15/05/2022
කවුරු හරි තුවක්කුවක් දික් කරල දවස් 7ක් යනකන් ඇස් පිය ගහන්න එපා,ගැහුවොත් මරනව කියල ඔයාට කිව්වොත්
මොකද කරන්නෙ?
එහෙම නැත්තන් දවස් 7ක් ඇස් පිය නොගැහුවොත් මොකද වෙන්නෙ ?
අපි කතා කරමු. වෙන්නෙ මොකද කියල අපි හිතමු 🙏🙏
ඔයා ඇසිපිය ගහන විට ඔයාගෙ ඇහිබැම මතුපිට සුමටව තියාගන්න උදව් වෙන කන්දුලු පටලයක් හැදෙනව. මේ සිනිදු පටලය පිටත ආලොකය නිසිලෙස නභිගත කිරීමට ද උදව් වෙනව.එබැවින් ඔබට අපැහිදිලි දර්ශනයක් පේන්නෙ නැ.
දැන් ටිකක් හිතල බලන්න කන්දුලු ආපු වෙලවට පෙනුනද කියල. 😊😊
හරි දැන් බලමු මොකක්ද මේ වෙන්නෙ කියල.
ඇස් වල cornea එක ලන්ගට blood vessels එන්නෙ නැ. ඒ නිසා ඇස පිය නොගහ ඉන්න වෙලවට ඇසේ oxygen අවශ්‍ය්තාවට මේ පටලය උදව් වෙනව. එ මදිවට මෙකෙ enzymes තියෙන්ව bacteria වලට විරුද්දව සටන් කරන. ඒකෙන් ආසත්මික වීම් වලක්ව ගන්න පුලුවන්.
ඉතින් සතියක් ඇස් පිය ගහන්නෙ නෑ කියන්නෙ ඇස් දෙක ඉවරයි.
දැන් ඉදිරි පැය 168 ඔබට ඇස් පිය ගහන්න බැහැ. ගැහුවොත් 💣💣💣
ඔයගෙ willpower එකටවත් බැ දැන් මේක නවත්තන්න. අහල තියෙන්වද lid speculum කියල එකක් .ගොඩක් වදකාගාර වල තමයි මේක use කරනව වගේ එකක් තේරෙයි. නමුත් මේක surgery වලදි පාවිච්චි කරනව.
(අවසානයට පින්තූරු කීපයක් දාන්නම්)
දැන් ඇහැට ඉහලින් සහ පහලින් මුද්දක් දාන්න. ( කිවුවට කරන්න එපා එහෙම කරනව කියල හිතාගන්න). සරලයි. දැන් ඇස් පිය ගහන්න උත්සහ ගන්න. . 😁 . දැන් ගනන් කරන්න පටන් ගන්න. තත්පර 4 ට පස්සෙ ඔයාටම තේරෙන්න ගන්නව ඉබේම ඔයාගෙ ඇන්ගෙන්ම ඇස් පිය ගහන්න ඔයා සටන් කරනව. හහ් පට්ට fight එකක් දෙන්නෙ ඔයා. 👍👍🤗🙏🙏😠
හරියට නිකන් දැන් ඔයාට ඇස් දෙක lubricate කරගන්න බැරි උනා වගෙ. දැන් ඔයාගෙ ඇස් දෙක වේලෙන්න පටන් ගන්නව.දැන් ඇහැ රතු පාට වේගෙන එන්නෙ. මේකට හේතුව තමයි ඉතා කුඩා රුධිර වාහිනි ඒකෙ මතුපිටම ප්‍රසාරනය වෙන්න ගන්න එක. ඔයා දැන් මේ කන්දුලු පටලය අයින් කරපු ගමන් ඔයගෙ පෙනීම දූවිලි සහ අන්ශු තැන්පත් වෙල බොන්ද වෙලා යනව.දැන් ඔයාගෙ ඇසේ නිකන් අමුතු මතුපිටක් හැදිල තියෙන්නෙ.ඇස හරහ දැන් ආලෝකය ගමන් කරන්නත් බැහැ.
දැන් තමයි ඔයා නියම අච්චාරුවක වැටිල ඉන්නෙ.
දැන් වැඩි තෙතමනය ඇහෙන් වාශ්ප වෙල යනව. නැවත ඒක පිරෙනවටත් වඩා ඉක්මනට.දැන්නම් ඉන්නම බෑ . ගිනි තිබ්බ වගේ. ඇස් පිය ගහන්නම බෑ.මේක පිස්සුවක් වෙල තියෙන්නෙ. තාම මෙ වැඩේ පටන් අරන් ටික වෙලවයි. ගොඩක් දෙනාගෙ හැකියවන් එක්ක මේක වෙනස් වෙනව. කොහොම උනත් මිනිත්තු ගානක් යනකොට මේක එපා වෙනව. ඒත් තාම අබියෝගය ඉවර නෑ.
