Kebithigollewa TV

  • Home
  • Kebithigollewa TV

Kebithigollewa TV You have come to the Kebithigollewa TV page to watch the daily updated news from around the world. Follow and Like the page.

පොඩ්ඩා වැඩේ කලා ඊයේ
10/08/2025

පොඩ්ඩා වැඩේ කලා ඊයේ

10/08/2025

අද ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සුවහසක් දු දරුවන්ට ජයෙන් ජයම වේවා...

👩‍🍳 HKS හිස්තැනක් WA සටහන් කර 7766ට ගොඩ ගොඩාක් sms කරලා පොඩ්ඩට සපෝට් එකක් දෙමු ❤️❤️
09/08/2025

👩‍🍳 HKS හිස්තැනක් WA සටහන් කර
7766ට ගොඩ ගොඩාක් sms කරලා පොඩ්ඩට සපෝට් එකක් දෙමු ❤️❤️

09/08/2025

අදත් උදේම කඩුවෙලින් වෙඩි පත්තු වෙයි.

අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් උන්වහන්සේ බිය ගන්නා 2020 වසරේදී එම පක්ෂයට ලද ජාතික ලැය...
08/08/2025

අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් උන්වහන්සේ බිය ගන්නා 2020 වසරේදී එම පක්ෂයට ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් උන්වහන්සේ වැඩ සිටින රාජගිරියේ සඳහම් සෙවන වෙත ඊයේ (07) රාත්‍රී කාලයේ ගොස් තිබෙනවා.

ඒ යනවිට උන්වහන්සේ එහි රැදී සිට නැති අතර, ජංගම දුරකථනය පවා අක්‍රියකර සැඟව සිටින බවයි කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම සේවයෙන් නෙරපා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රශ්න කිරීමට නියමිතයි.

මෙම පැහැරගැනීම සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ගේ සම්බන්ධයක් ගැන පැමිණිල්ලෙහි පැහැදිලිවම සඳහන් වන බව කොළඹ අපරාධ කොට්ඨාශයේ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

වසර 05 කට පමණ පෙර සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුව‍ට ගෙන ඇති අතර, පළමු සැකකරු අත්අඩංගුවට ගන්නේ පසුගිය ජූලි 20 වෙනිදාය.

පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අතුරලියේ රතන හිමියන්ට ලබාගැනීමට තමාව පැහැරගෙන ගොස් ලිපි ලේඛන කිහිපයකට බලහත්කාරයෙන් අත්සන් ගත් බව පැමිණිල්ලෙහි සඳහන් බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරනවා.

මුලින්ම අත්අඩංගුවට ගත් සැකකරු කටුවන, කිරිමානගොඩ පදිංචිකරුවෙක් වන සැකකරු අවුරුදු 35ක් වයසැති අයෙක්.

මෙම සැකකරු කටුවන නන්දසීහ හිමි නමින් පැවදි වී සිටි අයෙක් බව විමර්ශන වලින් අනාවරණය වී ඇති අතර, පැහැරගැනීම සිදුකර ඇත්තේ ඔහු සහ අනෙත් සැකකරු විසිනි.

අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් වේදනිගම විමලතිස්ස හිමියන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත්වීම වලක්වමින් උන්වහන්සේ පැහැරගෙන වෙනත් අයෙකු නමි කිරීම සදහා මෙම පැහැරගැනීම සිදුව ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා.

කොළඹ දිසා අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ දුරකථන ජාල විශ්ලේෂණයකදී පැහැදිලිවම අනාවරණය වී ඇත්තේ මෙම පැහැරගැනීම සිදුවූ අවස්ථාවේදී සිටම අතුරලියේ රතන හිමි සැකකරුවන් සමග දුකරථනයෙන් අසාමාන්‍ය ලෙස සම්බන්ධව සිට ඇති බවයි.

මෙම පක්ෂයේ නායකයා බව සඳහන් සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් 2024 ජනවාරි 22 දා ‍අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී පාතාලයේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඝාතනය වුණා.

