S Tesh

S Tesh Shenu

😊...Happy Sunday... 😊
25/08/2024

😊...Happy Sunday... 😊

25/08/2024
මගේම අදරණීය මහත්තයාට, ඔයා මහන්සි වෙනවා... අපි වෙනුවෙන් මහන්සි වෙන බව දන්නවා..., සමහර වෙලාවට වැඩ එක්ක එන පීඩනය අපි ළගදී හ...
24/08/2024

මගේම අදරණීය මහත්තයාට,

ඔයා මහන්සි වෙනවා... අපි වෙනුවෙන් මහන්සි වෙන බව දන්නවා...,
සමහර වෙලාවට වැඩ එක්ක එන පීඩනය
අපි ළගදී හිනාවකින් නැති කරගන්නවා...
දන්නවද...
ඔයා ගැන මම, අපේ පවුලෙ හැමෝම, අපේ යාළුවො හැමෝම හැමදාමත් ආඩම්බර උනා...
ඒ ඔයාගේ ආදරණීය හොද ගතිගුණ, ඔයාගේ දක්ෂතා, ඔයාගේ කැපවීම, පවුල - වෘත්තිය- යාළුවො මේ හැමදෙයක්ම හරිම ලස්සනට සමබරව ඔයාගේ ජීවිතේ තියාගන්න එක නිසා... කිසි අඩුවක් නැතිව අපිව පැටවු වෙසක් කූඩුවක් වගේ ඔයාගේ ළගම තියාගන්න පුළුවන් ඔයාටම විතරක් නිසා...

ඔයා මන් වෙනුවෙන්, අපේ පවුල වෙනුවෙන් කරන හැම දෙයක්ම මම මේ කාලය පුරාවටම දකිනවා, දැනෙනවා ආදරෙන් විඳිනවා....
ඉතින් හැම දවසකම...
සදහටම මම ඔයා මගේ කියලා කියන්නෙ...
අපේ දරුවො ඔයා එයාලගේ තාත්තා කියලා කියන්නෙ... ගොඩාක් ආඩම්බරෙන්...
අපි හරි ආදරෙයි 🥺❤️

✍️ පාරම්පරික - The HealthFood Store ©
උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න 🙏

Free time එකට නයි අරින අපි දෙන්නා 😍
23/08/2024

Free time එකට නයි අරින අපි දෙන්නා 😍

❤️පුතෙක් ඉන්නවා කියන්නේ ජීවිතයට වටිනා සහකරුවෙක් ඉන්නවා වගේ ඔහු සදහටම විශ්වාසවන්ත මිතුරෙකි..... ❤️වික්‍රමාන්විතයන් සහ සිහ...
22/08/2024

❤️පුතෙක් ඉන්නවා කියන්නේ
ජීවිතයට වටිනා සහකරුවෙක් ඉන්නවා වගේ
ඔහු සදහටම විශ්වාසවන්ත මිතුරෙකි.....
❤️වික්‍රමාන්විතයන් සහ සිහින බෙදාගන්න හැකි කෙනෙකි ......
❤️ගවේෂණයේ සහ සොයාගැනීමේ හවුල්කරුවෙකි .....
❤️පුතෙක්, ශක්තිය සහ කිසිදා මැකී නොයන උද්යෝගය ගෙන එයි .....
❤️ඔහු වටිනා තෑග්ගකි.....
❤️සිනහව සහ කඳුළු අතරින්,
ජයග්‍රහණ සහ අභියෝග අතරින්,
ඔහු මගේ මාර්ගෝපදේශක ආලෝකය වනු ඇත.....
❤️ඔහු මගේ විශ්වාසවන්තයා, මගේ අභිමානයයි...
❤️පුතෙකු යනු,
ඔබේ හදවත කොන්දේසි විරහිතව
සදහටම හා සැමවිටම ආදරය කරන්න හැකි ආශිර්වාදයකි❤️❤️❤️

Originally written by ✍️: Rosanna B. Lundberg
📸: unknown

(පරිවර්තනය හා සංස්කරණය කවිතා සෙල්වරාජ්)

❤️ළමයින්ගේ ලෝකේ හරි සුන්දරයි.එයාලා හිතන විදිහ හරි ලස්සනයි....❤️.....තාත්තාගේ උපන්දිනයට මම තාත්තාට දෙන්න තාත්තාගේ පොටෝ එක...
21/08/2024

❤️ළමයින්ගේ ලෝකේ හරි සුන්දරයි.එයාලා හිතන විදිහ හරි ලස්සනයි....❤️
.....තාත්තාගේ උපන්දිනයට මම තාත්තාට දෙන්න තාත්තාගේ පොටෝ එකක් හැදෙව්වා කියලා පුතාට ඒක පෙන්නුවාම එයා ඇහුවා එතකොට මම මොනවාද සීයාට දෙන්නේ කියලා....

