NPW Publishing

NPW Publishing Books written by N.P.Wijerathna and others

Little Women (පුංචි යුවතියෝ) අමෙරිකානු ලේඛිකා ලුයිසා මේ ඇල්කොට් :1832–1888) විසින් 1868දී ලියන ලද හා දැනට සම්භාව්‍ය ගණයේ...
11/06/2025

Little Women (පුංචි යුවතියෝ) අමෙරිකානු ලේඛිකා ලුයිසා මේ ඇල්කොට් :1832–1888) විසින් 1868දී ලියන ලද හා දැනට සම්භාව්‍ය ගණයේ ලා සැලකෙන නවකථාවකි.

‘පුංචි යුවතියෝ’ කඩිනමින්ම පාඨක මෙන්ම විචාරකයන්ගේ ද ඇගයීම්වලට ලක්වූ යොවුන් නව කතාවකි. එයින් මෙග්, ජෝ, බෙත් සහ ඇමී යන මාච් පවුලේ යුවතියන් හතරදෙනෙකුඝේ ළමා වියේ සිට තරුණ කාන්තාවන් බවට පත්වීම දක්වා කාල පරාසය තුළ ඔවුන් මුහුණ දුන් විවිධ අත්දැකීම් නිරූපණය වෙයි.
එය මොන තරම් ජනප්‍රියත්වයට පත්වූවේද කිවහොත් එම චරිත ගැන තවත් තොරතුරු අවශ්‍ය යයි පාඨකයන්ගෙන් කෙරුණ බලකිරීම මත Good Wives නමින් එහි දෙවැනි කොටසක් ද ලිවීමට ඇල්කොට්ට සිදුවිය. එය ද අතිශයින්ම සාර්ථක පොතක් විය.

පුංචි යුවතියෝ විශේෂයෙන් ගැහැනු ළමයින් ඉලක්ක කර ගත් නවකතාවක් වුවත් එය සාමාන්‍ය ළමා කථාවලට වඩා හාත්පසින්ම වෙනස් ය. එය තේමා තුනකට- එනම් ගෙදරදොර පරිසරය, වැඩපළවල යෙදීම සහ සත්‍ය ප්‍රේමය පාදක කරගෙන ලියැවුනකි. ඒවා එකක් අනෙකක් හා බැඳූන සහ ඒ ඒ චරිතයේ අනන්‍යතාවය හඳුනා ගැනීමට ඉවහල්වෙන ඒවාය.

‘පුංචි යුවතියෝ’ ආදර කතාවක් මෙන්ම ගවේෂණාත්මක එකක් ලෙස ද සැලකිය හැකිය. එය ධනයට වඩා ගුණය තහවුරු කෙරෙන එකකි. එතුළින් සියළුම අමෙරිකානු දැරියන් සතු බහුවිධ පැතිකඩ හෙලිවෙන අතර විශේෂයෙන්ම මාච් සහෝදරියන් වෙතින් දැරියක අන්‍යයන් කෙරෙහි දයාවන් හා කරුණාව යොමුකළ යුතු ආකාරය පැහැදිලි කෙරෙයි.

‘පුංචි යුවතියෝ’ මීරිගම ආකර්ෂා ප්‍රකාශනයකි. එයහි මිල රු. 500ක් පමණය. 033 22 75611. වට්ස්ඇප් මැසේජ. 0752122220 යන අංකයක් ඔස්සේ ඇමතීමෙන් ඔවුන්ගෙන්ම ඍජුවම එය ඇනවුම් කළ හැකිය.

ඈන් බ්‍රොන්ටේගේ "වයිල්ඩ්ෆෙල් මන්දිරයේ නේවාසිකාවිය"ඉංග්‍රීසි ජාතික නවකථාකාරියක් හා කිවිඳියක වූ ඈන් බ්‍රොන්ටේ, බ්‍රොන්ට...
11/06/2025

ඈන් බ්‍රොන්ටේගේ "වයිල්ඩ්ෆෙල් මන්දිරයේ නේවාසිකාවිය"

ඉංග්‍රීසි ජාතික නවකථාකාරියක් හා කිවිඳියක වූ ඈන් බ්‍රොන්ටේ, බ්‍රොන්ටේ සාහිත්‍ය පවුලේ බාලම සාමාජිකාවය. ඈන් ඇගේ නවකථා දෙක ලියන ලද්දේ තියුණු හා උපහාසාත්මක ආකාරයකටය. එබැවින් ඈන්ගේ The Tenant of Wildfell Hall පොත නැවත ප්‍රකාශයට පත්කිරීම ඈගේ මරණයෙන් පසුව චාලට් බ්‍රොන්ටේ විසින් ප්‍රතික්ෂේප කළාය. ඒ එහි කාන්තා චරිත ගැන ඇතමුන් එල්ල කළ දෝෂාරෝපණ නිසාය.

