අවසන් වූ එවන් අද්විතීය නිර්මාණයක් පිළිබඳ අනාවරණයක්.

තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් ආනකල්ලු ප්‍රදේශයෙදි මහවැලි ගං කොමලිය ගලා යන්නෙ බොහොම නිසොල්මනේ. මේ හුදකලා ඉසව්වෙ ගං ඉවුරේ වූ ගුප්තමය ජීවමාන ප්‍රමාණයේ අලියෙකුගේ ශෛලමය නිර්මාණයක් පිළබඳව එච්. සී. පී. බෙල් මහතා 1917 දී Ceylon Antiquary And Literary Register සඟරාවෙ සඳහන් කරල තියෙනව.

එතුමාට අනුව මහවැලි ගඟේ ආනකල්ලු පිහිටි ගලක ජීවමාන ප්‍රමාණයෙන් කැටයම් කර ඇති අලියා, මේ ආකාරයට ලංකාවේ හමුවන එකම කැටයම විය හැකියි. මෙම කලා නිර්මාණය පිළිබඳව මුල්ම සටහන ලැබෙන්නේ බෙල් මහතාගේ දිනපොතේ 1897 සැප්තැම්බර් 23 දින තබා ඇති සටහනෙන්.

සැප්තැම්බර් 23 ( උදෑසන )

" තොටුපළට සැතපුම් 1½ ක් පමණ දුරින් ගඟ තරණය කළා. ( මහවැලි ගඟ; බටහිර පැත්තෙන් ඔරුවකින්). ලගින්ම ඇති ගම මුස්ලිම් ගම්මානයක් වන කටුවන්විලයි. එය මහවැලිගඟේ එගොඩ පත්තුව ඇති ඉවුරේ දකුණු දෙසට කෙටි දුරකින් පවතී.

ඉන්පසු අප සැතපුම් කාලක් පමණ දුරින් ඇති ගල් අලියා කැටයම ඇති ප්‍රදේශයට දකුණු ඉවුර දිගේ ගඟ ඉහලට ගමන් කළා. මෙම ස්ථානයේ තරමක ප්‍රමාණයේ ගල් හතක් හෝ අටක් එකිනෙකට සමීපව තිබෙනවා.

එක ගලක බෑවුමේ පාදම දිගේ (එය ගිනිකොණ දෙසට ඉහළට නැඟී වර්තමාන ඉහළ ජල මට්ටමට වඩා අඩි 15 ක් පමණ ඉහළින් පිහිටා තිබෙනවා, නමුත් ගොඩබිම පැත්තෙන් අංශක 45 ක කෝණයකින් යුතුය.) ඇලියක් කපා තිබෙනවා. ගල් පර්වතයේ දකුණු කෙළවරේ කුළුණු සඳහා කුඩිම්බි සහිත නොගැඹුරු පියවර නවයක් දෙපස කපා තිබෙනවා.

මෙහි පෙනෙන ආකාරයට යම් ආකාරයක ගොඩනැගිල්ලක් මෙහි තිබී තිබෙනවා. බොහෝ විට මුරගෙයක් හෝ ආරක්ෂක කුටියක් විය හැකියි.

“ගල් අලියා” යනුවෙන් හැඳින්වෙන මූර්තිය කුඩා ගල් පර්වතයක කැටයම් කර ඇති අතර එය ගඟට මඳක් ප්‍රක්ෂේපණය වන අතර අඩි කිහිපයක් උඩින් තිබෙනවා. ක්‍රමයෙන් ඉවුරේ වැලි එකතුවීම නිසා අලියාගේ හිස ප්‍රදේශය දක්වා වැළලී ගොස් තිබුනා. අලියා දකුණු-ගිනිකොණ දෙසට දෙසට මුහුණලා කෙලින්ම පාහේ දිය පහරට මුහුණදී සිටිනවා. අලියා දණනමාගෙන සිටින ස්වරූපයෙන් හා හිස තරමක් දකුණට නැඹුරු වනලෙස (උඩුගම් බලා) නෙලා ඇතිබව මගපෙන්වන්නන් අපට පැවසූවා.

