RASH TV

RASH TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RASH TV, News & Media Website, Monaragala, Medagama.

අපි ඔබ වෙත ගෙන එන්නේ විශ්වාස කළ හැකි තත්‍ය නිවුස්.
රටේ සිදුවන ප්‍රදාන සිදුවීම් වේගයෙන්, නිවැරදිව සහ නිර්පක්ෂව ඔබට ගෙන ඒම ඒකයි අපගේ ප්‍රධාන අරමුණ. දේශීය සහ ජාත්‍යන්තර ප්‍රවෘත්ති, දේශපාලනය, ක්‍රීඩා, ආර්ථිකය, සමාජීය කාලීන තොරතුරු
දැන ගැනිමට අපසමග එකතු වන්න

අද (13) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේ...
13/12/2025

අද (13) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි දැක්වෙන්නේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත‍්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත‍්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

13/12/2025

කන හරහා මොලයට 🙏🙏🙏 #හිට්නිවුස් #උණුසුම්පුවත්

හදිසි අනතුරක් යනු සිතා මතා සිදු කරන දෙයක් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝ...
12/12/2025

හදිසි අනතුරක් යනු සිතා මතා සිදු කරන දෙයක් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අතින් සිදු වූ අනතුර සම්බන්ධයෙන් විධිමත්ව පරීක්ෂණ සිදු කරන ලෙස අදාළ අංශවලට දැනුම් දී ඇති බවයි අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මන්ත‍්‍රීවරයා කිසිසේත්ම මත්පැන් පානය කර සිට නොමැති බවත්, එලෙස මත්පැන් පානය කර සිටියා නම් නීත්‍යානුකූල ලෙස සොයා බලා අදාළ කටයුතු සිදු කිරීමට පොලීසියට හැකි බවයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

#විශේෂපුවත් #නිවුස් #නිවුස් #උණුසුම්පුවත් #හිට්නිවුස්

12/12/2025

ඊසාන දිග මෝසම සක්ක්‍රිය වීමත් සමග දෙසැම්බර් හා ජනවාරි මාසවල දී අඩු පීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැළඹීම්, අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව පසුගිය වසර 30 තුළ ඊසාන දිග මෝසම ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ දත්ත පරිශීලනය කර ඉදිරිපත් කළ වාර්තාවක් මඟින් මෙම තොරතුරු අනාවරණ කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගොඩ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ.

#හිට්නිවුස් #උණුසුම්පුවත් #නිවුස් #විශේෂපුවත්

12/12/2025

25000 දෙන හැමොටම 5000000 ත් දෙන්න

#විශේෂපුවත් #නිවුස් #උණුසුම්පුවත් #හිට්නිවුස්

12/12/2025

🙏🙏



පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා, සමගි ජන බලවේගයේ නීතිඥයින්...
12/12/2025

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා, සමගි ජන බලවේගයේ නීතිඥයින් පිරිසක් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිඛෙනවා.

ඒ අනුව, ඊයේ රාත‍්‍රියේ රිය අනතුරක් සිදු කළ හිටපු කතානායක අශෝක රන්වල බීමත්ව සිටියේදැයි එම අවස්ථාවේදීම පරීක්ෂණ සිදු කිරීමට පොලීසිය අපොහොසත් වුනේ මන්දැයි සොයා බලා වාර්තා කරන ලෙස ද ඔවුන් පැමිණිල්ල මඟින් ඉල්ලා තිබෙනවා.

සාමාන්‍ය පුරවැසියකු බීමත්ව මෙලෙස පැදවුවා නම්, එම අවස්ථාවේදීම ‘බැලුම් පුම්බා’ පරීක්ෂණය සිදු කරන බවයි සමගි ජන බලවේගයේ නීතිඥ සංගමයේ නීතිඥ යොහාන් ආරියවංශ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.




ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.ඒ අනුව, අනතුරක් වළක්වා ගැනීමට කටය...
12/12/2025

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අනුව, අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හා අන්තරාදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් වන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, ඔහු බීමත්ව සිටියා ද යන්න සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Address

Monaragala
Medagama
91550

Website

Alerts

Be the first to know and let us send you an email when RASH TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share