🌼🌼🌼......මේ තියෙන්නේ එයා සීයාට දෙන්න ඇදපු සීයාගේ පින්තූරේ....🌼🌼🌼

"මිනිස්සු ඔයා ගැන කියන කතා ඔයා දන්නවද ?" "නෑ..." 💜🌻🥀"දන්නව නම් ඔයා ඒ මිනිස්සු එක්ක වචනයක් වත් කතා කරන එකක් නෑ ! ""මගේ කත...
16/08/2024

"මිනිස්සු ඔයා ගැන කියන කතා ඔයා දන්නවද ?"

"නෑ..." 💜🌻🥀

"දන්නව නම් ඔයා ඒ මිනිස්සු එක්ක වචනයක් වත් කතා කරන එකක් නෑ ! "

"මගේ කතාව දන්නෙ මම විතරයි නිසා, අනුන් කියන කතා මට අදාලම නෑ 💜
එයාලා ලෝකය දකින්නෙ එයාලගෙ මානසික මට්ටමෙන්.
මානසික මට්ටම දුර්වල මිනිස්සු ගැන අනුකම්පාවක් මිසක තරහක් නම් මට නෑ" 💜

ප.ලි.
හැම මනුස්සයෙක්ම ලෝකය දකින්නෙ එයාලගෙ බුද්ධි මට්ටම අනුව.

තව කෙනෙක්ට අද වෙන දේ, තමන්ට හෙට වෙන්න පුළුවන් කියන යථාර්ථය තේරුම් අරන් ජීවත් වෙන මිනිස්සු කාවවත් විනිශ්චය කරන්න යන්නෙ නැහැ.

ජීවිතේ අවබෝධ කර ගත්ත මිනිස්සුන්ට අනුන්ව විනිශ්චය කරලා දිනා ගන්න දේවල් ඇත්තටම නැහැ.

එයාලට තියන එකම අභියෝගය තමා,
ඊයෙ හිටිය තමන්ට වඩා අද දවසේ තමන්ගෙ කොලිටි එක වැඩි කර ගන්නෙ කොහොමද කියන අභියෝගය 💜🌻🥀

Copied ✍️

ඔව් ඇත්ත. මං හරි ශක්තිමත් කියලා හිතාගෙන තනියම දරුවො බලාගෙන හැමදේකින්ම ඉහළට ගෙනිහින් මිනිහට රස්සාවෙ වගකීම විතරක් දීලා( ගෙ...
16/08/2024

ඔව් ඇත්ත. මං හරි ශක්තිමත් කියලා හිතාගෙන තනියම දරුවො බලාගෙන හැමදේකින්ම ඉහළට ගෙනිහින් මිනිහට රස්සාවෙ වගකීම විතරක් දීලා( ගෙදර ප්‍රශ්න අඩු පාඩු වත් නොකියා ) මුලු පවුලම තනියම ඇදගෙන යන ගෑනුන්ට අවසානෙ මොකද වෙන්නෙ..... අසනීපයක් උනත් කවුරුන් ගණන් ගන්නෑ. හපෝ එයාට ඕවා ගානක් නෑ එයාට පුළුවන්, එයා කරයි ඔය ලෙඩ ලොකු දේවල් නෙමෙයි එයාගෙ හිත හයියයි. එහෙම තමයි මිනිස්සු හිතන්නෙ.
ඒක නිසා හොඳම දේ ගෑනියෙක් ගෑනියෙක් වෙන්න. අඬන්න ඕන තැන අඬන්න. හිනාවෙන්න ඕන තැන හිනාවෙන්න. දුර්වල වෙන්න ඕන තැන ( අවස්ථාව අනුව ) දුර්වල වෙන්න. මේ සියලු හැඟීම් තමන්ටත් දැනෙන බව අනිත් අයට දැනෙන්න ජීවත් වෙන්න. එහෙම නැති උනොත් මිනිස්සු සියලු හැඟීම් දැනීම් එක්ක සෙල්ලම් කරයි.
යකඩ ගෑනියෙක් නොවී සංවේදී ගෑනියෙක් වෙන්න.😘

Copied ...🖊️

දරුවො කැමති මඅම්මගෙයි අප්පච්චී ගෙයිසෙවණෙ හැදෙන්නෙ..ඒක ඒ දරුවන්ගෙ අයිතියක් ...දරුවෙක් මේ ලෝකෙට එන්නෙදරුවගෙ අවශ්‍යතාවක් මත...
15/08/2024

දරුවො කැමති ම
අම්මගෙයි අප්පච්චී ගෙයි
සෙවණෙ හැදෙන්නෙ..

ඒක ඒ දරුවන්ගෙ අයිතියක් ...

දරුවෙක් මේ ලෝකෙට එන්නෙ
දරුවගෙ අවශ්‍යතාවක්
මත නොවෙයි..

බිරිඳක් සැමියෙක්ගෙ
උවමනාව මත...
අම්මා අප්පච්චී යන
නාමයත් ඔබට ලැබෙන්නෙ
ඔබේ දරුවා නිසා ...