ඇය වසර දෙකක් තිස්සේ නේවාසික පාසැලක ඉගෙනුම ලැබීය. වයස 19දී ඇය හැවර්ත් නිවසෙන් පිටත්ව ගොස් ගවර්නස් කෙනෙක් හෙවත් නිවසක පුද්ගලික ගුරුවරියක ලෙස සේවය කළාය. ඒ 1839 සහ 1845 අතර කාලයේදීය. ගුරුවරියක ලෙස ලබාගත් අත්දැකීම් පාදක කර ගනිමින් ඇය විසින් ලියන ලද ‘ඇග්නස් ග්‍රේ" නමැති නවකථාව 1847දී ප්‍රකාශයට පත්කරනු ලැබීය.

ඇගේ දෙවැනි (හා අවසන්) නව කථාව වූ ‘ද ටෙනන්ට් ඔෆ් වයිල්ඩ්ෆෙල් හෝල්’ ප්‍රකාශයට පත්කරන ලද්දේ 1848දී ය. එය එතෙක් බිහිවූ ප්‍රථම කාන්තා පෝෂක, කාන්තවන් අතර ආත්ම ශක්තිය ඇතිකරවන නවකථාව ලෙස සැලකෙයි. එය ක්ෂණික හා අතිමහත් සාර්ථක කෘතියක් විය. මුද්‍රණය කර සති හයක් ඇතුළත එහි සම්පූර්ණ පිටපත් සංඛ්‍යාවම විකිණී අවසන් විය. එය ඒ අවධියේ වාර්තාගත ජයග්‍රහණයකි.

ඇතැම්විට බ්‍රොන්ටේ පවුලේ නවකථා අතරින් බෙහෙවින්ම කම්පනයක් ජනිත කරවන කෘතිය ලෙස සැලකෙන්නේ The Tenant of Wildfell Hall ය. සාහිත්‍ය ද සත්‍යවාදී ව්ය යුතු යයි ඈන් විශ්වාස කළාය. මත්පැනට ඇබ්බැහිවීම (සුරා ධූර්තත්වය) සහ සල්ලාලකම ගැන ඈන් වචනයෙන් කළ පැහැදිලිකිරීම් 19වැනි සියවසේදී පැවති සංවේදීතාවය විචක්ෂණ ලෙස කැලතවීමක් විය.

එම කෘතියේ කථානායිකාව වන හෙලන් ග්‍රෙහැම් සහ ගිල්බට් මාක්හැම් අතර උපක්‍රමශීලී, රහස් ආලයක් පවතී. පසුව ඇය චිත්‍රශිල්පිනියක හා එපා කළ චරිතයක් වූ කාමුක, ආතර් හන්ටින්ඩන්ගේ බිරිය වශයෙන් ගතකළ ජීවිතයේ රහස් මාක්හැම්ට හෙලිකරයි.

බ්‍රොන්ටේ පවුලේ නවකතා අතරින් බෙහෙවින්ම කම්පනයක් ජනිත කරවන කෘතිය වන්නේ The Tenant of Wildfell Hall ය. 2007දී එලිසබෙත් වෝකර් විසින් එම පොතේ සාමාන්‍ය පාඨකයන් සඳහා කරන ලද සංස්කරණය මවිසින් "වයිල්ඩ්ෆෙල් මන්දිරයේ නේවාසිකාවිය" නමින් සිංහලට පරිවර්තනය කර ඇත.

ආකර්ෂා ප්‍රකාශනයක් වන යඑය එළඹෙන පොත් සැනකෙලියේ ආකර්ෂා කුටියේදී එළිදැක්වීමට නියමිතය. මිල රු. 700.00ක් පමණය. විමසීම්: 033 22 75611. Whatsapp මැසේජ්: 0752122220

The Storekeeper’s Daughter By Wanda E. Brunsteterවෙළඳසලේ අහිංසකාවියපරිවර්තක: එන්.පී.විජේරත්නආකර්ෂා ප්‍රකාශකයෝ- මීරිගම (0...
05/06/2025

The Storekeeper’s Daughter By Wanda E. Brunsteter
වෙළඳසලේ අහිංසකාවිය
පරිවර්තක: එන්.පී.විජේරත්න
ආකර්ෂා ප්‍රකාශකයෝ- මීරිගම (075 2122 220. 033 2272611)
පිටු 400කි. මිල: රු. 1,500යි.

අනපේක්ෂිත බාදක, කරදර, හිරිහැර, කෙනහිලි, ඒකාකාරී ජිවිත රටාව වැනි සාධක නිසා අපේක්ෂාභංගත්වයට පත්වී සිටි නයෝමි ෆිෂර් නමැති තරුණිය අවසානයේ සිය ඉලක්ක සාක්ෂාත් කර ගන්නා ආකාරය ‘වෙළඳසලේ අහිංසකාවිය’ කතාවෙන් විස්තර වෙයි.