හරි දැන් ටිකක් එහාට හිතමු. මෙහෙම ඈත් කරපු ඇස් දෙක තියගෙන ඔබ එලියට බහිනව. මොකක් වෙයිද?? 😏🤔🤔 Dial කරන්න හදන්නෙ wrong number එකක් නේද.
ඔයාට කිසිම විදිහකට UV කිරණ වලින් ඇස් ආරක්ශා කරගන්න වෙන්නෙ නැ. සම්පූර්නයෙන්ම ඇස සූර්යාට නිරවරනය උනොත් ඇසේ cornea (නොදන්න අය search කරන්න) එක පිච්චිල පැය 48 ක් ඔයාව තාවකලිකව පූර්න අන්ද භාවයෙන් තියන්න පුලුවන්.
දැන් පොඩි නින්දක් තමයි උවමනා නේද? 😊😊 ඇහැ වහන්න බෑනෙ 😁😁
ඔය ඇස් පියාගන්නවට කියනවට කියන තව නමක්නෙ නිදාගන්නව කියන්නෙ. නැ ඒකට ඇත්තටම හේතුවක් තියෙනව. නිදාගන්න අනිවරෙන් ඇස් පියගන්නම වෙනව.ඔයාගෙ දැන් තියෙන්නෙ කලකිරීමයි නින්ද යන්නෙ නැති තෙහෙට්ටුවයි දැන් ඔයා අත්වින්දිමින් ඉන්නෙ බරපතල වේදනාවක් සහ අපහසුතවයක්. ඔයාට ඇත්තටම ඇස් ඇරන් නිදාගන්න පුලුවන්නම් ඔයත් 20% විතර කටිටියගෙන් කෙනෙක්. මේ ගතවන සෑම මිනිත්තුවකම ඔයගෙ වේදනව වැඩි වෙනව දැන්. ( ඔයා ඉන්නෙ තාම මේක පටන් ගත්ත වෙලාවෙ ඉන්දන් ඇස් පිය නොගහ, challenge එක තමයි දවස් 7 ක් ඇස් පිය නොගහ ඉන්න එක).දැන් ඔයාගෙ ඇහි බැම කහන්න ගන්නව. දැන් ඔයාට ශ්ලේශ්මල,තෙල් සහ සමෙ සෛල විසර්ජනය වෙන්න පටන් ගන්නව.මේ වෙන දේට නම් ඔයා කොහොම ඔරොත්තු දෙයිද කියල හිතාගන්න බැ මට. Cornea එකට යන oxygen ප්‍රමානය අඩු හින්ද cornea hypoxia (search කරන්න) වලට මග පාදනව.අක්ශි කාච දාන අයට නම් මේක පොදු කාරනයක්.
නමුත් ඔයාට මේක අලුත්.දැන් දැන් ඔයාගෙ ඇස් ඉදිමෙන්න ගන්නව,ප්‍රතිකාර නොකරොත් සෛල මැරෙන්න ගන්න ඒක හේතුවක් වෙන්න පුලුවන්. මේක දිගුකලිනව බලපෑමක් එල්ල කරන්න හේතු වෙනව.
දැන් ඔයා මේ විදිහට ඉන්දල සතිය අවසානෙට ඈවිල්ල තියෙන්නෙ.මේ වෙනකොට ඇස් ඉදිමිල වේදනවෙන් ඉන්නෙ. දැන් ඔයා බාගෙට අන්දයි ඇත්තටම."මන් අන්දයි මට පේන්නෙ බාගෙට".
මේ රබර් ඇස් සෙල්ලමෙන් පස්සෙ දවස් 7ක් ඉන්දල ඔයාට දැන් ඇස් පිය ගහන්න දෙනව.
ඔයා දැන් එක පාරටම 100,000 වාරයක් විතර ඇස් ගහයිද? හරිනම් කෙරෙන්න ඕනෙ දෙයක්. ඒ ඔක්කොටම වඩා ඒක තමයි වේදනාකාරීම දේ.මොකද ඒ ඇස් වහන වහන සැරේට cornea එක උඩ සතියක් එකතු උන දුවිලි කුනු ඇහේ කනීනිකාව තුවාල කරනව. මෙතන තියෙන nerve ending එක්ක මේක තවත් වෙදනාකාරී වෙනව.
නමුත් අවසානයේ ඔබට ඇස් පියාගැනීමට හැකිවනු ඇත. ඔබ නිදාගන්න.
නැවතත් හමුවෙමු...
Written by Ginikura............
Like, comment & share.