K.D.F

K.D.F Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from K.D.F, Digital creator, Minuwangoda.

*ජෙනරල් ෂර්මන් ගස කියන්නේ ලෝකයේ විශාලතම ජීවමාන ගස. එය ඇමරිකාවේ කැලිෆෝනියාවේ සීකුවියා ජාතික වනාන්තරයේ තියෙන සීකුවියා කුලය...
25/11/2025

*ජෙනරල් ෂර්මන් ගස කියන්නේ ලෝකයේ විශාලතම ජීවමාන ගස. එය ඇමරිකාවේ කැලිෆෝනියාවේ සීකුවියා ජාතික වනාන්තරයේ තියෙන සීකුවියා කුලයට අයත් ගසක්.*

*මෙය අඩි 275 කට වැඩි උසක් ඇති අතර, පාදමෙහි පළල අඩි 36 කට වඩා වැඩියි. උසම ගස හෝ පළලම ගස නොවුනත්, පරිමාව අනුව මෙය ලොව විශාලතම ගසයි. ඒ වගේම මේ ගස වසර 2,200 කට වඩා පැරණි බව කියනවා.*

*මේ ගසගේ රතු-දුඹුරු පොත්ත ගින්නටත් කෘමීන්ටත් තද ප්‍රතිරෝධයක් ලබාදෙනවා. ඒ නිසා එය ඉතා දිගු කාලයක් ජීවිත් වීමට අවස්ථාව පවතිනවා.*

*ජෙනරල් ෂර්මන් විශාලම ගස විතරක් නෙවෙයි එය පෘථිවියේ ඉතිහාසයත්, සොඳුරු සොබාදහමත් අපට මතක් කරන ජීවමාන සම්පතක්.*

*ලෝකයේ පැරණිතම ගංගාව නයිල්, හෝ ඇමසන් නෙවෙයි.පෘථිවියේ පැරණිතම ගංගාව ඕස්ට්‍රේලියාවේ ෆින්කේ ගඟ බව විශ්වාස කරනවා. 😮* *භූ විද...
25/11/2025

*ලෝකයේ පැරණිතම ගංගාව නයිල්, හෝ ඇමසන් නෙවෙයි.පෘථිවියේ පැරණිතම ගංගාව ඕස්ට්‍රේලියාවේ ෆින්කේ ගඟ බව විශ්වාස කරනවා. 😮*

*භූ විද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී යන්නේ ෆින්කේ ගඟේ සමහර කොටස් වසර මිලියන 350–400ක් පැරණි බවයි .අද අප දන්නා බොහෝ ප්‍රධාන ගංගාවලට වඩා බොහෝ පැරණියි.*

*⛰️ වඩාත්ම විශ්මයජනක කරුණක් නම්, ගඟේ පැරණි වංගු මාර්ගය තවමත් ගඟ පැවතීමෙන් බොහෝ කලකට පසුව සෑදුණු කඳු වැටි හරහා ගමන් කිරීමයි. එයින් අදහස් වෙන්නේ ෆින්කේ ගඟ එම කඳුවලටත් වඩා පැරණි බවයි!*

*විශේෂ කරුණක් තමයි අදවන විට, ෆින්කේ ගඟ අධික වර්ෂාපතනයක් ඇති විට පමණක් ගලා ගොස් අයර් විලෙන් අවසන් වෙනවා. එය කිසිසේත් සාගරයට ළඟා වෙන්නෙ නෑ.

*🌊🏠 ලෝකයේ හුදකලාම ප්‍රදීපාගාරය 🌍**උතුරු අත්ලාන්තික් සාගරය මැද, රළ ගැටෙන විශාල පර්වතයක මත ඉදිකර ඇති මෙම ප්‍රදීපාගාරය අයිස...
25/11/2025

*🌊🏠 ලෝකයේ හුදකලාම ප්‍රදීපාගාරය 🌍*

*උතුරු අත්ලාන්තික් සාගරය මැද, රළ ගැටෙන විශාල පර්වතයක මත ඉදිකර ඇති මෙම ප්‍රදීපාගාරය අයිස්ලන්තයේ පිහිටා තිබෙන්නෙ.*

*මෙය 1939දී ඉදිකර තිබෙන්නෙ.ඒ ඒ කාලයේ හෙලිකොප්ටර් පවා නොතිබූ සමයක මෙය ඉදිකිරීම පුදුම සහගත දෙයක්. ඉදිකිරීම්කරුවන්ට ඔවුන්ගේ උපකරණ සියල්ල ලණු සහිතව පර්වතයට ඔසවා ගෙන යාමට සිදු වී තිබෙනවා. එය ලෝකයේ දුෂ්කරතම ස්ථානවලින් එකක් ලෙසද සැලකෙනවා.*