08/08/2025

Kebithigollewa Temple

🧖 මේ ඉන්නේ වමේ කුරුණෑගල ඉවෝන් ලංකා කියන ආයතනයේ (දම්මික අතපත්තු) අහිංසක මිනිස්සුන්ගේ කෝටි ගානක් නැති  කරපු පුද්ගලයෙක්. ඒව...
08/08/2025

🧖 මේ ඉන්නේ වමේ කුරුණෑගල ඉවෝන් ලංකා කියන ආයතනයේ (දම්මික අතපත්තු) අහිංසක මිනිස්සුන්ගේ කෝටි ගානක් නැති කරපු පුද්ගලයෙක්. ඒවා අරන් දෙන්න නාමල් කරුණාරත්න මහත්තයා ගොඩක් මහන්සි උනා ඒ දවස්වල දැන් තත්වය දන්න කෙනෙක් ඉන්නවද?





07/08/2025

සෝමරත්න දිසානායක ලෙස පෙනී සිට කාන්තාවන්ගෙන් අසභ්‍ය ජායාරූප ගෙන්වාගත් අයෙක් පොලිස් අත්අඩංගුවට

07/08/2025

චිචිගේ රොකට් එකට රජයේ මුදල් වියදම් කරලා නැහැ.

අගමැති හරිනි කියයි.

කවුද ඊළග පොලිස්පති
07/08/2025

කවුද ඊළග පොලිස්පති

07/08/2025

හීන අපි පස්සේ දුවගන එන්නේ නැහැ. අපි හීන පස්සේ දුවගන යන්න ඕන. එතකොටයි හීන සැබෑ කරගන්න පුළුවන්.

Kebithigollewa TV

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට තිබෙන හේතුව කුමක් ද?වරදක් කලානන් අනිවාර්යෙන්ම දඩුවම් ලැබෙන්න ඕනි (හැබැයි කෙදිරිගාන්න...
06/08/2025

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට තිබෙන හේතුව කුමක් ද?

වරදක් කලානන් අනිවාර්යෙන්ම දඩුවම් ලැබෙන්න ඕනි (හැබැයි කෙදිරිගාන්න ඔට්ටු නැහැ)

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝස්තු 6) නියෝග කළේ ය.

අරගලය සමයේ හානියට පත්වූ අනවසර දේපළකට වන්දි ලබා දීමට තම නිල බලය භාවිත කරමින් "දූෂණය" නමැති වරද සිදු කිරීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා මත අද අල්ලස් කොමිසම ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසේදීය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරීමට නියෝග කළා ය.

අත්අඩංගුවට ගත්තේ කුමන චෝදනාව යටතේ ද?

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට බලපෑ හේතුව පැහැදිලි කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නිවේදනයක් නිකුත් කර තිබිණි.

'ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022.05.09 වන දින ඇති වූ ජනතා අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර, වන්දි ලබා ගැනීමෙන් දූෂණය නමැති වරද සිදුකිරීම සහ කුමන්ත්‍රණය කිරීම මෙන් ම මෙම දේපළ මහවැලි අධිකාරිය සතු ඉඩමක පැවති බැවින් මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් 1999 අංක 28 දරන පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබඳව 5(1) වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් වන චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.'

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

ඌවේ මහ ඇමති ධූරය සහ ඇමති ධූර හතරක් දැරූ බස්නායක නිලමේ

ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ 2009 – 2015 කාල සීමාවේ ඌව පළාත් ප්‍රධාන ඇමැතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහු රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා ද වේ.

හිටපු කතානායක චමල් රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා වන ශෂීන්ද්‍ර රාජපක්ෂ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ඥාති පුත්‍රයෙකි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මොනරාගල දිස්ත්‍රික්කයෙන් 2020 වසරේ පැවති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු අමාත්‍ය ධූර කිහිපයක් හොබවා තිබේ.

ඔහු වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු සහ අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදනය සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස 2020 වසරේදී පත් කරනු ලැබී ය.

2021 වසරේ සිට 2022 අප්‍රේල් දක්වා ඔහුට කාබනික පොහොර නිෂ්පාදනය ප්‍රවර්ධනය සහ සැපයුම් නියාමනය කිරීම සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු සහ අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදනය සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධූරය හිමි විය.

2022 වසරේ සිට 2024 දක්වා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් 2024 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ, ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ ය.

2021 වසරේ චීන සමාගමකින් ගෙන්වූ පොහොර තොගයක් ප්‍රමිතියෙන් තොර වීම නිසා රජයට ඩොලර් මිලියන 6.9ක අලාභයක් සිදුවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මැයි මාසයේදී දැනුම් දී තිබිණි.



Address


50500

Telephone

+94713982779

Website

Alerts

Be the first to know and let us send you an email when Kebithigollewa TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kebithigollewa TV:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share