ඇයට ජීවත්වෙන්නට සිදුව තිබුනේ තම වැන්දඹු පියා සහ සහෝදර සහෝදරියන් හත්දෙනෙකු වෙනුවෙන් තම යොවුන් ජීවිතය කැපකරගෙනය. ඇය එය නොපිරිහෙලා ඉටුකළත් එක් සුළු අතපසුවීමක් නිසා ඇය හැම අයෙකුගේම දෝෂ දර්ශනයට ලක්වෙයි.

ඇගේ චිත්ත වේග අඩපන කරන, ආත්මය තෙරපාගෙන තිබෙන බරෙන් නයෝමි නිදහස් වෙන්නේ කෙසේද? දිගින් දිගටම මුහුණපාන අසාර්ථකත්වය මැඩපවත්වා ගැනීම සඳහා ඇය දරන ප්‍රයත්නය ඕනෑම යුවතියකගේ ඉදිරි ජීවිතය සෑශිමකට පත්විය හැකි මට්ටමකට සාර්ථක එකක් කර ගැනීම සඳහා අසීමිත ලෙස මහෝපකාරි වෙයි.

ඔබේ දියණීය. බිරිය හෝ සොහොයුරිය දිරිය කතක් බවට පත්කරවීම බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙන සාධක බහුල ‘වෙළඳසලේ අහිංසකාවිය’ ඔවුන්ට අනිවාර්යයෙන්ම කියැවීමට අවස්ථාවක් ලබා දෙන්න. එවිට ඔවුන්ට ද නයෝමි මෙන් දිරිය දියණීයක් විය හැකිය.

මෙහි කතුවරිය දැනට අමෙරිකාවේ වෙසෙන බෙහෙවින්ම ජනප්‍රිය යොවුන් නවකතා රචකාවිය ය. ඇය විසින් ලියා ඇති පොත් සංඛ්‍යාව 120කට අධිකය. එමෙන්ම නයෙයා්මි ඇතුළු ප්‍රජාවේ තොරතුරු පාදක කරගෙන නිපදවන ලද The Daughters of Lancaster County ටෙලිනාට්‍ය මාලාව ලොව පුරාම මහත් ජනාදරයට පත්වූ එකකි.

තුන් ඈඳුතු නවකතාවක් වෙන ද ඩෝටර්ස් ඔෆ් ලැන්කැස්ටර් කවුන්ටි කතා මාලාවේ පළමුවැන්න ‘ද ස්ටෝකීපර්’ස් ඩෝටර්’ ය. ‘වෙළඳසලේ අහිංසකාවිය’ නමින ්සිංහලට පරිවර්තනය කර ඇති මෙහි ඔබේ පිටපත සරසවි, මින්සර, ගුණසේන ඇතුළු ප‍්‍රධාන පොත්හල්වලින් මෙන්ම ආකර්ෂා ප‍්‍රකාශකයන් වෙක්නි ඔබේ නිවසටම ද ගෙන්වා ගත හැකිය.

විමසීම්: 033 22 75611. Whatsapp මැසේජ්: 0752122220

රුද්‍රප්‍රයාග්හි මිනීමරු කොටියාකර්තෘ: ජිම් කෝබට්, පරිවර්තනය: කුමාර සිරිවර්ධනමීරිගම ආකර්ෂා ප්‍රකාශනයකි. (033 22 75611, 07...
22/11/2024

රුද්‍රප්‍රයාග්හි මිනීමරු කොටියා
කර්තෘ: ජිම් කෝබට්, පරිවර්තනය: කුමාර සිරිවර්ධන
මීරිගම ආකර්ෂා ප්‍රකාශනයකි. (033 22 75611, 0752122220)

ඉන්දීය කඳුකරයේ වර්ග සැතපුම් පන්සීයක ප්‍රදේශයක් පුරා භීතිය පතුරුවන ලද මිනීමරු කොටියෙකුගේ උද්වේගතර කතාන්තරයක් වන ජිම් කෝබට්ගේ The Man-eating Leopard of Rudraprayag (සිංහල පරිවර්තනය: රුද්‍රප්‍රයාග්හි මිනීමරු කොටියා- කුමාර සිරිවර්ධන) ඉන්දියාවේ ගාර්වාල් ප්‍රදේශය වෙත සවිස්තරාත්මක බැල්මක් හෙලිකරයි.

එම කොටියා දඩයම්කිරීම සඳහා වසරක පමණ කාලයක් කෝබට් විසින් කරන ලද ලුහුබැඳීම්වලට අමතරව එම කලාපයේ පැතිරී තිබූ මිත්‍යා නවිශ්වාසයන්, භූ දර්ශනවල සුන්දරත්වය මෙන්ම කොටියෙකු මිනිස් භක්ෂකයෙකුබවට පත්වෙන්නේ කුමක් නිසා ද යන්න සහ තවත් පුදුම සහගත කරුණු කාරණා ගණාවක් මෙම පොතේ හෙළිකර ඇත.

