Chathuranga Rathnayaka

Chathuranga Rathnayaka නිරතුරුවම දහමෙහි හැසිරෙන්න

28/12/2024
කූඩුවක් ඇතුලේ මැරුණු කුරුල්ලෝ🥺😭ඔවුන් බලා සිටින්නේ, ඔවුන්ගේ මව, ඔවුන්ට කෑම ගෙන එන තෙක්. නමුත් පැහැදිලිවම මව මරා දමා ඇත.😭ස...
22/11/2023

කූඩුවක් ඇතුලේ මැරුණු කුරුල්ලෝ🥺😭

ඔවුන් බලා සිටින්නේ, ඔවුන්ගේ මව, ඔවුන්ට කෑම ගෙන එන තෙක්. නමුත් පැහැදිලිවම මව මරා දමා ඇත.😭

සවන් දෙන්න,
ඔබ යමෙකු සමඟ සටන් කරන සෑම අවස්ථාවකම, ඔබ ඔවුන්ගේ යැපෙන්නන් සමඟද සටන් කරයි.

යමෙකුගේ වේදනාවට හේතුව නොවන්න.
ඔබ ඔවුන්ගේ අදහස්වලට එකඟ නොවන නිසා වෙනත් කෙනෙකුගේ සිහිනයක් මරා නොදමන්න.

වචනවලට බලය ඇත, ඒවාට ජීවිතය හෝ මරණය ගෙන දිය හැකිය.👁️‍🗨

යමෙකු අධෛර්යමත් කරනවා වෙනුවට දිරිගන්වනසුලු වචන වලින් ඔවුන්ට
සහාය වන්න.

ඔබ ඔවුන්ගේ සිහින අත්හැරීමට හේතුව නොවන්න!🌹

උපුටා ගැනීමක්

22/07/2023

꧂ *වයස 20දී:* දහවල් සහ රැය කියා වෙනසක් නැත; දවස් කිහිපයක් නිදි වරාගෙන වැඩකලා කියා ගැටළුවක් නැත.

꧂ *වයස 30දී:* පිට රට සහ තමන්ගේ රට කියා වෙනසක් නැත; ඔබට ඕනෑම පරිසරයකට අනුවර්තනය විය හැක.

꧂ *වයස 40දී:* ඉහළට ඉගෙන ගත්තා සහ ඉගෙන නොගත්තා කියා වෙනසක් නැත; ඇතැම් විට ඉගෙන නොගත් කෙනා වැඩිපුර උපයයි.

꧂ *වයස 50දී:* ලස්සන කෙනා සහ අවලස්සන කෙනා අතර වෙනසක් නැත; ඔබ කොතරම් රුවට හිටියත් හම රැලි වැටීමට පටන් ගනී.

꧂ *වයස 60දී:* ඉහළ නිලයන් සහ පහළ නිලයන් අතර වෙනසක් නැත; විශ්‍රාම ගිය පසු සියළු දෙනාම විශ්‍රාමිකයන්ය.

꧂ *වයස 70දී:* සල්ලි තිබුනා සහ සල්ලි නොතිබුනා කියා වෙනසක් නැත; සල්ලි තිබුනත් වියදම් කිරීමට අවශ්‍යතා ඇත්තේ අතලොස්සකි.

꧂ *වයස 80දී:* ලොකු ගෙවල් සහ පොඩි ගෙවල් කියා වෙනසක් නැත; හන්දි අබාධ නිසා ඔබට ඇවිදිය හැක්කේ කුඩා වපසරියක පමණි.

꧂ *වයස 90දී:* ගැහැණු සහ පිරිමි කියා වෙනසක් නැත; ගැහැණු වුවත් පිරිමි වුවත් ඔබට සැලකිලි ලැබෙන්නේ මහල්ලෙකු ලෙසිනි.

꧂ *වයස 100දී:* නින්දෙහි සහ අවදි වීමෙහි වෙනසක් නැත; අවදි වුනා කියා එක්තැන්ව සිටිනවා හැර ඔබට කලහැකි වෙන දෙයක් නැත.

මේ ගෙවනා කෙටි කාලය තුල එකිනෙකා පරයා යාමට කෙසේ අරගල කලත් අවසන අප සියළු දෙනාම එකම මට්ටමකට වැටෙන බව තේරුම් ගෙන ජීවිතය හැඩගස්වාගන්න; අති දුර්ලභව ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතයේ හරය වටහාගන්න !

ස්තූතියි !
(උපුටා ගැනීමකි)

Address

Monaragala

Alerts

Be the first to know and let us send you an email when Chathuranga Rathnayaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chathuranga Rathnayaka:

Share