*ඉතින් මෙහි රැයක් ගත කිරීමට අවස්තාවක් ලැබුණොත් ඔබට එය සිදුකිරීමට පුළුවන්ද?*
*මාර්ග නැත, අසල්වැසියන් නැත, ඔබේ අසල තියෙන්නෙ රළ ගැටෙන මුහුද සහ සුළඟේ ශබ්දය පමණයි.*

1986 වසරේ දී සෝවියට රුසියාවට අයත් චර්නෝබිල් ප්‍රදේශයේ (වත්මන් යුක්‍රේනය) සිදුවූ න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමත් සමග ඒ අවට ව...
04/11/2025

1986 වසරේ දී සෝවියට රුසියාවට අයත් චර්නෝබිල් ප්‍රදේශයේ (වත්මන් යුක්‍රේනය) සිදුවූ න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමත් සමග ඒ අවට වර්ග කිලෝ මීටර් 20කට ආසන්න ප්‍රමාණයක් මිනිස් වාසය සඳහා තහනම් කර තිබෙනවා. ඒ එහි විකිරණශීලි බලපෑම හේතුවෙන්.

මේවන විට එම ප්‍රදේශයෙන් නිල් පැහැයට හැරුනු සුනඛයන් 700කට ආසන්න ප්‍රමාණයක් සොයාගන තිබෙන අතර පසුගිය ඔක්තෝබර් මාසය තුල හමුවු සුනඛයන් ගණනේ පෙනුම සාපේක්ෂව වෙනස් බවයි වාර්තා වන්නේ. එය අදාල බලධාරීන් වෙත දැනුම් දීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණය කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ මෙය විකිරණ බලපෑමක් විය හැකි බවයි. සොයාගන්නා ලද සුනඛයන්ගෙන් යම් ප්‍රමාණයකගේ වර්ණය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව නිරීක්ෂණයව තිබී ඇති අතර එය යම් පිරිසක් විසින් සුනඛයන්ගේ ඇඟ මත ආලේප කළ තීන්ත වැනි දෙයක් විය හැකි බවටත් අදහස් පලවී තිබෙනවා.

මෙම සුනඛයන් පසුගිය ඔක්තෝබර් මාසයේ මුල් දින කීපය තුල මෙම විකිරණශීලී පුදේශය වෙත ඇතුලත් වී ඇති බවත්, ඒ අනුව ඉහල විකිරණශීලී මට්ටම් ඇති ප්‍රදේශයන් තුල ගැවසීම හේතුවෙන් මේ ආකාරයට වර්ණ වෙනස් වී ඇති බවයි නිගමනය කර තිබෙන්නේ.

නමුත් අදාල බලධාරින් පවසා ති⁣බෙන්නේ විකිරණ බලපෑම ඇති ප්‍රදේශ වෙත ඇතුලත් වීමෙන් වළකිණ ලෙස සහ අදාලා සුනඛයන් තමන්ට අයිති නම් ඔවුන් නැවත ⁣නිවෙස් ⁣වෙත රැගෙන ඒමට කටයුතු නොකරන ලෙසයි.

Source | People | tsml

මෙය 2012 වසරේදී ඇමරිකාවේ ,සියැටල් හිදී සිදුවූ සත්‍ය සිදුවීමකි!        කතාව ආරම්භ ⁣වන්නේ සියැටල්හි රාත්‍රී සේවකයෙකුගෙනි,ඔ...
02/11/2025

මෙය 2012 වසරේදී ඇමරිකාවේ ,සියැටල් හිදී සිදුවූ සත්‍ය සිදුවීමකි!

කතාව ආරම්භ ⁣වන්නේ සියැටල්හි රාත්‍රී සේවකයෙකුගෙනි,ඔහුගේ නම "ඩන්සන්" ලෙස පවසමු!