ඒ සියල්ලම විස්තර කර ඇත්තේ කෝබට්ට ආවේනික අසම සම ගෛලියකිනි. එමෙන්ම ‘ රුද්‍රප්‍රයාග්හි මිනීමරු කොටියා’ ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට ගැලපෙන ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව රස විඳිය හැකි අගනා කෘතියකි. රුද්‍රප්‍රයාග් ප්‍රදේශයේ මිනිසුන්ට පහරදුන් ඔවුන්ගේ ජීන්‍ිතය භීතියෙන් මුසුපත්කර මෙම මිනීමරු කොටියා නිසා ඔවුන් මුහුණ පෑ විවිධ දුෂ්කරතාවලට එම ප්‍රදේශවාසීන් මුහුණ දුන් අන්දම මෙන්ම ඔවුන් තුළ තිබූ ඔරොත්තුදීමේ හැකියාව ද මෙම පොතෙන් පැහැදිලි වෙයි.

මිනී මස් කොටියෙකුගේ ස්වභාවික ආහාරයක් නොවේ. මිනීමරු කොටින් බිහිවෙන්නේ මිනිසුන්ගේ වැරදි නිසාය. වසර අටක පමණ කාලයක් ඇතුළත මිනිසුන් 125කට වැඩි ප්‍රමාණයක් මරා දැමූ රුද්‍රප්‍රයාග්හි මිනිමරු කොටියා ගැන කීට ඇත්තේ ද ඒ ටිකමය. එය මොනතරම් දුරට සත්‍යයක්ද යන්න තවුරු දුර ගැනීම සඳහා ඔබත් ‘රුද්‍රප්‍රයාග්හි මිනීමරු කොටියා’ පොත කියවා බලන්න.
මෙය සරසවි, ගුණසේන, මින්සර ඇතුළු දිවයිනේ බොහෝ පොත්හල්වලින් මෙන්ම කෙලින්ම ආකර්ෂා ප්‍රකාශයන් වෙතින් ද (033 22 75611, 075 212 2220) ඔබේ නිවසටම ගෙන්නා ගත හැකිය. පුරා පිටු 212ක් ඔස්සේ දිවෙන මෙම කථාව අදාළ රූපසටහන් ගණනාවකින් හා සිතියම් කීපයකින් ද සමන්විතය.

"ගස උඩ හිටිය මට වෑන් දෙක නවත්වා තිබූ තැන සිදුවන සියළුම දේ පෙනෙනවා. ඔවුන්ගේ ටෝච් එළිවලින්මයි පැහැදිලිව පෙනුණේ. තමරා නංගී,...
13/11/2024

"ගස උඩ හිටිය මට වෑන් දෙක නවත්වා තිබූ තැන සිදුවන සියළුම දේ පෙනෙනවා. ඔවුන්ගේ ටෝච් එළිවලින්මයි පැහැදිලිව පෙනුණේ. තමරා නංගී, මුල්ම වෙඩිල්ලට එයා බුදු අම්මෝ කියාගෙන බිම ඇද වැටුණා. ඊළගට දෙවැනියාට, ඉන්පසු එකින් එක පෝළිමට එකින් එක පෝළිමට වෙඩි හඩ ඇහුණා.........

88, 89 අප රට වෙළාගත් අඳුරු භීෂණ සමයේ දී වවුල් කැලේ සමූහ මිනිස් ඝාතනය හා එම නඩුව වටා ‍ ගොනු වූ සත්‍ය සිදුවීම් මාලාවක් පාදක කරගනිමින් වදාකඩ නවරත්නයන් විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථයකි.

‘‘වවුල්කැලේ තීන්දුව’’ මීරිගම ආකර්ෂා ප‍්‍රකාශනයකි. ප‍්‍රසිද්ධ පොත්හල්වලින් සහ කෙලින්ම ප‍්‍රකාශකයන්ගෙන් ලබා ගත හැකිය.

"පුතන්ඩියත් එහෙනම් තාත්ත ව‍ගේ විප්ලවකාරයෙක් වෙන්නද යන්නේ" අම්මා "ලංකා"ට කීවේ අධ්‍යාපන ධවල පත්‍රිකා විරෝධී සටනක් පාසලෙන් ...
13/11/2024

