24/02/2026
පට්ඨාන බුද්ධ වන්දනා නමස්කාරය 🙏
විචිත්ත මති ගම්භීර - මනන්ත නය මණ්ඩිතං
පට්ඨානං සම්මසන්තස්ස-විමලා මිත බුද්ධියා,
යස්ස දේහා නික්ඛමිංසු - සුභා ඡබ්බණ්ණ රංසියෝ
නීල පීතා රත්ත සේතා - මඤ්ජිට්ඨා ච පභස්සරා,
තං ලෝකනාතථං සුගතං - ධම්මඤ්ච ජින සේවිතං
සංඝං නිරංගණං සෙට්ඨං-නමාමි සිරසා දරං.
විසිතුරු වූ අතිශයින් ගැඹුරු වූ අනන්ත වූ න්‍යායන්ගෙන් හෙබි පට්ඨාන ධර්මය කෙළෙස් රහිත වූ අමිත වූ සර්වඥතා ඥානයෙන් සම්මර්ශනය කරන්නා වූ,
යම් කිසි බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රී දේහයෙන් නිල් , කහ , රතු , සුදු , මදට , ප්‍රභාස්වර අලංකාරමත් වූ සවනක් ඝන බුදුරැස් මාලාවන් නික්මුණාහු ද,
ඒ සුගත වූ ලෝකනාථ වු බුදුරජාණන් වහන්සේට ද බුදුරජාණන් වහන්සේ විසින් (සේවනය කරන ලද ) ඇසුරු කරණ ලද නෛර්යානික ශ්‍රී සද්ධර්මයට ද ශ්‍රේෂ්ඨ වු රාගාදී කෙලෙස් රහිත වූ ආර්ය මහා සංඝ රත්නයට ද ගෞරවයෙන් යුතුව නමස්කාර කරමි 🙏