අලියාගේ හිස සමස්තයක් ලෙස විශ්මයජනක ලෙස කැටයම් කර ඇති අතර, එහි සැකිල්ල හා ප්‍රමාණය අතිශය ජීවමානයි . මෙම කාලයේ ගඟ පිටාර ගලා ඇති නිසා ඇස් සහ කන් වලට පහළින් සියල්ලම ජලයෙන් යටවී තිබෙනවා.

ජීවමාන ප්‍රමාණයේ සත්ව මූර්ති ශිල්පයේ අද්විතීය උදාහරණයක් ලෙස දැක්විය හැකි මෙම කැටයමේ කාලය පිළිබඳ නිශ්චිත හෝඩුවාවක් ලබාගැනීම සඳහා යාබද ගල් පර්වතවල කිසිදු සෙල්ලිපියක් සොයාගත නොහැකි උනා.

මෙම ජයාරූපයේ දැක්වෙන්නේ අලියා මත නැගී ප්‍රීතිමත් මුස්ලිම් තරුණයෙකුය. (ඔහු “සවාරිය ප්‍රීති විඳින බව පෙනේ”). ඒ සමග මම මෙහි මිනුම් ගත්තෙමි.

හිස මුදුනේ සිට පිටුපස කොටස දක්වා (අඩි 2 ක බෑවුමකි) : අඩි 6 අඟල් 0
කණ පිටුපස සිට අනෙක් කණ දක්වා, නළල හරහා : අඩි 7 අඟල් 5
කනට ඉහළින් සිට අනෙක් කණට ඉහළින්, හිස් කබල හරහා : අඩි 3 අඟල් 10
කණ පිටුපස සිට ඇසට : අඩි 3 අඟල් 3
කණ : අඩි 2 අඟල් 7
ඇස් වළ : අඟල් 9 x 6

මීට අමතරව ඔහු මෙම අලියා පිලිබඳව 1917 දී Ceylon Antiquary And Literary Register සඟරාවට මෙසේ පවසනවා

එය ඇත්ත වශයෙන්ම මහවැලි ගඟේ වම් ඉවුරෙන් කෙළවර වන පිහිටි ගලෙන් මූර්ති කරන ලද සම්පූර්ණ ප්‍රමාණයේ අලියෙකි. අවට ඇති පරිසරයට පරිපූර්ණ ලෙස අනුවර්තනය වන ලෙස නෙලා ඇති මෙම කැටයම අර්ධ වශයෙන් ජලයෙන් යටවූ අලියාගේ හිස තරමක් උඩුගම් බලා ඇති අතර ගඟ හරහා ඇවිදීමට හෝ පිහිනීමට පෙර නැවත එය දෙස බලන අයරු මවා පායි.

මේ සටහනට වසර 10 කට පසු එච්. ස්ටෝරි (H. Storey) විසින් 1907දී පලකරන ලද Hunting and Shooting in Ceylon ග්‍රන්ථයේ ඔහු විසින් 1904 දී මෙම අලියා බැලීමට ගිය බව සඳහන් කරනවා.

ඉන්පසුව මෙම ගල් අලියා පිළිබඳ වාර්තා කරන්නේ ඇස්. ඩී. ද ලැනරෝල් “වන නදිය” පොතේ . මෙය 1950 දශකයේදී මහවැලි ගඟ දිගේ නුවර සිට ත්‍රිකුණාමලය දක්වා ඔරු වලින් ගඟ දිගේ ගිය චාරිකා සටහනක්. ඔහු සඳහන් කරන්නේ ජලමට්ටම ඉහල බැවින් ඔහු දුටුවේ හිස හා පිට පමණක් බවයි.