"පුතන්ඩියත් එහෙනම් තාත්ත ව‍ගේ විප්ලවකාරයෙක් වෙන්නද යන්නේ" අම්මා "ලංකා"ට කීවේ අධ්‍යාපන ධවල පත්‍රිකා විරෝධී සටනක් පාසලෙන් දියත් කරන්නට යන කතාව අම්මාට කිව්ව දවසේ ය.
"ඔව් අම්මා ඉඹුලෙ කටු උල්කරන්න ඕනැයැ... මමත් විප්ලවකාරයෙක් වෙනවා තාත්ත වගේ..." ලංකා ගත් කටට පිළිතුරු දුන්නේ ය.
සමාජ සාධාරණත්වය සොයා ගිය විප්ලවවාදියෙකු තම ජීවිත කාලය පුරා (1971, 89 හා ඉන්පසු කාල පරිච්ජේදය) අත්විදි කටෝර අත්දැකීම් උපෙක්ෂාවෙන් දරාගනිමින් ජීවිත වෘතාන්තය නිමා කරන අයුරු දැක්වෙන නිරමාණයකි.
වදාකඩ නවරත්න මහතා ලියූ ‘‘තෙවැනි නැගිටීම’’ මීරිගම ආකර්ෂා ප‍්‍රකාශනයකි. ප‍්‍රසිද්ධ පොත්හල්වලින් සහ කෙලින්ම ප‍්‍රකාශකයන්ගෙන් ලබා ගත හැකිය.

කාලයක් තිස්සේ මුද‍්‍රණයේ නොතිබූ, ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ආදර කතාව, එරික් සේගල්ගේ ‘ලව් ස්ටෝරි’ ප‍්‍රති මුද‍්‍රණය දැ...
30/09/2024

කාලයක් තිස්සේ මුද‍්‍රණයේ නොතිබූ, ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ආදර කතාව, එරික් සේගල්ගේ ‘ලව් ස්ටෝරි’ ප‍්‍රති මුද‍්‍රණය දැන් නැවත වතාවක් ලබා ගත හැකි බව සෙනෙහසින් සිහිපත් කරමු. ඔබ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් නම් ඔබ වැඩියෙන්ම ප‍්‍රිය කරන අය වෙතට ‘‘ලව් ස්ටෝරි’’ පොතක් තිළිණ කරන්න.
********************
එරික් සේගල්ගේ ‘ලව් ස්ටෝරි’ මෙතෙක් ලෝකයේ පළවී ඇති බෙහෙවින්ම සාර්ථක වූ ආදර කතා අතරින් එකකි. නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වැඩියෙන්ම අලෙවිවන පොත් ලැයිස්තුවේ පුරා සති 43ක් රැඳී සිටීමට සමත්වූ එය වෙනත් භාෂා 33කට ද පරිවර්තනය කර ඇත. එහි ඉංග‍්‍රීසි පොත පමණක් පිටපත් මිලියන 25කට වඩා අලෙවිවී ඇත.

ලව් ස්ටෝරි පාදක කරගෙන විවිධ රටවල චිත‍්‍රපට ගණනාවක් නිපදවා ඇති අතර ඉන්දියාවේ පමණක් මන්ජල් කුම්කුමන්, (දෙමළ) අනිකියෝන් හේ ජරෝකෝන් සේ, (හින්දි) මදනෝල්සානම් (මලයාලම්) සනාම් මේරි කසාම් (හින්දි) ය චිත‍්‍රපට නිෂ්පාදනය කරනු ලැබීය.

එන්.පී.විජේරත්න පරිවර්තනය කළ ලව් ස්ටෝරි, ආශිර්වාද ප‍්‍රකාශනයකි. මීරිගම දුම්රියපොළ ඉදිරිපිට වෙළඳ සංකීර්ණයේ ආශීර්වාද පොත්හල ඇතුළු දිවයිනේ බොහෝ පොත්හල්වලින් මෙන්ම විවිධ ඔන්ලයින් සේවා ඔස්සේ ද එය ලබා ගත හැකිය. කෙලින්ම ප‍්‍රකාශයන් වෙතින් ද විශේෂ වට්ටම් සහිතව නිවසටම ගෙන්වා ගත හැකිය:
✔ වට්ස් ඇප්: 0753 008 008 / 0753222249

The Quilter’s Daughter- Wanda E. Brunstetterඇබී: මැහුම් යුවතියගේ දියණිය. පරි: එන්.පී. විජේරත්න,මීරිගම ආකර්ෂා ප්‍රකාශනයකි...
13/09/2024

The Quilter’s Daughter- Wanda E. Brunstetter
ඇබී: මැහුම් යුවතියගේ දියණිය. පරි: එන්.පී. විජේරත්න,
මීරිගම ආකර්ෂා ප්‍රකාශනයකි. 033 22 75611, 0752122220.
මිල රු. 1,500යි.

