Econ with Madusha Premarathna

Econ with Madusha Premarathna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Econ with Madusha Premarathna, Digital creator, Mirigama.

15/04/2026

ලක් වාසී,ලෝක වාසි සියලුම දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා...!

03/04/2026
03/04/2026

රන් සංචිත (රත්‍රන් බාර් හෙවත් රන් බිස්කට් නිර්මාණය වන ආකාරය)
සංචිත වත්කම් වල එක් කොටසකි. මූල්‍ය රත්‍රන්

සිදු විය යුතු දෙය සිදූ වෙමින් පවතී..
29/03/2026

සිදු විය යුතු දෙය සිදූ වෙමින් පවතී..

29/03/2026

කාල්සන්ගේ නීතිය යනු,

“බාධාවකින් තොරව එක දිගට සිදු කරන කාර්යක්, නිතර නිතර බාධා මධ්‍යයේ සිදු කරන කාර්යකට වඩා කාර්යක්ෂම වන අතර ඒ සදහා ගත වන කාලයද අඩු වේ”

කාර්ල්සන්ගේ නීතිය (Carlson's Law) යනු කාල කළමනාකරණය සහ ඵලදායිතාව (Productivity) පිළිබඳ ඉතා වැදගත් මූලධර්මයකි.

මෙය ස්වීඩන් ජාතික ආර්ථික විද්‍යාඥයෙකු වූ සුනේ කාර්ල්සන් (Sune Carlson) විසින් මෙම නියමය සොයා ගන්නා ලදී.

කාර්ල්සන්ගේ නීතිය මගින් අවධාරණය කරන්නේ යම් වැඩක් කිරීමේදී "බාධාවන් නිසා සිදුවන කාලය නාස්තිය" පිළිබඳවයි. ඔබ යම් වැදගත් වැඩක් කරමින් සිටින විට දුරකථන ඇමතුමක් හෝ පණිවිඩයක් එනවා කියලා සිතන්න.
එවිට ඔබ එයට ප්‍රතිචාර දක්වන්න ඒ වැඩේ මොහොතකට නතර කරනවා.
ඊට පස්සේ මොකද වෙන්නේ?
ඔබට නැවතත් එම වැඩයට අවධානය යොමු කිරීමට සෑහෙන වෙලාවක් ගත වේ.
ඒ වගේම ඔබ ඒ කරන කාර්යයේ ප්‍රථිපල වල ගුණාත්මකභාවය අඩු වෙනවා.

ඇයි එහෙම වෙන්නේ?

⭕ අවධානය බිඳ වැටීම (Loss of Flow)

ඔබ වැඩක නිරත වී සිටින විට ඔබේ මොළය යම් නිශ්චිත වේගයකට (Flow) හුරු වේ. බාධාවක් වූ විට එම වේගය බිඳ වැටෙන අතර, නැවත එම මට්ටමට පැමිණීමට මූලික "සූදානම් වීමේ කාලයක්" වැය වේ.

⭕ වැඩි කාලයක් වැය වීම

වැඩක් අතරමග නතර කර නැවත ආරම්භ කරන සෑම අවස්ථාවකම, ඔබ නතර කළ තැන මතක් කර ගැනීමට සහ නැවත සූදානම් වීමට අමතර කාලයක් වැය වේ.

⭕ගුණාත්මකභාවය අඩු වීම

බාධා මධ්‍යයේ කරන වැඩවල වැරදි සිදුවීමේ සම්භාවිතාව වැඩිය.

කාල්සන්ගේ නීතිය ප්‍රායෝගිකව භාවිත කරන්නේ කෙසේද?

මෙම නීතියට අනුව ඔබේ වැඩකටයුතු වඩාත් හොඳින් කර ගැනීමට පහත උපක්‍රම භාවිතා කළ හැකිය.
🔸 වැඩ ගොනු කිරීම (Batching)

එක හා සමාන කුඩා වැඩ (උදා: ඊමේල්වලට පිළිතුරු දීම) වෙන වෙනම නොකර, දවසේ එක නිශ්චිත වෙලාවකදී සියල්ල එකවර අවසන් කිරීම.

🔸 බාධා අවම කිරීම

වැදගත් වැඩක් කරන අතරතුර දුරකථනය 'Silent' කර තැබීම හෝ 'Do Not Disturb' ඔන් කිරීම.

🔸 කාල සීමා වෙන් කිරීම (Time Blocking)

එක වැදගත් රාජකාරියක් සඳහා පැයක හෝ දෙකක කාලයක් කිසිදු බාධාවකින් තොරව වෙන් කර තැබීම.

🟠 සැබෑ ජීවිත උදාහරණ

🔸 පාඩම් කිරීම.

දුරකථන භාවිතය, අනික් අය සමග කතා කිරීම, විහිලුතහලු කිරීම, වෙනත් දේ වලට මනස යොමු කිරීම වැනි බාධා කිරීම් සමඟ පැය 3 ක් ඔබ පාඩම් කලහොත් ඔබට මතකයට යන්නේ ඔබ ඉතා අඩු ප්‍රමාණයක්.

නමුත් ඔබ පැය 1.5 ඉහත කී බාධා කිරීම් වලට ලක් නොවී හොදින් අවධානය යොමු කර පාඩම් කටයුතු කලහොත් ඔබ පාඩම් කල කොටස් පිලිබද වඩා හොඳ අවබෝධයක් සහ හොද මතකයක් ගොඩ නගාගත හැකිය.

🔸 කාර්යාල වැඩ

සමාන කාර්‍යන් එක දිගට නොකර එක එක කාර්‍යන් සිදු කරනවාට වඩා සමාන කාර්‍යන් එක දිගට සිදු කිරීමෙන් වඩා හොද ඵලදායිතාවයක් ලබා ගත හැක.
එමෙන්ම කාර්‍යාල වැඩ කරන අතර තුර හිතවතුන් සමග කතා බහ කිරීම, සමාජ ජාලා භාවිතය මගින් ඔබේ වැඩ වල ඵලදායිතාවය අඩු වන අතර ඒවා අවසන් කිරීමට ගතවන කාලය වැඩි වී වැරදි සිදු වීමේ හැකියාවද වැඩි වේ.

🔸 සමාජ මාධ්‍ය

සමාජ මාධ්‍ය ඔබට නිතර බාධා කිරීමට නිර්මාණය කර ඇත. මෙය කාල්සන්ගේ නීතියට ප්‍රතිවිරුද්ධයයි.
සමාජ මාධ්‍ය භාවිතා කිරිමට දවසෙ විවේකී වේලාවක් භාවිතා කරන්න.
වැඩ කරන අතරතුර එය නොකරන්න.

කාර්ල්සන්ගේ නියමය හරියටම අනුගමනය කිරීමෙන් ඔබ කරන කාර්‍යන් වල ඵලදායිතාවය ඉහළ යනු ඇත.

උපුටා ගැනීමකි..

Address

Mirigama
11200

Website

Alerts

Be the first to know and let us send you an email when Econ with Madusha Premarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share