ඩන්සන් තම රාජකාරි නිමවී පාන්දර 2 ට පමණ තම නවාතැන වෙත යමින් සිටියේය.
ඔහු නිහඩ පාලු වීදියට ඇතුල් වී මඳ දුරක් ගමන් කරන තෙක් වටපිටාවේ සියලුම දේවල් සාමාන්‍යය තත්වයේ පැවතුනි

එම වීදියෙ මඳ දුරක් ගමන් කරන විට ඔහු දුටුවේ මලානික එලියක් ඇති වීදි ලාම්පුවක් අසල පැරණි තාලයේ ඇඳුමකින් සැරසී හිස් බැල්මකින් බලා සිටින මිනිසෙකි

මෙම අත්භූත මිනිසා ඩන්සන් දෙස බලා සිට එක්වරම නටන්නට පටන්ගත්තේය. රූකඩයක් නටනවාක් මෙන් අස්වාභාවික හැසිරීමක් පෙන්වූ ඔහුගේ මුහුණේ තිබූ හිස් හැඟීම එක්වරම අතුරුදන්ව ගියේය

එක්වරම ඔහුගේ හිස පැත්තකට ඇලවී ගිය අතර ඉතාමත් අසාමාන්‍ය ලෙස මුව පලල් පලල් කරගෙන සිනාසෙන්නට විය. එය කොතරම් පුලුල් සිනහවක්ද යත් ඔහුගෙ මුව ඇස් ආසන්නයට යන තෙක් විවෘත වූ බව ඩන්සන් විසින් පසුව වාර්තා කර තිබුණි

මෙය දුටු ඩන්සන් වහාම වීදියෙන් ඉවතට දිව යන්නට වූ අතර ආපහු හැරී බලන විට නටන මිනිසාගෙ සිනහව අතුරුදන් වී නැවතත් පෙර ලෙසම බලා සිටින බව දකින්නට ලැබුණි

එක්වරම ඔහුගේ මුව නැවතත් සිනහවෙමින් විවර වූ අතර වේගයෙන් ඩන්සන් දෙසට දුව එන්නට විය

ඩන්සන් පැවසුවේ එය සාමාන්‍යය දිව ඒමක් නොවූ බවයි!

"ඔහු වේගයෙන් ගමන් කලා,හරියට ලිස්සලා යනවා වගේ,ඔහුගේ පාද බිම ස්පර්ශ වෙන බවක් මම දුටුවේ නෑ"

ඩන්සන් ලඟම ඇති මිනිසුන් ගැවසෙන වීදිය අසලට දිව ගිය විට අදාල අත්භූත මිනිසා ඈත සිට ඩන්සන් දෙස සිනාසෙමින් බලා සිට අන්ධකාරය තුල අතුරුදන් වී තිබුණි

මෙම සිදු⁣වීමෙන් පසු තවත් අවස්ථා කීපයක මෙම අත්භූත සිනාසෙන මිනිසා දුටු බවට වාර්තා වුනි!
* චිකාගෝහි ඉන්ධන පිරවුම්හලක් අසලදී මෙවැනි අත්භූත සිනාසෙන මිනිසෙකු දැක ඇත.

*ඕස්ට්‍රේලියාවේදී අලුයම 3 ට පමණ බස් කවුලුවකින් තමා දෙස බලා සිටි අත්භූත මිනිසෙකු ගැන කාන්තාවක් වාර්තා කලාය

*වරක් සියැ⁣ටල් හි උද්‍යානයක වීදි ලාම්පුවක් අසල CCTV දර්ශන වල මෙවැනි පැරණි ඇදුම් ඇඳගත් උස මිනිසෙකු පැය 4 ක් සිටගෙන සිටින වීඩියො පටයක් ලැබී තිබුණි👀

අදටත් මෙම මිනිසා ගැන පැහැදිලි න්‍යායක් ඉදිරිපත් වී නැති අතර ⁣ඔහු දැන් තවත් එක් නාගරික පුරාවෘත්තයක් බවට පත්වී සිටී

සිනාසෙන මිනිසා අවතාරයක්ද, නැත්තම් සාමාන්‍යය මිනිසෙකුද, නැතිනම් මනසේ ඇතිවූ මනෝ විකාරයක්ද යන්න කිසිවෙකු දන්නේ නැත!

නමුත් එක් දෙයක් ස්ථිරවම කිවහැක, ඔහුගේ චර්යාවන් තවමත් වෙනස් වී නොමැත..

පාලු වීදියකදි ඔහුව මුණගැසිය හැක, කිසිවෙකු බලා නොසිටින විට ඔහු නටනු ඇත,ඔබ ඔහුව දුටුවහොත්...

කිසිම විටෙක ඔහු සමඟ සිනාසෙන්නට එපා!

16/09/2025

Address

Minuwangoda

Website

Alerts

Be the first to know and let us send you an email when K.D.F posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share