ඉන් අඩසිය වසකට පමණ පසු මහවැලි ගඟ දිගේ යන ජැක්සන් ඇන්තනී මහතාගේ සංචාරයේදී ඔහුට, මහවැලි වැලි තලාවේ වැතිර සිටි ඓතිහාසික හස්ති රාජයා හමු වන්නේ නැහැ. වසර දහස් ගණනක් පුරා ගං තෙර සුරක්ෂිත වුණ මේ සුවිශේෂී නිර්මාණය හිත්පිත් නැති නිධන් හොරුන් පුපුරුවා විනාශ කර දමා තිබුණා.

මූලාශ්‍ර - BELL, H. C. P., 1917, THE “GAL ALIYA” OR “ROCK ELEPHANT” AT KATUPILANA, TAMANKADUWA. Ceylon Antiquary And Literary Register. 1917. Vol. 3.

DE LANEROLLE, S. D., 1996, වන නදිය. Colombo : Suriya.

උපුටා ගැනීමකි .

ඇන්ජිලෝ ඩේවිස් මැතිව්ස්, මීට හරියටම අවුරුදු 38කට කලින් අද වගේ දවසක මෙලොව එළිය දකිනවා. ඔහුගේ ජන්ම දිනය යෙදී තිබෙන අද දවසේ...
02/06/2025

ඇන්ජිලෝ ඩේවිස් මැතිව්ස්, මීට හරියටම අවුරුදු 38කට කලින් අද වගේ දවසක මෙලොව එළිය දකිනවා.

ඔහුගේ ජන්ම දිනය යෙදී තිබෙන අද දවසේදී Ceylon Sports අප හිතුවා ඇන්ජි ගැන ඒ තරම් දුරට කතා නොවෙන කාල වකවානුවක් ගැන මතකය අවධි කරන්න.

වර්තමානයේ ඉන්න බොහොමයක් ක්‍රීඩා ලෝලීන් වයස අවුරුදු 19න් පහළ තරගාවලි ගැන දැනුවත්.

හැබැයි මීට අවුරුදු 23කට කලින් ඊටත් වඩා අඩු වයස් කාණ්ඩයක ආසියානු කුසලාන තරගාවලියක් පැවැත්වෙනවා.

2002 අවුරුද්දෙදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කේන්ද්‍ර කරගනිමින් වයස අවුරුදු 15න් පහළ ආසියානු කුසලාන තරගාවලියක් ක්‍රියාත්මක වෙනවා.

ඔන්න ඔය තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරෙන්නේ අද දවසේදී උපන්දිනය සමරන ඇන්ජිලෝ මැතිවුස්ට.

සචිත්‍ර සේරසිංහ, සමීර ද සොයිසා, මලින්ද පුෂ්පකුමාර, ශාලික කරුණානායක ඇතුළු ක්‍රීඩකයන් පෙරටු කොටගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ජිලෝගේ නායකත්වය යටතේ ආසියානු අනුශූරතාවය දිනාගන්නට සමත් වෙනවා.

මේ තරගාවලියේ දි ඇන්ජිලෝ මැතිවුස් තුන් ඉරියව්වෙන්ම දස්කම් පාන්නට සමත් වෙනවා. ඔහු තරග 5 තුළදී ලකුණු 166ක් රැස්කරන්න සමත් වෙන්නේ 41.50ක පිතිකරණ සාමාන්‍ය රදවාගෙන.

එම තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවන් වැඩිම කඩුලු ලාභියා බවට පත්වන ඇන්ජි තරග 5කදී කඩුලු 8ක් දවාගන්න සමත් වෙනවා.

එදා 15න් පහළ ක්‍රීඩකයෙක් විදිහට නායකත්වය දරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන්න ඔහු නුදුරේදීම ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙනු ඇතියAngelo Mathewsන්දිනයක් ඇන්ජි ❤️ Angelo Mathews

31/05/2025

Top 40 අතරට පත් නොවුවත් ලෝක රූ රැජිණි තරගාවලියට ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජනය ඔබයි, ඔබගේ සියලු ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා! ❤️✨🇱🇰

Anudi Gunasekara

Address

Bandaranayaka Road , Mathugama
Matugama
1200

Alerts

Be the first to know and let us send you an email when CHAMATH VLOGS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CHAMATH VLOGS:

Share

Category