දරුවෙක් බිහිකර පමණින්
දරුවෙක් ජාතක කර පමණින්
දෙමාපියන් නොවනු ඇත ....

වගකීම් සමූදායක්
ඔබ වෙත පැවරී ඇත
කිසි විටක
ඔබට එම වගකීම් වලින්
බැහැර වීමට අයිතියක් නැත...

මන්ද
ඔබයි දරුවාව මේ ලොවට උරුම කලේ...

පෝෂණය කිරීම
රැකබලා ගැනීම
ගෞරවාන්විතව ජීවත් වීමට සැලසීම...

ඔබේ යුතුකමක් හා වගකීමක් ය...

දරුවන්ගෙ
හොඳම මව්පියන් ඔබය
හොඳම යහලුවන් ඔබය
ඔවුන් විවෘත වන්නේද ඔබ අභිමුව ය...

දරුවෙක් ට හරි ගිහාම පමණක් නොව
දරුවෙක්ගෙ වැරදුම ද
ඔබ බාරගත යුතුයි...

හැම විටම ඔබේ දරුවාට
අවදානය දෙන්න
ඇහුම්කන් දෙන්න ..

ඔබේ වැරදි තීරණ
ඔබේ වැරදි හැසිරීම්
ඔබේ දරුවාට වන්දි ගෙවීමට
සිදුවීම් නොකරන්න ..

ඔබ තවත් බොළද
කෙල්ලක් හෝ කොල්ලෙක් නොවෙමි..

වගකීම් සමූහයකින් බැදුණු
මව්පියන් යුවලකි..

ඔබේ යුතුකම් මැනවින් ඉටු කරන්න...
යහපත් නිරෝගීමත් දරු පරපුරක්
ලොවට දායාද කරන්න....

නෙලුම් අරන් ආවේ නැතත් ඇතෙක් හීන දිගේ....දකුණු දෙසින් එබුණෙ නැතත් ඉතින් කුසට මගේ...මව් පදවිය දුන් නිසාම මව් දේවිටවගේ....ඔ...
15/08/2024

නෙලුම් අරන් ආවේ නැතත් ඇතෙක් හීන
දිගේ....
දකුණු දෙසින් එබුණෙ නැතත් ඉතින් කුසට
මගේ...
මව් පදවිය දුන් නිසාම මව් දේවිට
වගේ....
ඔව්,ඒ පින් කුමරු තරම් මටත් උඹව
අගේ........

හීනෙන්වත් මැවුණෙ නැතත් ඒ පින් සල්
වනේ...
මාත් නිවුනා මගේ මැණික උඹ ඉපදුණු
දිනේ...
සෙනෙහස මහමෙර තරමට පිරෙද්දි හිත්
කොනේ...
මහ මායා මවට තරම් මටත් සුවය
දැනේ.....

පෙවු කිරි ටික සුවඳ වෙද්දී උඹේ පුංචි
දිවේ..
සෙනෙහස නිල් අහස තරම් උඹ වෙනුවෙන්
වැවේ...
වෙන කිසිවක් ඕනෙම නෑ සත්තයි මේ
භවේ...
ඔව්,උඹ විතරමයි මැණික මට නිම් නැති
සුවේ.......

අහස තරම් මුහුද තරම් සොඳුරු හීන
හිතේ..
ඉතිරි ඉතිරී තියෙනවා උඹ දන් නෑ රං
කැටේ...
අද ලේ කිරි කලත් දිනක සවි නැතිවෙයි
ගතේ...
ඔව් එදාට ඇතෙක් වගේ උඹ ඉඳීවී
පුතේ......

දළදා සමිඳුන්ගෙ සෙවණ ඇති මේ මව්
තලේ...
ජයසිරිමා බෝ සමිඳුත් හැමදාකම
දිලේ...
උඹ තවමත් පොහොට්ටුවක් මැණික පිච්ච
මලේ....

"""""""ඔව්,රංකඳ උඹත් පුතෙක් මට බෝසත් කුලේ""""""..❤️

❤️❤️❤️❤️උණුහුමක පැටලිච්චසුදු සිනිඳු මල් පෙතීහිත පුරා ඉඩ හොයයිආදරෙන් එති එතීමුදු මොලොක් ඇඟිලි තුඩුපටලවා සුවඳැතීනුඹ කියාදු...
13/08/2024

❤️❤️❤️❤️උණුහුමක පැටලිච්ච
සුදු සිනිඳු මල් පෙතී
හිත පුරා ඉඩ හොයයි
ආදරෙන් එති එතී
මුදු මොලොක් ඇඟිලි තුඩු
පටලවා සුවඳැතී
නුඹ කියාදුන් සෙනේ
පුතේ මට අරුමැතී❤️❤️❤️❤️

Address

Mirigama

Website

Alerts

Be the first to know and let us send you an email when S Tesh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share