05/08/2024
පොත් කියවන්න හුරු වූ දිනක
ඔබට,
මිනිසුන් සමග කියවීම එපා වෙන්න පටන් ගන්නවා .
ඒක ඒ තරම්ම රසවත්,
මිදෙන්න නොහිතෙන ඇබ්බැහියක්..
ජීවිතේ එපා වුනු වෙලාවට ,
නන්නත්තාර වෙලා තනි වුනු වෙලාවට ,
හිතේ රිදෙනම තැන දරුණුවටම පෑරුණ වෙලාවට ,
උත්තර නැති ප්‍රශ්න ඔයාව හොයන් ආපූ වෙලාවට ,
වගේම ,
කරන්නෙ මොකද්ද කියල හිතාගන්න බැරි වෙලාවට
ගැලපෙන පොතක් එක්ක තනි වෙලා බලන්න .📖
ඔයාට ඕනම කරපු සැනසීම ඒ පිටු අතර තියෙන්න පුළුවන් ..
සමහරවිට ඔයාගෙ ජීවිතේම වෙනස් කරන වචන පේළිය පොතක් ඇතුලෙදි ඔයාට හම්බෙන්න පුළුවන් ..
කවදාවත් ඔයා නොවිඳපු සැනසීමක් මවල දෙන්න , පට්ට ෆැන්ටසියකට ඔයාව එක්ක යන්න පොත් වලට පුළුවන් ..
පොත් වල තියෙන්නෙ අකුරු විතරක්ම නෙමෙයි , සමහර පොත් වල තියෙන්නෙ ජීවිතේ ...
කෙනෙක් හරියට පොත් කියවන්න ඇබ්බැහි වුන දවසට
මෙච්චර කල් මිනිස්සු එක්ක පැය ගණන් කියෙව්වේ අපරාදේ කියල හිතෙන්න පටන් ගන්නවා .
පොත් කියන්නෙ මැජික් එකක් ..
ඒ වගේම ඒක රසවත් ලස්සන ඇබ්බැහියක් 💜
⛔️ Golden Capture ⛔️
Golden Capture Photography by Gayan Chamara
Contact- 0720395077
⛔ All Rights Received |