ඇබී මිලර් ඇය අතිශයින් සාර්ථක ලෙස පවත්වාගෙන ගිය ඇතිරිලි වෙළඳසල මෙන්ම ඇගේ ප්‍රාණප්‍රිය පෙම්වතා ඔහියෝ ප්‍රාන්තයේ කුඩා නගරයක තනිකර දමා පෙන්සිල්වේනියාවේ ලැන්කැස්ටර් වෙත යන්නේ එහි සිටින, දෙවැනි වතාවටත් විවාහවූ ඇගේ මවගේ දරු ප්‍රසූතියේදී ඇයට සහය වීම සඳහා ය.
ඇය එසේ එහි නතරවී සිටියදී ඇගේ සිහින ලෝකය සම්පූර්ණයෙන්ම විනාශ වෙයි. ඒ පූසෙකු නිසා ඇගේ වෙළඳසලේ ඇතිවූ හදිසි ගින්නකින් එම වෙළඳසල සම්පූර්ණයෙන්ම විනාශ වීම නිසාය. එමෙන්ම එය බේරා ගැනීමට උත්සාහ කළ ඇගේ පෙම්වතා ද ඇයට අහිමි වෙයි.

එම ව්‍යයසනය නිසාම කිසියම් සාධනීය තත්ත්වයක් සලසා ගැනීමට ඇයට හැකිවෙයිද? චංචල ඇදහිල්ල නිසා ඇබී තම ගැටළුවලට පිළිතුරු අපේක්ෂා කරන්නේ තම පවුලේ අයගෙන් හා හිතවතුන්ගෙනි. අතීතයේ අළු මතින් ඇයට එය ඉටුකර ගැනීමට හැකිවෙනු ඇද්ද? සිදුවූ විනාශයෙන් පසුව අතහැර දැමූ, ඇය කුඩා අවධියේ පටන්ම ඇල්මක් දැක්වූ ඇතිරිලි මැසීමට ඇය නැවතත් පෙළඹෙයිද? ඇය විසින් මුලදී තැකීමක් නොකළ අමිෂ් තරුණයා ගැන ඇය දක්වන ආකල්පය තුමක්ද? ඇය තුළ පවතින ඇදහිල්ලෙන් ඇගේ හිත තුළ දිගින් දිගටම දැල්වෙන විනාශයේ ගිනිදළු නිවා දැමීමට හැකිවෙයිද?

‘ද ක්විල්ට්ර් ඩෝටර් (ඇබී: මැහුම් යුවතියගේ දියණිය) කෘතිය ලෝකයේ වැඩිම යොවුන් නවකථා ප්‍රමාණයක් පළකළ වැන්ඩා ඊ. බෲන්ස්ටෙටර්ගේ ‘ද ඩෝටර්ස් ඔෆ් ලැන්කැස්ටර් කවුන්ටි’ පොත් ත්‍රිත්වයයේ දෙවැන්නය. එය ECPA Bestseller! ලැයිස්තුවේ සඳහන් වෙන යොවුන් නවකථාවකි. (එහි පළමු පොත ද ‘වෙළඳසලේ අහිංසකාවිය’ නමින් ආකර්ෂා ප්‍රකාශනයක් ලෙස පළ කර ඇත.)
ඔබේ ‘ ඇබී: මැහුම් යුවතියගේ දියණිය’ මෙන්ම “වෙළඳසලේ අහිංසකාවිය’ ද
වට්ටම් ද සහිතව දැන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීම සඳහා 033 22 75611, 0752122220 යන අංකයකින් විමසන්න.

අමෙරිකාවේ ඉහළින්ම අලෙවිවන පොත් අතර මුල් තැනක් ගන්නේ ලෝකයේ වැඩිම යොවුන් නවකා සංඛ්‍යාවක් ලියා ජනාදරයට පත් වැන්ඩා ඊ. බෲන්ස්...
10/09/2024

අමෙරිකාවේ ඉහළින්ම අලෙවිවන පොත් අතර මුල් තැනක් ගන්නේ ලෝකයේ වැඩිම යොවුන් නවකා සංඛ්‍යාවක් ලියා ජනාදරයට පත් වැන්ඩා ඊ. බෲන්ස්ටෙර් ලියූ The Daughters of Lancaster County පොත් ත්‍රිත්වයයි. එය ටෙලි නාට්‍යමාලාවකට ද පදනම් කරගනු ලැබ ඇත.

පෙන්සිල්වේනියාවේ අමිෂ් ජනාවාසයක වෙසෙන ෆිෂර් පවුලේ ජීවන අරගලය එම පොත් තුළින් පිළිබිඹු වෙයි. එම පොත් තුනේ ප්‍රධාන චරිත හා අදාළ තරුණියන් තිදෙනා ඇදහිල්ල, ආදරය සහ අතිශයින්ම වැදගත් සාධකයක් වූ සමාවදීම ඔවුනොවුන්ගේ පවුල් ජීවිත සමග ඒකාබද්ධ කරගෙන ඇත. අදාළ පොත් මෙසේය:

