04/10/2026
අඳුරු පස් තට්ටුවට යට වුණු බීජයක්, තමන් වටා තියෙන කළුවරට බයේ එහෙම්ම ම නතර වුණොත් කවදාවත් මහ රූස්ස ගසක් වෙලා අහස අල්ලන්න ලැබෙන්නේ නෑ. 🌱💡
ඒ බීජය පස් තට්ටු පළාගෙන උඩට එන්න පොර බදන්නේ පෙනෙන තෙක් මානයක එළියක් නොතිබුණත්, තමන් ඇතුළේ තියෙන ජීවයේ ශක්තිය විශ්වාස කරන නිසයි.🌳🌱
ඔබේ ජීවිතයත් අන්න ඒ වගෙයි. සමහර කාලවලදී ජීවිතය ඔබව හුදෙකලා කරලා, අඳුරු තැනක සිර කළා වගේ දැනෙන්න පුළුවන්. ඒත් මතක තබා ගන්න, ඔබව වළදමා නැත, ඔබව රෝපණය කර ඇත යන්න.🍃
අද ඔබ තබන නිහඬ, මහන්සි සහිත පියවරවල් හෙට දවසේ මුළු ලෝකයට ම ඇහෙන මහා හඬක් බවට පත් වේවි . 🌾🌼
නැගිටින්න, අඳුරට බිය නොවී ඔබේ ම එළිය සොයා ඉදිරියටම යන්න...!
MEDIA CLUB Of D.S.Senanayake Central College - Mirigama
*