MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama 🔰Building a Humane & Effective Communication Media Culture....👥✨️
(1)

🔰බිනර පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් මීරිගම ඩී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලයීය මාධ්‍ය සමාජය විසින් සාම සන්නිවේද...
15/09/2025

🔰බිනර පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් මීරිගම ඩී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලයීය මාධ්‍ය සමාජය විසින් සාම සන්නිවේදන සහ ප්‍රජා ව්‍යාපෘතියට සමගාමීව සංවිධානය කරනු ලැබූ,

" මනුසත් චාරිකා " මනුෂ්‍යත්වය සොයා ගිය සොඳුරු චාරිකාව✨

සැප්තැම්බර් මස 09 වන අගහරුවාදා දින තවලම්පිටිය " සෙත් සෙවණ " වැඩිහිටි නිවාසයේ ආදරණීය වැඩිහිටියන් සමඟ.😊❤️

එම කාර්‍යය සඳහා නන් අයුරින් උදව් උපකාර කරමින් සහයෝගය ලබා දුන් සැමට විද්‍යාලයීය මාධ්‍ය සමාජයේ ගෞරවනීය ස්තුතිය.❤️🙏

MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

ජීවිතයේ ඔයාට ගොඩාක් ප්‍රශ්න ඒවි... 😟හැම ප්‍රශ්නයක් ම ඉවසීමෙන් ම බාර ගන්න.... 🙏ඒ ප්‍රශ්නවලට පිළිතුරු කාලයත් එක්ක ඔබ සොයන්...
14/09/2025

ජීවිතයේ ඔයාට ගොඩාක් ප්‍රශ්න ඒවි... 😟
හැම ප්‍රශ්නයක් ම ඉවසීමෙන් ම බාර ගන්න.... 🙏
ඒ ප්‍රශ්නවලට පිළිතුරු කාලයත් එක්ක ඔබ සොයන්න..⏳

සමහර ප්‍රශ්නවලට පිළිතුරු ඔබට කවදාවත් සොයා ගන්න බැරි වේවි......🤷
ඒත් ඉවසන්න....🧘
මන්ද, ඒ ප්‍රශ්න
කාලය ගත වෙත්ම නැති වෙලා යාවි......💨

ඒත් ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න ගිහිල්ලා තවත් ප්‍රශ්න පටලවා ගන්න එපා... 🤯
ඉවසීමෙන් ම කටයුතු කරන්න.....😌
ඔබට දිනන්න පුළුවන් සත්තයි..........🏆

MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

☀️ `❝පායනා කාලෙදී... රෑ දවල් වෙහෙස වී... කන්න දේ රැස් කරයි කූඹියෝ...❞` 🐜🖤මේක තමයි ඔයාගෙ පායනා කාලේ...💔අද දවස තාම ඉවර නෑ....
07/09/2025

☀️ `❝පායනා කාලෙදී... රෑ දවල් වෙහෙස වී... කන්න දේ රැස් කරයි කූඹියෝ...❞` 🐜🖤

මේක තමයි ඔයාගෙ පායනා කාලේ...💔

අද දවස තාම ඉවර නෑ. වැඩ පටන් ගන්න හොඳම වෙලාව හරිම තැන එනකන් බලාගෙන ඉන්න එපා... 😌

සීමාවන් තියෙන්නෙ අපේ හිත ඇතුළෙමයි...පේන සීමාවෙන් එහාට ගිගින් ලෝකය දකින්න පුළුවන් මිනිසුන්ට හැම තත්පරයක් ම නැවුම් මොහොතක්... ❤️

🥹 අද දවස පටන් ගද්දී, දවස අවසන් වෙද්දී හිටපු ඔයාට වඩා ඉදිරියෙන් ඉන්න කෙනෙක් වෙන්න... ඔයාගේ අරමුණ වෙනුවෙන් අවශ්‍ය දේ පුළුවන් තරම් එකතු කරගන්න ...📚❤️🎓

MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

☸️ මෙහෙණි සසුනේ ආරම්භය සිදු වීම.☸️ බුදුරාජාණන් වහන්සේ පාරිලෙයිය වනයට වැඩම කිරීම☸️ තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ට බුදුරාජාණ...
06/09/2025

☸️ මෙහෙණි සසුනේ ආරම්භය සිදු වීම.

☸️ බුදුරාජාණන් වහන්සේ පාරිලෙයිය වනයට වැඩම කිරීම

☸️ තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ට බුදුරාජාණන් වහන්සේ විසින් ලබා දුන් කේශ ධාතූන් නිදන් කොට හිරිගඬු සෑය ඉදිකිරීම.

☸️ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු අවශේෂ වූ ග්‍රීවා ධාතූන් වහන්සේ මහියංගන සෑ රඳුන්ගේ තැන්පත් කිරීම.

🪔 ආදී සුවිශේෂී ශාසනික සිදුවීම් රාශියක් සිදු වී ඇත්තේ අද වැනි පින්බර බිනර පුර පසළොස්වක පොහෝ දිනයක දී ය.

