Prasad SK

Prasad SK 🇱🇰 Discover the beauty of Sri Lanka
🌿 Nature | Culture | Food
📍 Travel tips & best places to visit

16/08/2026

Fish Therapy🐟🐟

08/08/2026

K a d u g a n n a w a 💚

13/07/2026

🌿 අහම්බෙන් හමුවුණු ලස්සන මිනිස්සු... ❤️
අපේ දෙනියාය ටුවර් එකේදී කොත්තුවක් කන්න හිතාගෙන අහම්බෙන් පොඩි කඩයකට ගොඩවැදුණා. ඒ තීරණය නම් ඇත්තටම වටින එකක් වුණා. 😊
එතනදී හමුවුණේ ප්‍රියන්ත අයියා (මතක විදියට ඒ තමයි නම). අයියා තමන්ගේ පවුලේ අයත් එක්කම මේ පුංචි ව්‍යාපාරය ආදරෙන් කරගෙන යනවා.
බලන්නකො මේ අයිය කොත්තුව දාන විදිහ..එයාගෙම විදිහකට,
උණුසුම් පිළිගැනීම, හිතට දැනෙන මිත්‍රශීලී කතාබහ, ඒ වගේම රසම රස කොත්තුව... මේ හැමදේම එකතු වෙලා අපේ දෙනියාය ගමන තවත් ලස්සන මතකයක් කළා. 😍👌
දෙනියායට යන කෙනෙක් නම් මේ කඩේට ගොඩවෙලා බලන්න.කඩේ නම DSK hotel වගේ මතක.(නම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න) රසවත් කෑමක් විතරක් නෙවෙයි, හොඳ මිනිස්සුත් හමුවෙයි. ❤️
ප්‍රියන්ත අයියාටත්, එයාගේ ආදරණීය පවුලේ හැමෝටමත් ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වෙලා තවත් දියුණු වෙන්න හදවතින්ම සුබ පතනවා! 🙏💐
📍 # Deniyaya Town

ඇසළ පොහොය දින,ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේදී🙏👇👍
06/07/2026

ඇසළ පොහොය දින,ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේදී🙏👇👍

12/06/2026

📍 ලක්ෂපාන ගම්මානය – සොබාදහමේ අපූරු තිළිණයක් 🌿🏞️

ශ්‍රී ලංකාවේ සුන්දරම ගම්මාන අතරින් විශේෂ ස්ථානයක් හිමි කරගන්නා ලක්ෂපාන ගම්මානය, වචනවලින් විස්තර කළ නොහැකි තරම් අලංකාර ස්වභාවික සුන්දරත්වයකින් යුක්තයි.
මෙම ගම්මානය ආසන්නයේ පිහිටි ලක්ෂපාන දියඇල්ල එහි සුන්දරත්වය තවත් වැඩි කරන අතර, සුන්දර ඇබර්ඩීන් දියඇල්ල ද ඉතා සමීපයෙන් පිහිටා ඇත. එමෙන්ම, ශ්‍රී ලංකාවේ පළමු ජලවිදුලි බලාගාරය වන ලක්ෂපාන ජලවිදුලි බලාගාරය ද ගම්මානයට පහළින් පිහිටා තිබේ.
සැබෑ ගැමි නිස්කලංකත්වය සහ පිරිසිදු පරිසරය තවමත් ආරක්ෂා වී ඇති මෙම ප්‍රදේශය, නගරයේ කලබලයෙන් මිදී නිදහස් හුස්මක් ගැනීමට කැමති ඕනෑම අයෙකුට කදිම තෝතැන්නකි.
ගම්මානය ඉදිරියෙන් දිස්වන කඳුපන්තිය වන්නේ බොහෝ දෙනා හඳුනන, ඓතිහාසික ගුවන් අනතුරක් සිදුවූ සප්තකන්‍යා කඳුවැටියයි. එහි දර්ශනය ද මෙම ප්‍රදේශයේ සුවිශේෂී ආකර්ෂණයක් වේ.
🌄 ලක්ෂපානට සංචාරය කිරීමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් දිනක් හෝ දෙකක් ගම්මානයේ නවාතැන් ගන්න. එවිට එහි සැබෑ ගැමි ජීවන රටාව, නිහඬ පරිසරය සහ සොබාදහමේ අපූරු සුන්දරත්වය ඔබටත් සමීපයෙන් අත්විඳීමට හැකි වේ.
❤️ ලක්ෂපාන – එක් වරක් ගියොත් නැවත නැවතත් යාමට සිතෙන අපූරු ගම්මානයක්.
🌿🇱🇰

09/06/2026

🌿💦 බඹරකිරි ඇල්ල (Bambarakiri Ella) 💦🌿

මාතලේ රත්තොට හරහා රිවස්ටන් වෙත ගමන් කරන අතරමග පිහිටි බඹරකිරි ඇල්ල, ශ්‍රී ලංකාවේ සුන්දරම දියඇලි අතරින් එකකි. දුම්බර මිටියාවතේ කුඩා ඔයෙහි දිය දහරාවෙන් පෝෂණය වන මෙම දියඇල්ල කොටස් දෙකකට කඩා හැලෙන අපූරු දසුනක් මවයි.
ජනප්‍රවාදයට අනුව, දියඇල්ල අවට බඹර බැඳ තිබූ නිසා මෙම ස්ථානයට "බඹරකිරි ඇල්ල" යන නම ලැබී ඇත.
මෙහි සුන්දරත්වය තවත් වැඩි කළේ දියඇල්ල මැදින් ඉදිකර තිබූ එල්ලෙන සංගිලි පාලමයි. කුඩා ඔය හෙවත් වෙළන් ඔය හරහා වෙළන්ගහඔය ගම්මානයට පිවිසීමට මෙම පාලම භාවිතා වූ අතර, සංචාරකයින් දියඇල්ලත් සමඟ මෙම පාලමේ මත සිට ඡායාරූප ගැනීමටද අමතක නොකළහ.
කනගාටුවට කරුණක් වන්නේ, පසුගිය කාලයේ ඇති වූ "දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් මෙම එල්ලෙන පාලම සම්පූර්ණයෙන්ම විනාශ වී තිබීමයි. මෙම වීඩියෝව මා එහි සංචාරය කළ අවස්ථාවේ, එම පාලම තවමත් පැවති කාලයේ ලබාගත් මතක සටහනකි.
📍 ඔබත් රිවස්ටන් වෙත සංචාරය කිරීමට සැලසුම් කරන්නේ නම්, මෙම සුන්දර දියඇල්ල නැරඹීමට අමතක නොකරන්න.
🌱🙏 ඒ වගේම, අපේ ස්වභාවික උරුමය රැකගනිමු. කැළි කසළ නොදමා, මෙම සුන්දර පරිසරය ආරක්ෂා කරමු.
#බඹරකිරිඇල්ල

Address

17/1/1A Divulapitiya Road
Mirigama

Website

Alerts

Be the first to know and let us send you an email when Prasad SK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share