The Storekeeper’s Daughter
‘වෙළඳසලේ අහිංසකාවිය’ ලෙස සිංහලට පරිවර්තනය කර ඇති මෙහි නයෝමි ෆිෂර්ගේ හදවත කැලෙබ් හොෆමන්ගේ ආදරය ආශාවෙන් අපේක්ෂා කරයි. එහෙත් මවගේ අකාල මරණයෙන් පසුව සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලේ වගකීම බාර ගැනීමට සිදුවෙන නිසා ඇගේ ජීවිතය බෙහෙවින් අවුල්සහගත එකක් වෙයි. එක් දිනයක හවස්වරුවක ඇය අතින් සිදුවෙන සුළු අතපසුවීමක් නිසා පවුලේ බාලම දරුවා යමෙකු විසින් පැහැරගෙන යයි. එබැවින් ඇයට කිසිවෙකුට ආදරය කළ නොහැකි පරිසරයක් උදාවෙයි. එමෙන්ම තමාට බාල සොහොයුරා ගැන සැලකිලිමත්වීමට නොහැකිවීම නිසා ඇය පසුතැවෙන්නට පටන්ගනී.

අනතුරුව විවිධ හැල හැප්පිලිවලට මුහුණ දෙන නයෝමි අවසානයේ ධෛර්යමත් ලෙස කටයුතු කර තමා ආදරය කළ අයගේ අත ගන්නා ආකාරය මෙහි පැහැදිලි කර ඇත.

The Quilter’s Daughter
සාර්ථක ලෙස පවත්වාගෙන ගිය රෙදිපිළි වෙළඳසල සහ ඉවසිලිවන්ත පෙම්වතා ඔහියෝවේ තනි කර ඇබී මිලර් පෙන්සිල්වේනියාවට යන්නේ දෙවැනි වරටත් විවාහ වී එහි වෙසෙන ඇගේ මවගේ දරු ප්‍රසූතිය අවධියේ අවශ්‍ය උපකාර සැපයීම සඳහාය. ඇය එහි සිටින කාලය තුළ ඇගේ සම්පූර්ණ ලෝකයම හදිසි බිඳවැටීමකට ලක්වෙයි. ගින්නක් නිසා ඇයට වෙළඳසල මෙන්ම පෙම්වතා ද අහිමි වෙයි.

ආත්ම විශ්වාසය හා දැඩි කැපවීම මත ඇය නැවත වතාවක් සාර්ථක ජීවිතයක් ගතකරන ආකාරය, ‘ඇබී: මැහුම් යුවතියගේ දියණිය’ පොතේ විස්තරාත්මකව පැහැදිලි කර ඇත.

‘ලැන්කැස්ටර් කොට්ඨාශයේ දියණියෝ’ පොත් පෙළෙහි තෙවැන්න The Bishop’s Daughter ය. එය ද දැන් ඔබේ නිවසටම ගෙන්වා ගත හැකිය.

එම අමිෂ් පවුල්වල හදවතට කාවදින කථාව දැන ගැනීම සඳහා ‘වෙළඳසලේ අහිංසකාවිය’ සහ ‘ඇබී: මැහුම් යුවතියගේ දියණිය’ ඔබට විශේෂ වට්ටම් සහිතව ආකර්ෂා කුටියේදී ලබා ගත හැකිය. ඔබේ දියණියන් ද ආත්ම විශ්වාසකින් යුතුව හා ධෛර්යසම්පන්නව සමාජයට මුහුණ දෙන ආකාරයකට හැඩ ගස්වා ගැනීම සඳහා මෙම පොත් ඔවුන්ට ලබා දෙන්න. .පිටපතක මිල රු. 1,500ක් පමණය.
ඇනවුම් කිරීම සඳහා අමතන්න: 033 22 75611. වට්ස්ඇප් මැසේජ. 0752122220.

සම්භාව්‍ය ගණයේ ලා සැලකෙන, ලෝක ප‍්‍රකට පොත් දෙකක සිංහල පරිවර්තන දැන් ආකර්ෂා ප‍්‍රකාශන වශයෙන් ලබා ගත හැකිය.1. වයිල්ඞ්ෆෙල් ...
10/09/2024

සම්භාව්‍ය ගණයේ ලා සැලකෙන, ලෝක ප‍්‍රකට පොත් දෙකක සිංහල පරිවර්තන දැන් ආකර්ෂා ප‍්‍රකාශන වශයෙන් ලබා ගත හැකිය.

1. වයිල්ඞ්ෆෙල් මන්දිරයේ නේවාසිකාවිය- ඈන් බ්‍රොන්ටේ
2. පුංචි යුවතියෝ - ලූයිසා මේ ඇල්කොට්.

ඈන් බ්‍රොන්ටේ බ්‍රොන්ටේ පවුලේ සහෝදරියන් අතරින් බාලයාය. ඇගේ වයිල්ඞ්ෆෙල් මන්දිරයේ නේවාසිකාවිය කාන්තා ස්වාධීනත්වය පිළිබිඹු කරන්නක් වෙන බිවි ඒ අවධියේ දැඩි මතභේදයට ලක්වූ කෘතියකි. මිල රු. 700ක් පමණය.