🤍අනන්ත වූ තෙරුවන් බෙලෙන් සර්ව ආරක්ෂා රැකවරණය ලැබේවා...🤍

🌼කිලිටි සිත් දුරු වී දැහැමි සුපසන් සිත් සැමට ඇති වේවා...🤍

MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

#බිනර #බිනරපොහොය #බිනර_පුර_පසළොස්වක_පොහොය

එක මවකගේ දරුවන් බඳු වූ ශ්‍රී ලංකිකයන් වන අප සෑම ආගමකට ගරු කළ යුතුය. මන්ද ජාතිය ආගම කුමක් වුවද අපි සැම එකම රුධිරය ගලනා එක...
05/09/2025

එක මවකගේ දරුවන් බඳු වූ ශ්‍රී ලංකිකයන් වන අප සෑම ආගමකට ගරු කළ යුතුය. මන්ද ජාතිය ආගම කුමක් වුවද අපි සැම එකම රුධිරය ගලනා එකම රටක එකම ලොවක ජීවත් වන මිනිසුන් වෙමු. මිනිසාට මිනිසා අහිමි නොවූ කල ලෝකය සුන්දර වනු නොවනුමානය. 🫂❤️✨

ලෝ වාසි සියලු ඉස්ලාම් බැතිමතුන් හට ප්‍රීතිමත් මිලාදුන් නබි දිනයක් වේවා!☪️

We Sri Lankans, who are like children of one mother, should respect all religions. Because regardless of race or religion, we are all people living in the same country, flowing the same blood, in the same world. The world be beautiful if human didn't lose human. 🫂❤️✨

Wishing all Muslims around the world a happy Miladun Nabi!☪️

ஒரு தாயின் பிள்ளைகள் போன்ற இலங்கையர்களான நாம், அனைத்து மதங்களையும் மதிக்க வேண்டும். ஏனென்றால், இனம் அல்லது மதத்தைப் பொருட்படுத்தாமல், நாம் அனைவரும் ஒரே இரத்தம் கொண்டவர்கள், ஒரே நாட்டில், ஒரே உலகில் வாழ்கிறோம். மனிதன் மனிதனைக் கைவிடாதபோது, ​​உலகம் நிச்சயமாக அழகாக இருக்கும். 🫂❤️✨

உலகம் முழுவதும் உள்ள அனைத்து முஸ்லிம்களுக்கும் இனிய மிலாது நபி நல்வாழ்த்துக்கள்!☪️

MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

" කතඤ්ඤූ කතවේදී පුද්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං... " ( කළගුණ සලකන මිනිසුන් ලෝකයේ දුර්ලභ වේ.)💯✨🫂❤️මිනිසාගේ පරම යුතුකම වන්නේ මිනි...
03/09/2025

" කතඤ්ඤූ කතවේදී පුද්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං... " ( කළගුණ සලකන මිනිසුන් ලෝකයේ දුර්ලභ වේ.)💯✨

🫂❤️මිනිසාගේ පරම යුතුකම වන්නේ මිනිසාට සේවය කිරීමය. එනමුදු වර්තමාන මානව සමාජය තුළ මනුෂ්‍යත්වයේ උත්තරීතර සීමාවන් බිඳ දමා ළතෙත් භාවයකින් තොර විපරීතභාවයකට යමින් පවතී. එවන් අවධියක පාසල් දරු දැරියන් තුළ උතුම් මිනිස් ගුණ ශෝභාවන්ගෙන් පිරිපුන් කරනු වස් සහ බිනර පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින්,

🔰මීරිගම ඩී. එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයීය මාධ්‍ය සමාජය විසින් සාම සන්නිවේදන සහ ප්‍රජා සන්නිවේදන ව්‍යාපෘතියට සමගාමීව සංවිධානය කරනු ලබන " මනුසත් චාරිකා " මනුෂ්‍යත්වය සොයා යන සොඳුරු චාරිකාව තවලම්පිටිය "සෙත් සෙවණ " වැඩිහිටි නිවාසයේ ආදරණීය වැඩිහිටි සිත් සතන් සතුටු කරමින් පැවැත්වීමට නියමිත බව මෙසේ දන්වා සිටිමු.✨

එනමුත් සබුද්ධික විචාරශීලි ඔබට සිහිපත් කර සිටින්නේ කිසිම දිනයක ඔබේ ආදරණීය දෙමාපියන්, වැඩිහිටියන් වැඩිහිටි නිවාසයක අතහැර යාමට තරම් අකාරුණික නොවන ලෙසයි. එසේම ඔබගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක පවා ඔවුන් හැකි පමණින් සතුටු කරන්නට ඔබට හැකි නම් එයින් ඔබ ලබන සතුට අතිශය සැනසිලි දායක බව නොඅනුමානයි.☺️❤️

MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

බඳවා ජය දද     නිරතුරු නංවා තෙද බල විසිතුරු  මුළු සිරිලක නම පැතිරූඩී. එස්. අපිමයි සුමිතුරු 🔰💯🫂❤️ඩී. එස්. නාමය ජය දදින් හ...
02/09/2025

බඳවා ජය දද නිරතුරු
නංවා තෙද බල විසිතුරු
මුළු සිරිලක නම පැතිරූ
ඩී. එස්. අපිමයි සුමිතුරු 🔰💯🫂❤️

ඩී. එස්. නාමය ජය දදින් හැඩ කළ සහෘද සේනානායකයිනි ,ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්...! මතුවටත් මෙලෙස ඩී.එස්. නාමය දසත පතුරුවන්නට ඔබට වරම් ලැබේවා!.🔰❤️

එසේම නිසි ලෙස මෙම සියල්ල අධීක්ෂණය කරමින් නොමඳ සහයෝගය ලබාදෙන ගරු විදුහල්පතිතුමන්ටත් , ක්‍රීඩා පුහුණුකරු Sameera Ranasingha මහතාටත්, ක්‍රීඩා විෂය භාර ආචාර්ය මඬුල්ලටත්, ආදරණීය සහෘදයන්ගේ දෙමාපියන්ට සහ මෙම ජයග්‍රහණය පිටුපස සිටිනා සියලුම දෙනා වෙත අපගේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිමු. ❤️🙏🏼

MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

ඔයා දන්නවද මේ ලෝකෙ දිනන්නේ 🏆කඩා වැටීම්, අභියෝග හමුවේ 🤕පරාද වෙච්චි මිනිස්සු නෙවෙයි.ඒවා ජීවිතේට ආශිර්වාද කරගත්තු මිනිස්සු....
31/08/2025

ඔයා දන්නවද
මේ ලෝකෙ දිනන්නේ 🏆
කඩා වැටීම්, අභියෝග හමුවේ 🤕
පරාද වෙච්චි මිනිස්සු නෙවෙයි.
ඒවා ජීවිතේට ආශිර්වාද කරගත්තු මිනිස්සු...✨️💫

ඉතින්,
මතක තියාගන්න 🧠
කඩා වැටීමක් 📉
අභියෝගයක් 💪කියන්නේ ජීවිතේට එන
එක් බාධාවක් විතරයි...🚧
ඉතින් ඔයාට කොච්චර අභියෝග, බාධා,
කඩාවැටීම් ආවත් ⛰️
නොසැලී ඉන්න 🧘
මොකද දවසක ඒ බාධාම ඔයාට ආශිර්වාදයක් වෙනවා සත්තයි...😇🙏❤

MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

25/08/2025

🔰❤️‍🩹🫂💯

ඔයත් දවසක කියයි..." මම ඒක කළා..." කියලා... 😌❤️✊🏻කුඩා පියවරකින් ආරම්භ කරන්න...බාධා ආවත් පසුබහින්නේ නැතුවඉදිරියට යන්න... 😊...
24/08/2025

ඔයත් දවසක කියයි...
" මම ඒක කළා..." කියලා... 😌❤️✊🏻

කුඩා පියවරකින් ආරම්භ කරන්න...
බාධා ආවත් පසුබහින්නේ නැතුව
ඉදිරියට යන්න... 😊❤️‍🔥

අද දිනලා ඉන්න හැමෝ ම කාලෙකට කලින් ඔයා වගේ ම ඔතන හිටියා...
එයාලා උත්සාහ කළා...
ජයග්‍රහණය කළා ...❤️😎

ඔයත් දිගට ම උත්සහ කරන්න... 🫵🏻

MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

22/08/2025

✨🎉 The Golden Night of Past Senanayakanz 🎉✨

පොලිතීන් සිඳලමු මිහිමව සුරකිමු 🌍♻️මීරිගම ඩී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලයීය මාධ්‍ය සමාජය විසින් ප්‍රජා සන්නිවෙිදන හා ...
17/08/2025

පොලිතීන් සිඳලමු මිහිමව සුරකිමු 🌍♻️

මීරිගම ඩී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලයීය මාධ්‍ය සමාජය විසින් ප්‍රජා සන්නිවෙිදන හා පරිසර ව්‍යාපෘතියට සමගාමීව පරිසර නියමු කණ්ඩායම හා එක්ව සංවිධානය කරනු ලැබූ,

"ලස්සන හෙටක් - පිරිසිදු නගරයක් ව්‍යාපෘතිය" 🏞️ යටතේ මීරිගම දුම්රිය ස්ථානය පිරිසිදු කිරීම

ජූලි මස 04 වන සිකුරාදා දින මීරිගම දුම්රිය ස්ථාන පරිශ්‍රයේ දී අති සාර්ථක ලෙස පැවැත්වුණි. ✅

ඒ සඳහා සහයෝගය ලබා දුන් සැමට අපගේ ගෞරවනීය ස්තූතිය. 🙏❤️

MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama

Address

Mirigama

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94710910457

Website

Alerts

Be the first to know and let us send you an email when MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama:

Share

Category