2. ලූයිසා මේ ඇල්කොට්ගේ පුංචි යුවතියෝ වසර සියයකට අධික කාලයක් තිස්සේ හොඳම යොවුන් නවකතාවක් ලෙස සැලකෙන්නකි. එදා මෙන්ම අදත් බෙහෙවින් ජනප‍්‍රිය එකකි. සහෝදරියන් හතරදෙනෙකුේ එකමුතුකම හා පේ‍්‍රමය පිළිබිඹු වෙන්නකි

මීරිගම ආකර්ෂා ප‍්‍රකාශන වන මේවා 033 22 75611ග වට්ස්ඇප් මැසේජග 0752122220 යන අංකයක් ඔස්සේ ඇමතීමෙන් ඔවුන්ගෙන්ම ඍජුවම එය ඇනවුම් කළ හැකිය.

ඔබේ දූ දරුවන් වෙනුවෙන් අනිවාර්යයෙන්ම රැගෙන දිය යුතු ලෝක ප‍්‍රකට ළමා පොත් දෙකක්1. විනී ද පූ - මිල රු. 600.002. පිනෝකියෝ -...
10/09/2024

ඔබේ දූ දරුවන් වෙනුවෙන් අනිවාර්යයෙන්ම රැගෙන දිය යුතු ලෝක ප‍්‍රකට ළමා පොත් දෙකක්

1. විනී ද පූ - මිල රු. 600.00
2. පිනෝකියෝ - මිල රු. 800.00

මේ පොත් දෙකම මුල් රූප සටහන් ද සහිතය. වසර සියයකට අධික කාලයක් තිස්සේ ලෝකයේ වැඩියෙන්ම කියවන ළමා පොත් දෙකක සිංහ පරිවර්තන ය.

මීරිගම ආකර්ෂා ප‍්‍රකාශන වන මේවා 033 22 75611. වට්ස්ඇප් මැසේජ. 0752122220 යන අංකයක් ඔස්සේ ඇමතීමෙන් ඔවුන්ගෙන්ම ඍජුවම එය ඇනවුම් කළ හැකිය.

ඔබ ෂර්ලොක් හෝම්ස් කථා රසිකයෙක් නම් එම කථා නිර්මාණයේදී ඩොයිල් මුහුණ දුන් විවිධ අත්දැකීම් දැනගෙන සිටීමෙන් ඔබට එවා වඩාත් හො...
06/09/2024

ඔබ ෂර්ලොක් හෝම්ස් කථා රසිකයෙක් නම් එම කථා නිර්මාණයේදී ඩොයිල් මුහුණ දුන් විවිධ අත්දැකීම් දැනගෙන සිටීමෙන් ඔබට එවා වඩාත් හොඳින් තේරුම් ගැනීමට හා රස විඳීමට හැකිවෙනවා ඇත. ඒ සඳහා අවශ්‍ය සියලුම මගපෙන්වීම් හා තවත් බොහෝ දේවල් මෙම විනෝදාත්මක, සිත් කාවදින, තොරතුරු පිරුන මෙම විශේෂ කෘතියෙන් සොයා ගත හැකිය.

මෙය LIFE සඟරාව මගින් ප්‍රකාශයට පත්කළ Sherlock Holmes: The Story Behind The World's Greatest Detective නමින් ජේ. අයි. බේකර් විසින් සංස්කරණය කරන කරන ලද කෘතිය පාදක කර ගත් පරිවර්තනයකි. සර් ආතර් කොනන් ඩොයිල් නමැති ශ්‍රේෂ්ඨ බි්‍රතාන්‍ය ලේඛකයාගේ චරිතාපදානය මෙන්ම ඔහුගේ විශිෂ්ටතම රහස් පරීක්ෂකයා වූ ෂර්ලොක් හෝම්ස්ගේ ජීවිතය සහ වෘත්තිය පිළිබඳව වර්ණවත් බැල්මක් මෙමගින් ඉදිරිපත් කෙරෙයි.

ෂර්ලොක් හෝම්ස් හා සම්බන්ධ පළමු කෘතියේ සිට ඔහු විසඳූ රහස් පරීක්ෂක කතා රාශියක් පිළිබඳ තොරතුරු මෙන්ම මුල් කෘතිවල පිටකවර ඡායාරූප ද මෙම පොතට ඇතුළත්ය. එමෙන්ම සර් ආතර් කොනන් ඩොයිල්ගේ පුද්ගලික ජීවිතය හා හෝම්ස් චරිතය හා සම්බන්ධ ඓතිහාසික ඡායාරූප රාශියක් ද මෙයට එක් කර ඇත.

මෙය මීරිගම ආශිර්වාද ප්‍රකාශනයකි. මිල රු. 600ක් පමණය. ඔවුන්ගේ 0753222291 / 0753008008 යන අංකයකින් විමසන්න.

Address

Mirigama

Website

Alerts

Be the first to know and let us send you an email when NPW Publishing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NPW Publishing:

Share